IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


දයාසිරි නෑ කියයි

තමා ආණ්ඩු පක්ෂයෙන් වයඹ පළාත් සභා මහ ඇමැති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට යතියි පැතිර යන ආරංචියේ සත්‍යතාවක් නැතැයි කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා කියයි.

තමා එය ප්‍රතික්ෂේප කළ බවත්, ආණ්ඩු පක්ෂයෙන් වයඹ පළාත් සභාවට ඉදිරිපත් නොවන බවත් ඒ මහතා පවසයි.

 



අදහස් (0)

දයාසිරි නෑ කියයි

රන් Friday, 05 July 2013 06:54 PM

ඔහොම තමයි ගොඩක් අය හිතුවේ. හැමදාම බලයේ ඉන්න නමුත් දන්නෙම නැහැ බිමට වැටෙන දවසකුත් එනවා.(නදී)

:       0       0

සරත් Friday, 05 July 2013 02:43 PM

නෑ කියන අය දන්නෙම නැති ව ගිහින් (අ)

:       0       0

ලෙස්ලි ලෝව් මිලානෝ Friday, 05 July 2013 02:57 PM

ගිලෙන නැවකට පනින්න තරම් දයාසිරි මහතා මෝඩ නැහැ .(අ)

:       0       0

රෝහණ Saturday, 06 July 2013 08:24 AM

දයාසිරි මහත්තයෝ, ඔබලා එජාපය ගොඩ ගන්න ඕනෑ. දැනට ඔහොම ඉන්න. අපි තව ටිකක් කල් ඉවසමු. පේනවා නේද? දැන් මේ වර්තමාන රටේ හැමතැනම අවුල් ගොඩයි. ටිකක් ඉවසල ඉමු. (නි)

:       0       0

විපුල Friday, 05 July 2013 03:10 PM

ඔයා ගිහින් අර ගුරුවරිය දන ගස්සපු මන්ත්‍රීගේ අඩුව පුරවන්න... නැත්තන් , රනිල් මහත්තයාගේ පස්සේ ගිහින් වැඩක් නැහැ . (අ)

:       0       0

ලෙස්ලි ලෝව් Friday, 05 July 2013 07:39 PM

ස්වාධින පොලිස් හා මැතිවරණ කොමිසන් යටතේ සාධාරණ මැතිවරණයක් තිබ්බොත් කාට කාටත් බලා ගන්න පුළුවන් ගිලෙන නැව මොකක්ද කියලා. රටේ වෙන දේවල් ජනමාධ්‍ය වලින් දකින අයට වඩා ඇත්ත දන්නේ අපි තමයි.(නදී)

:       0       0

සේනානායක Friday, 05 July 2013 03:13 PM

ඇයි තරුණයන්ට තැනක් දෙන්නේ නැත්තේ? (දී)

:       0       0

කෙවින් Saturday, 06 July 2013 08:57 AM

ගියොත් ඔබ අනිවාර්යයෙන්ම ඉදිරියට යනවා. එහෙත් ඔබට ගත්ත තීරණය ගැන දහස් වාරයක් දුක් වෙන්න වෙනවා. (නි)

:       0       0

උපාලි Friday, 05 July 2013 08:14 PM

අවස්ථාව මග හැරලා ඔබතුමා මෝඩ වෙන්න එපා. ඔයා යන්න හොද අනාගතයක් තිබෙන තරුණ මන්ත්‍රි කෙනෙක්. ගොඩ ඒමක් නැතුව ඉන්න නැවක ඉන්න එකෙත් තේරුමක් නැහැ නේද?(නදී)

:       0       0

සුනිල් Friday, 05 July 2013 03:24 PM

සල්ලි දකිනකොට මරුන මිනිහත් දිව නටවනවලු. ඔහොම යමු දයා ඔහොම යමු. බලමු ඇත්තටමද ඔහොම කිව්වේ කියල. ලොක්කත් ඔහොම කතාවක් කියල තියෙනවා. (අ)

:       0       0

උපාලි Friday, 05 July 2013 08:21 PM

දයාසිරි මහත්තයෝ අපිට ඔබ තුමා ගැන විශ්වාසයක් තියෙනවා. කොයි පැත්තේ හිටියත් ගරුත්වය රැකගන්න. අවස්ථාව මග හැරලා යන්න එපා.(නදී)

:       0       0

නසාර් කුරුණෑගල Friday, 05 July 2013 03:26 PM

හැබැයි පුතෝ ගියොත් චන්දෙ නැහැ, ගරුත්වය රැකගන්න (අ)

:       0       0

රානා Friday, 05 July 2013 08:26 PM

දයාසිරි හොද තරුණ මන්ත්‍රි කෙනෙක්. හොඳ අනාගතයක් තිබෙනවා. ජනතාව අනුමත කරනවා. අවස්ථාව ගන්න ඔයා යන්න.(නදී)

:       0       0

බන්දුල පෙරේරා Friday, 05 July 2013 08:27 PM

ලෙස්ලි මහත්තයා ඉන්නේ මේ රටේද , පිට රටකද..ඔය හීනේ ගොඩක් කට්ටිය දකිනවා. වෙලා තියෙන්නේ හීනේ සැබෑ වෙන්න තව සෑහෙන කාලයක් බලා ඉන්න වෙන එකයි සමහර විට ඔබතුමා 50 පැනලානම් ඔබ තුමාට ලබන ආත්මෙදි තමයි ඔය හීනේ සැබෑ කර ගන්න පුළුවන්.(නදී)

:       0       0

ගම්ලත් Friday, 05 July 2013 08:30 PM

ලෙස්ලි, ඔබතුමාට හීනෙන්ද ඇත්ත පෙන්නේ. නටන්න බැරි මිනිහට පොලව ඇදයි කියනවා වගේ කතා. දිනන්න කලින් විපක්ෂය එකමුතු වෙලා එක මතයකට වැඩ කල යුතුයි. හැමෝම රජ වෙන්න ගිහින් ඔකොම අනාගෙන ඉන්නේ. ඔබතුමාට ඒවා පෙන්නේ නැද්ද.(නදී)

:       0       0

රූපා Friday, 05 July 2013 08:30 PM

මෝඩ වෙන්න එපා. නියමයි.නියමයි.යන්න.යන්න. මහ ඇමැති වෙන්න. ර‍ටේ මිනිස්සුන්ව නැගිට්ටවන්න.(නදී)

:       0       0

අජිත් Friday, 05 July 2013 08:38 PM

දැන් කොයි කාලෙක ඉඳල අතින් කලා හරක් බලන් නේ.(අ)

:       0       0

අකලංක Friday, 05 July 2013 08:42 PM

දෙයියෝ දෙනකොට බුතයෝ වලක්වනවා..(අ)

:       0       0

අරණ ශාන්ති Friday, 05 July 2013 08:44 PM

යන යකා කොරහත් බිදගෙන යනවලු. අපි බලමු මේ යකා අලියව පෙරළගෙන යයිද කියලා.(නදී)

:       0       0

සුනෙත් Friday, 05 July 2013 03:40 PM

අවස්ථාව මග හැරලා ඔබතුමා මෝඩ වෙන්න එපා (දී)

:       0       0

අචිනි Saturday, 06 July 2013 09:50 AM

ශානි, සුනෙත් යන්න කියන්නේ ඇය? තවත් අරගොල්ලන්ට ආවඩන්නද? (නි)

:       0       0

සමන් - ඕමානය Saturday, 06 July 2013 08:27 PM

දයාසිරි මන්ත්‍රීතුමනි, ඔබ දක්ෂයි. තරුණයි. සුබ අනාගතයක් තියනවා. රටට සේවයක් කිරීමට නම් ඔබ ඔතැන සිටියොත් ඒ සේවය කල හැකිවේවීද? සිතා බලන්න. හොඳ තීරණයක් ගන්න. (නි)

:       0       0

අස්මිත් Friday, 05 July 2013 08:51 PM

දයාසිරි මහත්තය කොහොමහරි යන්න බොක්කෙන්ම තරග කර දිනන්න!යු.එන්.පී.දල ගිය කට්ටිය යේ එනවා,එයාලත් එක්කම ඉදිරියේදී රට ගොඩ ගන්න උත්සහ කරන්න.නැවත ලංකාව ගොඩ එන්න නම් ජනතා හිතවාදීව,යු.එන්.පී.පක්ෂයක් එන්නම ඕන! (අ)

:       0       0

ජයනාත් ප්‍රියන්ත Friday, 05 July 2013 08:51 PM

වෙන ඉතින් කොහේ යන්නද බැංකුවට යනවා මිසක්.(නදී)

:       0       0

ලලිත් Saturday, 06 July 2013 10:03 AM

අපෝ නැහැ මීට වැඩි දෙයක් ලැබේවි. ඒ වගේම ඉල්ලාවි. (නි)

:       0       0

සඳරුවන් Saturday, 06 July 2013 09:21 PM

යන තැනකට යන්න. කොයි කව්රුත් දේශපාලනේට එන්නේ රහත් වෙන්න බලාගෙන නෙමෙයි. බල තන්හාව සහ ගසා කෑමට.(නදී)

:       0       0

රූපා Friday, 05 July 2013 09:20 PM

යු.එන්.පී. එකෙන් ගිය කට්ටියත්, දාලා යන කට්ටියත් දකින විට අපිට යු.එන්.පීම ආණ්ඩුවක් තමයි නැවත කාටත් බලා ගන්න පුළුවන්.(නදී)

:       0       0

උදය Saturday, 06 July 2013 10:40 AM

බය වෙන්න එපා. යන්න (නි)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Saturday, 06 July 2013 10:46 AM

ඔය බය නැතිව යන්න. කවදාවත් ඔය පක්ෂයේ ඉඳල හරි යන්නේ නැහැ. අද ජොනී කොහොමද ...? කවුරු කිව්වත් ඔයාට තියෙන ජන්ද පදනම කඩන්නන බැහැ! ගිලෙන්න යන නැවෙන් සුපිරි නැවට මාරුවෙන්න. (නදී)

:       0       0

සිදත් Friday, 05 July 2013 03:59 PM

ගිලෙන නැවකට පනින්න තරම් දයාසිරි මහතා මෝඩ නැහැ. ගිලෙන නැවේ තමා දයාසිරි ඉන්නේ!(නදී)

:       0       0

මර්ටිනස් Friday, 05 July 2013 04:08 PM

ලෙස්ලි මිලානෝ, ඒඋනාට ගිලිලා ආයිත් ගොඩ ඒමක් නැතුව ඉන්න නැවක ඉන්න එකෙත් තේරුමක් නැහැ නේද? අපි ලංකාවේ ඉන්න හන්දා ඒ නැවෙන් අයින් වුනා. ඔය තවම මිලානෝ ඉන්න හන්දා ඒ නැවේම ඇති (දී)

:       0       0

සමන්ත Friday, 05 July 2013 04:14 PM

ලෙස්ලි , අනිත් නැව් ඔක්කොම ගිලිලා ඉවරයිනේ (දී)

:       0       0

මාටින් Friday, 05 July 2013 04:17 PM

ලෙස්ලි, මිලානෝ වල ඉදගෙන කොහොමද මේක ගිලෙන නැවක් කියන්නේ? ලංකාවේ දේශපාලනය ගැන දන්නේ නැත්නම් කට වහගෙන ඉන්න එක තමයි වැඩිය හොද (දී)

:       0       0

දම්මික පෙරේරා Friday, 05 July 2013 10:11 PM

දයාසිරි මහත්තයට ඕනේ ඉක්මනින් ජනප්‍රිය වෙන්න. පරණ පල පුරුදු දේශපාලනය කරන අයව පන්නා ඉදිරියට එන්න. බලයක් ලැබුන දාට එයත් අනික් අය වගේම තමා . ඒකනේ එකම පක්ෂේ කල්ලි වාදයක් ගහන්නේ.(නදී)

:       0       0

රානා Friday, 05 July 2013 10:13 PM

ගිලෙන නැවක ඉන්න තරම් දයාසිරි මහතා මෝඩ නැහැ.(නදී)

:       0       0

සර් යුනිට් ඉතාලි Saturday, 06 July 2013 10:29 PM

යනවා නම් අනේ මං අරන් .... යන තැනකට යන්න දයාසිරි මහතෝ... වැඩ කරන්න පුලුවන්නම් හැකියාවක් තියේ නම් ඕකෙම ඉන්න ඕනෑ නැහැ. ආණ්ඩුවට ඇවිත් වැඩ කරලා පෙන්වන්න. හැදෙන්න ඕනෑ නම් අවස්ථාව ගන්න. (නි)

:       0       0

රත්නායක Saturday, 06 July 2013 12:11 PM

එක්සත් ජාතික පක්ෂය වැඩි කාලයක් යන්න කලින් බලයට එනවා එකට මුලිකම හේතුව ආණ්ඩුවේ වැනෙන දේශපාලනය දයාසිරි කියන්නේ ඉදිරි වසර 10 - 15 ඇතුළත පක්ෂයේ නායකත්වයට පත් විය යුතුම කෙනා. ආණ්ඩුව පෙරලන දවස තිරණය වෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ විනය හා සමගිය තහවුරුවන විට පමණි .(නදී)

:       0       0

රිස්වි Friday, 05 July 2013 10:47 PM

දයාසිරි මහත්තයෝ දැන් බලන් හිටියා ඇති. අපරාදේ කාලේ නාස්ති කර ගන්නේ නැතුව බලේ තියෙන පැත්තට ගිහිල්ලා ජනතාවට සේවයක් කරන්න.(නදී)

:       0       0

අනිල් Friday, 05 July 2013 04:34 PM

දයාසිරි හොද තරුණ මන්ත්‍රි කෙනෙක් හොද අනාගතයක් තිබෙන. ඒ තැන නැතිකර ගන්න එපා. (දී)

:       0       0

කුසුම් Saturday, 06 July 2013 11:02 PM

බන්දුල පෙරේරා ,සුව නින්දක සිහින දකිමින් සිටින්නේ ඔබයි.ජේ .ආර්.ජයවර්ධන ,චන්ද්‍රිකා කුමාරතුංග යන නායකයින් ආ අතීත දේශපාලන ගමන් මග සිහි කරන්න.ඔබ දේශපාලනය ,ජාතිය හා ආගම ලෙස වැළඳ ගෙන.ඔබ ගැන කණගාටුයි.දේශපාලනය දිනෙන් දින නොව තප්පරෙන් තප්පරයට වෙනස් සිතුවිලි ගෙන දිය හැකි කාරණයක්.ටයිටැනික් නැවේ සිටි අය නැව දෙකට කැඩී ගිලේවි යැයි කිසිදා නොසිතන්නට ඇති. දයාසිරි මහතාණෙනි, අලියෙකුගේ තරම අලියෙකු නොදන්නා සේ ඔබගේ වටිනාකම ඔබටත් වඩා ලංකාවේ බුද්ධිමත් ජනතාව වටහා ගෙන ඇති බව ඔබ තුමාට දන්වනු කැමැත්තෙමි. (නි)

:       0       0

විදානගේ Friday, 05 July 2013 04:42 PM

හිටියත් නෑ වගේනේ.(නදී)

:       0       0

මොහොමඩ් Saturday, 06 July 2013 11:20 PM

රත්නායක දවල් හීනයක් දකිනවා.(නදී)

:       0       0

රත්නසිරි Friday, 05 July 2013 11:12 PM

දයාසිරි මහත්තයා, ගිය සැරේ කැබිනෙට් ඇමති දූරයක් ඉල්ලලා දුන්නේ නැති හින්දනේ ගියේ නැත්තේ. නුවර ඇවිත් මල්වත්තෙ හාමුදුරුවොගෙන් අහලා එපා කීවම හිටියෙ, මගෙ බල්ලවත් යන්නෙ නැහැ කිව්වා ලක්ෂ්මන් සෙනෙවිරත්නත් ගියා.(නදී)

:       0       0

සරෝජ් Friday, 05 July 2013 11:12 PM

දයාසිරි හොඳ මහතෙක්. ඒත් තාම එයා දේශපාලනයට ලාබාල වැඩියි. තරුණකමත්, ස්ටාර් කෙනෙක් වුනත්, පාරලිමේන්තුවේ වචන හුවමාරු කරගත්තට පුළුල් දේශපාලන මනසක් ගන්න කාලයක් යනවා. ඉවසලා ඉන්න. අපිත් ඔබට ඉන්නවා දයාසිරි (නි)

:       0       0

රංජන් Saturday, 06 July 2013 11:22 PM

ඉවසන්න. අනාගතය අත ළග... (නි)

:       0       0

ශානි Friday, 05 July 2013 11:28 PM

ඔයා යන්න දයසිරි. සුබ පැතුම්. රට රකින්න වැඩ කරන්න. සිංහල රට හදන්න (නි)

:       0       0

දුකාල් Saturday, 06 July 2013 11:42 PM

පිස්සු නැතුව ඉන්න මහත්තයෝ... (නි)

:       0       0

වජ්ජා Friday, 05 July 2013 04:54 PM

ඒ මොනවා වුනත් විපක්ෂය එකමුතු වෙලා පළාත් සබා වල බලය ගත්තා නම්, පළාත් සබා වලින් කොයි තරම් වැඩක් කරන්ඩ පුලුවන්ද කියලා කාට කාටත් පෙන්නන්න පුළුවන් වෙනවා. (දී)

:       0       0

සුසිල් Saturday, 06 July 2013 11:54 PM

අපි ඔබට ආදරෙයි. යන්න එපා (නි)

:       0       0

සමන් Saturday, 06 July 2013 01:40 PM

ගිලෙන නැව් වලට නගින්නේ කවුද බොල.(නදී)

:       0       0

ගයන් Friday, 05 July 2013 05:11 PM

යන්න එපා මහත්තයෝ. අද පැරදුනත් හෙට දිනපුවම ලොකු මහත්තයෙක් වගේ පක්ෂයේ ඉන්න පුළුවන්. ඔයාට දුන්නු මගේ මනාප ඡන්දය අපතේ අරින්න එපා (දී)

:       0       0

අමිල - කටුනායක Friday, 05 July 2013 05:11 PM

රග පාන්න සිංදු නියන්න හොදයි. දේශපාලනයේදී කට විතරයි වැඩ නැහැ. කොයි පැත්තේ හිටියත් එකයි.(නදී)

:       0       0

බණ්ඩා Sunday, 07 July 2013 02:03 AM

ඔබ ගියොත් අපේ සජිත් තනිවෙනවා නේද? (නි)

:       0       0

සමන් Friday, 05 July 2013 05:26 PM

නැහැ කිව්වේ නැහැ කියන්න එපා.(නදී)

:       0       0

හේරත් Sunday, 07 July 2013 03:48 AM

මැණික් ගලේ පය හැපුනට - කන ඇහිඳ ලා ගනීද? නේද බැනෝ?(නදී)

:       0       0

කමල් Friday, 05 July 2013 05:30 PM

ලජ්ජා වෙන්න එපා.. ඔයා යන්න. (දී)

:       0       0

සේන Friday, 05 July 2013 05:32 PM

හිටියොත් නම් මේ කපේ ගොඩ එනවා බොරු.(නදී)

:       0       0

ප්‍රියාන් Friday, 05 July 2013 05:33 PM

කව්රු මොනවා කිව්වත් මේ සැරේ ආණ්ඩුව පරදින්නයි ඕනේ. එයාල හිතේ තියන් ඉන්නේ එයාලා කරන සේරම දේවල් ජනතාව අනුමත කරනවා කියලයි.(නදී)

:       0       0

රණතුංග Saturday, 06 July 2013 01:39 AM

ගරු දයාසිරි ජයසේකර මැතිතුමනි, මම ඔබතුමාට ගරුකරනවා.බුදුසරණයි (නි)

:       0       0

ඩයස් Friday, 05 July 2013 05:34 PM

දයාසිරි මහත්තයෝ අපිට ඔබ තුමා ගැන විශ්වාසයක් තියෙනවා ලොක්කා මොනව කලත් ඔබ තුමන්ලාට අලියා පක්ෂය තුල විශාල අනගතයක් තියෙනවා. යන්ඩ නම් එපා. කොහොම හරි හොඳ කණ්ඩායම දමා දිනන්ඩ ඕනා. මේ පාර එස්.එප් පක්ෂෙටත් ආසන 5 ක් වත් යනවා. කුරුණෑගල 2, පුත්තලම 2= 4.(නදී)

:       0       0

හේරත් Sunday, 07 July 2013 05:07 AM

අනේ රත්තරන් .... දැන් මිල අඩුලු රත්තරන්..... හිටියෝතින් ඔහේ උඩ බලන්... මිල බහිනවා මිලේ රත්තරන්... (නි)

:       0       0

සනත් ඉන්දික ..ඉතාලිය Saturday, 06 July 2013 02:57 AM

"තමා එය ප්‍රතික්ෂේප කළ බවත්, ආණ්ඩු පක්ෂයෙන් වයඹ පළාත් සභාවට ඉදිරිපත් නොවන බවත් ඒ මහතා පවසයි". මේ වැකියෙන් හැඟවෙන්නේ මොකද්ද? අනේ මට තේරෙන්නේ නැති නිසයි අහන්නේ. දයා කාටත් හොරා හොරගල් අහුලලා වගේ (නි)

:       0       0

රත්නායක Saturday, 06 July 2013 03:29 PM

මෙදාපාර එජාපය 3 වන ස්ථානය. ඔබ පනින්න.(නදී)

:       0       0

සුමනපාල Friday, 05 July 2013 05:53 PM

තැන නැතිකර ගන්න එපා මහත්තයෝ එහෙ මෙහෙ පැනලා. කාටවත් සදාකාලිකව ඔතන නායකයා වෙන්න බැහැ. කවදාහරි ඔබතුමාත් එකතුවෙලා මේ ර‍ටේ මිනිස්සුන්ව නැගිට්ටවන්න ඕනෑ. (දී)

:       0       0

දකා Saturday, 06 July 2013 03:10 AM

යන්න අනේ යන්න ...ඔයාටත් බුදුසරනයි තමා (නි)

:       0       0

අර්ෂා Saturday, 06 July 2013 03:58 PM

යනවා නම් තනියම යන්න එපා, තව 2ක් 3ක් අරගෙන ම යන්න.(නදී)

:       0       0

මොහමඩ් Friday, 05 July 2013 06:13 PM

එතුමා හදන්නෙ ගිලෙන නැවෙන් ගොඩ එන්න. ඔහොම යමු (දී)

:       0       0

උපාලි Sunday, 07 July 2013 08:17 AM

දයාසිරි මහතා ආණ්ඩුවට එනවා නම් මේක හොද වෙලාව. ආණ්ඩුවටත් හොදයි. රටටත් හොදයි (නි)

:       0       0

රෝහණ Friday, 05 July 2013 06:25 PM

එතුමා යන්නෙ නැතෝ.... (දී)

:       0       0

පිටබෙද්දර ජයා Friday, 05 July 2013 06:30 PM

යු.එන්.පී. එක 70 මැතිවරනයේදී ආසන 8 බැස්ස වෙලෙත් ප්‍රේමදාස මහත්තයා පක්ෂය දාලා ගියේ නැහැ. ප්‍රතිපල ලැබෙන්නේ ටිකක් පමා වෙලා. ඒ නිසා ටිකක් ඉවසලා ඉන්න හොඳ අනාගතයක් තිබෙනවා. (දී)

:       0       0

සුමනා Saturday, 06 July 2013 04:37 PM

ගිලෙන නැවට පැනලා ඔබේ දේශපාලන අනාගතය මුහුදු බත් කර ගන්න එපා.(නදී)

:       0       0

අමිල Saturday, 06 July 2013 05:45 AM

දයාසිරි මහත්තයෝ, ඔබ කරන දේවල් අපි බලාගෙන ඉන්නේ.යුක්තිය වෙනුවෙන් සටන් කරන්න.ආණ්ඩුවට යන්න එපා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 891 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 408 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 267 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 811 2

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වංචා දූෂණ මඩින්න කොරියා ණය ආධාර
2024 සැප්තැම්බර් මස 27 708 1

ලංකා රජයේ වංචා, දූෂණ පිටු දැකීමේ ව්‍යාපෘති සඳහා ණය ආධාර ලබාදීමටද කොරියානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය එකඟතාවය පළ කළ බව ජනාධිපති කාර්යාලය පවසයි.


කොළඹ පොත් මංගල්‍ය ඇරඹෙයි
2024 සැප්තැම්බර් මස 27 319 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සිය රිදී ජුබිලිය සමරමින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) ආරම්භ කළේය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37742 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24883 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 224 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 731 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 260 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site