IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


දරුකමට අරන් ඇතිවෙන්න තඩිබාලා:සරසවි ඇදුරා සෙයයි

ක්‍රිෂාන් ජීවක ජයරුක්

දරුකමට හදාගැනීමට ගත් බව කියන 05 හැවිරිදි දැරියකට කෲර වධ හිංසා සිදු කිරීම සම්බන්ධයෙන් සැකපිට රුහුණ විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ කථිකාචාර්යවරයකු අත්අඩංගුවට ගැනීමට පරික්ෂණ පවත්වන බව මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය පවසයි.

විශ්වවිද්‍යාලයේ කඹුරුපිටියේ නිල නිවසක සිටින දරුවකු අසාමාන්‍ය ලෙස නිතර අඬන බවට කිසිවකු මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පණ්ඩුල වීරසිංහ මහතාට දුන් තොරතුරකට අනුව ඒ පිළිබඳව විමර්ශන ආරම්භ කර ඇත.

ඒ අනුව මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි වරුණි කේශලා බෝගහවත්ත මහත්මිය ඇතුළු කණ්ඩායමක් කඹුරුපිටිය නිල නිවසට ගොස් එම දැරිය පොලිස් භාරයට ගත්තේය.

ඒ වන විටත් ඇයගේ ශරීරයේ ස්ථාන රැසක පහරදීම් හේතුවෙන් නිල් පැහැ ගැන්වී තිබූ බවත්, නාසය, තොල්, තල්ල ආදී ශරීර අංග තුවාල වී තිබූ බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

වෛද්‍ය පරික්ෂණයකට ලක් කර අධිකරණ නිලධාරි වාර්තාවක් ලබා ගැනීම සඳහා දැරිය මාතර මහ රෝහලට ඇතුළත් කර ඇත.

සැකකරු බෙල්ට් එකක් කැඩෙන තෙක් එම දැරියට පහරදී ඇති බවටද පොලිසියට තොරතුරු ලැබී ඇත.

ළමා නිවාසයක සිටි එම දැරිය හදාගැනීම සඳහා නඩුවක් මගින් ලබාගෙන ඇති බවද කියති.

මෙම සිද්ධිය පිළිබඳව පොලිසිය මාතර මහේස්ත්‍රාත් අධිකරණයට අද (18) කරුණු වාර්තා කිරීමට නියමිත අතර ඉන් පසුව සැකකාර කථිකාචාර්යවරයා අත්අඩංගුවට ගැනීමට නියමිතය.

දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතාගේ උපදෙස් මත, මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පණ්ඩුල වීරසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ, මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි වරුණි කේශලා බෝගහවත්ත මහත්මිය ඇතුළු කණ්ඩායමක් මේ පිළිබඳව පරීක්ෂණ මෙහෙයවයි.

 



අදහස් (4)

දරුකමට අරන් ඇතිවෙන්න තඩිබාලා:සරසවි ඇදුරා සෙයයි

රාලහාමි Sunday, 17 December 2023 10:56 PM

දරුකමට හදාගන්න කියලා අරගෙන ඔය ළමයින්ගේ කෑලි ගලවලා විකුණන අමනුස්සයෙක් වෙන්න ඇති.ප්‍රවේශමෙන්. ඔය වගේ උන් සමාජයට මුදාහරින්න එපා.හිරේදීම උගේ වැඩේ ඉවරකරන්න කට්ටියට බාරදෙන්න.

:       0       9

රංබොඩ Sunday, 17 December 2023 11:57 PM

තිරිසනා ඉගෙන ගත්තා කියලා වෙනසක් නෑ.

:       0       13

ලුම්බිණි Monday, 18 December 2023 04:06 AM

රුහුණ විශ්ව විද්‍යාලය මොහුට විරුද්ධව කටයුතු කල යුතුයි.

:       0       17

Deepal Nirosh Monday, 18 December 2023 03:43 PM

මෙතන සිදුවුණේ කථිකාචාර්වරයා තාක්ෂණිකවම දරුවා හදාගන්න කටයුතු කිරීමයි, ඒ නිසා අතන මෙතන පොඩ්ඩක් තැලෙන්න ඇති.

:       2       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මන්ත්‍රී මුද්දරත් කැන්සල්
2024 ඔක්තෝබර් මස 07 366 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම පාවිච්චි කිරීම තහනම් හෙයින් ඒවා ළඟම තැපැල් කාර්යාලයට


වැඩ බලන පොලිස්පති තනතුර අනුමත කරනවාද? තීරණය හෙට
2024 ඔක්තෝබර් මස 07 949 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි


කෝටි 4 මත් සමග ජර්මන් පුරවැසියා නිදොස් කර නිදහස්
2024 ඔක්තෝබර් මස 07 1423 0

රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න


මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය ගැන සොයන්නැයි පැෆරල් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 07 192 0

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.


කොස්තාපල්වරයකුගේ මළසිරුර කාණුවක
2024 ඔක්තෝබර් මස 07 789 0

අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි


පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට ඉක්මනින් දඬුවම් දෙන්න
2024 ඔක්තෝබර් මස 07 904 0

පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39355 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25655 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 343 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1131 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 389 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site