අලුත්ගම දර්ගා නගරයේ ඇති වූ නොසන්සුන්තාවයක් නිසා අද (06) සවස පොලිසි විශේෂ කාර්ය බලකාය යොදවා ඇති බව පොලිසිය කියයි.
ඩෙංගු මදුරුවන් මර්දනයට දුම් ගැසීමේදී තම කඩේ ආහාර පානාදියට දුම් වැදුනැයි කියමින් කඩ හිමියා මහජන සෞඛ්‍ය පරීක්ෂක හා කම්කරුවකු කඩය තුළට දමා වසා ඇති බවත් පසුව පොලිසිය විසින් ඔවුන් බේරා ගත් බවත් පොලිසිය කියයි.
මේ වන විට පොලිසිය හා විශේෂ කාර්ය බලකාය එක්ව තත්වය සමතයකට පත් කරමින් සිටින බවද පොලිසිය කියයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක ලොකු ප්‍රස්නයක් නෙමෙයි සංහිදියාව ඕනේ නම් මේකට විරුද්ධව කටයුතු නොකර සිටිය යුතුයි (හේ)
සමහරුන්ට වෙනම නීතියක්. හෙල්මට් නැතුව කොච්චර යනවද? (නි)
කාණු වලට දුම් ගහනවා වගේ ආපන ශාලාව ඇතුළේ දුම් ගහන්න ඇති. දුම්ගසන්නන්ට නිසි උපදෙස් දී තිබේද? ඔවුන්ගේ වැඩ අප දැක තිබෙනවා. ආහාර පරික්ෂා කරන්ට එන නිලධාරීන් අත්වැසුම් නැතුව ආහාර අතපත ගානවා. සේවක හික්මීම නැති විට ප්‍රශ්න ඇතිවෙනවා. (නි)
මදුරුවන් මර්දනය නොකර ඉන්නයි තියෙන්නේ (නි)
මේවට මොනවා කියන්නද කියලා හිතාගන්න අමාරුයි (නි)
වැරදිකරුවන්ට දඬුවම් දෙන්න (නි)
අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)
අපූරු සංහිඳියාව... (නි)
කවුරු මේ දේ කරත් වැරැදි.(හේ)
මෙයාලා ආයෙත් පටන් අරගෙනද? (නි)
මේ දේ පොඩි දෙයක්නේ. මේ ප්රශ්නය ගැන බලධාරින්ගේ අවධානය යොමු කරන්න.(හේ)
වෙනම නීතියක් තමයි ඒ පැත්තේ තියෙන්නේ කියලා අපි ලජ්ජා නැතිව කියන හැටි (හේ)
ප්‍රාදේශිය සභාව විසින් එම කඩයේ පාඩුව අද ගෙව්වාලු.(හේ)
මොකක්ද ප්‍රශ්නේ? (හේ)
මේ සිද්ධිය පොඩි දෙයක්.(හේ)
මේ වගේ අයට දැඩි දඩුවම් ලබා දෙන්න.(හේ)
එහෙම බලයක් කොහොමද මේ අයට ඇවිත් තියෙන්නේ.(හේ)
මේ පිරිසට දඩුවම් වෙන්න වග බලා ගන්න.(හේ)
අපේ හාමුදුරු කෙනෙකුට මෙතෙන කෙනෙක් කතාකරලා තිබෙන හැටි ගැන ලැජ්ජයි. (නි)
නිශ්ශබ්දව බලාසිටීමයි නුවණට හුරු (නි)
දිනේෂ්, ඔබ හරියට හරි (නි)
අනේ සංහිඳියාවට මොකුත් කියන්න එපා. ඕවා ඔහොම තමා. ඔබට සතුටුයිද දැන්? (නි)
නිතිය අතට ගන්න කිසිවෙකුට ඉඩ නොදිය යුතුයි. ව්‍යාපාරිකයෝ ජීවත් වෙන්නේ පරිභෝජිකයින් නිසා බව හොදට සිහි තබා ගත යුතුයි. රජයේ නිලධාරීන්ට දඩුවම් කිරීමට කිසිම කෙනෙකුට බැහැ. (ම)
සිංහල මිනිස්සු ඔය කඩවලින් බඩු ගැනීම වර්ජනය කලොත් ඔය ජාතියට වැලේ වැල් නැති වෙනවා. (ම)
රටවසියනි, මේක තමා සහජීවනය කියන්නේ. ඇස්පියාගෙන, කට වහගෙන ඉඳිමු අපි. මොකද මේවා ගැන කතාකළොත් ජාතිවාදය (නි)
ජයන්ත, මෝඩ කතා කියන්න එපා. ඔබ හදන්නේ එක සිද්ධියකට මුළු රටම ආපස්සට හරවන්නද? ඔය ජාතිය කියන වචනේ කරුණාකර ඉල්ලා අස්කරගන්න. ඔව්නුත් මෙරටේ පුරවැසියෝ. එක මිනිසෙකුගේ සුළු අඩුපාඩුවකට ඔහොම පටු විදිහට හිතන්න එපා (නි)
යාපනේ සරසවියේ වුණා වගේ පොඩි දෙයක්..... ගහපු අය ළඟදීම රජගෙදර ඉදල මාධ්‍ය සාකඡාවක් තියල කියාවී අපි සහජීවනයෙන් ජීවත් වෙනවා කියල (ම)
මේ අපේ රටේ මිනිස්සු පටු මානසිකත්වයෙන් ඉන්නේ කියල ඔප්පු වෙනවා මේ සමහර අදහස් වලින් (ම)
අනේ ජයන්න, ජාතිය බලලද එතකොට කඩවල් වලින් බඩු ගන්න ඕනෑ. මහා ලොකුවට ජාතිය ගැන මෙතන කතා කරනවා. මැදපෙරදිග අපේ ගැහැණුන්ට රැකියා නොදුන්නා නම් මොකද වෙන්නේ? තව මෙතන කයිවාරුත් ගහන්න එනවා. (නි)
දැන් කෑම වලට දුම් වැදුන එකටද වරද කියන්නේ? නැත්නම් කඩේ මුදලාලි නිලධාරීන්ව කඩේට දාලා වහපු එකද වැරදි? නැත්නම් මේ දෙකම පැත්තකට දාලා යහපාලනේට අවලාද කියන එකටද හරි කියන්නේ? (නි)
මදුරුවෝ කාලා ඕනෑ දෙයක් වෙන්න අරින්න තියෙන්නේ (නි)
ඇසළ, ඔබ හරි (නි)
දැන්තමයි අපිට ගොඩක් දේවල් තේරෙන්නේ
රට කොයිබටද කියලා පාඨකයෝ කියවා තමන්ගේ නැණපමණින් තේරුම් ගනිත්වා! (නි)
ඩෙංගු බෝවෙන්න ඇරලා නිකන් ඉන්නයි තියෙන්නේ. පුදුම මිනිස්සු (නි)
අනවශ්‍ය ප්‍රශ්න ඇතිකර ගන්නේ ඇයි? (නි)
මෙම මදුරු දුම් ගැසීමට පෙර කඩසාප්පු හිමියන්ට කලින් අවවාද දී තිබුනද අාහාරපාන ආරක්ෂා කිරීමේ ක්‍රම පිළිබඳව? ප්රශ්නය තියන්නේ එතනයි. කරුණාකර මහජනයා බේද බින්න වෙන්න පෙර සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මැදිහත් වී ප්‍රායෝගිකව මෙය විසඳන්න. වැරදිකරුවන්ට නීත්‍යානුකූලව කටයුතු කරන්න (නි)
පේනවනේ කට්ටියගේ සහජීවනය (නි)
ප්‍රශ්න නැතුවට ප්‍රශ්න! (නි)
දෙගොල්ලන් අතර නිසි සම්බන්ධීකරණයක් නොතිබීමයි මේ ප්‍රශ්න වලට හේතුව (නි)
මමත් මේ පැත්තේ කෙනෙක් (නි)
දැන් දැන් නීතිය අතට ගැනීම සහ නීතිය පිළිනොපැදීමේ ප්‍රවණතාවය වැඩියි වගේ (නි)
ඉක්මන් ක්‍රියාමාර්ගයක් ගන්නවා නම් හොඳයි (නි)
යහපාලනය මොකක්ද දැන් මේ ගැන ගන්න පියවර? (නි)
නිසි ක්‍රියාමාර්ග කලින්ම නොගත්තොත් වැඩ වරදිවි. හැමෝටම එක නීතියක් නම් ඒක ක්‍රියාත්මක කරන්න. (නි)
ආහාරපාන තැබිය යුත්තේ මැස්සන්ට වැසිය නොහැකි වනසේ සහ දුහුවිලි වැනි ද්‍රව්‍ය ආහාර වලට නොවදින සේ විදුරු අලමාරි තුළය. වරද කර ඇත්තේ කඩ හිමියා මිස නිලධාරියා නොවේ. සාමාන්‍ය අවස්ථා වලදී නීතිය හරියටම නොකරන නිලධාරින්ට මේවා හොඳ පාඩම්. වසරේ බලපත්‍රය කඩහිමියාට ලබා ගැනීමට නිර්දේශය දෙන්නෙත් මහජන සෞඛ්‍ය පරික්ෂකනේ. (නි)
දර්ගා නගරයේ පවතින්නේ වෙනම නීතියක්ද? ඉතා භයානක තත්වයක්. (නි)
මේ දේවල් ඉක්මණින් සමතයකට පත්කර ගත්තොත් හොඳයි (නි)
මේකද යහපාලනය? (නි)
අනිවාර්යයෙන් නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනෑ. බලමු කොහොමද යහපාලනේ ක්‍රියාත්මක වෙන්නේ කියලා (නි)
රටේ නීතියට වැඩ කරන්නත් බැරි තත්වයක් උදාවෙන්නද යන්නේ? (නි)
ධර්ග නගරය මොක්කක්ද පොඩ්ඩක් ගිහිල්ල බල්ලන අක්කරෙයිපත්තු, විල්පත්තු අලුතින් කැලා එලිකරලා හදපු මුස්ලිම් කොලනි වල වාහන යතුරු පැදි ලියා පදිංචි කිරීමක් නැහැ. සිංහල කියල නාමයක් නැහැ. නියම අරාබි දේශයක්. දේසපාලුවන්ගේ වැරදි වලට දඩ ගෙවන්න වෙලා තියෙන්නේ උපදින්න ඉන්න පරපුරට.(රේ)
යහාපලනය කියන්නේ මේකට තමයි .ඕන කෙනෙකුට කැමති දෙයක් කරන්න අයිතිය තියෙනවා. අද රටේ නිතිය දුර්වල වෙලා .හැමදාම කරන්නේ හොරු අල්ලන මෙගා නාට්‍ය විතරයි.(රේ)
මෙහි බොහෝ දෙනෙක් අදහස් දක්වා ඇත්තේ මෙම කඩ හිමිය මුස්ලිම් ජාතිකයකු බව සිතාය. දර්ගා නගරයේ සිටින සියල්ලන් මුස්ලිම් නොවේ. එසේම දර්ගා නගරය යනු දශක පහකට එපිට දැමු නමක් මිස , යහපාලනය නිසා බිහිවූ නගරක් නොවේ.(රේ)
කෝ ගන්දසාර (රේ)
බලමුකෝ මහලොකුවට කෑගහන යපාලනේ මේකට මොකද කරන්නේ කියල? රටේ ආරක්ෂාවට මේ දේවල් ලොකු තර්ජනයක් මෙව වහාම නැවත විය යුතුයි(රේ)
මදුරුවන්ට ගහපු දුම කෑමවලට වදිනවා නම් ඉතින් පරේන් එන දුවිලි, වහනවලින් පිටවෙන දුම කොචර එනවා ඇත්ද, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඇවිත් ඔය කඩේ සීල් තියන්න ඕන හරිනම්.(හේ)
කඩ හිමියාගේ අතපය කැඩිය යුතුයි (හේ)
කෑමට දුම යනවා කියන්නේ දූවිලි කොහොම යනවා ඇත්ද?(හේ)
දැන් මේ ගැනත් කාට කාටත් වැරැදි එයිද දන්නේ නෑ.(හේ)
කොහොමත් වෙනම නීතියක් තමයි ඒ පැත්තේ තියෙන්නේ. (හේ)
මෙම සිදුවීම ජාතිවාදී පතුරව ගෙන රට අහුල් කරනගෙන දේසපාලන තුරුම්පුවක් කරගන්න එපා (රේ)
කවද්ද නීතියක් රැකුණේ මේ රටේ ? අර එදත් ඒ වගේනේ ???(රේ)
ඩෙංගු බෝවෙන්න ඇරලා නිකන් ඉන්නයි තියෙන්නේ (හේ)
ඉක්මන් ක්‍රියාමාර්ගයක් ගත යුතු. නීතිය අතට ගන්න ඉඩ ඇරීම හොඳ නැත.(හේ)
එස් ටී එෆ් දාන්න තරම් සිද්ධිය දරුණුවට තිබ්බද?(හේ)