(යොහාන් භාසුර)
මෙරට සිදුවූ දරුණු ඝණයේ අපරාධවලට සහ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ යැයි සැකකරන පුද්ගලයන් 13 ක් ඇතුළු ශ්‍රී ලාංකකියන් 20 කට අධික සංඛ්‍යාවක් ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන ඇති බවත් එම සැකකරුවන් අතර පසුගියදා බෙලිඅත්තේදී සිදුවූ සමූහ ඝාතනයේ සැකරුවන් ද සිටින බවත් එක්සක් අරාබි එමිර් රාජ්‍ය ආරක්‍ෂක අංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
ඩුබායිහි රාත්‍රී සමාජ ශාලාවක ඊයේ (21) රාත්‍රී සිදුවූ ගැටුමකදී ඩුබායි පොලිසිය අදාල පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවත් එම පිරිස මේ වන විට ඩුබායිහි රැඳවුම් මධ්‍යස්ථානයක රදවා සිටින බවත් එම ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කළේය.
මෙම සිද්ධිය පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතාගෙන් කළ විමසුමකදී පැවසුවේ එවැනි සිද්ධියක් නිල නොවන ආකාරයට වාර්තා වී තිබුණ ද ඒ පිළිබඳව රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් මේ දක්වා දැනුම් දී නොමැති බවයි.
කෙසේ වෙතත් එවැනි අත්අඩංගුවට ගැනීමට සිදුවී ඇතැයි බැලූබැල්මට පෙණෙන බව ද කී නිහාල් තල්දූව මහතා එත්සත් අරාබි එමිර් රාජ්‍යය නිල වශයෙන් දැනුම් දුන් වාහාම ප්‍රසිද්ද කළ වාහාම අදාල පුද්ගලයන් පිළිබඳව නීතිය ක්‍රියාත්මක කිරීම ආරම්භ කරන බව ද වැඩි දුරටත් සඳහන් කළේය.
ලෙබනනයේ බේරූට් අගනුවර, ‘රෆික් හරීරි’ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අසල හිස්බුල්ලා ඉලක්කවලට ඊශ්‍රායල ගුවන් හමුදාව එල්ල කළ ප්‍රහාරවලින් 37 දෙනකු මියගිය බවත්
පරිපාලන වියදම් අවම කිරීමේ අරමුණින්, පකිස්තාන රජය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඩොලර් බිලියන 7ක ණය ගනුදෙනුව යටතේ එකඟ වූ ප්‍රතිසංස්කරණවලට අනුව, රජයේ තනතුරු
නිවෙසක් නොමැතිකම හේතුවෙන් වන අලින්ගෙන් තම ජීවිත බේරා ගැනීමට කාලයක සිට ගසක් උඩ ඉදි කළ පැලක වාසය කරමින් ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරන දරු පවුලක් පිළිබඳව අන
ශ්‍රී ලංකා රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය සහාය ලබාදීමට කොරියානු එක්සීම් බැංකුව එකඟතාවය පළ කර තිබේ.
බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන
හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට තරඟ කිරීමට එකඟතාවයට
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
දරුණු අපරාධකරුවන් 13 ක් ඩුබායිවලින් අල්ලයි
හර්ෂ Friday, 23 February 2024 08:51 AM
ඩුබායි වලින් දඬුවම් දුන්නොත් මිසක් ලංකාවට ගෙනාවොත්නම් කිසිම දඬුවමක් ලැබෙන්නේ නෑ.