IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


දැරියයි වානරයයි අපූරු මිතුදමක

ඇමෙරිකාවේ දකුණු කැරොලිනා ප්‍රදේශයේ ජීවත්වන එමිලා බ්ලැන්ඩ් හය හැවිරිදි පුංචි දැරියකි. ඇයට වයස අවුරුදු දෙකේදී අසමාන මිතුරෙක් හමුවිය. ඒ රිසිය. රිසී උරන්උටං සතෙකි. ඒ මිතුදම පසුකලකදී අඹ යහළුවන්ගේ තත්ත්වය දක්වා වර්ධනය විය.

ඔවුන් එකට විනෝද ගමන් ගියහ. එකට කෑම ගත්හ. එකට තටාකයට බැස විනෝදයෙන් විහිළුතහළුවෙන් ජල ක්‍රීඩාවේ යෙදුනහ.

මේ අවුරුදු හතරක කාල පරාසය තුළ රිසි වේගයෙන් හැදෙන්නට පටන් ගත්තේය. එනිසාම දැන් රිසීට එමිලිගෙන් සමුගැනිමේ කාලය එළඹ ඇත.

සත්ත්ව ආරක්ෂකයන් පවසන්නේ රිසි කලහකාරී නොවුනත් පුංචි එමිලිව ඇසුරු කිරීම ඉදිරියට අවදානම් වියහැකි බවයි.

එමිලි එනිසාම රිසිට පරිගණක කියා දුන්නාය.

ඒ වෙඩ් කැමරා ඔස්සේ දෙදෙනා හමුවීමටය. එමිලිගේ බලාපොරොත්තුව ඉදිරියේදී වෙබ් කැමරාවකින් රිසිව අමුවීමය.

 



අදහස් (0)

දැරියයි වානරයයි අපූරු මිතුදමක

වරුණ Tuesday, 14 May 2013 07:52 AM

සසරේ පතාගෙන ආපු හැටි වෙන්න ඇති නොවෙයි.(නදී)

:       0       0

සේනක Tuesday, 14 May 2013 08:17 AM

ලංකා, ඔයාගේ කතාව හරි වෙන්න පුළුවන්. නමුත් ෆ්ලොරිඩා , හවායි, වර්ජින් දූපත් වල වුණා නම් පිළිගන්න තිබුනා. අපේ ගෙදරත් කරපිංචා නම් තියෙනවා. පෝච්චියක දාලා. ශීත කාලේදී එකම කොළයක්වත් නැහැ. (නි)

:       0       0

වරුණ Tuesday, 14 May 2013 08:18 AM

මේ සතා ප්‍රමාණයෙන් ලොකු වුණත් අනතුරක් කරන්නේ නැහැ. සත්තු ළඟ සමහර මිනිස්සුන්ට වඩා හොඳ ගතිගුණ තියෙනවා. හැබැයි සමහර මිනිස්සු මේ දැරිවි ළඟ ඉන්න එක නම් ටිකක් අනතුරුදායක වෙන්න පුළුවන් (නි)

:       0       0

නාමල් Tuesday, 14 May 2013 08:48 AM

ලංකාදීපෙට හුගක් ස්තුතියි.(නදී)

:       0       0

කුමාර් Tuesday, 14 May 2013 09:22 AM

මිනිසා වානරයාගෙන් පැවත එනවා කියලා කොහෙවත් තාම ඔප්පුකරල නැහැ. පරිණාම වාදය නිකන් පුස්සක් පමනයි. එම මනංකල්පිත වාදය ඇත්තනම් කිසිම මුලික ජීවින් කිසිවෙක් මේවනවිට එම ආකාරයටම ඉන්න විදියක් නැහැ.(නදී)

:       0       0

බණ්ඩාර Tuesday, 14 May 2013 09:25 AM

සමහර විට මීට කලින් ආත්මයක මේ දෙන්නගේ මොකක් හරි සම්බන්දයක් තියෙන්න ඇති. (ස)

:       0       0

රන්දි Tuesday, 14 May 2013 09:31 AM

අපේ රටේ මිනිසුන්ට අද අවශ්‍යව ඇත්තේ කරුණාව සහ මෛත්‍රියයි. එවිට හදවත්තුළ අනෙකාගේ දුක වේදනාව දැනෙන්න පටන්ගන්නවා. එවිට හදවත්තුළ අද අපි දකින කුරිරු මිනිසුන් පැන දුවනු ඇත.(නදී)

:       0       0

සංජීව Tuesday, 14 May 2013 09:51 AM

කුමාර්, එතකොට මිනිසා මුවාගේ දෙවියෝද?(නදී)

:       0       0

රණවීර Tuesday, 14 May 2013 09:56 AM

ඔය ගොල්ල මොනවා කිව්වත් අපි සියලු සතුන්ට මත්‍රී කරනවානම් හැම මනුස්සයෙක්ම හැම සතෙක්ම අපට ආදරය කරනවා. ඒක අපේ බුදු රජාණන් වහන්සේ පෙන්නලා දීල තියෙනවා. (ස)

:       0       0

ක්‍රිෂ් Tuesday, 14 May 2013 10:04 AM

සතුන්ගේ ලෝම සෞඛ්‍යයට අහිත කරයි නේද? ආරක්ෂාව ගැනත් සිතිය යුතුයි. (ස)

:       0       0

විජිත් Tuesday, 14 May 2013 10:05 AM

ඕක මෙහෙ වුනානන් ඕක ටීවී එකේ පෙන්නලා, ඕකව බලන්ඩ ලංකාවේ බාගයක්ම ගිහිල්ලා, ඕකට පිස්සු හද්දනවා. (නදී)

:       0       0

සිල්වා Tuesday, 14 May 2013 02:25 PM

සමන් සහ පද්මිණි කියන දෙය හරියටම හරි..අපේ ගෙවල් බොහොමයක ඉදිරි පැත්ත හරිම ලස්සනයි... එත් කුස්සියට ගියාම නියමයි. අපිරිසිදුකම ගැන කියල වැඩක් නැහැ. හේතුව අපේ අයට උවමනාවක් නැති එක මිසක් වෙන දෙයක් නෙමෙයි.(ස)

:       0       0

බණ්ඩාර කුවේට් Tuesday, 14 May 2013 10:29 AM

කොතරම් සුන්දරද, ගහට කොළට සතා සිඋපාවට ආදරය කරන්නා සැබෑම මනුස්සයෙකි.(ස)

:       0       0

චතුල වෙරෝනා Monday, 13 May 2013 09:12 PM

ඉගෙන ගන්නවනම් පොඩි දරුවෙක්ගෙන් උනත් අපිට ඉගෙන ගන්න දේවල් ඕන තරම් තියනවා.(නදී)

:       0       0

පද්මිණී Tuesday, 14 May 2013 10:46 AM

සතුන්ගේ ලොම් අහිතකරයි කියල ලංකාවේ අපේ සමහර ගෙවල් වල පුසේක්වත් හදන්නේ නැහැ. එවුනට බලන්ට ඕන කුස්සිය පැත්තට ගියාම අපිරිසිදු කම. ඇදන් යට, මේස යට දුවිලි පිරිලා. අධි රුධිර පීඩනය තියෙන අයට ගෙදර පුසෙක්, බල්ලෙක් ,ඉන්න එක සුවයක් බව ඔබ නොදන්නේද?(ස)

:       0       0

සේරම් පැරිස් Monday, 13 May 2013 09:27 PM

මිනිසා වානරයාගෙන් පැවත එනවා කියන්නේ. ඉතින් වානරයා සහ මිනිසාට එකට ඉන්න බැරි කමක් නැතුව ඇති. නමුත් දැන් කාලේ මිනිස් ගතිගුණ මේ වානරයන්ට ලැබෙන්න එපා කියා පතමි (නි)

:       0       0

රජින්ද Monday, 13 May 2013 10:02 PM

කොච්චර ලස්සන බැදීමක්ද? පුදුම හුරතල් අහිංසකම අහිංසක ආදරයක් නොවැ මේ තියෙන්නේ. ලංකාදීපෙට හුගක් ස්තුතියි මෙවැනි දුර්ලභ හිත නිවෙන පුවත් පලකිරීම උදෙසා. (නි)

:       0       0

ගාමිණී-සිරි Monday, 13 May 2013 10:23 PM

එමිල සහ රිසී දෙදෙනාම ලමා කාලයේ නිසා කමක් නැහැ.ඔරන් ඔටං මිනිසුන්ට වඩා ලෙන්ගතුකමක් ඇති බවත් පෙනෙනවා.මම දන්නා තරමින් ඔය සතා ටිකක් මනමාලකමටත් බරයි. (නි)

:       0       0

සමන් අතාවුද Tuesday, 14 May 2013 11:15 AM

පද්මිණී හරියටම හරි. අපේ අති මහත් බහුතර ගෙවල් වල කුස්සි නිකන් අපාය වගේ. මගේ නෑදැයෝ,යාළුවොන්ගේ ගෙවල්වල සේරම වගේ මේ ප්‍රශ්නේ තියෙනවා. මන් හිතන්නේ අපිට පිරිසිදු කම කියන එක ඇඟේ නැහැ. අනිත් එක ගදත් ගහනවා.(නදී)

:       0       0

ගයාන් Monday, 13 May 2013 11:40 PM

තිරිසනුන්ට වුණත් සංවේදී හදවත් තියෙනවා සමහර මිනිසුන් ලග නැති (නි)

:       0       0

ජානේ Tuesday, 14 May 2013 02:25 AM

අනේ මටත් මේ වගේ යාලුවෙක් හොයාගන්න පුලුවන් නම්... වයසට ගියාම උදව්වට වගේ. (නි)

:       0       0

වින්ත් Tuesday, 14 May 2013 03:14 AM

පේනවනේ ඇමරිකාවේ සත්තුන්ට වුණත් තියෙන නිදහස... (නි)

:       0       0

සුජීව Tuesday, 14 May 2013 03:41 AM

සත්‍ය කතාවක් නම් ,අපුරු මිතු දමක ශ්‍රේෂ්ට පින්තුර සටහන්. මෙලොව මනුෂ්‍ය සංහතියටම අපුරු ආදර්ශයක්. විශේෂයෙන් ශ්‍රී ලාංකික අපට. ලංකාදීප පුවත් පතට ගොඩක් තුති, මේ වගේ ෆොටෝ අපට ලබා දුන්නාට (නි)

:       0       0

ජ.හේරත් Tuesday, 14 May 2013 03:52 AM

සහෝදරයෙක් ගානට එකට ඉඳලා අයින් කරපු ගමන් ප්‍රචණ්ඩකාරී වෙන්න පුළුවන්. නැත්නම් වෙන්වීමේ ශෝකය දරාගන්න බැරුව ලෙඩ වෙන්නත් පුළුවන් නේද ? පවු අහිංසක සතා (නි)

:       0       0

සජිත් Tuesday, 14 May 2013 03:50 PM

මැද පෙරදිග ඔවුන් දියුණු වෙලා තියෙන හින්දා නේන්නම් මෙහෙන් ශ්‍රමිකයෝ එහෙ වැඩට යන්නේ. ඒ වගේම එහෙ ආගමක් තියන හින්දා තමයි මෙහෙමවත් හොඳින් ඉන්නේ (නි)

:       0       0

සේනක Tuesday, 14 May 2013 06:54 AM

මේ පින්තුර නම් ඇමෙරිකාවේ වෙන්න බැහැ. හොඳට පීදුණු කුඹුරකනේ දෙන්නා ඉන්නේ. කුඹුරට පස්සෙන් හොඳ පොල් වගාවකුත් පේනවා. (නි)

:       0       0

ලංකා Tuesday, 14 May 2013 07:11 AM

අපේ මෝඩයෝ දන්නේ නැහැ ඇමෙරිකාවේ ලංකාව වගේ තැන ගොඩක් තියෙනවා කියලා. කරපිංචා, පොල්, පැල වර්ග ඔක්කොම තියෙනවා. (නි)

:       0       0

රනිල් විජේවික්‍රම Tuesday, 14 May 2013 12:53 PM

රණවීර, එහෙනම් දෙහිවල සත්තු වත්තේ සිංහයෙක්ගේ කූඩුව ඇතුලට ගිහිල්ලා, දොර වහලා මෛත්‍රී භාවනා කරලා පෙන්නන්න පුලුවන්ද? මේක තමයි මේ රටේ අති මහත් බහුතරයගේ ප්‍රශ්නේ. හැමදේටම ආගම ගාවගන්නවා. ආගම තියෙන තැන "දියුණුව" නැහැ. දැන් බලන්න මැද පෙරදිග. තෙල් කොච්චර තිබ්බත් වැඩක් නැහැ. මොකද ආගමක් ඉස්සරහට දාගෙන නිසා, "දියුණු" වෙන්ඩ බැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති කාර්යාල වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවාවලට
2024 සැප්තැම්බර් මස 30 351 0

ජනාධිපති ලේකම් කාර්යාලය අසල පරිශ්‍රයේ ගාල් කර තිබෙන රථ වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවා සඳහා ලබා දීමට මේ වන විටත් කටයුතු සකස් කරමින් තිබෙන බවද ජනාධිපති ක


එජාප සමඟ සාකච්ඡා සාර්ථක නැහැ
2024 සැප්තැම්බර් මස 30 314 1

ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් පුළුල් සන්ධානයක් ගොඩනැගීම සඳහා එක්සත් ජාතික පක්ෂය සමඟ සිදුකරනු ලැබූ සාකච්ඡා සාර්ථක නැතැයි සමගි ජන බලවේගය මහලේකම් රංජිත් ම


ටෝනෙඩෝවකි කරුකුපනේ විදුහලකට හානි
2024 සැප්තැම්බර් මස 30 415 0

ටොනාඩෝවකින් හලාවත කරුකුපනේ කොරයාපුර කනිටු විදුහලේ ගොඩනැගිලි රැසක වහලයට හානි සිදුවීමෙන් ලක්ෂ 15 කට අධික හානියක් සිදුව ඇතැයි කියති.


සිරවුණු ගගනගාමීන් ගේන්න යානයක් යයි
2024 සැප්තැම්බර් මස 30 1064 0

නාසා ගගනගාමීන් වන නික් හේග් සහ ඇලෙක්සැන්ඩර් ගොර්බුනොව් ගගනගාමීන් සමඟ ස්පේස් එක්ස් සමාගමේ ඩ්‍රැගන් කැප්සියුලය ෆැල්කන් 9 රොකට්ටුව ආධාරයෙන් ජාත්‍යන්ත


හැටන් පාසල් ප්‍රවාහන සේවා හදිසි පරීක්ෂාවක්
2024 සැප්තැම්බර් මස 30 433 1

හැටන් ප්‍රදේශයේ රාජ්‍ය සහ පෞද්ගලික පාසල් වෙත ළමුන් ප්‍රවාහනය කරන බස් රථ සහ වෑන් රථ හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් අද (30) දින හදිසි පරික්ෂාවට ලක්


දෙබරු ඇන 10 කට තුවාල
2024 සැප්තැම්බර් මස 30 87 0

බදුල්ල නගරයේ සයිමන් පීරිස් සම්මන්ත්‍රණ ශාලාව අසල ආර් .එච් .ගුණවර්ධන මාවතේ විදුලි කනුවක බැද තිබූ දෙබර කූඩුවක් අද (30) දහවල් ඇව්ස්සීමෙන් දසදෙනකු පමණ දෙබර ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38212 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25166 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 257 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 839 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 294 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site