එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී උපන් තම නිවුන් දරුවන්ගෙන් එක් දරුවකු ඩිරාම් 2500කට (රුපියල් 99000) විකිණීමට තැත්කළැයි කියන ශ්‍රී ලාංකික කාන්තාවක පිටුවහල් කරන ලෙස එරට අධිකරණයක් නියෝග කර ඇතැයි තානාපති ආරංචි මාර්ග කියයි.
තමන්ට ලැබුණු දරුවන් දෙදෙනා දැඩි අසනීප තත්ත්වයේ පසුවූ බවත්, ඔවුන් නඩත්තු කිරීමේ ආර්ථීක හැකියාවක් නොමැති බැවින් දරුවන් දෙදෙනාගේ එක් අයකු මෙලෙස මුදලට විකිණූ බවත් කාන්තාව නඩු විභාගයේදී කියා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මෙහෙමත් අම්මලා! අපේ රටටත් එක්ක ලැජ්ජයි. (නි)
ඇත්තටම ආදරයක් තිබුනානම් ඇයි මුදල් ගන්න ගියේ ලෙඩ දරුවෙක්නේ , නිතිය මගින් දෙන්න තිබුණා හදා ගන්න දරුවාගේ පියා ලාංකිකයෙක්ද . මිට ප්‍රථම ලැබුණු දරුවෝ ඉන්නවද . (රේ)
ඊට වඩා ලජ්ජා නැද්ද සහන මහත්තයා ඒ අහිංසක මිනිසුන් වැසිකිලි සෝදලා දහදුක් විඳලා අපේ රටට ගෙනෙන විනිමය යොදවාගෙන මිලියන් ගණන් දීල ස්ඛෝපබෝගී වාහන ගෙන්නන එක (රේ)
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී නිවුන් ළමයින්ගේ තාත්තා කෝ ?(රේ)
පිරිමියෙකුගේ වැරදි නොතිබුණේ නම් ඔය කාන්තාව ඔය තත්වයට පත්නොවෙන්න තිබුනා (නි)
මීටවැඩිය ලජ්ජා නැද්ද අපේ ආණ්ඩුවට, මේ අහිංසක මිනිසුන් වහල් සේවයට යවන එකට (නි)
මේ හැමෝටම වඩා ලැජ්ජා වියයුතු මේ ගැහැණුන්ගේ පිරිමි පක්ෂයයි. තමන්ගේ බිරිඳව අනුන්ගේ ගෙවල් වල බැලමෙහෙවරට යවනවද? (නි)
එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ලංකාවෙන් එන්නේ වැසිකිළි සෝදන්න, බැලමෙහෙවර කරන්න පමණක් නොවේ මසකට රුපියල් මිලියනයට වඩා වැටුපක් ගන්නා කාන්තා වෘත්තිකයන් මෙහි සිටිනවා (බ)