IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


දරුවන්ගේ ජනවාරි සීසන් එක නැති කරලා

 

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ලංකා ගමනාගමන මණ්ඩලය ජනවාරි  මාසය සඳහා නිකුත් කෙරුණු  වාර ප්‍රවේශ පත්‍ර හිටිහැටියේම අවලංගු කිරීමෙන් පාසල් දරුවන් දුෂ්කරතාවයට පත්ව සිටින හෙයින් වහාම එම තීරණය වෙනස් කරන්නැයි  අදාල බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (10) පැවසීය.

විපක්‍ෂනායකවරයා මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක් කරමිනි.

දරුවන්ගේ ජනවාරි වාර ප්‍රවේශ පත්‍ර අහෝසි කිරීමට ලංගම සාමාන්‍යාධිකාරීවරයා ඩිපෝ අධිකාරිවරුන්ට ලිපි යවා ඇතැයි පැවසූ විපක්ෂ නායකවරයා  වාර ප්‍රවේශපත්‍ර සති අන්තයේ පාවිච්චි කිරීමද  තහනම් කර ඇතැයි ප්‍රකාශ කළේය.

පාසල් නොපැවැත්වුණද සති අන්ත  පෞද්ගලික පන්ති  පැවැත්වෙන හෙයින් දරුවන්ට ඒවාට සහභාගිවීමට සිදුවන බවත් අපොස උසස් පෙළ විභාගය පැවැත්වෙන හෙයින් දරුවන්ගේ ප්‍රවාහන අවශ්‍යතා සපුරාලීම රජයේ වගකීමක් බවත් ඔහු කීවේය.

අවලංගු කරන ලද වාර ප්‍රවේශපත්‍ර නැවතත් වලංගුභාවයට පත් කරන්නැයි  ඉල්ලීමක් කරන බවද ඔහු ප්‍රකාශ කළේය.



අදහස් (4)

දරුවන්ගේ ජනවාරි සීසන් එක නැති කරලා

මැක්ස් Wednesday, 10 January 2024 12:18 PM

මේ වගේ අවස්ථාවාදී මෝඩ විපක්ෂ නායකයෙක් ලොවෙත් නෑ. ළමුන්ට ලංගම සීසන් දෙන්නේ ඉස්කොලේ යන්න මිසක් ටියුෂන් පන්ති යන්න නෙවෙයි. ඒ සරල කාරණයවත් නොතේරෙන කෙනෙකුට රටේ නායකත්වය ලැබුණොත් ඉතින් දෙයියන්ගේම පිහිටයි.

:       31       10

සුපුන් චාමරWednesday, 10 January 2024 01:11 PM

තමුන් වගේ කෙනෙක් අපි දැකලත් නෑ. ටියුෂන් යන්න වුණත් යන්නේ ඉගෙන ගන්න. අනිත් එක සීසන් දෙන්නේ ඉස්කෝලේ ළඟ ඉඳන් ගෙවල් ළඟට. ඒකෙන් වෙන ගමන් යන්න බෑ...!

:       3       19

jayaWednesday, 10 January 2024 01:17 PM

පැය ගාණක් ලංගමයක් එනකන්ම ඉඳලා ඒකේ යන්නේ කරන්නම දෙයක් නැති ළමයෙක්. ඕකත් දෙන්න බැරි නම් ලංගමයම වහලා දාන්න. නැත්තන් පුද්ගලික අංශයට දෙන්න. බස් එකකට 5-10 නඩත්තු කරනවා නම් අඩුම ගානේ ඒකෙන් සමාජ සේවයක්වත් වෙන්න ඕනෑ..

:       2       15

චන්දන Wednesday, 10 January 2024 03:06 PM

මැක්ස් හරි. ඔය සීසන් එක දෙන්නේ ස්කෝලේ විදුහල්පති නිර්දේශයෙන්. ටියුෂන් පන්ති යන්න නෙවෙයි. ස්කෝලෙ යන්න. ජනවාරි මාසේ පාසල් නිවාඩුයි. විභාගයට යන අයට විතරයි දෙන්න පුළුවන්. ඉස්සර සෙනසුරාදා ඉරිදා කපලා තමයි දුන්නේ... මේ ක්‍රමය වෙනස් කරන්න නම් සීසන් දෙන එකේ නිර්දේශය පාසලින් ඉවත් කරලා වැඩිහිටි සීසන් දෙනවා වගේ ක්‍රමයක් හදන්න ඕනෑ. සුපුන් නීතිය දැනගෙන කතාකළා නම් හොඳයි.

:       8       6

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සද්දන්තයෙක් කසල ගොඩේ මියයයි
2024 ඔක්තෝබර් මස 05 559 0

අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.


11 දරුපියා පිහි පහරින් මරුට
2024 ඔක්තෝබර් මස 05 1256 0

අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප


ජනපති අමරපුර මහානාහිමි බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 469 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර


සිසුහු දෙකක් අංගම්මන තොටුපොළට බිලි
2024 ඔක්තෝබර් මස 05 215 0

රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස


ජනපති අටමස්ථානාධිපති හිමිවරු බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 668 0

ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන


අල්ලස් ගත් ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 05 1382 0

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39098 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25573 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 321 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1081 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 378 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site