නාවල ජනාධිපති බාලිකාවට අනුබද්ධිත මාදින්නාගොඩ ප්‍රාථමික විද්‍යාලයේ සිංහල අලුත් අවුරුදු උත්සවය උත්කර්ශවත් අන්දමින් රාජගිරිය ක්‍රීඩාංගනයේදි පැවැත්විණි
අවුරුදු නැකැත් පිළිවෙත් අනුව පවතින සියලු සිරිත් ගැන මෙහිදි දරුවන්ට ප්‍රායෝගිකව දැනුම්වත් වෙන අයුරින් නෑගම් යෑම , දෙගුරුන්ට බුලත් දිම, ළිඳ අළෙවි කිරීම හිස තෙල් ගෑම ද අවුරුදු ජන ක්‍රීඩා ද සංවිධාන කැර තිබිණි
ජනාධිපති බාලිකා විද්‍යලයේ විදුහල්පතිනි ඩබ්ලිව්. ඒ. නයනා පෙරේරා මහත්මිය ගේ ප්‍රධානත්වයෙන් මෙය පැවැතිණි
මාදින්නාගොඩ ප්‍රාථමික විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිනි චිත්‍රානි පත්මමාලී මෙනවිය ඇතුලු ගුරු මණ්ඩලය විසින් සංවිධානය කැරිණි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පහන්, කියල නිම කරන්න බැරි ලස්සන සිදුවීම් ගොඩක්. අපේ ළමයින්ට ඒවා හීනයක් විතරයි. ඒ වගේම අපිටත් ඒවා හීනයක් විතරයි. (නදී)
දැන් ඉන්න ළමයි ගොඩක් දේවල් දැකලා නැහැනේ. කජු පුහුලන් දැකලා තියෙන්නේ පින්තූර වලින්. චග්ගුඩු ගහන්න මම හරිම ආසයි. දැන් ඉන්න අය මේවා දන්නේ නැහැ. (නි)
අපේ ජාතිය රැකගන්නට අපේ ජාතික සිරිත් විරිත් දරුවන්ට උගන්වමු. (නි)
හරිම ලස්සනයි. චූටි දුලට සුභ අලුත් අවුරුද්දක්. (නි)
මෙවන් කාර්යයන් සියලුම පාසල් වල කරන්න පුළුවන් නම් හොඳයි (නි)
පුංචි දෝනිලා ටික ලස්සනයි. මට මගේ දෝනිව මතක් වුණා. මෙදා අවුරුද්දට දෝනි ළඟ මම නැහැ. ඒත් එයා හිතන්නේ මම ඒවි කියලා. අපිට නොපෙනෙන දුරකට යන්න වුණේ අැයි මන්දා. (නි)
ෂා! හරි ලස්සනයි.අර කාටද අනේ රැවුලක් ඇවිත් තියෙන්නේ? (නි)
පුංචි දෝනිලා ටික දැක්කහම දුකේ බැහැ.හැමට සුභ අලුත් අවුරුද්දක්! පහන්, ඔය ටික වගේම මට මතක් වුණා අල්ලපු ගෙවල් වල ළමයි රතිඤ්ඤා පත්තු කරද්දී අපේ පුංචි අයියා පොල් පිත්තක් අරන් ගිහින් බෝක්කුවට තඩි ගැහුව හැටි.අනේ ඒ කාලේ කොච්චර සුන්දරද? (නි)
මටත් ඒ කාලය මතක් වුණා. මිනිසාගේ දියුණුව කියන්නේ ලෝකයේ පරිහානිය කියන එක මේ දෙපැත්තම ගැන හොඳට හිතලා බැලුවම ඇත්ත කියලා පිළිගන්න වෙනවා. ඉඳලා හිටලා හරි විදුහල් මඟින් දරුවන්ට කියලා දෙන එක ලොකු දෙයක්. මොකද දැන් සමහර දෙමව්පියොත් මේවා ගැන දන්නේ නැහැ. (නි)
හරිම වටිනා වැඩක් (නි)
ලස්සන පින්තූර ටික මල් වගේ අපේ දරුවන් (දිල්)
හොඳ ආදර්ශයක්.... (ස)
පහන් කියන ඒ සුන්දර අතීතය අපිට නැවත එන්නේ නෑ නේ ද කියල හිතෙනකොට මගේ හිතට මහා දුකක් දැනෙනවා. අපි යාන්ත්‍රික වෙලා .දරුවෝ රොබෝලා වෙලා.(නදී)
ඇයි පහන් අපි ගමේ වැඩිහිටියෝ හදපු කතුරු ඔන්චිල්ල පැද්දා.අපේ සහෝදරියෝ කවි කියමින් ඔන්චිල්ල පැද්දා.ගම දෙකක් එකතු වෙලා පොර පොල් ගැහුවා. අං ඇද්ද. තරගෙට කවි කිව්වා. ගම හරහා දිව්වා. තව කොච්චර නම් දේවල් කරාද? අවුැදු හැට පහ පැන්නත් තවම ඇගේ කොලු ගතිය තියෙන්නේ ඒවායේ ප්‍රතිපල. අනේ අද උන් දන්නේ පරිගණකය විතරයි. වයස 35 පනින කොට ජාත්‍යාන්තර ලෙඩ සියල්ලම උන්ගේ ඇගවල් වල. (ස)
පුංචි පැටව් අපේ මල් වගේ. (ස)
පහන් ඇත්තට අපේ දරුවෝ මොනවද දන්නේ. උන් ටික රොබෝලා වෙලා. අපේම වරද. කාට කියන්නද?? හැකි සෑම වෙලාවෙම කියල දෙන්න උත්සහ කරනවා. (ස)
අපේ පාසලේ චුටි නංගිලා හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා. (ස)
'පහන්' ඇත්තම කතාවක්. හොඳ අතීතය මෙනෙහි කිරීමක්. (ස)
මම පොඩි කාලේ අවුරුද්දට උණ වෙඩි ගැහුවා. බීරංග ගැහුවා. ආච්චි අම්ම කුස්සියේ ගොම ගානවා මම දැකල තියනවා. අම්ම හදන අතිරස මිශ්‍රණය අමුවෙන් කන්න ගිහිල්ල ගුටි කාගෙන එළියට එනවා .කජු පුහුලන් කාල කැස්ස. කජු අහුලන්න වවුල් තිප්පොළවල් වලට යනවා. ඒත් අද ඒ ගොඩක් දේ වෙනස් වෙලා. මගේ පුංචි පුතා මේ කිසි දෙයක් දන්නේ නැහැ. (ස)
සිංහල සිරිත් විරිත් ගිලිහිලා යන මේ කාලයේ කළ ආදර්ශවත් හොඳ වැඩක්. (නි)
හොඳ ආදර්ශයක්. (ස)
ලස්සන පැටික්කියෝ ටික. සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ඔබ සැමට! (නි)