IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


දරුවන්ට දෙන ජනාධිපති ශිෂ්‍යත්ව ගැන නිවේදනයක්

(අංජුල මහික වීරරත්න)

අ.පො.ස. (උ/පෙළ)  සහ පළමු ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබන අඩු ආදායම්ලාභී පවුල් වල සිසුන් වෙනුවෙන් ජනාධිපති අරමුදලින් පිරිනැමෙන ශිෂ්‍යත්ව ප්‍රදානය මෙම ජූලි 12 වනදා සිට දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක කිරීමට කටයුතු සූදානම් කර ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි.

ඒ අනුව දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සියලු  කලාප අධ්‍යාපන  කාර්යාල සහ විදුහල්පතිවරුන්ගේ සම්බන්ධීකරණයෙන් මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය සිදු වන අතර එක් එක් දිස්ත්‍රික්කය සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කරනු ලබන දිනයන්, වේලාවන් සහ ස්ථානයන් මෙන්ම එම දිස්ත්‍රික්කයන් සඳහා මෙම ශිෂ්‍යත්ව වැඩසටහන් යටතේ තෝරාගන්නා ලද ශිෂ්‍යත්වලාභීන්ගේ නාම ලේඛනය ඉදිරි දින කිහිපය තුළ ජනාධිපති අරමුදලේ නිල Facebook  පිටුවෙහි පළ කිරීමට නියමිතය.

එක් එක් දිස්ත්‍රික්ක සඳහා අ.පො.ස (උ/පෙළ) හදාරන සිසුන් වෙනුවෙන් ලබාදෙනු ලබන ශිෂ්‍යත්ව සඳහා තෝරාගන්නා ලද සිසුන්ගේ නාම ලේඛනය  කලාප මට්ටමින් දැනටමත් ජනාධිපති අරමුදලේ නිල Facebook  පිටුවේ සඳහන් කර ඇතැයි ද ජනාධිපති කාර්යාලය පවසයි.

අ.පො.ස. (උ/පෙළ) සිසුන් සඳහා මසකට ‍රුපියල් 6000 බැගින් මාස 24ක් සඳහා එක් අධ්‍යාපන කලාපයකින් සිසුන් 60 බැගින් තෝරාගෙන  ශිෂ්‍ය ශිෂ්‍යාවන් 6000 ක් සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීම සිදු කෙරේ.

මෙම සිසුන් සඳහා හිඟ වාරික මුදල්ද සමගින්‍ රුපියල්  30,000 ක ශිෂ්‍යත්ව ප්‍රදානයක් ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවයේදී පිරිනැමීමටත් ඊලඟ මස සිට අ.පො.ස. (උ/පෙළ) ‍විභාගය සඳහා පෙනී සිටින තෙක් මසකට ‍රුපියල් 6000 බැගින් ශිෂ්‍යත්ව ලබාදීමටත් කටයුතු කරන බවද ජනාධිපති කාර්යාලය පවසයි.

පළමු ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා දිවයිනේ පාසල් 10,126 ම ආවරණය වන පරිදි තෝරාගන්නා ලද ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා මසකට ‍රුපියල් 3000 බැගින් මාස  12ක කාලයක් සඳහා ලබාදෙන ශිෂ්‍යත්ව වැඩසටහන ද මේ යටතේ ක්‍රියාත්මක වන අතර තෝරාගන්නා ලද සිසුන් වෙනුවෙන් හිඟ වාරික මුදල් ද සමඟින්‍  රු 12,000/- මුදලක් ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවයේදී  පිරිනැමීමට කටයුතු කරන අතර ඊලඟ මස සිට මසකට රුපියල්  3000 බැගින් ශිෂ්‍යාධාර ගෙවීමට කටයුතු කරනු ලැබේ.

ඒ අනුව දිස්ත්‍රික් මට්ටමින් සිදු කෙරෙන මෙම ශිෂ්‍යත්ව ප්‍රදානයන් පිළිබඳව යාවත්කාලීන තොරතුරු  දැනගැනීම සඳහා ජනාධිපති අරමුදලේ නිල Facebook  පිටුව Follow/Like   කර තබාගන්නා ලෙස ද ජනාධිපති අරමුදල ඉල්ලා සිටියි. 

 



අදහස් (5)

දරුවන්ට දෙන ජනාධිපති ශිෂ්‍යත්ව ගැන නිවේදනයක්

Chandima Sunday, 07 July 2024 04:01 PM

දෙන්නම් කාසි වලට දැන් චන්දේ දෙන්නෙ නැහැනේ මහත්තයෝ.

:       4       15

End Game Sunday, 07 July 2024 06:02 PM

දුන්නත් මුන්ට චන්දෙ දෙන්නේ නෑ .චද්නෙන් පත් වෙලා ආයේ හොරා කන එකනේ කරන්නේ

:       1       0

lankaputha Sunday, 07 July 2024 04:53 PM

දුන්නත් කාසි දෙන්නම්... ඡන්දෙ දෙන්නේ නෑ. මහත්තයෝ..

:       1       0

sarath Sunday, 07 July 2024 06:18 PM

හැම මිනිහම FB වල යන්නේ නෑ .වෙන වැඩ තියනවා .ලෙහෙසියෙන් තොරතුරු දැනගන්න පුළුවන් ලින්ක් එකක් දැම්මා නම් හොඳයි

:       0       1

Vimukthi Pathiraja Sunday, 07 July 2024 07:08 PM

ඇයි මේකට උත්සවයක් අවශ්‍ය වන්නේ. ශිෂ්‍යත්ව වශයෙන් ලබාදුන්නේ ජනාධිපතිවරුන්ගේ පෞද්ගලික මුදල් නොවේ. කරුණාකර අපට උත්සව වියදම් ශිෂ්‍යත්ව මුදල් ලෙස ලබා දෙන්න. උත්සව සඳහා සාමාන්‍යයෙන් රුපියල් මිලියන කිහිපයක් වැය වන බැවින් එය මෙම කලාපයේ මුළු ශිෂ්‍යත්ව අරමුදලට වඩා වැඩි විය හැකිය.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දේශපාලන බලපෑම් නැති පොලිසියක් ඇති කරනවා
2024 සැප්තැම්බර් මස 25 889 2

ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරු සහ ඇමතිවරු පොලිස් ස්ථානාධිපතිවරු පත්කිරීමට මැදිහත් නොවන බවත් මීට පෙර පාලකයන් අනුගමනය කළ එම දේශපාලන සංස්කෘතිය වෙනස් කරන


බයිඩන් අවසන් වරට ජගත් මහ සමුළුව අමතයි
2024 සැප්තැම්බර් මස 25 304 0

ඇමෙරිකා ජනාධිපති ලෙස ජෝ බයිඩන් අවසන් වරට එක්සත් ජාතීන්ගේ මහ සමුළුව ඇමතුවේය. ඇමෙරිකන් ජනාධිපතිවරණය එලැඹෙන නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙයි. 81 හැවිරිදි බය


මැතිවරණ පැමිණිලි සඳහා අනු කමිටුවක්
2024 සැප්තැම්බර් මස 25 217 0

මැතිවරණ වියදම් නියාමන පනත යටතේ ඒ සම්බන්ධයෙන් පැමිණිලි ලබා ගැනීම සඳහා අනු කමිටුවක් පිහිටුවන ලෙස මැතිවරණ කොමිෂන් සභාවෙන් දැනුම් දී ඇතැයි කළුතර දිස්ත්‍


ජනපතිගේ ඉදිරි සැලසුම් අද සවස හෙලිකරයි
2024 සැප්තැම්බර් මස 25 2253 0

ජනාධිපති අනුර දිසානායක මහතා අද (25) ජාතිය අමතමින් රටේ ආර්ථික තත්ත්වය මෙන්ම ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට නියමිතව තිබේ.


විජිත හේරත් ජනමාධ්‍ය අමාත්‍ය ධූරයේ රාජකාරී අරඹයි
2024 සැප්තැම්බර් මස 25 3151 4

නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් මහතා අද (25) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.


කිරි දරුවා මැරූ මවක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 2254 1

තම ලේකැටි කිරි දරුවාගේ හුස්ම සිරකොට පොළොවට අතහැර මරා දැමී යැයි කියන 21 හැවිරිදි මවක් අත්අඩංගුවට ගත් බව ගලහ පොලීසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36904 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24346 11



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 184 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 578 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 233 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site