IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


දලු නෙළන්නියට මන්ත්‍රී වැටුපක්

කොටගල වැවිලි සමාගමට අයත් මවුන්ත් වර්නන් තේ වත්තේ තේ දලු නෙළන්නියක වන ශාන්ති කුමාරි (51) මැයි මාසයේ රුපියල් 57395.25 වාර්තාගත ආදායමක් උපයා ගත්තාය.

මැයි මාසයේදී ඇය තේ දලු කිලෝ 1899 ක් නෙළුවාය.තවත් නෙළන්නියන් රැසක් රුපියල් තිස්දාහ ඉක්මවා වැටුප් ලැබු බව වතු අධිකාරී අර්ජුන මැදගම මහතා කියයි.

 

 

 

 



අදහස් (0)

දලු නෙළන්නියට මන්ත්‍රී වැටුපක්

සේනක Tuesday, 10 June 2014 05:42 PM

දැන් මන්ත්‍රීතුමන්ලා පඩි වැඩිකරලා ඉල්ලයිද දන්නෙ නැහැ. මොකද එයාලගේ පඩිය දළු නෙලන්නියකට සමානයි කියලා. (නි)

:       0       0

සමන් Tuesday, 10 June 2014 05:42 PM

රුවන් යොදාගත් වචන සුදුසු නැතත් ඔහුගේ අදහස මා අනුමත කරනවා. අද බොහෝ කාන්තාවන් ඉතාම අඩු වැටුපකට මෙහෙකාර වැඩ සදහා තම දු දරුවන් සැමියන් ලංකාවේ තනිකර විදේශගත වී විවිධ අතවර වලට ලක් වෙනවා. එවැනි අයට මෙම දිරිය කාන්තාව ආදර්ශයට ගෙන දේශීයව යම් කටයුත්තක නිරත වීමට හැකිනම් ඉතා වටිනවා. (නි)

:       0       0

සුරංග Wednesday, 11 June 2014 10:17 AM

අනේ කසිකබල් මන්ත්‍රී ලට මහන්සි වෙලා වැඩ කරන මිනිසුන් සමාන කරන්න එපා. දාඩිය මහන්සියෙන් හොයන සල්ලි. ඔය ගානත් මදි. (දී)

:       0       0

රියාල් Tuesday, 10 June 2014 05:47 PM

ඇස්වහ කටවහ දුරුවේවා! ඇයට දියුණුවම සැළසේවා! (නි)

:       0       0

කාන්ති Wednesday, 11 June 2014 10:24 AM

දවසකට දළු කිලෝ හැට ගණනක් කඩන එක ලේසි වැඩක් නෙවෙයි . මේ වැටුප ගන්න මෙය කොච්චර මහන්සි වෙන්න ඇද්ද. අම්මේ ඔබට යෝධ ශක්තිය , ධෛර්ය ලැබේව. දෙවි පිහිටයි . (දී)

:       0       0

ජෙරාඩ් Tuesday, 10 June 2014 05:51 PM

දෙකොටසේම වැටුප් සමානයි. එහෙත් ක්‍රියා අසමානයි. මැය රටේ දියුණුව සඳහා ශ්‍රමය වැයකර රටේ දියුණුව සළසයි. එහෙත් බොහෝ දේශපාලකයන්....? කෙසේ වුවත් ඇයට යෝධ බල යෝධ ශක්තිය ලැබී තවත් රටට සේවය කිරීමට ලැබේවායි පතමි. (නි)

:       0       0

දිනූ Wednesday, 11 June 2014 10:31 AM

මේක සංසන්දනය කරන්න එපා. එහෙම උනොත් තේ දළු නෙලන්නියට අපහාසයක්. (ස)

:       0       0

පබිඳු Tuesday, 10 June 2014 05:56 PM

තේ ගැන දන්නා අය මේ ගැන දන්නවා. හිතන්න, දවසට තේ කිලෝ 64 ක් කඩනවා කියන්නේ කොහොම දෙයක්ද? ඒකත් දවස් 30 ම වැඩ කරලා. හැබැයි එකක් පිළිගන්නවා, රට රස්සාවට ගිහින් වෙන මහන්සියත් මේ තරම්ම තමයි (නි)

:       0       0

පතිරණ Wednesday, 11 June 2014 10:37 AM

සෙහාන් මම කිවේ රැකියාවන් අතර තියෙන වැටුප් වෙනස නෙවෙයි. එකම රස්සාව කරන විවිධ ජාතීන්ට සලකන විදිහ. අර දාලා තිබුණු වචනයට මමත් කැමති නැහැ. නමුත් යථාර්තය එ්කයි. අපේ රටේ දවසට රුපියල් 1000 ක් දුන්නත් මනුස්සයෙක් ගෙන් වැඩක් ගන්න බැහැ. නමුත් ඒ මනුස්සය මෙහෙ ඇවිත් රුපියල් 500 ට පැය 10 ක් වැඩ කරනවා. (ස)

:       0       0

ශානක Wednesday, 11 June 2014 10:39 AM

රුවන් වගේ අය ඉන්නේ ලංකාවේ. පිට රට මිනිස්සු රස්සාවල් වලින් මිනිස්සු මනින්නෙ නෑ.ඕන කෙනෙක් එක සමානයි. (ස)

:       0       0

අනූෂා Tuesday, 10 June 2014 06:00 PM

පිටරට මිනිසුන් ලංකාවේ වගේ කරන රස්සා වල කුල මල හොයන්නේ නැහැ. මොන රස්සාව කළත් ඒ අය හැමෝම එකයි. හැමෝම සතුටින් ජීවිත ගෙවනවා (නි)

:       0       0

අරුණි Tuesday, 10 June 2014 06:04 PM

දළු ගොඩක් කඩන එක අගය කරන්න ඕනෑ. ඒත් නිෂ්පාදන වියදම ගැන කිසිකෙනෙක් කතා කරන්නේ නැහැනේ (නි)

:       0       0

ඉන්දික Tuesday, 10 June 2014 06:06 PM

රුවන්ගේ අදහස හරි. එකෙන් හැම රැකියාවක් ගැනම නෙවේ. එත් හුඟක් අය ගෘහ සේවිකාවන් ලෙස ගෙවල් දොරවල්, දරුවන්, ස්වාමි පුරුෂයන් දාල ගිහිල්ල පිටරට මිනිස්සුන්ට කඹුරලා, හම්බ කරන මුදලට වඩා තමන්ගේ රටට වෙලා, තමන්ගේ දරුවන්, ස්වාමි පුරුෂය එහෙම බලාගෙන ලබන වැටුප ගොඩක් වටිනවා. දරුවන්ට අම්මෙක් ඉන්න එක ගොඩක් වටිනවා. (දී)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Tuesday, 10 June 2014 06:07 PM

ඔබේ දෑතට දෙවි පිටයි.තව තවත් ශක්තිය ලැබේවා ජීවිතේ ජය ගන්න. (දී)

:       0       0

අසේල Wednesday, 11 June 2014 11:10 AM

රු. 57000ක් හොයන්න ඇය කොතරම් දහදියක් හෙලන්න ඇතිද ? එත් අපේ මැති ඇමති වරු ........? (ස)

:       0       0

රන්ජිත් Wednesday, 11 June 2014 11:19 AM

මවුන්ට් වර්නන් තේ වත්ත. (ස)

:       0       0

ජයම්පති Tuesday, 10 June 2014 06:11 PM

සමන්, ඔබගේ අදහස බොහෝදුරට හරි. ඒත් අපේ මිනිසුන්ට රැකියා හරියට නැතිකම නිසා තමයි ඒ තත්ත්වයට වැටිලා තියෙන්නේ. අපේ මිනිසුන් බොහොමයක් මහන්සි වෙලා වැඩ කරන්න කැමති අය. ඒත් කෝ රැකියා? (නි)

:       0       0

නෙවිල් Tuesday, 10 June 2014 06:13 PM

රුවන්, නිකන් මෙතන සෝබනේ පෙන්වන්න හදන්න එපා. පුලුවන් නම්, ඔබ කරන රැකියාවයි වැටුපයි මෙහි පළකරන්න. (නි)

:       0       0

රුවන් Wednesday, 11 June 2014 11:27 AM

මැදපෙරදිග රුපියල්30000ක් ගන්න දවසකට පැය16ක් වැඩ කරන්න ඕනේ. කිසිම නිවාඩුවක් නැහැ.අසනීප උනත් වැඩ.මෙහෙම මහන්සි වෙලා වැඩකරනවා නම් ලංකාවේ ඉඳලම ගාමන්ට් එකක,තේ දළු නෙලලා රුපියල් 75000ක් පමණ ලබාගන්න පුළුවන්.තවද පිටරට සේවයේ සිටින අයගෙන් 80%ක් පවුල් ජීවිතය අවුල්. (ස)

:       0       0

නුවන් Tuesday, 10 June 2014 06:19 PM

රුවන්, සමන්, මේ ඉතාමත් දුර්ලභ අවස්ථාවක් විතරයි. මෙවන් එක් උදාහරණයකින් හැම කෙනෙකුගේම වේතනය ගැන නිර්ණය කිරීමේ හැකියාවක් තිබේද? අපි රට ඇවිල්ලා ඉන්නේ අපි ඉගෙනගත් කර්මාන්තයෙන් ලැබිය යුතු වේතනය නොලැබෙන නිසයි. අනික මේ කතා කරන්නේ තේ දළු නෙලීම ගැනයි. ඒක එම තැනැත්තිය ප්‍රගුණ කරන ලද රැකියාවයි. (නි)

:       0       0

ජීවක Tuesday, 10 June 2014 06:19 PM

අසරණ මන්ත්‍රීවරුන්ගේ පඩිය වහා වැඩිකරමු! (නි)

:       0       0

නදීක Tuesday, 10 June 2014 06:20 PM

කාන්තාවන් මොන දුකක් විඳලා හරි කීයක්හරි හොයාගෙන කාපු ලංකාවේ තිබුන ඇඟලුම් කම්හල් ටිකෙනුත් වැඩි ගණනක් දැන් වැහිලා ඉවරයි (නි)

:       0       0

ගයන් Tuesday, 10 June 2014 06:30 PM

දහදිය මහන්සියෙන් හම්බරකපු එකේ මන්ත්‍රී නිකන් ඉඳල හම්බ කරපු එකෙයි වෙනස? කාට කියන්ද මේවා. (දී)

:       0       0

ජොහාන් Tuesday, 10 June 2014 06:34 PM

රුවන්ගේ කතාව හරි. නමුත් ගෘහ සේවිකාවකට 30000 ක වැටුපක් ලබාගන්න ගොඩාක් අමාරුයි. බොහෝ දෙනෙක් රට යන්නේ තැරැව්කාරයන්ට රැවටිලා. (නි)

:       0       0

දිලීප Tuesday, 10 June 2014 06:42 PM

ඇයට එතකොට තේ කිලෝවකට කීයක් ගෙවලද? (නි)

:       0       0

සිසිර Tuesday, 10 June 2014 06:46 PM

කොච්චර ආදර්ශවත් කාන්තාවක්ද? (නි)

:       0       0

පතිරණ Tuesday, 10 June 2014 06:50 PM

සෙහාන් කියන කතාව සමහරවිට යුරෝපයට තරමක් දුරට හරි වෙන්න පුළුවන්. නමුත් මැද පෙරදිග සහ අනෙකුත් රටවල එහෙම නැහැ. සාමාන්‍ය සේවයට වැඩිම පඩි ලබන්නේ යුරෝපීය හා ඇමෙරිකානු ජාතිකයන්, ඊළඟට අරාබි ජාතිකයන්, ඊළඟට ආසියාතිකයන්. ඊටත් පස්සේ තමයි දකුණු ආසියාතිකයන්. ශ්‍රී ලාංකික අපිට බොහෝවිට ලැබෙන්නේ දකුණු ආසියාතිකයින්ගෙනුත් අඩුම වැටුප. (නි)

:       0       0

නිර්මලා Tuesday, 10 June 2014 06:53 PM

රුවන් දන්නේ නැත්නම් දැනගන්න, ඔය කියන රැකියා කරන්න කාන්තාවන් පිටරට යන්නේ අපේ රටේ 'හොඳකම' නිසා තමයි. (නි)

:       0       0

කසුන් Tuesday, 10 June 2014 06:55 PM

ඔබට අපෙන් සුභ පැතුම්! (නි)

:       0       0

ටුටූ Wednesday, 11 June 2014 12:40 PM

මොන සමාන කමක්ද ඇමතිලා හම්බ කරනවා ඔය ගාන මිනිත්තුවට මේ අහිංසක කාන්තාව මොන තරම් නම් දහදිය හෙලන්න ඇතිද? මගේ උපහාරය. (ස)

:       0       0

ශාන්ති Tuesday, 10 June 2014 06:56 PM

කොහොමද වැඩ? ඔයාට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා! (නි)

:       0       0

සිල්වා Tuesday, 10 June 2014 06:57 PM

ඒ වගේද මන්ත්‍රීතුමාලා ඉන්නේ අපි වෙනුවෙන් ජීවිතයම කැප කරලානේ නේද? කොච්චර ආදර්ශවත්ද ඒක? (නි)

:       0       0

මොහමඩ් රිස්වාන් සෞදි අරාබිය Tuesday, 10 June 2014 07:00 PM

මැද පෙරදිග ඉන්න අපේ අක්කලා නංගිලා මේ රස්සාව කරලා මේ ශාන්ති කුමාරි වගේ වැටුපක් ගන්න නම් අවුරුදු ගණනක තේ දළු නෙළන පලපුරුද්දක් ඕනෑ වෙනවා. (නි)

:       0       0

ලංකා තිලක් Wednesday, 11 June 2014 12:50 PM

ඩුබායි තිලක්ට ඩුබායිවල ඉන්නකම් ඕක කියල දුන්න කියල වැඩක් නැහැ..එන්න ලංකාවට..බහින්න දේශපාලනේට මොන දහිරිය දාල හරි මන්ත්‍රී කෙනෙක් වෙලා බලන්න..එතකොට තේරේවි හම්බ කලේ හම්බ කරන්නේ කොහොමද කියල..? හැබැයි ඉතින් ඔය කෝටි දෙකහමාරක් විතර වෙන මේ රටේ මිනිස්සුන්ගෙන් ඔය දෙසිය ගානට රිංගන්න ඉතින් පෙර කල පිනුත් තියෙන්න ඕන..ඕවට ඉරිසියා කරලා වැඩක් නැහැ තිලක් මහත්තයෝ...ලබන ආත්මෙවත් මන්ත්‍රී කෙනෙක් වෙන්න ඔය ඉරිසියාව කුහක කම ක්‍රෝධය වගේ නුහු ගුණ මග ඇර ගෙන දැන් ඉඳල පුළුවන් තරම් පින් දහම් කරන්න,..(ස)

:       0       0

චන්ද්‍රා Tuesday, 10 June 2014 07:07 PM

නිකන් කාලය කමින් ජීවත්වීමට බලාගෙන ඉන්නා අයට ආදර්ශයකි. ඔබට දීර්ඝායු වේවා! පළකිරීම ගැන ලංකාදීපයට තුති! (නි)

:       0       0

සොත්ති Wednesday, 11 June 2014 12:55 PM

57,395.25 / 1,899 = 30.22 දළු කිලෝ එකකට රුපියල් 30.22 දෙනව කිව්වම ටිකක් පුදුමත් හිතෙනවා. (ස)

:       0       0

යමුනා Tuesday, 10 June 2014 07:11 PM

ශ්‍රම බලකායට නව ජවයක් (දී)

:       0       0

ප්‍රියනාත් Tuesday, 10 June 2014 07:16 PM

මම මේ බැලුවේ කවුද මේ රසවත් කතාව ලියලා තියෙන්නේ කියලා. අපේ මේ රන්ජිත් රාජපක්ෂ මහත්මයනේ. මෙතුමාත් සැබෑ දක්ෂයෙක්. (නි)

:       0       0

චමිල Tuesday, 10 June 2014 07:33 PM

පිටරට රැකියා වලට අපේ අක්කලා නංගිලා නොගියොත් කොහොමද රටට විදෙස් විනිමය ලැබෙන්නේ? ඔබට දිනෙන් දින ජයෙන් ජය! (නි)

:       0       0

ඉන්දු අම්බලන්ගොඩ​ Tuesday, 10 June 2014 07:33 PM

දලු නෙළන්නිය සොර සතුරන්ගෙන් ආරක්ෂා වුණොත් හොඳයි (නි)

:       0       0

කැලුම් Tuesday, 10 June 2014 07:36 PM

මේ මිනිසුන් කොච්චර මහන්සි වෙලාද ඔය ගාන හොයාගන්නේ?ඒකට මන්ත්‍රීලා... (නි)

:       0       0

විමල් Tuesday, 10 June 2014 07:48 PM

මේ රටේ තේ දලු කඩන සේවකයින්ගේ දිනක වැටුප වැඩිකරන්න ඕනෑ (නි)

:       0       0

කුසුම් Tuesday, 10 June 2014 07:50 PM

බලාගෙන! අපේ මන්ත්‍රීතුමන්ලා වැල නොකැඩී ඔය පැත්තට එයි. (නි)

:       0       0

චානක. Tuesday, 10 June 2014 08:04 PM

මේ මුදල්වල වටිනාකමක් තිබෙනවා. (නි)

:       0       0

මනෝජ්-සාජා Tuesday, 10 June 2014 08:09 PM

නුවන්, ඔබේ අදහසට බොහොම ස්තුතියි.ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත කියන්නේ නිකන්ද? (නි)

:       0       0

පද්මිණි Tuesday, 10 June 2014 08:12 PM

රන් දහදිය බින්දු බින්දු.. ඉසුරු සුවඳ රැන්ඳු රැන්ඳු... රටේ අපනයන ආදායමට අතදෙමින් තමන්ගේ දරු පවුල සුරකින මේ දිරිය මාතාවට මගේ උපහාරය! (නි)

:       0       0

විජිත Tuesday, 10 June 2014 08:16 PM

ලංකාව වැඩිම විදේශ විනිමයක් උපයාගන්නේ අපේ මැදපෙරදිග කාන්තාවන්ගෙනුයි. මේ අම්මා තම දරු පැටවුන් දමා රට නොගොස් ලංකාවේ කාන්තාවන්ට ආදර්ශයක් දී තිබේ.දිරිය කාන්තා සම්මානයක් මැයට දීම වටී (නි)

:       0       0

ලක්ෂපාන Tuesday, 10 June 2014 08:21 PM

දලු නෙළන අය විඳින දුක බොහොම කටුකයි.මැද පෙරදිග ගෘහ සේවිකාවන් ලෙස යන අයත් ඒ හා සමාන කටුක ජීවිත ගෙවනවා. එහෙ ඉන්න අයට වන දුක් කරදර,අසාධාරන , ගැන අපි සොයා බලන්න ඕනෑ. මැති, ඇමති, මන්ත්‍රී, ලේකම්ලා සොයා බැලිය යුත්තේ මෙවැනි දේවල්.නොවෙන්නෙත් ඒවාම තමයි (නි)

:       0       0

නෙළුම් Tuesday, 10 June 2014 08:26 PM

දැන් ඉතින් ආදායම් බදු දෙපාර්තමේන්තුව සහ ඊළඟ ඡන්දෙට ආධාර එකතු කරන බලවතුන් මේ කාන්තාවගේ පසුපස ලුහුබැඳ යාවිද කියලයි මට බය (නි)

:       0       0

සංජීව Tuesday, 10 June 2014 08:27 PM

අනේ! මන්ත්‍රී වැටුප වැඩි කරන්න. එයාලා කොච්චර මහන්සි වෙනවද? (නි)

:       0       0

පහන්දී Wednesday, 11 June 2014 07:54 PM

අදහස් සියල්ල කියෙව්වා. සමහර අදහස් වලට හිනහත් යනවා. ඔයගොල්ලෝ හිතන්නේ තේ දලු කඩන එක හැමෝටම කරන්න පුළුවන් කියලද? ඒකටත් කාලයක් පුරුදු වෙන්න ඕනෑ. අනෙක තේ දලු කඩන අම්මලා මොනතරම් දුකක් විඳිනවද? ඒ වගේම මැදපෙරදිග යන අපේ අක්කලා නංගිලාත් ගොඩක් දුක් විඳිනවා. අසෝකා, ඔබ හරි. (නි)

:       0       0

බිමල් Tuesday, 10 June 2014 08:40 PM

ආදර්ශයට ගන්නවා නම් මෙන්න චරිත (නි)

:       0       0

මලිත් Tuesday, 10 June 2014 08:49 PM

අපිත් යමුද දලු කඩන්න? (නි)

:       0       0

ෂෙරිෆ් Tuesday, 10 June 2014 08:59 PM

අපි ණයගැති වෙමු සුකුමල දෑතට තේ දළු නෙළන ලඳේ....(ස)

:       0       0

සුගුණවති Tuesday, 10 June 2014 09:02 PM

මම නම් අපේ කාන්තාවන් මැදපෙරදිග යන එක ගැන බොහොම අකමැති ........විශේෂයෙන්ම ගෘහ සේවිකාවන් ...මම ජනාෙධිපති තුමා නම් මෙය වහාම නවත්වනවා ........(ස)

:       0       0

රෝයි Tuesday, 10 June 2014 09:07 PM

රුවන් ඔයාගේ දුව හෝ නෝනා හරි යවන්නකෝ දළු නෙලන්න, පිටරට ඔය කියන ජාතියේ ජරා රස්සාවලට යන්න වෙලා තියෙන්නේ අපේ රටේ පාලකයන්ගේ වැරැද්දකට මිසක් මිනිස්සුන්ගේ වැරැද්දකට නෙවේ,මහන්සි වෙලා උපයගත්තු මුදලට වාසනාවන්ත අනාගතයක් යහපතක්ම වෙන්න ප්‍රර්ථනා කරනවා මම, (ස)

:       0       0

රොකී Wednesday, 11 June 2014 08:12 PM

මට නම් විශ්වාස කරන්නත් අමාරුයි (නි)

:       0       0

සමන් Tuesday, 10 June 2014 09:10 PM

දැන් පේනවද අපේ රටේ මන්ත්‍රීවරු කොච්චර අඩු වැටුපක්ද ලබන්නේ කියල, අනේ පවු. (ස)

:       0       0

මිනිපෙ Tuesday, 10 June 2014 09:20 PM

පෝසත් වෙන්න සිහින මවාගෙන පුටු වලට වෙලා ඉන්න අයට මේක හොඳ ආදර්ශයක්. අතේ ඉන්න කුරුල්ලා ගේ වටිනාකම දන්නා කාන්තාවක්. (ස)

:       0       0

කනිෂ්ක Tuesday, 10 June 2014 09:24 PM

මන්ත්‍රීල සල්ලි හම්බ කරන්නෙ දාඩිය මහන්සිය නැතිව. මේ දුප්පත් මිනිස්සු සල්ලි හම්බ කරන්නෙ දාඩිය මහන්සියෙන්, රොටී කාල. (ස)

:       0       0

ඇත්ත Tuesday, 10 June 2014 09:31 PM

අනේ වැඩිය උලුප්පන්න එපා .ඔහොම ඉඳල තමා කට්ටියක් අවරුදු තිස්ගානක් යුද්ධ කලේ. (ස)

:       0       0

විදුවර Tuesday, 10 June 2014 09:55 PM

තව කොච්චර කල් කරන්නද? මන්ත්‍රීලට වගේ විශ්‍රාම වැටුප් ලැබෙනවද. (ස)

:       0       0

මාලක Tuesday, 10 June 2014 10:01 PM

වැඩ නොකරන මිනිසා රටට දෙයාකාරයකින් හානි කරි.1,රටට වැඩක් නොකිරීමෙන් කරන හානිය,වැඩ කරන මිනිසා විවේචනය කිරීම. (ස)

:       0       0

චන්දි Tuesday, 10 June 2014 10:05 PM

තේ කුඩය පිටේ බැඳන් නුඹ එනවා කන්ද උඩින් හුඟ කාලෙකට පස්සේ දැක්කේ ලෙච්චමී....(ස)

:       0       0

සෙහාන් Tuesday, 10 June 2014 10:20 PM

පතිරණ, මම කිව්වේ වැටුප් ගැන නෙමෙයි. වැටුප් වෙනස් රැකියාවෙන් රැකියාවට. මම කිව්වේ සැලකිල්ල ගැන. කිසි කෙනෙක් කොන් කරන්නේ නැහැ කියල,ජරා රස්සා කියල කිව්ව හින්ද. (ස)

:       0       0

අසෝකා Wednesday, 11 June 2014 03:05 PM

අනේ මන්ද අපේ කට්ටියගේ අදහස් දැක්කම මොනවා වෙලාද කියලත් හිතෙනවා? දළු සරුවට තියෙන්න ඇති. අනික එක මාසයක් මෙහෙම ලැබුණට හැමදාම එහෙම නැහැ. අසනීප උනොත්. වැස්සොත්,දරුවෙක් හරි ලෙඩ උනොත් ,මෙහෙම ලැබෙන්නේ නැහැ. සමහරු හිතන්නේ ඇයත් වායුසමීකරණය කාමරයක ඉදල සුපිරි රැකියාවක් කලා කියලද? වතුවල වැඩට ගන්නේ විශේෂයෙන් ඒ ලයිම් වල ඉන්න අය. ඊට අමතරව ටික දෙනෙක් පිටින් ගන්නවා ඇති. රට රැකියාවලටත් හුග දෙනෙක් යන්නේ දරුවන්ගේ බඩගින්න නිවන්න මිසක් අහස උසට මාළිගා හදන්න නෙමෙයි. (ස)

:       0       0

සුනිල් Tuesday, 10 June 2014 11:13 PM

මේ අසරණ මිනිස්සුන්ගේ මුළු ජීවිතේම වැය වෙන්නේ තේ ගසුත් එක්ක. එත් මේ අසරණයන්ගේ අර්ථ සාදකෙත් දැන් සමහරු ගසා කනවා. මොන අපරාදයක්ද. (අ)

:       0       0

කසුන් Tuesday, 10 June 2014 11:50 PM

මේ අහිංසකයන් ඔය වැටුප ගන්න පමණටත් වඩා වැඩකරනවා (නි)

:       0       0

යසිරු Tuesday, 10 June 2014 11:57 PM

බලන්න කොච්චර දක්ෂ අය අපේ රටේ ඉන්නවාද කියලා? (නි)

:       0       0

අනිල් - කටාර් Wednesday, 11 June 2014 12:17 AM

ගැහැණු රට යන්නේ මිනිසුන් රැකියා නොකරන නිසා.ගත් ණය ගෙවාගන්න විදිහක් නැති නිසා.නැතුව සතුටු වෙන්න නොවේ.ඒ තේ දලු නෙලන කෙනත් එච්චර වැටුපක් අරගෙන තියෙන්නේ එයාගේ වත්තකින් නොවෙයි. (නි)

:       0       0

අනුෂ්කා Wednesday, 11 June 2014 01:02 AM

අනේ මමත් යනවා තේ දලු නෙළන්න. එතකොට ඔය පඩියම ගන්න මන්ත්‍රීලා වගේ මටත් පුළුවන්. අවුරුද්දකින් තට්ටු දෙකේ ගේකුත් හදලා ප්‍රාඩෝ එකකුත් ගන්නවා. (නි)

:       0       0

සදජිත් Wednesday, 11 June 2014 01:13 AM

දිරිය මවක්. ඔබට දියුණුවේ රන් දොරටු විවර වේවා! (නි)

:       0       0

ඉර්ෆාන් ධර්මා Wednesday, 11 June 2014 01:59 AM

දෙයියනේ! එක මාසයකට මෙච්චර තේ දලු නෙළනවා නම් මේ අම්මාට කොතරම් ශක්තියක් ඇද්ද? ගිනස් වාර්තාවකට යන්න වුණත් පුළුවන් මම හිතන්නේ. (නි)

:       0       0

ලෝගේෂ්වරන් Wednesday, 11 June 2014 03:53 AM

හරිම සන්තෝෂයි. උත්සාහය ඇතොත් කළ නොහැක්කක් නොමැත.ඇයට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා! (නි)

:       0       0

සමන්ති Wednesday, 11 June 2014 05:52 AM

ඇයගේ ආදායම සෑම මාසයකම මේ විදියට ලැබෙන්නේ නැහැ.මන්ත්‍රී වැටුප කොහොමත් ලබනවානේ ඉතින්. (නි)

:       0       0

සෑම් Wednesday, 11 June 2014 07:31 AM

ආදායම් බදු ගෙවන්න වෙයිද? නැත්නම් මන්ත්‍රීලත් තේ දලු කඩයිද දන්නෙ නැහැ දැන්? (නි)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 11 June 2014 07:47 AM

මන්ත්‍රී වැටුප මෙපමණක් වේ නම් මේ අවරුදු කිහිපය ඇතුළතදී කෝටි 10-15 වටිනා නිවාස දෙක තුනක්, කෝටි 3-4 ක් වටිනා යාන වාහන 5-6 ක්,අනෙකුත් සැපසම්පත් ගන්න සමහරුන්ට පුලුවන් වුණේ කොහොමද? අනේ! ඒ ක්‍රමය මටත් කියලා දෙන්නකෝ. (නි)

:       0       0

මැණික් Wednesday, 11 June 2014 07:49 AM

කොපමණ දක්ෂ, උත්සාහවන්ත කාන්තාවක්ද? (නි)

:       0       0

කලීල් Sunday, 15 June 2014 12:49 PM

ලේසි වෙන්නෙ නෑ. අදායම් බදු ගෙවන්න වෙයි ? (ස)

:       0       0

වසන්ත Wednesday, 11 June 2014 08:25 AM

හොඳ වැඩක්. අපි මන්ත්‍රීවරුන්ට දලු නෙළන්නියන්ගේ වැටුප දෙමුද? (නි)

:       0       0

ඩෙන්සිල් Tuesday, 10 June 2014 04:30 PM

වැටුප සමාන උනාට මහන්සියේ තියන අසමානකම ?.(දිල්)

:       0       0

මොහොමඩ් Wednesday, 11 June 2014 08:29 AM

දැන් මන්ත්‍රීවරුන් උද්ඝෝෂණය කරයිද දන්නෙ නැහැ වැටුප වැඩිකරන්න කියලා? (නි)

:       0       0

රොහාන් සෞදි Tuesday, 10 June 2014 04:33 PM

තමගේ සහ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් වෙහෙසෙන දිරිය මවක් ඔබට සුබපැතුම්. (දිල්)

:       0       0

මාලි Wednesday, 11 June 2014 08:28 AM

මන්ත්‍රීවරුන් දලු නෙළන්නවත් දැම්මා නම් අඩුම ගණනේ ඉන් රටට ප්‍රයෝජනයක් වෙනවා (නි)

:       0       0

සිරියලතා කෙන්යා Tuesday, 10 June 2014 04:34 PM

බොහොම හොදයි,මහන්සි වෙන තරමට මුදල් ලබා දෙන එක ගැන සතුටුයි, කම්මැලියන්ට මේවා හොද පාඩමක් (දිල්)

:       0       0

ඉන්දික Tuesday, 10 June 2014 04:42 PM

මේ මිනිස්සුන්ට උදව් කලාට පව් නෑ.. හරිම සන්තෝසයි ...(ස)

:       0       0

රුවන් Tuesday, 10 June 2014 04:42 PM

පිටරට රුපියල් 25, 30,000ට ජරා රස්සා හොයාගෙන යන අයට හොඳ උපදේශයක්. අහන්නත් ආසයි. දාඩිය මහන්සියෙන් හොයන සතයෙත් වටිනාකම දන්නවා. තව තව දියුණු වෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. (ස)

:       0       0

බොතේජු Tuesday, 10 June 2014 04:50 PM

උත්සාහය ඇතොත් කළ නොහැක්කක් නොමැත (නි)

:       0       0

බ්‍රැන්ඩන් Tuesday, 10 June 2014 04:52 PM

අනේ! දැන් ඉතින් කට්ටිය මෙයාගෙනුත් ආදායම් බදු එකතු කරන්න බැරි නැහැ (නි)

:       0       0

ප්‍රදීප් Wednesday, 11 June 2014 08:58 AM

සේනක , මන්ත්‍රීවරු නෙමෙයි, වෙන වෙන කට්ටිය පඩි වැඩි කරන්න කියාවිද දන්නෙ නැහැ. (නි)

:       0       0

ඉසුරන්දි Tuesday, 10 June 2014 04:55 PM

මේ මිනිස්සු මහන්සිවෙන තරමට මටනම් හිතෙන්නේ මේ වැටුපත් මදි කියලයි. (දී)

:       0       0

අයුබ් ඛාන් Tuesday, 17 June 2014 06:40 PM

වැඩි පඩි ගන්න පිරට රස්සා හොයන ගැනුන්ට හොඳ ආදර්ශයක් . ඔබට සුබ පතුම් ....... (දී)

:       0       0

හිමාල් Wednesday, 11 June 2014 09:13 AM

තේ දලු නෙළන්නියන්ට වැඩ ලැබෙන්නේ දලු තිබෙන විදිහට.ඒ නෙළන දලු වලිනුත් කොටසක් තෙත බරට ඉවත් කරනවා. (නි)

:       0       0

භද්‍ර සුබසිංහ Tuesday, 10 June 2014 04:59 PM

වැටුප එහෙම සමාන වුණාට, මහන්සිය සමාන කළ හැක්කේ කාටද? (නි)

:       0       0

ශාන්ත Tuesday, 10 June 2014 04:59 PM

මෙන්න තමන්ගේ මහන්සියෙන් උපයන මිනිස්සු. (නි)

:       0       0

දේදුනු Tuesday, 10 June 2014 05:01 PM

ඇයට තවත් ශක්තිය ලැබෙන්න කියලප්‍රාර්ථනා කරමු (දී)

:       0       0

ගාමිණී Tuesday, 10 June 2014 05:02 PM

අනේ රුවන් මිනිස්සුන්ට සහ රස්සාවල් වලට අපහස කරන්න එපා. අපේ අහිංසක මිනිස්සු පිටරට යන්නේ ජරා රස්සාවල් හොයාගෙන නෙමේ. සමහර අය අසරණ වෙලා තියෙන බව ඇත්ත එත් එයාලට ගරහන එක වැරදි. අනිත් එක අපේ මිනිස්සු පිටරට ගිහිල්ල නිකන් ඉදන් සල්ලි හම්බ කරන්නේ නැහැ. එයාල බොහොම මන්සිවෙලා තමා හැම සතයක්ම උපයන්නේ. ඔබ ඔය අපහාස කරන්නේ අපේ රටේ ආර්ථිකයට වැඩිම දායකත්වයක් දෙන අයට බව අමතක කරන්න එපා. (දී)

:       0       0

වසන්ති Tuesday, 10 June 2014 05:02 PM

මේ අයගේ මහන්සියත් ,කර්මාන්ත අයිතිකරුවන් හොයා ගන්න මුදලුත් බලද්දී මේ අයගේ පඩිය 50%කින් වැඩිකළ යුතුයි කදා ඇති තේ දළු ප්‍රමාණය බලන්ඩ මේ සේවිකාවට කී කාලයක් ඔය වේගෙන් වැඩ කල හැකිද? පඩිය වැඩි කරන්න (දී).

:       0       0

රන්ජිත් සිල්වා Tuesday, 10 June 2014 05:04 PM

මැද පෙරදිග වහල් සේවයට යන අයට මේක හොඳ පුවතක් . කගේ කාගේත් නෙත් ඇරේවා. (දී)

:       0       0

ශානක Tuesday, 10 June 2014 05:09 PM

ගාමිණී රුවන්ට නියම පිළිතුරක් දී තිබෙනවා (නි)

:       0       0

සෙහාන් Tuesday, 10 June 2014 05:13 PM

රුවන් අදහස් කළේ මොන රැකියා ගැනද? පොඩ්ඩක් පිටරටකට ගිහින් බලන්න.පිටරටක කවදාවත් රස්සාව නිසා පහත් කර සළකන්නේ නැහැ.කුණු අදින මිනිහත් එකයි දොස්තරත් එකයි (නි)

:       0       0

සරත් Tuesday, 10 June 2014 05:25 PM

ඇයට මීට වැඩිය වැටුපක් දෙන්න වටිනවා. ඇය ගොඩක් මහන්සි වෙනවා (නි)

:       0       0

හේමන්ත Wednesday, 11 June 2014 10:07 AM

හරි ආස හිතෙන ප්‍රවෘත්තියක්! ඒත් අනේ මේ ධෛර්යවන්ත අම්මාගේ සිතට සහ දෑතට නොවටිනා කෙනෙකුගේ වැටුපක් ගැන කියා අපහාස කරන්න එපා. වැඩක් නොකර, වංචා කරමින් රට වනසන අයගේ වැටුප් ලැබීම සදාචාරයට විරුද්ධයි. (ස)

:       0       0

ෂෙහාර් Tuesday, 10 June 2014 05:37 PM

ඔවු.ඔවුන් මහන්සිවෙන තරමට තව වැඩියෙන් ගෙවුවත් කමක් නැහැ (නි)

:       0       0

චාමර Tuesday, 10 June 2014 05:41 PM

මේ වගේ වැටුපක් ගන්න පුළුවන් හොඳට වැහැලා දළු තිබෙන මාසවල පමණයිනේ. සමහර මාසවල මෙයාලට වැඩ තියෙන්නේ සතියට දවස් තුනක් පමණක් වගේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිටපු සුරාබදු කොමසාරිස් දැන්ම රට යන්නේ නැතිලි
2024 ඔක්තෝබර් මස 10 71 0

නොවැම්බර් මස 10 වැනිදා තෙක් තමන් විදේශගත නොවන බවට හිටපු සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතා ඇතුළු සුරාබදූ නිලධාරීන් සිව්දෙනකු සිය නීතීඥවරයා


පොහොර වංචාකරුවන් වහා අල්ලනු
2024 ඔක්තෝබර් මස 10 101 0

ගොවි ජනතාව සඳහා ආනයනය කළ පොහොර හොර රහසේ කර්මාන්තකරුවන්ට ලබා දී රුපියල් කෝටි ගණනින් මුදල් වංචාකර රජයට පාඩු කළේ යැයි කියන මෙරට පොහොර සමාගම් පහක හා තැ‍රැ


ජාත්‍යන්තර තර්ජන වලට මුහුණ දෙන්න එක්සත් ජනපද සහය
2024 ඔක්තෝබර් මස 10 122 0

එක්සත් ජනපද පැසිෆික් නාවික බලඇණියේ අණදෙන නිලධාරී අද්මිරාල් ස්ටීව් කොහ්ලර් (Admiral Steve Koehler, a 4-star U.S. Navy Admiral and Commander of the U.S. Pacific Fleet) මහතා අද (10) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපත


අල්ලස් කොමිසමට අධ්‍යක්ෂවරියක්
2024 ඔක්තෝබර් මස 10 503 0

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂක ජනරාල් ලෙස එම්. ආර් වයි. කේ. උඩවෙල මහත්මිය පත් කර ඇත


මාතර පරණ සෙට් එකක්ම මෙවර මහ ඡන්දයට නෑ
2024 ඔක්තෝබර් මස 10 788 1

ඉකුත් පාර්ලිමේන්තුව නියෝජනය කළ මාතර දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කථානායක මහින්ද යාපා අබේවර්ධන, හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරු


ජන අරගලයත් දිවයිනටම නම් දෙයි
2024 ඔක්තෝබර් මස 10 251 1

ජන අරගල සංවිධානය ඉදිරි මහ මැතිවරණය සදහා දිස්ත්‍රික්ක 22 කටම නාම යෝජනා ලබා දී අවසන් බව ජන අරගල සංධානයේ දේශපාලන මණ්ඩල සභික සුලේඛා සමරසේන මෙනවිය පැවසුවාය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39760 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25843 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 67 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 383 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1246 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site