හිටපු ජනපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ දියණිය දුලාංජලි ජයකොඩිට රුපියල් විසි ලක්ෂයක හොර සල්ලි දුන් බව කියන ඇතුළුකෝට්ටේ රෝලිත පෙරේරා රුපියල් ලක්ෂයක මුදල් හා රුපියල් දස ලක්ෂ බැගින් වු ඇපකරුවන් සිව්දෙනකුගේ ඇප මත මුදා හරින්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය.
ඇගළුම් විධායකයකු වන සැකකරු ජයකොඩි මහත්මියට හොර සල්ලි දුන් බව පිළගෙන ඇතැයි ද ඔහු තවත් මුදල් හොරට මුද්‍රණය කැර ඇතැයි සොයා බලන බව පොලීසිය අධිකරණයට දැන්වීය.
සැකකරු තවත් හොර සල්ලි මුද්‍රණය කැරන්නැයි ඔහුගේ නීතීඥවරු කීහ.
තම සැමියාගේ මව්පියන්ගේ ඉඩමක් විකුණා ලබා ගත් මුදල් ආයෝජනයක් ලෙස සැකකරුට දන් බවත් එම මුදල වෙනුවෙන් සැකකරු ඇයට සල්ලි මිටියක් දුන් බවත් ඇය එය පරීක්ෂා නොකැර කොළඹ මේට්ලන්ඩ් පදෙසේ බැංකුවක තැන්පත් කළ බවත් ඒ වන විට බැංකුවට පැමිණී සැකකරු ඇය චෙක් පතක් දී එම මුදල් ආපසු ඉල්ලා ඇතැයි ද දුලාංජලී ජයකොඩි මහත්මිය අධිකරණය හමුවේ කියා සිටියේය.
එම මුදල් හොර නෝට්ටු බව බැංකු කළමණාකරු ඇයට පවසා ඇති බවත් ඇයට එම සල්ලි දුන් පුද්ගලයා ලෙස සැකකරු පෙන්වු බවත් ඇගේ කට උත්තරය පසුව ලියාගත් බවත් ජයකොඩි මහත්මිය පැවසී යැයි රහස් පොලීසිය අධිකරණයට දැන්වීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇපයට තැබුව සල්ලි හොඳින් පරීක්ෂා කරලද දන්නෙ නැහැ ගත්තේ? (නි)
නිතිය සාධාරණ වෙන්න ඕනේ සෑම තැනකදික්ම (දී)
අපි ඡන්දයට කලින් සිතුව ආකාරයටම වැඩ සිද්ද උනා වගේ (දිල්)
බලන්න තව දවස් ටිකකින් කට්ටියක් එක් කෙනෙකුට බනින හැටි?අන්න එදාට තේරේවි / දැනගන්න පුළුවන් වෙයි මේකේ ඇත්ත මොකක්ද කියලා. සුභ අලුත් අවුරුද්දක් ඔබ සැමට! (නි)
බොහොම පැහැදිලි විස්තරයක් මීට කලින් පල උන එකේ හැටියට නම් ඇප දුන්න එක පුදුමයක් දැන් එතකොට ඒ ඔක්කොම බොරුද? අපි හීනයක්ද දැක්කේ ? (නදී)
කුරාම් ෂෙයික් මරපු නඩුවේ සැකකරුවන්ටත් අවුරුදුයි, උසාවි නිවාඩුයි කියලා ඇප ඉල්ලලාලු නේද? එතකොට කළ වරදේ බරපතලකම ........??? මුළු ලෝකයම මේ නඩුව දිහා බලාගෙන ඉන්නවා. මොන හේතුවකට හරි මේ අය නිදහස් කළොත්? අපට රුසියාවත් නැතිවේවිද? (නි)
මෙයා සුපිරි වැරදිකරුවෙක්. ඒකනේ මේ... (නි)
මේ පුද්ගලයාගේ නිවසේ තිබී හොර සල්ලි මුද්‍රණය කිරීමට යොදාගත් උපකරණ සහ තවත් ව්‍යාජ නෝට්ටුත් පොලිසිය විසින් සොයා ගත් බව අපි මීට දින කිහිපයකට ඉහතදී රූපවාහිනී ප්‍රවෘත්ති වලින් දුටුවා. සති දෙකක් ගියේ නැහැ. ඇප දීලා? හොර මුදල් වලින් ඇප මුදල් ගෙවුවද දන්නෙත් නැහැ. හොඳ වෙලාවට ඒ වගේ කෙනෙක් අතට හොර මුදල් තොගය ගියේ. (නි)
හැම තැනම හොර සල්ලි, දැන් කරන්න තියෙන්නේ එකම එක දෙයයි.. හොර සල්ලි පිළිබඳව සොයා බලන්න ඇමති කෙනෙක් සහ නියෝජ්‍ය ඇමති කෙනෙක් පත් කිරීමයි.(නදී)
අපේ රටේ හැටියට මේ ක්‍රමය ගැලපෙන්නේ නැහැ. වැරදි කරුවන්ට ඇප ලබා ගත නොහැකි වන සේ නීති තද කළ යුතුයි. අපේ රටේ අපරාධකාරයෝ ඇප ලැබන බව දන්න නිසා වැරදි කරන්න පෙලඹෙනවා වැඩියි.(නදී)
ඕක තමයි අපේ රටේ කිසිම අපරාධයක් නවත්වන්න බැරි හේතුව.වැරදිකරුවන්ව ඇප මත සමාජයට මුදා හරිනවා. නැවතත් ඊට වඩා අපරාධයක් කරන්න ඔහු පෙළඹෙනවා, නීතියෙන් ලැබෙන නිදහස නිසා. අහිංසකයෙක් කෙසෙල් කැනක් කපලා අහුවුණොත් සිර දඩුවම්? (නි)
හිනා නෙමෙයි සම්පත්, මේවා අපි හැමෝටම අනාගතයේ අඩන්න වෙන දේවල්. (නි)
මේ හොර සල්ලි නවත්තන්න විදිහක් නැද්ද(දී)
එක අතකට ලෝක බැංකුවට හොඳ සල්ලි අච්චු ගහන්න පුලුවන්නම්, අපේ එකෙක් හොර සල්ලි අච්චු ගැහුවම මොකද වෙන්නේ කියල හිතනවද දන්නේ නැහැ. ඒකටත් එක්ක අපි නම් හොඳ සල්ලිත් අරගෙන පොළට ගිහින් ගෙදර එන්නේ "ඇපත්" නැතිව. "අනේ කාලේ වනේ වාසේ" කිව්වලු. (නදී)
ජනතාව මෝඩයෝ නෙමෙයි.(නදී)
මේ ගැන අපක්ෂපාති පරීක්ෂණයක් සිදුකර වැරදිකරුවන්ට දැඩි දඩුවම් පැමිණවිය යුතුයි.(නදී)
මේක හැමෝටම හොද ආදර්ශයක්. දැන් හැමෝම හොර සල්ලි ගහන්න පටන් ගනී.(නදී).
දැන් මේ රටේ කොපමණ හොර සල්ලි අහු වෙලා තියනවද (ස)
අපරාධකරුවන්, නීතිඥයන්ගේ නීති තර්ක වලින් බේරී මේ වගේ නිදහස් වී නැවත සමාජයට යන රටක් නම් මම අහලා නැහැ. මා සිටිනා රටේ ප්‍රසිද්ධ අපරාධයක් මාධ්‍ය මඟින් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු,නඩු තීන්දුව දීමට ප්‍රථම මාධ්‍යයම අනුමාන කර ප්‍රකාශ කරනවා සැකකරු මොන තරම් කාල සීමාවකට සිපිරි ගෙට යයිද කියා.නඩු තීන්දුව බොහෝ විට ඒ මාධ්‍ය අනුමාන කළ කාලයට සමානයි.මෙහි මම දකින වෙනස තමයි,පොලිසිය චෝදනා පත්‍රය සකසන ආකාරය සහ පිළිගත හැකි සාක්ෂි ඉදිරිපත් කිරීම.පොලිසිය කිසිවිට ආවාට ගියාට සැකකරුට චෝදනා පත්‍රයක් නොදේ.මොන තරම් දක්ෂ විත්තියේ නීතිවේදියෙකුටවත් ඒ චෝදනා පත්‍රයේ කුඩා සිදුරකින්වත් රිංගා යාමට බැරි වන සේ,පොලිසිය චෝදනා පත්‍රය උසාවියට ඉදිරිපත් කරයි.ඒකයි ලංකාවෙයි මේ රටෙයි තියෙන වෙනස. (නි)
අපිට වුණා නම් ,මොනවා වේවිද? (නි)
මේ වගේ දේවල් ඇස් පනාපිට කොච්චර සිදුවුනත් [නීතියේ විෂමතාවය] මේ රටේ මිනිස්සු තාමත් හිතාගෙන ඉන්නේ මේ රටේ ප්‍රදාන දේශපාලන පක්ෂ දෙක එකිනෙකට විරුද්දයි කියල. එහෙම නැ අරයලගේ ඒවා මෙයාල වහන්නත් මෙයාලගේ ඒවා අරයල වහන්නත් හොඳට දන්නවා.(ස)
කාට කියන්නද. පොඩි කෙනෙකුට උනානම් ඇපත් නෑ (ස)
සමාජයේ මේ වගේ දෙයක් අපි වගේ සාමාන්‍ය මිනිහෙක්ට උනා නම් (දී)
මටත් හිතෙනවා හොරට සල්ලි අච්චු ගහන්න (නි)
මෙය මට ටිකක් පැහැදිලි නැහැ. (නි)
සිදුවෙලා ඇති දේ මට නම් පැහැදිලි මදි (නි)
මෙතන කාගෙ කාගෙත් කිල්ලෝට වල හුණු තිබෙන බවයි පෙනෙන්‍නෙ. (නි)
පවු, වැදගත් පවුලක අහිංසකයෙක් වෙන්න ඇති. අපේ රටේ වගේ නීතිය නිසි පරිදි ක්‍රියාත්මක වෙන රටක් මේ සක්වලේ නැතුව ඇති, ඒ ගැන හිතනකොටත් පුදුම ආඩම්බරයක් ඇති වෙනවා (නි)
නැවත හොර සල්ලි ගහනකොට නියම වර්ණය එහෙම දාලා ගහන්න එයා හොඳ පාඩමක් ඉගෙනගන්න ඇති (නි)
දැන් ඉතින් මුලින්ම සාක්කිකාරයන්ට තර්ජනය කරලා වැඩ පටන් ගනීවිද දන්නෙ නැහැ. සැළකිය යුතු ප්‍රබල සාක්ෂි තිබියදීත් නිදහස් කළේ ඇයි කියලා මට නම් වැටහෙන්නෙ නැහැ. නීතියෙන් ඔප්පු වනතුරු වරදකරුවෙක් නෙමෙයි තමයි. එහෙත් ඒ රටේ නීති පද්ධතිය අකුරටම ක්‍රියාත්මක වෙනවා නම් මෙහෙම ජාතික අපරාධ කරන සැකකරුවන්ට නිදහස ලැබුනාට කමක් නැහැ. දැන් ඉතින් අර හොර සල්ලි අල්ල ගත්ත බැංකු නිලධාරිනියට පොලිස් ආරක්ෂාවක් දෙන්නවත් වේවි. (නි)
ලංකාවේ නීති කොපමණ තිබෙනවද? මොහු විශේෂ පුරවැසියෙක්ද? ප්‍රශ්න ගොඩකි. (නි)
දැන්නම් සල්ලි අතට ගන්නත් බයයි වගේ. (නි)
දැන් ඉතින් මොහු බෙදාහැර තිබෙන සල්ලි ළඟ තිබිලා අහුවෙන අහිංසකයින්ට තමයි වන්දි ගෙවන්න වෙන්නේ. (නි)
අර හොර සල්ලි අච්චු ගැසූ හමුදා සෙබළාට මොකද වුණේ? (නි)
පසුගිය කාලයේ උසාවි වලින් දුන් තීන්දු අනුව අපේ රටේ නීතිය ගැන මට නම් කිසිම සෑහීමකට පත්වන්නට බැහැ (නි)
අහිංසක මිනිහෙක් අතට ඔය එක නෝට්ටුවක් ගියා නම් මොකද වෙන්නේ? (නි)
දුලංජලී ඇත්තෙන්ම ඇයි මෙහෙම දෙයක් කළේ? (නි)
දුලංජලි ගැන මට දුකත් හිතෙනවා (නි)
කවුරු කළත් වැරැද්ද වැරැද්දමයි (නි)
නැති බැරි අයව ඇති හැකි අය කරන්න මෙන්න තිබෙනවා ක්‍රමයක් (නි)
මේවා හොර සල්ලිද කියලා බලන්න පරීක්ෂණ කරන්න ඇති. මේ වගේ හොර සල්ලි ගහලා මාතර පැත්තේ කෙනෙක් 80 දශකයේ මුල අසුවුණා වගේ මතකයි. (නි)
මෙවැනි නීති විරෝධී ක්‍රියාවන් කරන අය මොන ක්‍රමයකින් හෝ අහුවෙනවා. ඒ බව මාධ්‍ය මගිනුත් හෝ ගාලා කියවෙනවා. හොරාත් අපිත් සේරමලා ඒවා බලනවා,කියවනවා. පොලිසියත් රැඳවුම් නියෝගත් ලබාගෙන ප්‍රශ්න කරනවා. උසාවියටත් ඉදිරිපත් කරනවා. ඇප පිට මුදා හරිනවා. නමුත් ඉන් පස්සේ මොකද උනේ කියන එක කවුරුත් දන්නේ නැහැ. නිතිය හරියට ක්‍රියාත්මක වෙනවා ඇති. නමුත් ඒ හොර පුද්ගලයාට දුන්නු දඬුවම " තවත් හොරෙක් වෙන්ට සිතන කෙනෙකුට දැනගන්ටවත් " ප්‍රසිද්ධ කරන්නේ නැහැ. දඬුවම බරපතල නම් හොරු බෝවෙන්නේ නැහැ.(නදී)
මේවා ඇහුවාම මට නම් හිනා යනවා.(නදී)
ඉක්මණින් ඇප නියම කිරීම අධිකරණයේ කාර්යක්ෂමතාව වැඩිවීමක්. සුන්දර ශ්‍රී ලංකා! (නි)
රටේ නීතිය එකිනෙකට වෙනස්ද? ඔන්න ඕකයි රටේ මිනිස්සු අපරාධ කරන්න බය නැත්තේ (නි)
මෙයාව මේ තරම් ඉක්මනට නිදහස් වෙයි කියලා මම නම් හිතුවේ නැහැ (නි)