IMG-LOGO

2024 නොවැම්බර් මස 02 වන සෙනසුරාදා


දිලිප් කුමාර් සමුගනී

ප්‍රවීණ මෙන්ම සම්මානනීය බොලිවුඩ් නළු දිලිප් කුමාර් අද (7) උදෑසන මෙලොවින් සමුගත්තේය. ඔහුගේ වයස 98 කි.

දිලිප් කුමාර් මියයනවිට මුම්බායි හින්දුජා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේය. දිලිප් කුමාර් රෝහල්ගත කෙරුණේ මීට සතියකට පමණ පෙරය. ඒ, අධි රුධිර පීඩනය සහ ස්වසන අපහසුතා හේතුවෙනි. ඔහුගේ රුධිරයේ හිමෝග්ලොබින් අඩු වී ගිය බවත් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය දිගින් දිගටම පිරිහුණු බවත් ප්‍රතිකාර ලබා දුන් වෛද්‍යවරු පවසති.

දිලිප් කුමාර්ගේ අභාවය සැලැවීමත් සමඟ බොලිවුඩ් නළි නිළියෝ රැසක් ට්විටර් පණිවුඩ හරහා සොව පළ කර තිබේ. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවා ශෝඛ පණිවුඩයක් නිකුත් කර තිබේ. බොලිවුඩයේ සැබෑ වීරයා දිලිප් කුමාර් යැයි ෂාරුක් ඛාන් සහ ආක්ෂේ කුමාර් පවසා තිබේ.

දිලිප් කුමාර්, හින්දි සිනමා නළුවකු පමණක් නොව, චිත්‍රපට නිෂ්පාදකවරයකු ද විය. 2000 වසරේ සිට 2006 තෙක් කාලයේ ඉන්දීය රාජ්‍ය සභාව ද නියෝජනය කළේය. ඒ මහාරාෂ්ට්‍ර ඡන්ද කොට්ඨාශයෙනි.

පළමු ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේ හොඳම නළුවා ලෙස සම්මානයට පාත්‍ර වූයේ දිලිප් කුමාර්ය. ඉන්පසු ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලකදී වැඩිම හොඳම නළුවාට හිමි සම්මානය දිනා ඇත්තේ ද දිලිප් කුමාර් වීම විශේෂත්වයකි.

දිලිප් කුමාර් උපන්නේ 1922 දෙසැම්බර් 11 වැනිදාය. ඒ, ඉන්දියාව බ්‍රිතාන්‍ය යටක් විජිතයක් ලෙස පැවැති අවදියේදීය. 1944 සිට 1998 තෙක් කාලයේ දිලිප් කුමාර් හින්දි සිනමාවට සම්බන්ධ විය.

දිලිප් කුමාර් නිළි මධුබාලා සමඟ දීර්ග ප්‍රේම සම්බන්ධතාවයක් පැවැත්වූ නමුත් ඇය සමඟ විවාහ නොවීය.

ජනප්‍රිය බොලිවුඩ් නිළි සයිරා බානූ දිලිප් කුමාර්ගේ දෙවැනි බිරිඳය.

ඔවුන් දෙදෙනා විවාහ වූයේ 1966 වසරේදීය. ඉන්පසු මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ මුම්බායිහි උප නගරයක් වන බන්ඩ්‍රා හි පදිංචි විය. 1991 වසරේ පද්ම භූෂන්, 2015 දී පද්ම විභූෂණ සම්මානවලින් ද දිලිප් කුමාර් පිදුම් ලැබුවේය.

දිලිප් කුමාර් මුස්ලිම් ජාතිකයෙකි. ඔහු උපන්නේ මොහොමද් යූසොෆ් ඛාන් යන නමිනි. හින්දු මුස්ලිම් භේදය නිසා ඔහු රංගනයට පිවිසීම මෙන්ම හින්දු රසික රසිකාවියන්ගේ ආකර්ශණයත් ආදරයත් දිනා ගැනීම සිදුවූයේ දිලිප් කුමාර් යන නමිනි‍.

සිනමා විචාරකයන් පෙන්වා දෙන අන්දමට, හින්දි සිනමාවේ ජනප්‍රියත්වය දිනූ පළමු 'ඛාන්' ලෙස සැලකෙන්නේ ද දිලිප් කුමාර්ය. ෂාරුක් ඛාන්, අමීර් ඛාන්, සල්මාන් ඛාන් ආදිය දිලිප් කුමාර්ගෙන් පසු බොලිවුඩයේ ජනප්‍රිය වූ ඛාන් නම ඇති නළුවන්ය.

දිලිප් කුමාර් රංගනයට පිවිසියේ 1944 දී 'ජවාර් භාතා' චිත්‍රපටයෙනි. එය දශක 6 ක සිනමා දිවියේ ආරම්භය සනිටුහන් කළේය. චිත්‍රපට 65 කට වැඩි සංඛාවනක දිලිප් කුමාර් රංගනයේ යෙදී ඇත.

1942 වසරේ තිරගත වුණු 'අන්දාස්', 1952 වසරේ 'ආන්', 1952 වසරේ 'ඩාග්', 1955 වසරේ 'දේව්දාස්', 1955 වසරේ 'අසාද්', 1960 වසරේ 'මෝගල් ඊ අසාම්', 1961 වසරේ 'ගංගා ජමුනා' සහ 1967 වසරේ 'රාම් ඕ ෂයම්' ඒ අතරින් කැපී පෙනෙයි.

1976 දී දිලිප් කුමාර් සිනමා රංගනයෙන් වසර පහක විවේකයක් ලබා ගත් අතර, ක්‍රාන්ති (1981) චිත්‍රපටයේ චරිත චරිතයක් සමඟ නැවත පැමිණ, ශක්ති (1982), මාෂාල් (1984), කර්මා (1986) වැනි චිත්‍රපටවල ප්‍රධාන චරිත නිරූපණය කළේය. ඔහුගේ අවසන් චිත්‍රපටය වූයේ කිලා (1998) ය.

(ඉන්දීය පුවත් සේවා ඇසුරිනි)



අදහස් (1)

දිලිප් කුමාර් සමුගනී

පප්ප Wednesday, 07 July 2021 11:23 AM

අප පිනවූ, අප නැලවූ, අතිශය කඩවසම්, ඔහුටම ආවේණික වූ කොණ්ඩ විලාසිතාවක් හිමි වූ මේ යුග පුරුෂයා ඔහුගේ රංග විලාසිතාවෙන් යුග ගණනාවක් අප අමන්දානන්දයට පත්කළේය. ඔහු ඉන්දීය සිනමාව ජයගත්තේය. එපමණක් නොව ආකර්ෂණය වූ ලාංකිකයින් අති විශාල ප්‍රමාණයකි. ප්‍රියයාණෙනි, ඔබට සුබගමන්...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රුපියල් ලක්ෂ 60ක ජංගම දුරකථන කටුනායකදී මාට්ටු
2024 නොවැම්බර් මස 02 829 1

රුපියල් ලක්ෂ 60ක් පමණ වටිනා නවීනතම ජංගම දුරකථන 08 ක් සහ එනසාල් කිලෝ ග්‍රෑම් 76 යි ග්‍රෑම් 300 ක තොගයක් කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මග


ලංකාවේ ආර්ථික නිදහස තව පල්ලම් බැහැලා
2024 නොවැම්බර් මස 02 1934 0

ආර්ථික නිදහස පිළිබඳ දර්ශකයෙන් ශ්‍රී ලංකාව ලෝකයේ රටවල් අතර තවදුරටත් පහළට දමා ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශ


කොටියාගල ජල ටැංකියට ජලය ගෙනයන ඇළේ මළ සිරුරක්
2024 නොවැම්බර් මස 02 1398 0

බගවන්තලාව පොලිස් වසමට අයත් කොටියාගල තේ වත්තේ වතු කම්කරුවන් පානිය ජලය ලබා ගන්නා ජල ටැංකියට ජලය රැගෙන යන ජල ප්‍රවාහන පද්ධතියේ ආරක්ෂිත දැලේ තිබි නාදුනන ප


ලොරියක් සහ වෑන් රියක් ගැටී අයෙක් මරුට
2024 නොවැම්බර් මස 02 486 0

හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ නානුඔය රදැල්ල කෙටි මාර්ගයේදි වෑන් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණලා ගැටිමෙන් සිදු වු අනතුරකින් වෑන් රථයේ ගමන් ගත් එක


කොටුව - කන්කසන්තුරේ නගරාන්තර දුම්රියක් අද සිට
2024 නොවැම්බර් මස 02 1412 0

කොළඹ කොටුව - කන්කසන්තුරේ අතර නගරාන්තර දුම්රියක් අද (2) සිට ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.


පළාත් රැසක අද තද වැසි සහ සුළං
2024 නොවැම්බර් මස 02 480 0

දිවයිනේ බොහො ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්වය තවදුරටත් පවතින බැවින් අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අව


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 339 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1194 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 656 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site