IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


දිල්රුක්ෂිගේ අස්වීම ජනපති පිළිගනියි

අල්ලස් කොමිසමේ  අධ්‍යක්ෂ ජනරාල්  දිල්රුක්ෂි  ඩයස් මහත්මියගේ  ඉල්ලා අස්වීම මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති අද (19) පිළිගැනිණි.

ඇය තම ඉල්ලා අස්වීමේ ලිපිය ජනපතිට  යොමු කර  තිබුණේ පසුගිය සඳුදාය.

ජනාධිපති  නිතිඥවරියක් වන ඇය නිතිපති දෙපාර්තමේන්තුවේ කලක් සේවය කර ඇත.



අදහස් (0)

දිල්රුක්ෂිගේ අස්වීම ජනපති පිළිගනියි

නන්ද Wednesday, 19 October 2016 03:18 PM

මෙම සිදුවීම ගැන එතරම් පුදුම වියයුතු නැහැ.(හේ)

:       0       0

සමන් Wednesday, 19 October 2016 03:56 PM

මෙතන සමහරුන්ගේ අදහස් දැක්කහම යහපාලනේට කඩේ ගිය අය ගැන දුකත් හිතෙනවා. මොනවා වුණත් 2015 අගෝස්තු අහුවුණු අපි නම් ආයේ අහුවෙන්න නැහැ (නි)

:       0       0

ජනහිත Wednesday, 19 October 2016 04:06 PM

කොන්ද පණ තියෙන එක කොහොම වුණත් කෙනෙක් තමන් දරන තනතුරෙන් ඉල්ලා අස්වෙන්න ඉල්ලුවහම, කරගෙන යන කටයුතු වලට බාධාවක් නැත්නම් එය ඉටු කළහැකියි. එහි වරදක් නැහැ. කෙනෙක් නැති වුණාට තවත් ඕනෑතරම් සුදුස්සෝ ඉන්නවා. මේ වගේ දේවල් ගැන ඒතරම් කලබල වෙන්න ඕනෑ නැහැ. ඔය කියන අවංකකම ඔය ලියන අය අතරේවත් තියනවද මන්දා. (නි)

:       0       0

කේ. පෙරේරා Wednesday, 19 October 2016 04:07 PM

මට නම් කියන්න තියෙන්නේ, ඔබට දැන් සතුටද? (නි)

:       0       0

සුසන්ත Wednesday, 19 October 2016 04:29 PM

ඔක්කොම අල්ලස් චෝදනා ඒකාබද්ධ විපක්ෂෙට විතරයි. සියලු සාක්කි එක්ක ෆයිල් පිට ෆයිල් තිබිලත් ආණ්ඩුවේ අැමතිලටවත්, ඉස්සර ආණ්ඩුවේ ඉඳලා පැත්ත මාරු කරලා දැන් යහපාලකයෝ වෙලා ඉන්න අයටවත් කිසි පරීක්ෂණයක් නැහැ. (නි)

:       0       0

අනිල් Wednesday, 19 October 2016 04:30 PM

රවින්, අවංකවම කටයුතු කළ කෙනෙක් බව පේනවා දීමනා දෙස බැලූකල... (නි)

:       0       0

කරුණාරත්න ගම්පොල Wednesday, 19 October 2016 04:41 PM

කළ සේවය විශිෂ්ටයි. හංසයා දියෙන් කිරි වෙන්කර බීපු කාලය හමාරයි. මොනවා කරන්නද මැතිනියනි, මේ අපේ ලැබීමයි (නි)

:       0       0

නීල් Wednesday, 19 October 2016 05:10 PM

තමන්ගේ වළ සමහරු තමන්ම කපාගන්නවා වගේ පේනවා. ඒත් කමක් නැහැ. අහිංසක ජනතාවගේ වළත් කපලා දාලා යන එකයි දුක. (නි)

:       0       0

සංජීව Wednesday, 19 October 2016 05:21 PM

මෙතුමියගේ අස්වීම මෙතුමිය විසින්ම තහවුරු කළ නිසා මෙතුමිය පිළිඅරන් තියෙනවා පක්ෂග්‍රාහී කියලා. ජනපතිතුමා හරි. (නි)

:       0       0

ෆ්‍රෑන්ක් Wednesday, 19 October 2016 05:24 PM

යහපාලනයට දීපු අපේ ඡන්දය අාපහු ගන්න බැරිද (නි)

:       0       0

ද සිල්වා Wednesday, 19 October 2016 06:38 PM

නාටකයේ නළුවන් මාරුවුණාට පිටපත එකමය. හැමදාම හොරු බේරෙති. ඡන්දදායකයෝ රැවටෙති. අර රාත්‍රී සමාජ ශාලාවේ කලබලේ පොලිස් පරීක්ෂණයට මොකද දන්නේ නැහැ වෙලා තිබෙන්නේ? (නි)

:       0       0

ලලිත් සෞදි Wednesday, 19 October 2016 07:18 PM

අපි ඔබ ජනාධිපති කළේ මේ වගේ වෙන්න නොවේ. කෙසේවුවද අපි ඡන්දෙ දෙන අන්තිම වතාව මෙයයි (නි)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Wednesday, 19 October 2016 07:19 PM

ලංකාවේ තිබෙන අසීරුම තනතුර අල්ලස් කොමසාරිස්කම බව අපිට තේරුණා. (නි)

:       0       0

පද්මිණි Wednesday, 19 October 2016 07:46 PM

ඒකාබද්ධ විපක්ෂයේ කට්ටියගේ ඉහේ මල් පිපෙනවා ඇති දැන්. යහපාලනයට ආයුෂ කෙටියි වගේ. (නි)

:       0       0

කරූ-කලුතර Wednesday, 19 October 2016 07:50 PM

දිල්රුක්ෂි මැතිනියනි, ඔබතුමියට හිසනමා ආචාර කරමි. කවුරු පැමිණියත් තනතුරේ ගෞරවය ආරක්ෂාවන ස්ථානයකි අල්ලස් කොමිසම. (නි)

:       0       0

ක්‍රිස්ටි Wednesday, 19 October 2016 08:18 PM

ඔයතරම් සාධාරණ නම් මහබැංකු සිද්ධියට නඩු දාන්නෙ නැත්තෙ ඇයි? (නි)

:       0       0

සිරි Wednesday, 19 October 2016 08:32 PM

"අඬන්න ඉන්න එකාගේ ඇහැට ඇඟිල්ලෙන් ඇන්නා වගේ" වැඩක් මේක. ඉදිරියට එන්න තියෙන පරීක්ෂණ වලින් (හිතවතුන්ගේ) මඟහැර සිටීමක් කියලයි අපිට හිතෙන්නේ (නි)

:       0       0

වින්සන්ට් Wednesday, 19 October 2016 08:37 PM

මෙම සිදුවීම ගැන අපට එක පැත්තක් පමණක් සිතන්නට නොහැකිය. මුල්‍ය වංචාවන් සම්බන්ධයෙන් තවමත් එක අයෙකුටවත් දඬුවම් ලබාදී නොමැත. මහබැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධව අනාගතයේ තම හිතවතුන්ට එරෙහිව කටයුතු කිරීමටද මෙතුමියට සිදුවෙනු ඇත. තවදුරටත් ශ්‍රී.ල.නි.පක්ෂ ඇමතිවරු ආරක්ෂා කිරීමත් සිදුවිය යුතුය. මේ තත්ත්වයන් ඉදිරියේ සිදුවන්නේ කුමක්ද යන්න අපි බලා සිටින්නෙමු. (නි)

:       0       0

ලලිත් Wednesday, 19 October 2016 08:42 PM

මටත් එකවතාවක් ඔය වැඩේම වුණානේ. හොඳට වැඩ කරකර ඉඳිද්දි පඩියත් වැඩිකරලා යන්න එපා කියයි කියලා, මම අස්වෙනවා කියලා ලොක්කට ලියුමක් දුන්නා. දෙනකොට මම හිතාගෙන හිටියේ මම නියම වැඩකාරයා, මම නැතුව ආයතනය පවත්වාගෙන යන්න බැරිවෙයි, පඩියත් වැඩිකරලා ඉන්න කියලා පින්සෙන්ඩු වෙයි කියලා. ගෙදර ඇවිල්ලා බාරෙකුත් වුණා. අනේ පහුවදා යන්න කිවුවා. අන්තිම පඩියත් එවෙලේම දුන්නා. (නි)

:       0       0

දිලිප් වික්‍රමරත්න Wednesday, 19 October 2016 09:38 PM

රවින්, බොරුවට මිනිසුන්ව පුම්බන්න එපා. ඔයතරම් ස්වාධීන කොමිෂම, ආණ්ඩුවේ විරුද්ධකාරයන්ගේ ෆයිල් එක සුමානෙන් විබාග කරනකොට, මහා බැංකු වංචා ගැන, නැව් පිටින් තියෙන රජයේ ඇමතිවරු ගැන තියෙන පැමිණිලි ගැන නිහඩයි. ඇවන්ට්ගාඩ් සිද්ධියේදී පවා හඬපට පිටින් සාක්ෂි සහිතව ඉදිරිපත් කළ පැමිණිලි වලට වුණ දෙයක් නැහැ. මේ රටේ ස්වාධීන කොමිෂන් කියලා දෙයක් තියෙනවද? (නි)

:       0       0

ශාන්ත Wednesday, 19 October 2016 10:51 PM

සිරිසේන ජනාධිපතිතුමා කිව්වා මතක නැද්ද අායෙත් ජනාධිපතිවරනෙට ඉල්ලන්නේ නැහැ කියලා. ආයේ ඉල්ලුවොත් වෙන දේ දන්නා නිසයි එහෙම කියන්න ඇත්තේ. මෙහෙම වැඩකළාම එහෙම වෙනවා. කොහොම වුණත් දිල්රුක්ෂි මහත්මියට කළ සේවය ස්තුතියි. (නි)

:       0       0

ඉමේෂ් Wednesday, 19 October 2016 11:43 PM

ගැටුම් පටන්ගනී වගේ. යහපාලනයේ දෙදරායාම! සාටක ඇත්තන්ට හොඳ සළකුණක් (නි)

:       0       0

කෝනාර Thursday, 20 October 2016 12:22 AM

මිටවඩා හොඳ, කෙළින් සහ ඉක්මනින් වැඩ කරන කෙනෙක් පත්කර මේ වුණ අලකලංචිය බේරාගන්නා මෙන් ඉල්ලා සිටිමු. නැතහොත් රට සදා හොරුන්ගෙන් වංචාකාරයින්ගෙන් පිරී තිබෙනු ඇත. (නි)

:       0       0

සුමිත් Thursday, 20 October 2016 12:48 AM

ජනාධිපතිතුමාගේ තත්වය නම් කොහොමත් අනුමත කරන්න බැහැ. මෙතුමිය සාපේක්ෂව ගත්තහම හිටපු අයට වැඩිය හොඳයි. ඊළඟට එන කෙනා එස්එල්එෆ්පී එකට නැඹුරු,නරක ඉතිහාසයක් තියෙන කෙනෙක් වෙනවා කියන එක ගැන අපිට සැකයක් තිබෙනවා. යහපාලනය යූ ටර්න් ගහන්නේ ඔතනින්. (නි)

:       0       0

සුමුදු Thursday, 20 October 2016 12:50 AM

රවීන්, ලංකාවේ නීතිය හදාරලා පිටරට ගියාට කවුරුවත් පිළිගන්නේ නැහැ. මොකද ලෝකේ කවුරුත් දන්නවා ලංකාවේ නීතියක් නැහැ කියලා. (නි)

:       0       0

කුසල් Thursday, 20 October 2016 01:54 AM

මේ රට ආපස්සට අදින්න සමහරුන්ට තියෙන්නෙ පුදුම ආශාවක්. (නි)

:       0       0

නිසල් Thursday, 20 October 2016 02:07 AM

ඕක තමා ජ .වි .පෙ ඒ දවස්වල කිව්වේ නිර්පාක්‍ෂික පොදු අපේක්‍ෂකයෙක් ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන්න කියලා (නි)

:       0       0

සුමුදු Thursday, 20 October 2016 03:00 AM

දිලිප් ඔය හරියට හරි. (අ)

:       0       0

සි එන්. ඩබ්ලිව්. පතිරණ Thursday, 20 October 2016 03:01 AM

හරි දුකයි. ජනාධිපති අත ගහනවානම් ස්වාදීන වෙන්නේ කොහොමද ?(අ)

:       0       0

බණ්ඩාර Thursday, 20 October 2016 05:26 AM

බොහොම කනගාටුයි ඕබේ සේවය අගය කරනවා (ම)

:       0       0

රොමේෂ් Thursday, 20 October 2016 05:49 AM

අපේ රටට අවශ්‍ය නිර්පාක්ෂික විධායකයක්. එතකම් මේ රට ගොඩගන්න බැහැ. දැන් සාටක කට්ටියට සන්තෝෂ ඇති. නැවතත් ආණ්ඩුවක් මාරු වුණත් වෙන්නේ මේකේ අනික් පැත්තම විතරයි. (ම)

:       0       0

ශාන Thursday, 20 October 2016 06:28 AM

නිර්පාක්ෂික ජනාධිපති වරයෙක් අවශ්‍යයි.(ම)

:       0       0

සරණපාල Wednesday, 19 October 2016 12:24 PM

අපිට සාධාරණය ඉෂ්ට වන රටක් හැටියට කවදා නැගී සිටින්නට හැකිවේද ? (ර)

:       0       0

බණ්ඩාර Wednesday, 19 October 2016 12:39 PM

ඉතාමත් කණගාටුයි. අපි ජනාධිපති වරයාගෙන් බලාපොරොත්තු උනේ මේක නෙමෙයි. (ර)

:       0       0

රොෂාන් Wednesday, 19 October 2016 12:47 PM

මෙතනට දක්ෂ නිලධාරියෙක් කරමු. (ර)

:       0       0

සේනක Wednesday, 19 October 2016 12:48 PM

බලං ගියාම කොයි ලොක්ක අවත් කරන්නේ එකම දේ. ගමේ ගම රාලලා කියන කතාවක් තමා . අනුන්ට බන කියා කියා දුම්මැස්ස අතගානවා. (ර)

:       0       0

රුසිරු Wednesday, 19 October 2016 12:50 PM

බැඳුම්කර වංචාව විමර්ශනය කර, වරද කරුවන් උසාවියට ඉදිරිපත් කලා නම්, ඔබට යම් කීර්තියක් ලබා ගන්නට තිබුනා. මොනයම් හේතුවකින් හෝ එසේ වුයේ නැහැ. (ර)

:       0       0

තිලක් Wednesday, 19 October 2016 12:55 PM

මින් පසුව කිසිම දෙයක් ගැන බලාපොරොත්තු තියා ගන්නෙත් නැහැ (හේ)

:       0       0

රොහාන් Wednesday, 19 October 2016 12:56 PM

දැන් ඉතින් රෙජිමයට හිතවත් කෙනෙක් පත්කර ගන්න තියෙන්නේ (හේ)

:       0       0

සංජිව බන්ඩාර Wednesday, 19 October 2016 01:07 PM

මේ ක්‍රමය පවතින තෙක්. අපි බලාපොරොත්තු වන වෙනස සිදුවෙන්නේ නැත. අප උත්සහ කල යුත්තේ ආණ්ඩු හෝ පුද්ගලයන් මාරැකිරිම නොව මෙි ජඩ පාලන ක්‍රමය වෙනස් කිරිමට කටයුතු කිරිමයි (හේ)

:       0       0

රංජි Wednesday, 19 October 2016 01:17 PM

යහපාලනය අවසන් කළාද?.(හේ)

:       0       0

සමන් Wednesday, 19 October 2016 01:18 PM

අපිට වැරැදුනා දැන් ඉතින් කරන්න දෙයක් නෑ .(හේ)

:       0       0

අතුල Wednesday, 19 October 2016 01:31 PM

කුණ කුනාවේ හාමුදුරුවන් කියුවා වගේ අනේ අපට රජෙක් නැත්තෙ රජෙක් ලැබුණොත් කැවුම් කිරිබත් උයන් නම් පෙරහැර කරන්නම් සාදු කාරයෙන් ගිගුම් දෙන්නම්, 68 ක් වසක වුණෙත් මේකම තමා කවදා පායන්ද අප පුන් සඳා නෝ (අ)

:       0       0

අංගොඩ ලාල් Wednesday, 19 October 2016 01:34 PM

අවසානයේ කොහොම හරි සිදුවුණේ සිරිසේන ජනාධිපතිට ඕන දේ තමයි . දැන් අවශ්‍ය විදියට ඔක්කොම් බේරගන්න පුළුවන් විදියේ බයියෙක්ව දැන් පුළුවන් පත් කරගන්න (අ)

:       0       0

දිනේෂා සුභසිංහ Wednesday, 19 October 2016 01:48 PM

ඔය කරන්නේ එක්ටා අත්සන් කරන තුරු 58 ලක්ෂය රවට්ටන්න වැඩක් (අ)

:       0       0

ස්මිත් Wednesday, 19 October 2016 02:04 PM

අප්පේ වෙච්ච දෙයක් (අ)

:       0       0

පුණ්‍යා Wednesday, 19 October 2016 02:23 PM

අවංක වැඩ කරන මිනිස්සුන්ට තැනක් නැද්ද ?(හේ)

:       0       0

නාමල් Wednesday, 19 October 2016 02:38 PM

ලංකාවේ දේශපාලනඥයන් කියන්නේ කිසිම විස්වාසයක් තියන්ඩ බැරි පිරිසක්, (අ)

:       0       0

රවින් Wednesday, 19 October 2016 02:55 PM

පරිපාලන ක්ෂේත්‍රයේ කොන්ද පන තියෙන අයත් සිටින බව එතුමියගේ ඉල්ලා අස්වීමෙන් ඔප්පුවුණා.ඔබ තුමිය ඉතා උගත් අවංකවම සේවය කල කෙනෙක් බව අපි කවුරුත් දන්නවා.හිතට දුකයි ඔබ වැනි කෙලින් වැඩකරන කෙනෙක් අපට අවශ්‍යයම තැනකට නැතිවීම ගැන.ඒ වගේම හරිම ආඩම්බරයක් දැනෙනවා ඔබ තුමියගේ අභිමානය ගැන.ලෝකයේ ඕනෑම රටක ඔබ තුමියගේ අධ්‍යාපනික සුදුසුකම්වලට ගැලපෙන විශාල වැටුපක් සහිත ගෞරවනිය රැකියා විවෘතයි...මැතිනියනි, (හේ)

:       0       0

දුමින්ද Wednesday, 19 October 2016 03:03 PM

ඔබට සතුටුද (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සටන් විරාමයකට හිස්බුල්ලා කැමතියි
2024 ඔක්තෝබර් මස 10 18 0

ලෙබනනයේ සටන් විරාමයකට, තමන් කැමැත්ත පළ කරන බව එරට ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානය පවසයි. විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් හිස්බුල්ලා සංවිධානයේ නියෝජ්‍ය


දිස්ත්‍රික්ක තුනකට නාය යාමේ අනතුරු ඇඟවීම්
2024 ඔක්තෝබර් මස 10 73 0

දිවයිනේ ඇතැම් ප්‍රදේශවල පවතින අධික වැසි තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනකට නිකුත් කර ඇති නාය යෑමේ අනතුරු ඇඟවිමේ නිවේදනය අද (10) පස්වරුව දක්වා බල පැවැත්


වැඩබලන අගවිනිසුරු දිවුරුම් දෙයි
2024 ඔක්තෝබර් මස 10 1791 0

වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මූර්දු නිරූපා බිදුශිනී ප්‍රනාන්දු මහත්මිය අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර ද


සයිබීරියාවට පනින්න ගිය බංගලදේශ ජාතිකයන් 08 ක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 10 490 0

කූඨ ලෙස සකස් කර සර්බියානු වීසා බලපත්‍ර භාවිතා කරමින් කටාර් රාජ්‍යයේ දෝහා නුවර ඔස්සේ සර්බියාව වෙත පළා යාමට තැත් කළ බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු අද(10 ) උදෑසන


තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
2024 ඔක්තෝබර් මස 10 85 0

මහමැතිවරණයේ තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අද (10) මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


කෝටි 6ක මත් කරල් සමඟ අයෙක් දැලේ
2024 ඔක්තෝබර් මස 10 432 0

පාසල් ළමුන් සහ තරුණ ප්‍රජාව ඉලක්ක කරගනිමින් අලෙවි කිරීමට සුදානම් කළ රුපියල් කෝටි 06ක වටිනාකමක් සහිත නීතිවිරෝධී මත්කරල් 599,000 ක් ජාවාරම් කිරීම සදහා ප්‍ර‍


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39701 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25813 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 8 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 372 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1229 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site