IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


දුල්ලෑව වලව්වට ගොඩවුණු දවස..

2016-08-26-ent-33

වර්තමාන කලා ක්‍ෂෙත‍්‍රය ආලෝකමත් කිරීමට සමත් වූ කලාකාරිණියක් තමයි බුවිනි චාපා දියලගොඩ.

තම එකම සහෝදරියගේ අඩිපාරේ යමින් රංගන ක්‍ෂේත‍්‍රයට අවතීර්ණ වූ ඇය ඉතා කෙටි කලකින්ම සුවිශේෂ රංගනයන් ඉදරිපත් කරමින් පේ‍්‍රක්ෂක සිත්සතන් ආකර්ෂණය කරගත්තා.

කලා ක්‍ෂෙත‍්‍රයට පැමිණ ඉතා ඉක්මණින්ම සිනමාවට පිවිසීමට ද ඇයට හැකියාව ලැබුණෙ ඇය සතුව තිබූ සහජ කුසලතාව සහ වාසනා ගුණය නිසාවෙන්.

ඒ, රුවැති රංගන ශිල්පිනී බුවිනි චාපා වෙනුවෙනුයි මෙවර ‘ජීවිතේ මල්’ වෙන්වන්නේ.

 

2016-07-30-ent-37

2016-08-26-ent-34මගෙ ජීවිතේ මම ලබපු ඉහළම සතුටක් තමයි 2002 දෙසැම්බර් 12 මගෙ මල්ලි හම්බවුණු දවස. අක්කයි මමයි විතරයිනෙ ගෙදර හිටියෙ. ඒ නිසා මල්ලි කෙනෙකුට අපි ගොඩක් ආසාවෙන් හිටියෙ. අපි වගේම පවුලෙ අනිත් හැමෝමත් ආසාවෙන් බලන් හිටියෙ පිරිමි ළමයෙක් ලැබෙනකම්. දැන් වගේ ඒ දවස්වල ස්කෑන්වලින් කියන්නෙත් නෑනෙ කව්ද ලැබෙන්නෙ කියලා. ඉතින් අපි බලාපොරොත්තුවෙන් හිටියා වගේම පිරිමි ළමයෙක් තමයි ලැබුණෙ. එදා අපේ පවුලෙ පහලොවක් විස්සක් වගේ හොස්පිට්ල් එකට ඇවිල්ලා හිටියා. ඉතින් පිරිමි ළමයෙක් ලැබුණෙ කියලා කියද්දීම එතන හිටිය අපේ ඔක්කොමලා මුළු හොස්පිට්ල් එක දෙවනත් වෙනකම්ම කෑ ගැහුවා සතුට දරාගන්න බැරිව. ඒ මොහොත මට හොඳට මතකයි. එතකොට මට අවුරුදු 10 ක් වගේ ඇති. ඉතින් ඒ සතුටත් එක්ක අපි කොහොමහරි එදා ? මල්ලිව බලලාම තමයි ගෙදර ගියෙ. ඒ දවස මගෙ මතකයෙ තියෙන සොඳුරුතම දවසක්.

 

2016-07-30-ent-38

මගෙ පළවෙනිම ටෙලිනාට්‍යයේ රූගත කිරීම්වලට ගිය දවසත් ජීවිතේ විශේෂ දවසක්. ඒ දුල්ලෑව වලව්ව ටෙලිනාට්‍යයෙ. එදා මම ගොඩක්ම සතුටින් හිටියෙ. මොකද මගෙ පළවෙනිම ටෙලිනාට්‍ය රංගනය නිසා. ඒ වගේම මම A/L කරලා අන්තිම පේපර් එකත් ලියලා ඒ සඳහා සහභාගි වුණේ. එතකොට මට විභාගෙ ඉවරවුණු සතුටත් හිතේ තිබුණා. ඒ සතුටත් එක්ක පළවෙනිම නාට්‍යයෙ රූගත කිරීම්වලටත් සහභාගි වෙලා ඒ වැඩ කටයුතුත් ඉතා සාර්ථකව කරගන්න හැකියාව ලැබුණා. ඉතින් මට ලොකු සතුටක් සැහැල්ලූවක් එදා දවසෙ හිතට දැනුණෙ.

 

2016-07-30-ent-39

මගෙ අක්කගෙ බබා හිතෛෂී ලැබුණු දවසත් ජීවිතේ සුන්දරම දවසක්. ඒ 2014 මාර්තු 24. අපි කලින් දැනගෙන හිටිය අක්කට ලැබෙන්න ඉන්නෙ දුවෙක් කියලා. එදා දවසෙත් ලොකුම ලොකු සතුටක් තමයි දැනුණෙ. මොකද අපේ පවුලට ලැබුණු පළවෙනිම බබා තමයි ඒ. අම්මගෙයි තාත්තගෙයි පළවෙනි මිණිබිරී. මගෙත් පළවෙනිම දුව. ඒ ලස්සන දවසත් මට කවදාවත් අමතක වෙන්නෙ නෑ. එදා ? එළිවෙනකම්ම අපි අක්කත් එක්ක හොස්පිට්ල් එකේ හිටියෙ.

 

2016-07-30-ent-40

2013 ජූනි 20 මගෙ ජීවිතේ තවත් සුන්දරම දවසක්. එදා තමයි මට මගෙ පෙම්වතාව ලැබෙන්නෙ. ඔහු මට ආදරේ ප‍්‍රකාශ කරන්නෙ ඒ දවසෙ. මට හොඳට මතකයි මම එදා ගෙදර හිටියෙ. හවස 7 ට විතර ඇති ඔහු ආදරේ ප‍්‍රකාශ කරද්දි. ඒ මොහොතෙ හිතට ලොකු සතුටක් දැනුණා. ඔහු අවුරුදු ගණනාවක් තිස්සේම මගෙ මිතුරෙක් වුණත් අපි නිතරම වගේ කතා කළත් ආදරේ ප‍්‍රකාශ කරලා තිබුණෙ නෑ. නමුත් අපි දෙන්නගෙම හිත්වල ආදරේ තිබුණා. සාමාන්‍යයෙන් ගෑනු ළමයෙක් ආදරෙයි කියන්න ඉස්සර වෙන්නෙ නෑනේ. ඉතින් මම බලාගෙන හිටියා අද ආදරේ කියයි හෙට ආදරේ කියයි කියලා. එහෙම බලාගෙන ඉඳලා තමයි 2013 ජූනි 20 ඔහු මට ආදරෙයි කියලා කිව්වෙ. ඒ දවස ඉතින් හරිම සුන්දර දවසක්.

 

2016-07-30-ent-41

මගෙ 21 වෙනි උපන්දිනය සමරපු දවසත් ජීවිතේ ගොඩක්ම සතුටු වුණු දවසක් කියන්න පුළුවන්. ඒ දවස තමයි 2014 මැයි 10. එදා තමයි මගෙ 21 වෙනි උපන් දිනය තිබුණෙ. ඒ දවසෙ මට සර්ප‍්‍රයිසස් ගොඩක් ලැබුණා. ඒවත් එක්ක ? පාටි එකත් තිබුණා. මගෙ ක්‍ෂේත‍්‍රයේ ඉන්න ළඟම හොඳම යාළුවොත්, පවුලෙ හැමෝමත් තමයි එදා සහභාගි වුණේ. ඉතින් අපි ගොඩක් විනෝද වුණා. ඒ දවසත් මට අමතක වෙන්නෙ නෑ. ඒ මගෙ ජීවිතේ හරි ලස්සන සිදුවීමක්.

 

2016-07-30-ent-42

මගෙ ජීවිතේ තවත් මම ලබපු ඉහළම සතුටක් සහ ජයග‍්‍රහණයක් තමයි මම සිනමාවට ප‍්‍රවිශ්ට වුණු දවස. ඕනෑම කෙනෙක්, රංගන ශිල්පිනියක් කැමතියි ටෙලිනාට්‍යවලට වඩා සිනමාවටත් යන්න පුළුවන් නම්. ඉතින් ඒ වාසනාව මට ලැබුණා. ඒ ස්පන්ධන චිත‍්‍රපටය හරහා. ස්පන්ධන චිත‍්‍රපටයෙ මුහුරත් උළෙල දවසෙ නම් මට ගොඩක්ම සතුටුයි. මොකද රිදී තිරයෙ මාව දකින්න මම හිතුවෙවත් නෑ. ඒ ගැන ලොකු බලාපොරොත්තුවක් තිබුණෙත් නෑ. නමුත් ඒ සිහිනය සැබෑ වුණා. මගෙ පවුලෙ අයත් එක්ක තමයි මම මුහුරත් උළෙලටත් සහභාගි වුණේ. ඉතින් මම වගේම ඒ හැමෝමත් ගොඩක්ම සතුටු වුණා.

 

2016-07-30-ent-43

ළඟදී ගොඩක්ම සතුටු වුණ දවසක් තියෙනවා. නමුත් එය විස්තරාත්මකව කියන්න බෑ. ඒ දවස තමයි 2016 මාර්තු 21, ඒක වචනවලින් විස්තර කරන්න බැරි තරම් සතුටක් ගෙනාපු දවසක්. ඒකට හේතුව මගෙ ජීවිතේ නැතිවුණු දෙයක් නැවත මට ලැබුණා. මම කියපු හැම දවසටම වඩා එදා සතුටු වුණා මම හිතන විදියට. ඒ ගැන කියන්න පුළුවන් ප‍්‍රමාණය එච්චරයි.

 

ධනු විජේරත්න

 

 



අදහස් (0)

දුල්ලෑව වලව්වට ගොඩවුණු දවස..

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හංවැල්ල ඝාතනයේ වෙඩික්කරු මාට්ටු
2024 ඔක්තෝබර් මස 07 7 0

හංවැල්ල කහහේන නෙළුවත්තුඩුව බස් රථ සහ ව්‍යාපාරික ස්ථාන හිමි කෝටිපති ව්‍යාපාරිකයාට ටි 56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කළ යුද හමුදා විශේෂ බලකායේ සෙබලා බළ


පොලීසියට පාට් දැමූ නිතීඥවරිය ඇතුළු පවුලේ සිව් දෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 07 1513 1

කැස්බෑව නගර මධ්‍යයේ සිදුවූ අනතුරකින් පසු ටිපර් රථ රියදුරුට මෙන්ම විමර්ශනයට පැමිණි පොලිස් සැරයන් වරයෙකුට දෙනෝ දහසක් දෙනා ඉදිරියේදී පහරදී පොලිස් ස්


ගලක් හිසේ වැදී සිසුවා මරුට
2024 ඔක්තෝබර් මස 07 651 0

නිවසේ මිදුලේ සෙල්ලම් කරමින් සිටියදී කඳු මුදුනක සිට පෙරළි ආ ගලක් හිසේ වැදි බරපතල තුවාල ලැබූ අවුරුදු 11ක සිසුවකු රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව


සජිත් අගමැති කරවා අනුර එක්ක සහයෝගයෙන් වැඩ කරන්න සූදානම්
2024 ඔක්තෝබර් මස 07 1512 6

බහුතර බලයක් හදාගෙන සජිත් ප්‍රේමදාස මහතා අගමැති කරවා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සමග සහයෝගයෙන් වැඩ කිරීමට සූදානම් බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්


ප්‍රභූ ආරක්ෂකයන් 1145 සාමාන්‍ය රාජකාරියට
2024 ඔක්තෝබර් මස 07 1251 1

ප්‍රභූවරුන්ගේ ආරක්‍ෂාව සඳහා දී තිබු නිලධාරීන් 1145 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රභූ ආරක්‍ෂක සේවයෙන් ඉවත් කර සාමාන්‍ය රාජකාරී සඳහා ඊයේ (06) සිට පොලි


විශ්‍රාමික ගුරුවරිය අනවසර විදුලි රැහැනට බිලි
2024 ඔක්තෝබර් මස 07 613 0

ඌරන්ට ඇටවූ විදුලි රැහැනක පැටලී බෙලිඅත්ත දෙද්දුවාවෙල දඹේආර ප්‍රදේශයේ පදිංචි 74 හැවිරිදි විශ්‍රාමික පාසැල් ගුරුවරියක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි බෙලිඅත්ත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39268 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25625 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 332 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1107 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 386 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site