IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


දිල්හානි දුවනී ගීතයට ලෝකයම ආදරෙයි...

2016-08-18-ent-128

මෙවර ”සඳැල්ල” මතක පොතට සිය මතකය අවදි කරන්නේ සිංහල සංගීත ක්ෂේත‍්‍රයට පහළ වී සිටින අනගි සම්පතක් බඳු ගායිකාවකි. ඇය ප‍්‍රවීණ ගායිකා ඉන්ද්‍රානි පෙරේරා. දැන් අපි කියවමු සංගීත ක්ෂේත‍්‍රය සම්බන්ධ ඇගේ මතකය.

මම ගායන ක්ෂේත‍්‍රයට ආවේ කොහොමද කියලා ප‍්‍රථමයෙන්ම කියන්නම්. මේ කතාව පටන්ගන්නේ 60 දශකයේ අග භාගයෙන්. මම කොළඹ ප්‍රෙස්බෙටේරියන් විද්‍යාලයේ සිට කොළඹ ස්ටැෆර්ඞ් බාලිකා විද්‍යාලයට ඇතුල් වුණේ වෛද්‍යවරියක වීමේ බලාපොරොත්තුවෙන් විද්‍යා විෂයයන් හදාරන්න.

ඇනස්ලි මාලේවන කියන ගායකයාගේ සහෝදරියකුත් හිටියා මගේ පන්තියේ. ඇගේ නම මාරි මාලේවන. මාරි දැනගෙන හිටියා මට ලස්සනට ගායනා කරන්න පුළුවන් කියලා. මේ නිසා මාරි මාව හඳුන්වලා දුන්නා ඇනස්ලි මාලේවන අයියාට. ඇනස්ලි මාව හඳුන්වලා දුන්නා ක්ලැරන්ස් විජේවර්ධන කියන ගායකයාට, ඔහු සංගීතඥයෙක් වගේම ප‍්‍රවීණ ගීත රචකයෙක්. ඊට පස්සේ ක්ලැරන්ස් මාව හඳුන්වලා දුන්නා සුරිය තැටි නිෂ්පාදක ජෙරල්ඞ් මහත්තයාට. ඉතින් මේ පිරිස මගේ ගායන හැකියාව හඳුනාගත්තා.

ඊට පසුව ක්ලැරන්ස් ගීතයක් රචනා කරලා එයාම තනුව නිර්මාණය කරලා සංගීතය සම්පාදනය කළා. ගීතය පටිගත කළා. ඒ ගීතය තමයි දිල්හානි දුවනී..... නාඩා නිදියන්නේ... මේ ගීතය බලාපොරොත්තු නොවුණු විදියට නොවෙයි බලාපොරොත්තු වුණු විදියටම ජනප‍්‍රිය වුණා.

මේ ගීතය තැටිගත කරන්න පෙර මට බලාපොරොත්තුවක් තිබුණා එංගලන්තයට ගිහින් වෛද්‍යවරියක් හැටියට ඉගෙන ගන්න.

එත් දිල්හානි ගීතය ජනප‍්‍රිය වීමත් සමඟම ගායනයට හිත ගිහින් එංගලන්ත ගමන නතර කළා. ගායන දිවියේ දිගු ගමනක් යන්න මම තීරණය කළා. ඒ ගමනට අපේ තාත්තා මහත් ආශිර්වාදයක් වුණා.

දිල්හානි ගීතයෙන් පසුව මම තවත් ගීත රැුසක්ම තැටිගත කළා. මේ ජනප‍්‍රියත්වය නිසාම ප‍්‍රසංග වේදිකාවලින් මට විශාල ඉල්ලූමක් තිබුණා. දිවයිනේ විවිධ පළාත්වලට ගියාම රසික පිරිස් ප‍්‍රථමයෙන්ම ඉල්ලන්නේ දිල්හානි ගීතය.

ප‍්‍රසංගය අවසන් වුණාම මමත් එක්ක වචනයක් දෙකක් කතා කරන්න රසික පිරිස් එන්නේ හිස් අතින් නොවෙයි. මටම කියලා හදපු රස කැවිලි ටිකකුත් අරගෙන. සමහර අම්මලා තමන්ගේ සිඟිති දියණිය වඩාගෙන මම ළඟට ඇවිත් එහෙම කියලා තියෙනවා. දිල්හානි දියණී සින්දුවට කොච්චර ආසයිද කිව්වොත් මගේ දුටත් දිල්හානි නම තිබ්බයි කියලා තියෙනවා. මේ කතාව නම් ලංකාවේ හැම ප‍්‍රදේශයකින්ම මට අහන්න ලැබුණා.

මොරටුවේ මල්කාන්ති කියන නංගී මට ලියුමක් එවලා තිබුණා. ඒ ලියුමේ මෙන්න මෙහෙම සඳහන් කරලා තිබුණා. ඉන්ද්‍රානි අක්කේ. අපේ අම්මා අසනීප වෙලා ගෙදර ඇඳේ හිටියේ. එයාව බේරා ගන්න බැරි බව අපි දැනගෙන හිටියා.

එක දවසක් මට කතා කරලා කිව්වට අර දිල්හානි සිංදුව අහන්න ආසයි පුතේ කියලා. ඊට පස්සේ මම කැසට් පටිය දමලා ඒ සිංදුව අහන්න දුන්නා. සිංදුව අවසන් වුණාම මම අම්මාට කතා කළා. අම්මා කතා කළේ නැහැ. කමක් නැහැ අක්කේ ඒ සිංදුව අහලා අම්මා සතුටින් මැරෙන්න ඇති. ඒ ලිපිය කියැව්වාම මම හරියට පුදුම වුණා. දුකකුත් ඇති වුණා.

සංගීත ප‍්‍රසංග සඳහා ආරාධනා ලබලා මම විවිධ රටවලට ගිහින් තියෙනවා. ඒ කළ සංචාරයකදී මම දිල්හානි ගීතය ඇතුළු ගීත ගණනාවක්ම ගායනා කළා. ප‍්‍රසංගය අවසාන කරන්න ජාතික ගීතයත් ගායනා කළා. ඒත් රසික ජනතාව ශාලාවෙන් පිටවෙලා ගියේ නැහැ. ඔක්කෝමලා ආසනවල වාඩිවෙලා හිටියා. මම ඔක්කෝටම අත් දෙක ඔසවලා ආයුබෝවන් කියලා ශාලාවෙන් පිටවෙලා යන්න හදන කොටම දිල්හානි සිංදුව තව වරක් කියන්න කියලා ඔක්කෝමලා කෑ ගහන්න පටන් ගත්තා. අනේ ඉතින් මම ඒ අයගේ ඉල්ලීම බොහෝම සන්තෝෂයෙන් ඉෂ්ඨ කළා.

අපේ අයිරාංගනී නංගිටත්, මල්ලිකා අක්කාටත් ගායන හැකියාව තිබුණා. අයිරාංගනී නංගී ”ආදරයයි කරුණාවයි”, ”වනසරා” ආදී චිත‍්‍රපටවල ළමා චරිත රඟපාලා තිබුණා.

මම ගීතයක් පටිගත කරන දවසට විනිශ්චය කාරයෝ දෙන්නෙකුත් අරගෙන යාම මම පුරුද්දක් කරගෙන හිටියා. ඒ දෙන්නා තමයි මගේ මල්ලිකා අක්කයි, අයිරාංගනී නංගියි. සංගීත අධ්‍යක්ෂකවරයා ඕකේ කිව්වත් මට හිතට මදියි. අක්කයි, නංගියි බොහෝම රහසින් ඕකේ කිව්වනම් මගේ හිතට හරි.

මල්ලිකා අක්කා ගැනත් මතකයක් කියන්නම්. ජී.ඞී.එල්. පෙරේරා මහත්මයාගේ ”සාමා” චිත‍්‍රපටයේ වනන්තරේ ගල් අරණේ විමානෙක ගීතය ගයන්න මල්ලිකා අක්කා තෝරාගෙන තිබුණා. නමුත් ගීතය පටිගත කරන්න මුදල් මදිකම නිසා පසුබිමෙන් ඇහෙන මේ ගීතයට අනුව දර්ශන පෙළ කැමරා ගත කරන්න අධ්‍යක්ෂකවරයා තීරණය කළා.

ඒ දර්ශන පෙළේ රඟපෑවේ ලියොනි කොතලාවල කියන ප‍්‍රවීණ නිළිය. කැමරාගත කරන්නට පෙර පද රචනයේ අදහස සහ තනුව සංගීතවේදියා විසින් ලියොනි අක්කාට තේරුම් කරලා දුන්නා. ඊට පස්සේ දවසකදී තමයි අපේ අක්කා මේ ගීතය ගායනා කරලා පටිගත කළේ. ඊළඟට කියන්නම් ”ත‍්‍රි සිස්ටර්ස්” ගැන. අපේ පවුලේ සහෝදරියන් තුන්දෙනාටම ගායන හැකියාවක් තිබෙන නිසා අපි ”ත‍්‍රි සිස්ටර්ස්” නමින් ගායන කණ්ඩායම පිහිටුවා ගත්තා. මේ තමයි ලංකාවේ ප‍්‍රථම ගායිකා කණ්ඩායම ”ආදරේ කියන්න දන්නේ නැහැ.” ”ඔබ සොයනා කලූ කෙල්ල මමයි” ඇතුළු ලස්සන ගීත රාශියක් ත‍්‍රි සිස්ටර්ස් වෙතින් රසිකයනට දායාද කර තිබෙනවා.

දිල්හානි ගීතය පටිගත කළායින් පසුව ඒ මැදිරියේදී ක්ලැරන්ස් කී කතාව මට තවම මතකයි. මෙන්න මගෙන් තෑග්ගක් කිව්වා. ක්ලැරන්ස්, සරත් දසනායක, වික්ටර් දළුගම, අර්නස්ට් සොයිසා ඇතුළු මගේ ගීතවලට සංගීතය සැපයු සෑම සංගීතවේදියෙකුම සහ කරුණාරත්න අබේසේකර, මිල්රෝයි ධර්මරත්න, අජන්තා රණසිංහ, උපාලි ධනවලවිතාන, පේ‍්‍රමකීර්ති ද අල්විස් ඇතුළු මට ගීත රචනා කරලා දුන් සියලූ දෙනාම මට දීලා තියෙන්නේ තැගි ටික අපේ රසික ජනතාව රස විඳින කොට මට ඇතිවෙන්නේ ලොකු සතුටක්.

මේ සතුට මට හොඳටම ප‍්‍රමාණවත්, චිත‍්‍රපටවලට පවා ගීත ගායනා කරලා තියෙන මට මේ වන තෙක් කිසිම සම්මානයක් ලැබිලා නැහැ. 2015 අවුරුද්දේ පැවති කතෝලික සාහිත්‍ය සම්මාන උළලේදී මට ලැබුණු ”කලාසුරු” සම්මානය විතරයි මම ලබලා තිබෙන එකම සම්මානය. අයිවෝ ඩෙනිස් කියන අපේ රටේ ජ්‍යෙෂ්ඨ සංගීතවේදියා, ප‍්‍රවීණ ගායකයා එක දවසක් මුණගැහිලා මට කිව්වා ඉන්ද්‍රානි ඔබගේ ගීත සියල්ලම ලස්සනයි කියලා. එවැනි ජ්‍යෙෂ්ඨයෙක් කළ ඇගයීමත් මට මහා සම්ම්නයක් තමයි.

 

අමරදාස සිල්වා

 

 



අදහස් (0)

දිල්හානි දුවනී ගීතයට ලෝකයම ආදරෙයි...

දේව් Sunday, 21 August 2016 08:44 PM

දිල්හානි දුවනී ගීතය අමරණීයයි. එහි සංගීතයද ඉතාම මිහිරියි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉකුත් රජය කාලයේ අධිවේගයත් අවභාවිත කරලා
2024 ඔක්තෝබර් මස 07 1417 0

’’එස් පාස් ’’ විශේෂ අවසර පත්‍රය සහ ඉහළ පෙලේ දුරකථන ඇමතුම් මගින් ඉකුත් රජයන් සමයේ අධිවේගී මාර්ගය භාවිතා කරමින් සිදුවූ අභාවිතාවය නව ජනපති බලයට පත්වීමත්


ඊශ්‍රායල හමාස් ගැටුම ආරම්භ වී වසරක්
2024 ඔක්තෝබර් මස 07 276 0

ඊශ්‍රායලය, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ගුවනින් මෙන්ම ගොඩබිමින් ද ප්‍රහාර ආරම්භ කර අද (7) ට වසරක් සපිරේ.


නව අල්ලස් කොමිසම කොටඋඩ
2024 ඔක්තෝබර් මස 06 2264 0

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත


ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 1248 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 671 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 450 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39234 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25613 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1099 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 384 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site