IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


දැවි තෙල්වලින් හානි වූ නිවෙස්වලට වන්දි

(ඩයනා උදයංගනී සහ විනීතා එම් ගමගේ)

අධික වර්ෂාව සමඟ සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ, තෙල් පවිත්‍රාගාර පද්ධතියක් ජලයෙන් යටවී එහි වූ තෙල් අවට පරිසරයට එක්වීමෙන් සිදුවූ හානි වෙනුවෙන් ජනතාවට වන්දි ගෙවීමට පියවර ගන්නා බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා කියයි.

මෙයින් ජනතාවට සිදුව ඇති හානිය නිරීක්ෂණය කළ බව කී ඇමතිවරයා එම හානි ගණනය කර වන්දි ගෙවීමට ද කටයුතු කරන බව ද සඳහන් කරයි.

තෙල් සංස්ථාවට අයත් සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ තෙල් මිශ්‍රිත ජලය පිරිසුදු කිරීමට භාවිතා කරන බිම් මට්ටමේ පිහිටි පවිත්‍රාගාර පද්ධතියක්, මෙසේ වැසි ජලය එක්ව පිටාර ගොස් ඇති අතර බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ඒ සම්බන්ධයෙන් සොයාබැලීමට අද (6) එම පිරිපහදුවේ සහ ඒ අවට ප්‍රදේශයේ සංචාරයක නිරත විය.

මෙම පවිත්‍රාගාර පද්ධතිය වසර 50ක් පමණ පැරණි එකක් බව කී ඇමතිවරයා යලි මෙවැන්නක් නොවන ආකාරයෙන් පවිත්‍රාගාර පද්ධතිය වැඩි දියුණු කරන්නැයි තෙල් සංස්ථා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

තෙල් බාහිර පරිසරයට එක්වීම හේතුවෙන් සපුගස්කන්ද අවට නිවෙස්වලට සහ අවට පරිසරයට ද දැඩි හානි සිදුව තිබිණි. ගං වතුර සමඟ මුසුවී අවට පරිසරයට එක්වූ තෙල් ඉවත් කර එම තත්වය පාලනය කිරීමට තෙල් සංස්ථාව, නාවික හමුදාව, වෙරළාරක්ෂක බලකාය, ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ඇතුළු ආයතන එක්ව මේ වන විට විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි ද අමාත්‍යවරයා පවසයි.

මේ හේතුවෙන් තමන්ගේ ළිංවල ජලය භාවිතා කළ නොහැකි බවට ජනතාව පැමිණිලි කර ඇතත්, ජල නලවලින් එන ජලයට මෙයින් කිසිම හානියක් නැති බව ජලසම්පාදන මණ්ඩලය සඳහන් කර ඇතැයි ද ගම්මන්පිල මහතා සඳහන් කරයි

 

 



අදහස් (2)

දැවි තෙල්වලින් හානි වූ නිවෙස්වලට වන්දි

Banda Sunday, 06 June 2021 10:49 PM

ඉහළ වැටුප් සහ දීමනා... නමුත් වැඩපිළිවෙළ යාවත්කාලීන වී නැත. අවසානයේදී මිනිසුන් විඳවන එක තමයි වෙන්නේ...

:       0       2

chandima Monday, 07 June 2021 04:54 AM

ඔය තෙල් මුහුදට ගියාම අර නැවේ රක්ෂණ සමාගම කියයි නැවෙන් තෙල් කඳුලක් කාන්දුවෙලා නැහැ... මෙව්වා සපුගස්කන්දේ තෙල් කියලා. රක්ෂණ කාරයෝ මහ අංකූරෝ... පරිස්සමෙන්..!!!

:       0       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දිස්ත්‍රික්ක 8 කට නාය යෑමේ අනතුරු ඇඟවීම්
2024 නොවැම්බර් මස 06 1 0

අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 8 ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය කර තිබේ.


ලංකා බ්‍රිතාන්‍ය යාළුකම තව ශක්තිමත් කරන්න සාකච්ඡාවක්
2024 නොවැම්බර් මස 06 95 0

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් (Andrew Patrick) මහතා අතර හමුවක් අද (06) පස්වරුවේ ජනාධිප


සෙල්ෆි ගන්න ගිහින් විදෙස් තරුණිය දුම්රියෙන් වැටෙයි
2024 නොවැම්බර් මස 06 311 0

කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ උඩරටමැණිකේ දුම්රියේ ගමන් ගත් ඇමරිකානු ජාතික තරුණියක් සෙල්ෆි ජායාරූප ගැනීමට යාමේදී ඔහිය පට්ටිපොළ දුම්රිය


විදුහල්පති නිවසේ ඡන්ද රැස්වීමට තහනමක්
2024 නොවැම්බර් මස 06 303 0

බද්දේගම විදුහලක විදුහල්පතිවරයෙක් අද සවස සිය නිවසේ පැවැත්විමට සුදානම්කර තිබු දේශපාලන රැස්විමක් ගාල්ල දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරවුල් කිරිමේ මධ


අනුරාධපුරයට ලැබුණු පිළිකා නසන යන්ත්‍රය කරාපිටියට උස්සයි?
2024 නොවැම්බර් මස 06 307 0

ආසියානු සංවර්ධන බැංකුවේ ණය ක්‍රමය යටතේ අනුරාධපුර ශික්ෂණ රෝහලට ලැබුණු පිළිකා රෝගී කිරණ යන්ත්‍රය (ලීනැක්) ගාල්ලේ කරාපිටිය රෝහල වෙත රැගෙන යෑමේ සූදානමක්


ගුරා, සෙබළා සමග ගුරු නිවාසයේ අයිස් ගහලා
2024 නොවැම්බර් මස 06 488 1

කහටගස්දිගිලිය පඩරැල්ලෑව ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක ගුරුවරයකු ගුරු නිවාසයේදී යුද හමුදා සෙබළකු සමග අයිස් මත්ද්‍රව්‍ය පානය කරමින් සිටියදී දිව්ල්වැව ප


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 29 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 432 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1355 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site