(හේමන්ත රණසූරිය සහ පියදාස සමරවීර)
අනුරාධපුර මහබෙල්ලන්කඩවල ගම්මානයේ වැසියන් අලින්ගෙන් සිය ජීවිතය ආරක්ෂා කර ගැනීම සඳහා වහළ උඩ සැකසු පුංචි පැල්වල රැය පහන් කරති.
මහා බෙල්ලන්කඩවල ගම හතර වටින්ම මහා රෑස්ස කැලයක් මැද පිහිටි ගමක් වන අතර එම ගමේ පවුල් අටක් දුකසේ ජීවත් වෙති.
නිරන්තරයෙන් වලි අලි තර්ජනය ලක් වූ ගම්මානයක් වන අතර නිවාස කඩා බිම දමමින් ඔවුන්ගේ කුලියක් මලියක් කර සොයාගත් දෑ කා දමන බවද ගම්මාසීහු චෝදනා කරති.
රාත්‍රී කාලයේ දි තම දරු පැටියන් ආරක්ෂා කර ගැනීම සඳහා අපූරැ උපක්‍රමයක් සොයාගෙන ඇත.
එනම් තම නිවෙස තුළ කුස්සියේ ඇති පෝරනය යටින් ඉණිමඟක් තබා ඒ තුළට දරු පැටව් සමග ඉතා අසීරුවෙන් ගොඩවී එම පෝරනය උඩ ඔවුහු ඉදි කර ඇති මැස්සක් තුළ දරු පැටව් සමග රාත්‍රිය පහන් කරති.
පණ නල රැක ගැනීමට ගිනි ගහන අව්ව සහ ධාරානිපාත වැස්ස මායිම් නොකර මහපොළොව සමඟ පොරබදන ඔවුන් රාත්‍රියේ තම අඹු අඹුදරුවන් රැක ගැනීමට දරන වෙහෙස දෑසින් දුටු කෙනකුගේ නෙතට කඳුළක් උපදින බව නම් නොරහසකි.
මෙම නිවසට ඉකුත් 27 වැනි දා රාත්‍රියේ කඩා වැදුණු වන අලින් දෙදෙනෙකු විසින් මෙම නිවසේ බිත්ති තුනක් තුන් පැත්තකින් පෙරළා විනාශ කර තිබිණ.
වෙසක් පුන් පොහෝ දින රාත්‍රියේ ද මෙම කුඩා ගම්මානයට ආ වල් අලින් නිවසක එක බිත්ති පෙරළා දැමූ බව නිවැසියෝ පැවසූහ.
එයින් නොනැවතුණු වල් අලියා නැවත ඉක්ත් 8 වැනි දා පාන්දර 2ට පමණ ගෙවත්තට පැමිණ මෙලෙස තම යළි නිවස කඩා දැමූ බව හැඬූ කඳුළු යුතුව කාන්තාවක අපහා පැවැසුවාය.
අප එහි යන විටත්, ප්‍රදේශය බාර ග්‍රාමනිලධාරිවරයා පැමිණ සිටියේ නැත. මෙම සිදුවීම එදින පාන්දර ම දුරකථනයෙන් දැනුම් දුන් බව ද නිවැසියන් පැවසූහ.
මැදවච්චිය වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලයට මේ සිද්ධිය දැනුම්දීමට දුරකථන ඇමතුම් කිහිපයක් ලබාගත්තත් එම දුරකථන විසන්ධි වී තිබුණි.
කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් වජිර රත්නායක මහතාට මේ සිද්ධිය දුරකථනයෙන් දැනුම් දුන් විට ඔහු සඳහන් කළේ කඩිනමින් ග්‍රාම නිලධාරිවරයා එම ස්ථානයට එවන බවත් ඉදිරි කටයුතු සිදු කිරීමට ඔහු කටයුතු කරනු ඇති බවත්ය.
පාසල් යන දුවා දරුවන් සහ කිරි සප්පයන් ආරක්ෂා කරගන්නට මාරයා සමග සටන් වදින මහ බෙල්ලන්කඩවල අහිංසක ගම්වැසියන්ට හෙට දිනයේ අත් වන ඉරණම කුමක්දැයි අවිනිශ්චිතය.
නැවත කිසි දිනක ගොවීන්ගේ කෘෂි නිෂ්පාදන තුට්ටු දෙකට විකුණන්න ඉඩ තබන්නේ නැතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පොළොන්නරුව ජන හමුවකදී පැවසීය.
’සිරි දළදා වන්දනාව’ තුන්වන දිනය අද (20) දහවල් ආරම්භ කළේය. දළදා වන්දනා කිරීම සඳහා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මහනුවර නගරයේ පෝලිම්වල රැඳී සිටින බව අප වාර්තාකරුව
ලාල් කාන්ත මහත්තයා ඇත්ත ප්‍රකාශ කරන මිනිහෙක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා පැවසීය.
මාලිමා රජයේ මැතිවරණ ප්‍රතිපත්ති සහ පොරොන්දු අද වන විට පුස්සක් වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
පාස්කු ප්‍රහාරය සම්බන්ධ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සඟවා තැබූ කොටස් ඇතුළු සම්පූර්ණ වාර්තාව පරීක්‍ෂණ සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට තමා අද බ
ආණමඩුව වඩත්ත හල්මිල්ලෑව ප්‍රදේශයේ කැට පොළකදි ඇතිවු අරවුලක් දිග් ගැසිමකින් පොලු මුගුරු වලින් පහර දී තරුණයකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුළු
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
දිවි රැක ගන්න පෝරනේ උඩ ජිවිතය
aka Tuesday, 09 May 2023 09:58 PM
මහ කැලැවක් මැද්දෙ පවුල් අටක් තියන ගමක් පවත්වන් යන්නෙ කොහොමද? ඔය ගමට අලි වැටවල් ගහනවට වඩා ගම වෙන තැනකට අරන් යන එක වියදම් අඩු වෙයි.
පැරකුම් Wednesday, 10 May 2023 02:49 AM
මෙම පවුල් අට වෙනත් ගම්මානයක පදංචි කිරීමට බලධාරීන් කටයුතු කල යුතුය
Perera Wednesday, 10 May 2023 07:24 AM
ඔය මිනිස්සු චන්දෙ දුන්නු මැති ඇමතිලා ඕවා ගැන අද හෙට හොයලා බලලා විසඳුමක් දේවි නේ
NDF Leader Wednesday, 10 May 2023 08:38 AM
ගම හතර වටින්ම මහා රෑස්ස කැලයක් මැද පිහිටි ගමක් වන අතර එම ගමේ පවුල් අටක් දුකසේ ජීවත් වෙති. එහෙනම් කළ යුත්තේ ඒ පවුල් 8 ජනතාව වෙසෙන පැත්තක පදිංචි කර ගම අලින්ට නිදහස් කිරීම නොවෙයි ද?
සුනෙත් හේමන්ත Wednesday, 10 May 2023 09:14 AM
පවූල් අටක් පමණක් ඉන්න නිසා හොදම විසදුම මෙම පවුල් වලට වෙනත් ප්‍රදේශයකින් ඉඩම් ලබාදී නැවත පදිංචි කිරීමය. වටේටම මහා වනාන්තර නිසා ප්‍රයෝගිකව ස්තිරසාර විසදුමක් ලබා දීම ඉතා අපහසු ක්‍රියාවකි.
fairoos Wednesday, 10 May 2023 12:23 PM
මෙයාලා කොහොමද කැලේට පදිංචියට ගියේ..? කැලේ ඉන්න සත්තුන්ටත් නිදහසක් නැහැ.