දෙවිනුවර උපුල්වන් දොවොලේ කපුවකුගේ ගෙල මිරිකා අතින් පයින් පහර දුන්නැයි සැකපිට එහි ප්‍රධාන කපු රාමක්‍රිෂ්ණ තේනබදු (53) මාතර වැඩබලන මහේස්ත්‍රාත් නීතීවේදී ලලිතා විතානාච්චි මහත්මිය විසින් සඳුදා (9) තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
දෙවොල ඇතුළේදී පහර කෑමට ලක් වූ බව කියන කේ ජී කළ්‍යානප්‍රිය (53) කපු මහතා මාතර රෝහලට ඇතුළත් කරනු ලැබ සිටිති.
දෙවිනුවර දොවොලේ සොරකමක් සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටි ප්‍රධාන කපුමහතා ඇප ලැබීමෙන් හා දෙවොලට ඇතුළුවිය නොහැකියැයි පැනවූ වාරණය ඉවත් කිරීමෙන් පසුව එහි ගොස් මේ සිද්ධියට මැදිවී යැයි පොලිසිය අධිකරණයට දැන්වීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හා...හා...කපු මහත්තයෝ බලාගෙන ඔහොම වැඩ කරන්න එපා.(නදී)
දෙවියෝ පිහිටවෙලා නැද්ද?(නදී)
අනිවාර්යෙන්ම සල්ලි කේස් එකක් වෙන්න ඇති.(නදී)
මිගිධට වගේම මටත් ඒ වගේ අත් දැකීමක් තියනවා.විශ්වාස කරන්න මම කතරගම ගිහින් තියෙන්නේ ජීවිතේටම එක පාරයි. 2004 අවුරුද්දේ එදා හොදටම සෙනග හිටියා. අපි ගග ගාව ඉදන්ම පෝලිමේ හිටියේ පූජා වට්ටියකුත් අතේ තියා ගන. මට ඉස්සරහ හිටියේ වයසක අම්ම කෙනෙක්. එයාට උස්ස ගන්නත් බැහැ පූජා වට්ටිය. මම ඒකත් අරගෙන අතේ තියා ගත්තා. දේවාලේ ගාවට ගිහින් දෙන්න. මට පිටි පස්සේ කොට කලිසමක් ඇදගෙන මනුස්සයෙක් හිටියා පූජා වට්ටියක් අතේ තියාගෙන. දේවාලේ ලං වෙනකොට මට පිටි පස්සේ හිටි මිනිහ අයින් වෙලා හොදට ඇදගෙන හිටි නෝනා කෙනෙකුට පූජා වට්ටිය දීල සල්ලි වගයක් අරගෙන ගියා. දේවාලෙට ඇතුල් උනහම එතන හිටි කපු මහත්තයා අර අම්මත් ඇත හැරලා මාවත් ඇත හැරලා අර නෝනගේ වට්ටිය ගත්තා. මට හොදටම කේන්ති ගියා මොන මගුලකටද මෙච්චර කට්ට කන්නේ මේ වගේ බොරු කාරයින්ට රැවටෙන්න. මම හොදටම බැන්නම එතන හිටි කෙනෙක් මට ගහන්න ආවා. නමුත් ආරක්ෂක අංශයක කියල හිතන්න පුළුවන් තරුණයෝ ටිකක් ඇවිත් ඒක නතර උනා. පස්සේ මට බැන බැන මගෙන් පූජා වට්ටිය ඉල්ලුවා මම දුන්නේ නැහැ. එහෙම්මම එලියට අරගෙන ඇවිත් රිලවුන්ට කන්න දැම්මා. එදා මම මගේ නෝනගේ ගෙදර කට්ටියගෙන් බැනුම් ඇහුවා. නමුත් නෝනා මන් ගැන දන්නා නිසා කරබාගෙන හිටියා. ඊට පහුවදා කිරින්දේ යන්න හිටියා උදේම .නෝනගේ අක්ක වැටිලා ඒ ගමන නතර උනා. අපි ආපසු එන්න ආවා. එදා තමයි සුනාමි ආවේ. නමුත් දෙයියෝ මා එක්ක තරහ උනේ නැහැ. අපේ අගේ වතුර පොදක් වත් නොවැදි අපි ආවා. කිසිම කරදරයක් නැතුව.(නදී)
සිසිර , කාටද?.(නදී)
මේ කපු උන්නැහේට බන්ධනාගාරය තුළත් බොහොමට වැඩ ඇතුවාසේය. ඒකනේ නැවත ගියේ (නි)
ඔතන මොකක් හරි පටලැවිල්ලක් තිබෙනවා. පරම්පරාවෙන් ආ දේ නැතිවෙනකොට කවුද කන්පුපුරන්න දෙන්නේ නැත්තේ. (නි)
කපුවන් වශයෙන් අද දේවාල වල ඉන්න බොහෝ අය කපටියන්. මේගොල්ලෝ දෙවියන් ගැන මොනම දෙයක්වත් දන්නේ නැහැ. (නි)
දෙවියන්ටත් ගරහන හැටි! (නි)
මම පොඩිකාලේ අපි කතරගම ගියා අලුත් වාහනයක් ගත්ත හින්දා. (1950ස් ගණන්වල.) අම්මා හරියට අදහනවා දෙයියෝ බුදුන්. ඉතින් අපි පෝලිමේ ඉන්නවා පුජා වට්ටි අරගෙන. පිටි පස්සෙන් හිටපු මිනිහෙක් රුපියල් දහයේ කොලයක් තිබ්බ හින්දා මිනිහා අපිට කලින් පුජාවට කතා කරා දේවාලේ කපුවා. අපේ තාත්තට යකා නැගල කපුවාගේ අම්මත් මතක් කරලා බැන්නා. වරෙල්ලා යන්න කිරි වෙහෙර වැදගන්න කියලා. අපි ආපහු අම්බලන්ගොඩ ආවා කිසිම කරදරයක් නැතිව. අපේ තාත්ත බොහොම හොදට අවුරුදු 88 ක් ආයු වළදා කිසිම කරදරයක් නොදී නිදි ඇදෙම මියැදුණා. දෙයියෝ නොවේ කිසිම දොසක් කලේ. දෙයියෝ කියන අය හිටියනම් දන්නවනේ වෙනදේ!.(නදී)
දෙවියන් වැඩ හිදින ස්ථානයේ හැසිරීම ඔහොමනම් අනෙක් තැන්වල ඉන්න විදිහ හිතාගන්න පුළුවන් (නි)
පොඩි බන පොත උඩින් ලොකු බනපොත තිබුවට පව් නෑ කියනවා නේ! ඒ නිසා වෙන්න ඇති. (දී)
සිටියදී පෝලිමේ අපි ගෙන පූජාව ........ සීයේ කොළ වලට මුල් තැන ලැබුණාය........කිව්වේ එක නේ. (දී)
මේ පුංචි ප්‍රශ්නයක් නේ (දී)
මේ කපුවා පුද්ගලිකවම මම දන්නවා. මුදල් වලට ගොඩක් එලවන මනුස්සයෙක්. (දී)
ලගදී කපුවෙක් මලා නේද වලක් කපා ගෙනම. මේ අයට මොළ නැද්ද ? (නදී)
ප්‍රබාත් සහ මහිද මාර චීත්ත දෙකකක්. (ස)
පැණි රස දන්නෝ එය වළදන්නෝ... (නි)
කපුවා කපෝති....,(නදී)
දෙයියන්ට ඔප්පු වෙච්චාවේ! (නදී)
දෙවියෝ සාක්කි දෙනවා. උසාවියෙන් බලාවි මේ අවනඩුව.(නදී)
දෙවියනි ඔබ කොහෙද? (නදී)
දැන් හැමෝම පිළිගනීවි දෙවියෝ කෝප වෙලාමයි කියලා.(නදී)
දේව බලය සහ උසාවි බලය අතර ගැටුමක්.(නදී),
මට අදහාගන්න බැ, ඇයි දෙව්යන් යදින්න බ්‍රෝකර් කෙනෙක් අවශ්‍ය කියලා.(නදී)
ඇයි මෙහෙම ගහගන්නේ.(නදී)
දෙන්නම කාගේ හරි බාරයක් ඔප්පු කරන්න ඇති? (නදී)
අනේ දෙවියන්ටවත් පෙනුනේ නැතිද මේ රන්ඩුව.(නදී)
ඔයවගේඅය ළගට දෙවියෝ එන්නේ නැහැ. බොරුවට කාලය මුදල් නැති කර ගන්න එපා. ඔබ අදහන ආගම හිතට එකගව අදහන්න අනුගමනය කරන්න ඔබ ඒ දර්මය විසින් ආරක්සා කරනු නිසැකයි.(නදී)
උපුල්වන් දෙවියනේ මේ අවනඩුව විසදනු මැනව.(නදී)
කපුවා කපෝති වෙලාද?(නදී)
ජනතාව තවමත් මෙවැනි කපුවන්ට රැවටෙනවා. බෞද්ධ සංවිදාන මැදිහත් වී සත්‍ය පහද දිය යුතුයි.(නදී)
තවමත් මිනිස්සු ඉන්නේ ගල් යුගයේ. මෙ විදිහ බුහු ජන මැට්ටෝ ඉන්නකන් කපුවොන්ට මගුල්. නැත්තම් කපුවෝ කපෝති. මුග්ධයෝ සිටින තාක්කල් යහපත් සමාජයක් ගොඩනැගිය නොහැකිය.(නදී)
අහිංසක මිනිසුන්ගෙන් එකතු කරපු සල්ලි බෙදා ගන්න බැරිව වෙන්න ඇති.(නදී)
පිටිගල, එයාලා ගහගත්තේ කොළු කමට නැතිව බලු කමට නෙවෙයි.(නදී)