(අංජුල මහික වීරරත්න)
ලංකාවට අදාලව දේශගුණික සෞභාග්‍ය සැලසුම සකස් කිරීම පිළිබඳ මූලික සාකච්ඡාවක් දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පරිසර අමාතයාංශයේදී පැවැත්විණි .
දේශගුණික විපර්යාස පිළිබඳ පැරිස් ගිවිසුම අනුව මෙම සැලැස්ම සකස් කෙරෙයි.
මෙම සැලැස්ම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මාලදිවයිනේ හිටපු ජනාධිපති සහ වත්මන් කථානායක මොහොමඩ් නෂීඩ් මහතාගේ ප්‍රධානත්වයෙන් දේශගුණික අවදානම් සංසදයේ දූත පිරිසක් මෙරටට පැමිණි අතර රුවන් විජයවර්ධන මහතා ඇතුළු පරිසර අමාත්‍යංශ නිලධාරීහු ද එම දූත පිරිස සමග සමග සාකච්ඡා කළහ.
රුවන් විජයවර්ධන මහතාගේ මඟ පෙන්වීම යටතේ සැකැසුණු දේශගුණ සෞභාග්‍ය සැලසුම මෙහිදී ඉදිරිපත් කෙරිණි.
දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කිරීම දේශගුණික විපර්යාසයන් කළමනාකරණය මගින් තිරසර ආර්ථික සංවර්ධනයක් ලඟා කරගනිමින් නව රැකියා උත්පාදනය ආදී වැඩසටහන් පිළිබඳව මෙම සැලසුමෙන් අවධානය යොමු කර තිබේ.
ශ්‍රී ලංකාව දූපත් රාජ්‍යයක් ලෙස අනාගත දේශගුණික විපර්යාසයන්ට මුහුණ දීමේ හැකියාව වර්ධනය කිරීම පිළිබඳව ද මේ සැලසුමෙන් අවධානය යොමු කර ඇත.
දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් රටවල් 55 ක් සමඟ ක්‍රියාකාරීව කටයුතු කරන දේශගුණික අවදානම් සංසදය මේ ක්‍රියාවලිය සඳහා දායකත්වය දෙයි.
ඒ අනුව පාරිසරික හා දේශගුණික බලපෑම් මත ගැටළු මතුවිය හැකි අංශ වන කෘෂිකර්ම, ධීවර, වාරිමාර්ග යන ක්ෂේත්‍ර වෙත ජාත්‍යන්තර සහාය ලබා ගනිමින් ආයෝජන අවස්ථා උදාකරලීම මාලදිවයිනේ කතානායක මොහොමඩ් නෂීඩ් මහතා විසින් කරනු ලබන බව රුවන් විජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.
මෙම අවස්ථාවට පරිසර අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සන්දිත් සමරසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
ජාතික ජන බලවෙග රජයේ නව කැබිනට් මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (18) පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට
පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට
සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දේශගුණ සෞභාග්‍ය සැලසුම එළිදකී
කිරි පුතා Friday, 30 September 2022 04:20 PM
ඕවා ඉතිං හමස් පෙට්ටියට
podi mole Friday, 30 September 2022 06:02 PM
හපොයි... දැන් ඔය වචනෙ අහනකොට අපේ ඇඟේ මයිල් කෙලින් වෙනවා.
Perera Saturday, 01 October 2022 01:19 AM
මෙයාට දේශගුණික විපර්යාස ගැන දැනුමක් තියනවද?