IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


දේශපාලන අර්බුදයක් ගැන බර්ටි අනතුරු අඟවයි

උතුරු මැද මහ ඇමැති ධුරය ලොකු අර්බුදයක් කාරා යා හැකි යැයි ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිල් දෙකකට බෙදීමේ තත්ත්වයක් වළක්වා ගැනීමට රජයට හැකි විය යුතුයැයි උතුරු මැද හිටපු මහා ඇමැති බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතා අනුරාධපුරයේ මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේය. එස්.එම්. රංජිත් මහතාට මහ ඇමැතිකම දීමට යතියි පළවූ පුවත් වාර්තා ගැන කරුණු පැහැදිලි කිරීමට සිය නිවසේදී ඔහු මේ සාකච්ඡාව පැවැත්වීය. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශීය සභා 19කමන්ත්‍රීන් 154 දෙනකුගෙන් 120ක්ම තමා සමග සිටින බව කී හිටපු මහා ඇමැති රංජිත් මහතා මහා ඇමැති කම දෙන බවට ශ්‍රී ලනිප ලේකම් හෝ සන්ධාන ලේකම් මෙතෙක් නිල වශයෙන් සඳහන් කර නැතැයි ඔහු කීවේය. එක්සත් ජාතික පක්ෂයේ මහින්ද සෝම අධිකාරී වැනි ප්‍රබලයන් සමග සටන් කර පක්ෂය ගොඩ නැගූ තමා ශ්‍රී ලනිපයේ උප සභාපති ද සන්ධානයේ භාණ්ඩාගාරික පදවියද දරන බව කී දිසානායක මහතා රට ජාතිය වෙනුවෙන් නොවූ බවත් මල්ලී වෙනුවෙන් ඇමැති කමින් ඉල්ලා අස්වීම ගැන එස්.එම්.චන්ද්‍රසේන මහතාට තම ස්තූතිය පළ කරන බව ද කීවේය. ‘මම උතුරු මැද පළාත් සභාවේ ඇමැති කම් බාරගන්නෙත් නෑ උපදේශක කම් ගන්නෙත් නෑ මහා ආණ්ඩුවේ ඇමැති කමක් දුන්නත් ගන්නෙත් නෑ.  මේ ප්‍රශ්නයෙන් ලංකාවේ දේශපාලන අර්බුදයක් ඇතැවිය හැකියි‘.



අදහස් (0)

දේශපාලන අර්බුදයක් ගැන බර්ටි අනතුරු අඟවයි

යොහාන් Friday, 21 September 2012 10:40 AM

මෙයාට අපි ජේෂ්ඨ ඇමතිකමක් දුන්නානම් වැඩේ ඉවරයිනේ..(ස)

:       0       0

අසේල Thursday, 20 September 2012 04:19 PM

නැහැ එහෙම වෙන්නේ නැහැ

:       0       0

දසුන් Friday, 21 September 2012 11:15 AM

එදත් අදත් හෙටත් අපේ මහ ඇමති මෙයා ? (ස)

:       0       0

සංජීව Thursday, 20 September 2012 04:36 PM

ජනතා කැමැත්තට ඉඩ දෙන්න අනේ. (නි)

:       0       0

වසන්ති Thursday, 20 September 2012 10:00 PM

අනේ මෙහෙම ආසාවක්, අනේ මෙහෙම තණ්හාවක්.... (නි)

:       0       0

දිනේෂ් Thursday, 20 September 2012 10:21 PM

අනිවාර්යයෙන්ම වැඩි මනාපයට මහ ඇමතිකම දෙන්න ඕනෑ. (නි)

:       0       0

සුමන Thursday, 20 September 2012 04:45 PM

ඔහොමවත් කියලා හිත හදාගන්න...තව තව දේ ගැන හිතලා බලද්දි ඉවසන්නම වෙනවා..(ස)

:       0       0

අසේල Thursday, 20 September 2012 04:46 PM

මේවා නැති කරන්න ඕනේ

:       0       0

සංජය Thursday, 20 September 2012 04:56 PM

කතාව ඇත්ත මමත් පිලි ගන්නවා

:       0       0

ඇන්ඩි Friday, 21 September 2012 11:49 AM

චන්ද්‍රසේන ඇමතිතුමා දිනේවා! (නි)

:       0       0

පියුමාල් Thursday, 20 September 2012 04:57 PM

මනාප අඩුවුණහම ඔහොම වෙනවා. (නි)

:       0       0

සත්සර Thursday, 20 September 2012 04:58 PM

මොකක්ද කරපු වරද මං.... (නි)

:       0       0

සමන් Thursday, 20 September 2012 10:56 PM

ඡන්දය දිනුවේ ඉල්ලපු අයගේ හැකියාව නිසා නෙමෙයි. (නි)

:       0       0

කුමුදු Thursday, 20 September 2012 05:06 PM

මෙය සාමාන්‍ය සිදුවීමකි. (නි)

:       0       0

චාමින්ද Friday, 21 September 2012 11:55 AM

කොහොම හරි මහ ඇමති වෙන්න හදන්නේ අපි ගැන හිතලා නේද? අපි දන්නවා ඔබතුමා කළ දේවල්. අපිට ඔබතුමා එපා නිසයි අපි වෙන කෙනෙකුට මනාප දුන්නේ. මහත්තයෙක් වගේ ඉවත් වෙනවානම් නේද හොද? එයත් හොද නැතිනම් අපි ලබන සැරේ වෙන කෙනෙකුටයි මනාප දෙනවා. (නි)

:       0       0

ආනන්දා Thursday, 20 September 2012 05:08 PM

මනාප නම් ? අනේ මන්දා... (නි)

:       0       0

දයා සෞදි Thursday, 20 September 2012 02:24 PM

හොදින් හෝ නරකින්ද?(නු)

:       0       0

ආනන්ද Thursday, 20 September 2012 02:24 PM

පැහැදිලි නැහැ..!(නු)

:       0       0

රාජා Thursday, 20 September 2012 02:20 PM

අනිවාර්යෙන්ම දියයුත්තේ වැඩි මනාපෙට. අර්බුදයකට යනවනන් එයාට යන්න දෙන්න. කොපමණ ගුණකලත් දුදනෝ නොවෙති යහපත්.(නු)

:       0       0

කෝසල Thursday, 20 September 2012 05:17 PM

මටත් පේනවා

:       0       0

ශානිකා Thursday, 20 September 2012 02:21 PM

බර්ටි කොහොමද දන්නේ

:       0       0

රාජිත Thursday, 20 September 2012 02:22 PM

ස්තුත්යි ඔබ තුමාට

:       0       0

චන්ද්‍රා Thursday, 20 September 2012 02:24 PM

මොනවද මේ විකාර

:       0       0

දුෂන්ත Thursday, 20 September 2012 02:24 PM

අප්පා මෙයාගේ සැර. ලද දෙයින් සතුටු වෙන්න. අපි බදු ගෙවලා නඩත්තු කරනවානේ. තවත් මොනවාද ප්‍රශ්න. (නි)

:       0       0

හේමන්ත Thursday, 20 September 2012 02:24 PM

නිලයට බලයට වස්තුවට මෙතරම් තණ්හාවක් මිනිස්සුන්ට තියෙන්නේ ඇයි? තමාගේම පක්ෂයේ මන්ත්‍රීවරු තමාගේ පක්ෂයේ මහා ඇමති කවුරු වුණත් සහය වීම නේද සදාචාරය. පක්ෂයේ නායකයට පාර්ට් දාල කළුගලේ ඔලුව ගහගන්න එපා. ඕක දීලා දාන්න. ඔය කළා මදැයි. (නි)

:       0       0

පෙරේරා Thursday, 20 September 2012 02:24 PM

ජයවේවා ඔබ තුමාට

:       0       0

සිල්වා Thursday, 20 September 2012 02:38 PM

අර්බුදය පටන් ගැනීමට පෙර දැනුම්දීමක් කරන්න. සහයෝගයට අපිත් එනවා. (නි)

:       0       0

රනිල් Thursday, 20 September 2012 02:38 PM

පරිස්සම් වෙන්න ඕනේ ජනතාව

:       0       0

නිල්මිණි Thursday, 20 September 2012 02:32 PM

සත්‍යයකි

:       0       0

ගුනවර්දන් Thursday, 20 September 2012 02:39 PM

කොහොමද එහෙන්ම වෙන්නේ

:       0       0

මොහොමඩ් Thursday, 20 September 2012 02:39 PM

මනාප ක්‍රමයෙන් අමානාප වේ..(ස)

:       0       0

සදමාලි Thursday, 20 September 2012 02:40 PM

වැඩේ හැබෑව

:       0       0

සිසිර කුමාර Thursday, 20 September 2012 02:36 PM

පවු අප්පා. දුක හිතෙනවා මට. (නි)

:       0       0

සඳා Thursday, 20 September 2012 02:44 PM

ඡන්දයක් තිබ්බේ අපරාදේ..(ස)

:       0       0

නිමල් Friday, 21 September 2012 02:14 AM

දැන් කරන්න තියෙන්නේ කලා වැවට පනින එකයි. නරකද ඒ යෝජනාව? (නි)

:       0       0

රුවන්කා Thursday, 20 September 2012 06:05 PM

කොහොමත් ලංකාවේ නිදහස් පක්ෂයක් නැහැනේ. (නි)

:       0       0

සිරිවර්ධන Thursday, 20 September 2012 02:43 PM

මිදි ඇඹුලයි වගේ.(ස)

:       0       0

මාලක Thursday, 20 September 2012 06:03 PM

අනේ මගේ ලංකාව

:       0       0

අනුර Thursday, 20 September 2012 06:11 PM

ප්‍රවේසමෙන් (ස)

:       0       0

ලලිත් Friday, 21 September 2012 03:46 AM

නුඹලාට මහ ඇමතිකම දෙන්නන් අපි නම් සළකන්නේ රාජ්‍ය විරෝධීන් හැටියටයි. (නි)

:       0       0

ඒකනායක Thursday, 20 September 2012 06:24 PM

මහත්මයෙක් ලෙස ජනතා කැමැත්තටම ඉඩදිය යුතුයි. (නි)

:       0       0

මධු Thursday, 20 September 2012 02:59 PM

දැන් එහෙනම් සාත්තරත් කියනවා වගෙයි. (නි)

:       0       0

රණතුංග Thursday, 20 September 2012 02:59 PM

අනේ, ඔන්න ඔහේ යන්න කියන්න. (නි)

:       0       0

සිල්වා Friday, 21 September 2012 05:28 AM

අටලෝ දහම ගැන හිතලා හිත සන්සුන් කරගන්න. (නි)

:       0       0

පැතුම් Thursday, 20 September 2012 03:01 PM

මුලින් කට මැත දොඩවා දැන් වැඩේ වැරදි ඇත. මැරකම හරි නැත. (නි)

:       0       0

රොෂාන් Thursday, 20 September 2012 06:28 PM

එහෙනම් මිනිසුන්ගේ කැමැත්තෙන් වැඩක් නැහැ? (නි)

:       0       0

බන්දුල Thursday, 20 September 2012 03:06 PM

අයියෝ බර්ටි

:       0       0

අමිල කටුනායක Thursday, 20 September 2012 07:00 PM

දුකට කියන කතා. (නි)

:       0       0

කුරේ නාවලගේ Friday, 21 September 2012 07:59 AM

120ක් නෙමෙයි 240ක් ඉවත් වුවත් සුදුස්සාට සුදුසු තැන දියයුතුයි. (නි)

:       0       0

සමන් Thursday, 20 September 2012 03:14 PM

අද ඊයේ නොවෙයි දේශපාලන අරබුදය ඇති උනේ

:       0       0

මහින්ද Friday, 21 September 2012 08:21 AM

මොනවා වුණත් බර්ටි ඇමතිතුමා පක්ෂය වෙනුවෙන් අවුරුදු ගානක් කළ මෙහෙවර අමතක කරන්න හොද නැහැ. මහ ඇමතිකමට නියම සුදුස්සා බර්ටි විතරමයි. (නි)

:       0       0

ඇරිස් Thursday, 20 September 2012 03:18 PM

මීට වැඩිය ලොකු පුටුවකට කැමති නැද්ද? (නි)

:       0       0

මිනෝලි Friday, 21 September 2012 08:27 AM

ඔය දුන්න හැම මනාපයක්ම අවබෝධයෙන් දුන්න ඒවා නෙමෙයි. මහ ඇමතිකමට සුදුසු බර්ටිම විතරයි. (නි)

:       0       0

සනත් Thursday, 20 September 2012 03:36 PM

යන්න බර්ටි යන්න

:       0       0

අචිනි Thursday, 20 September 2012 03:37 PM

ලංකාවේ ඔහොම තමයි.මම දන්නෑ ඇයි (ස)

:       0       0

වෙනුර Thursday, 20 September 2012 07:18 PM

ඒ රස කොහොම අමතක කරන්නද? (නි)

:       0       0

නිෂාදි Friday, 21 September 2012 09:00 AM

ඇමතිකම් භාර නොගත්තා කියලා අපිට පාඩු වෙන්නේ නැහැ. හොදක් වෙනවා මිසක්. (නි)

:       0       0

තාරක Friday, 21 September 2012 02:39 PM

අපි ඉවසීමෙන් බලාගෙන ඉදිමු (නි)

:       0       0

තුල්සි Thursday, 20 September 2012 03:42 PM

කතාබහ නම් අපටත් පැහැදිලි මදි තමයි. ඒත් එක දෙයක් ස්ථිරයි. අධිකතර බලයක් එක තැනකට එක්රැස් වීම විනාශයකින් මිස කෙළවර නොවේ. පරමාණු බෝම්බය තනා ඇත්තෙත් මේ මූලධර්මය මතයි. වෙන වෙනම තියෙන යුරේනියම් කැබලි දෙකක් එක්වී අවධි ස්කන්ධයට පැමිණි විට දාම ප්‍රතික්‍රියාවක් ඇරඹෙනවා. ලක් ඉතිහාසය පුරාමත් මෙහෙම දේවල් වෙලා තියෙනවා. ලබාගත් ජනබලය රැකගන්නට කාට කාටත් හැකිවේවා කියා පතමි. (නි)

:       0       0

සුධීර Thursday, 20 September 2012 03:42 PM

ජනතා පරමාධිපත්‍යට ගරු කරන්නේ මෙහෙමනම් ජනතා සේවය ගැන කවර කතාද? (නි)

:       0       0

සරත් Thursday, 20 September 2012 07:26 PM

බර්ටි හරි

:       0       0

ආනන්ද පිටබැද්දර Thursday, 20 September 2012 03:44 PM

හා හා හොරේ දැනුනා දැනුනා මට නාවේ මොකෝ කියලා... (නි)

:       0       0

ශ්‍රියා . Thursday, 20 September 2012 03:45 PM

බලය තමයි දේශපාලනය කියන්නේ

:       0       0

ඉන්ද්‍රජිත් Thursday, 20 September 2012 07:42 PM

ජයන්ත... මාරයි කමෙන්ට් එක ! (නු)

:       0       0

ගාමිණි Thursday, 20 September 2012 07:42 PM

ඒ වැඩේ ඇත්ත

:       0       0

නිහාල් Thursday, 20 September 2012 07:42 PM

නියමයි බර්ටි

:       0       0

සේනානායක Thursday, 20 September 2012 03:53 PM

මැරෙනකල්ම ඉන්න හිතුනද?(නු)

:       0       0

කිත්සිරි Thursday, 20 September 2012 03:48 PM

අර්බුදයකට යන්න ඕන නැහැනේ ... බර්ටි මහත්තය මහත්තයෙක් වගේ තම ආධාර කරුවන්ට කරුණු පැහැදිලි කරලා වැඩි මනාප ගත්ත කෙනාට සහය දෙන්න කියන්න නේ තියෙන්නේ. (නු)

:       0       0

බුද්ධික Thursday, 20 September 2012 08:04 PM

අනේ මන්දා, මෙහෙම ගියොත් පිස්සු හැදෙයි. (නි)

:       0       0

රොහාන් Thursday, 20 September 2012 03:51 PM

ඡන්දෙ කාලෙ අපි දැක්ක පත්තරේ ගිය ඒවා.!(නු)

:       0       0

සුමිත් Thursday, 20 September 2012 03:58 PM

මොනවත්ම එපා නම් නිකං ඉන්න.. තව කට්ටිය ඉන්නවා..!(නු)

:       0       0

සුසන්ත - ඉතාලිය Thursday, 20 September 2012 08:15 PM

ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරු 120 ද, ලක්ෂ ගානක මහජන මනාපයද වටින්නේ කියලා බර්ටි මහත්තයට තේරෙන්නේ නැහැ. ජනතාව අකමැතිනම් ඉතින් මොනවා කරන්නද? දැන් ඔබතුමා ප්‍රතික්ෂේප වෙලා ඉවරයි. මහජන මතයට ගරු කරන්න. නැත්තම් ඡන්ද අයිතියේ තේරුම කුමක්ද? සියලු සංස්කාර ධර්මයන් අනිත්‍යයි. (නි)

:       0       0

එස්.එම්.රංජිත් Thursday, 20 September 2012 04:01 PM

පුතා හම්බකළාම මදිද.?(නු)

:       0       0

කමල් Thursday, 20 September 2012 03:55 PM

මොනවාද මේ කියන්නේ..!(නු)

:       0       0

කුමාර Thursday, 20 September 2012 04:04 PM

ඔබ හරි බර්ටි

:       0       0

සුදත් Friday, 21 September 2012 10:15 AM

කමෝන් බර්ටි. ඔහොම යන්. (නි)

:       0       0

ජයන්ත Thursday, 20 September 2012 04:06 PM

කොහොමත් මහත්තයෝ ලංකාවේ දේශපාලනය අර්බුධයක තමයි. ඒක අපි දන්නවා. අපි විපාක විදවනවා. ඔයාට අද ඒක දැනිලා තියෙන්නේ ඇයි කියලාත් ඔබ තුමාම දන්නව ඇති. ඉතින් කිසිම බලයක් නැති අපිට කොහොම මේ අර්බුදය දැනෙනවා ඇති ද කියලා හිතලා බලන්න.(ස)

:       0       0

මංගල Thursday, 20 September 2012 04:04 PM

වෙන්නත් පුළුවන්

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නොබෙල් සාහිත්‍ය සම්මානය කොරියන් කිවිඳියට
2024 ඔක්තෝබර් මස 11 18 0

දකුණු කොරියානු කිවිඳියක, කෙටිකතාකාරියක මෙන්ම නවකතාකාරියක ද වන හැන් කන්ග්, මෙම 2024 වසර සඳහා නොබෙල් සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබුවාය.


ගුරුසෙතට විද්ද ගුරුවරියක මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 1378 0

මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව


එජාප අපු‘ර සංවිධායක හදිසියේ මිය යයි
2024 ඔක්තෝබර් මස 10 2536 0

එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ


කන්තලේ ’’සීනි ඉඩම්’’ අක්කර 11000ක් ගොවීන්ට
2024 ඔක්තෝබර් මස 10 1248 0

කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (


පොලිස් නිලධාරියෙක් - සිවිල් ආරක්ෂකයෙක් දඩයමේ ගිහින් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 412 0

මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර


අහන්නෙ නැතුව ජනපති ඡායාරූප පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 10 1779 0

විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39798 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25854 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 86 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 390 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1256 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site