වැල්ලවාය ඇල්ල මාර්ගයේ කොටිකම්බොක්ක සුදු තිරුවානා නිධිය සම්බන්ධයෙන් පාරිසරික බලපෑම් තක්සේරු වාර්තාවක් ලබා ගැනීමට ප්‍රථම තිදෙනකු සදහා ශිල්පීය කැණිම් බලපත්‍ර නිකුත් කිරිම විනිවිද පෙනෙනා ලෙස සිදු නොවෙතියි පරිසර සංවිධාන පෙන්වා දෙති.
පරිගණක චිප් ඇතුළත පරිගණක උපාංග හා ටයිල් නිෂ්පාදනයට මෙම සුදු තිරුවානා ඛණිජය යොදා ගනී.
ප්‍රබල දේශපාලනඥයකුගේ පුතකු හා බිරියක මේ සිද්ධිය පිටුපස සිටිතියි කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලනයට සම්බන්ධ වෙන්නේ රටට සේවය කරන්නද? සේවය කළ අය මළවුන් අතරය. සේවය කරන අය තවම ඉපදිලා නැත (නි)
රටේ සම්පත් තියෙන්නේ ප්‍රයෝජනයට ගන්න.බල බලා හුල්ලන්න නෙමෙයි. අම්මගේ අප්පාගේ බුදලය වගේ එක්කෙනෙකුට දෙන්නෙකුට ප්‍රයෝජනය ගන්න නොවේ.වැඩි දෙනෙකුගේ යහපත පිණිස. (නි)
අපේ රට කාබාසිනියා කිරීමට බලයේ ඉන්න බහුතරය එක එක විදියෙන් උත්සාහ කරනවා. ඉතාම කණගාටුයි. (නි)
ජනාධිපතිතුමනි, සියල්ලන් ගැනම මේ වගේ කෙලින් තීරණ ගන්න ඔබතුමාට ධෛර්යය ලැබේවා! (නි)
නීතියක් නැති රටක්. (නි)
ගාමිණී-සිරි, හැමෝම ඔය වගේ හිතුවොත් සීගිරියත් හොද ගානකට දෙන්න පුලුවන්, කලු ගල් වලට.. (නි)
මේ විනාශ වෙන්න් ලංකාවේ උරුමයයි (දී)
කන්න දේවල් නැති වුනාම අන්තිමට මේ අය රටේ තියෙන ගලුත් ගිලිනවා (නි)
මම හිතන්නේ රටේ තියන සම්පත් ඔක්කොටම හිමියි. ඒත් ඒ සියල්ල ඔක්කොටම බුක්ති විදිය නොහැකියි. ඒත් පරිසරයට හානියක් නොවෙන අයුරින් කවුරුන් හෝ වේවා ප්‍රයෝජනයක් ගත්තට කමක් නැහැ. (නි)
ගාමිණී වැනි දේශපාලකයන්ට කඩේ යන්නන් නිසයි මිළ කළ නොහැකි අපේ සම්පත් වැනසෙන්නේ. (නි)
ගාමිණී-සිරි,මේ ඔයාටයි ... මට ඔයවගේ කෙනෙකුට ආමන්ත්‍රණය කරන්න ඕනෑ ආකාරයට ඇමතුවොත් ඔයාට අදින්න වෙන්නේ මල් මල් චීත්ත රෙද්දක් . හොදේ . (නි)
දේශපාලකයෝ ඉන්නේ රට හදන්නද? කන්නද? (ත)
එතකොට රටට විදේශ විනිමය ලැබෙන මැණික්,මිනිරන්,ඛනිජ වැලි ,පොලව යටම තියන්නද කියන්නේ? පොස්පේටේ වලින් නම් පොහොර හදන්න හරි ගන්න පුළුවන්. කකුල් කැපෙන තිරිවාන ගලින් මේ රටේ මොන වැඩේද කරන්න පුළුවන්? රට ඉඳන් පුරසාරම් ගහන අයට බැරියෑ එහෙම නම් ආයෝජකයින් ටිකක් අල්ලාගෙන තිරිවානා ගලෙන් රොබෝ,පරිගණක උපාංග කම්හලක් දමාගෙන ,මෙහෙ නිපදවන්න. අපේ රටේ ගල්කොරියක් දමන්න ගියොත් පෙත්සම්.වැලි ගොඩ දමන්න ගියොත් පරිසරය.ගෙදර වත්තේ කොස් ගහ ඉරා ගන්න බැහැ බත්ගහ.ගමේ ගොඩේ දුප්පත් මිනිහෙක් ගෙයක් දොරක් හදාගෙන ඉවරයි සම්පත් ගණන් නිසා.සදාකාලිකව පොල් අතු පැලේම හිටවන්න හදපු නීති. (නි)
දේශපාලනඥයන්ට මොකටද නීතියක්? (ත)
ඉතින් පුළුවන් ලංකාව දියුණු කරන්න (දී)
ලංකාව ආසියාවෙන් මුල් තැනට ගන්න බැහැ මෙහෙම වැඩ වුනොත් නම් (දී)
දඩුවම් දෙන්න මේවගේ වැඩ වලට (දී)
නම කියන්න බයද? (දී)
සරත්, ඔබ හරි (නි)
පාරිසරික බලපෑම් පිලිබඳ වාර්තාවක් නැතත් දැනටමත් සිදුකර තිබෙන පරිසර හානිය ඉතා පැහැදිලියි. පුංචි රටක් වන ලංකාව ලෝකයේ බැබලෙන්නේ දැකුම්කලු පරිසරය හා වන ජීවීන් නිසා මිසක් තැන තැන පිහිටි කුඩා ඛනිජ නිධි නිසා නොවේ. අමුද්‍රව්‍ය වශයෙන් මෙවැනි ඛනිජ අපනයනය කිරීම නිසා රටට සිදුවන පාඩුව ඉමහත්. මෙවැනි අත්තනෝමතික ක්‍රියා අනාගත පරම්පරාවලටත් බලපාන අනිසි ප්‍රතිපල ගෙනදෙන බැවින් අකටයුත්තක් සිදුවී තිබේද යන්න විමර්ශනයට පරීක්‍ෂණයක් පැවැත්විය යුතුයි. (අ)
මුතු ඇටයක් කියාලා හදුන්වපු රට අප්පාලා පුතාල එකතුවෙලා පුළුවන් තරම් ඉක්මනින් කලා දාපල්ලා. ඉතිරිවෙන කෙනෙකුට පස් හරි කාලා නිදහසේ ඉන්න?(නදී)
තිරුවානා ගල් රටේ සෑම තැනම තියෙනවා .ලංකාවේ ඛනිජ සම්පත් පොළොවට වැලලී තිබීමෙන් ඇති ප්‍රතිඵලය කුමක්ද?මෙම නිධියක් ගොඩ ගැනීමෙන් ,රැකියා කොපමණ ලැබෙනවාද?අපනයනයනය කලොත් විදේශ විනිමය කොපමණ රටට ලැබෙනවාද? මොන පුතා කලත් මෙය නම් ඉතාමත් හොඳ දෙයක්.වහාම උදව් කිරීම රජයේ වගකීමක්!!. (අ)
මේ අයට ඡන්දය දෙන අයට හොද පාඩම්.(නදී)
මේ සරත් දෝ ට බොහොම ලොකු අමාරුවක් තියෙන බව මෙයා දාන ප්‍රතිචාරවලින් පේනවා.(නදී)
කුම්බලා මාලු කැවා නම් දුක් විදින්න වෙනවා.(නදී)
පෙරේරා මහත්තයා, මට නම් කිසිම අමාරුවක් නැහැ.මට ඔලුවේ අමාරුවක් තිබ්බා නම් රටවල් වලට ඇවිල්ලා දුක් විදලා පවුල් රකින්න ඕනෑ නැහැ. දේශපාලකයෙක් පස්සේ ගියා නම් ඔක්කොම කරගන්න තිබුනා.කට්ටිය හිතට එන දේවල් කියනවා වෙන මුකුත් ඕනෑ නැහැ. (නි)
සරත් ඩූ, මතක ඇතිනේ පහුගිය පාලකයෝ කොච්චර ආදරෙන් රට පාලනය කළාද කියලා.ජනාධිපතිතුමා යුද්දේ නැවැත්තුවේ නැත්නම්, ඔය තිරුවානා නිධිය හාරන්නේ ප්‍රභාකරන්ගේ පුතාලා (නි)
රටම කනවා මෙයාල (අ)
මේවා තමයි කියන්නේ තමන්ගේ අතින්ම තමන්ගේ බෙල්ල කපා ගන්නවා කියලා (දී)
කාලකන්නි දේශපාලකයෝ සහ උන්ගේ සෙරප්පු ලෙවකන්නෝ තමා මේ රට විනාස කරන්නේ.(නදී)
මේ හොරු ඉන්නාතුරු රට පෙරට නොව අපරටය (නි)
දේශපාලන පුතා මහතාණනි, තිරුවානා ගල් හාරන ගමන් බලන්න වට පිටාවේ නිධන් එහෙම තියනවද කියල, බැකෝ යන්ත්‍රයක් තියෙන නිසා තවත් පහසුයි වැඩේට.(නදී)
තාත්තලා ගුරුවරු දණ ගස්සනකොට පුතාලා තිරුවනා නිධි ගිලින එක මහ දෙයක්ද? (නි)
ගාමිණී-සිරි ඔබ කාගේ පුත්‍රයෙක්ද? රටේ සම්පත් එක එක්කෙනාගේ පුතාලගේ බූදල් නොවන බව මතක තියාගන්න. (නි)
මේ වගේ දේවල් ලෝකේ වෙන රටවලත් වෙනවා කියලා වතාවකුත් කිවුවා නේද? අපි කරබාගෙන ඉන්න පුරුදු වෙමු. (නි)
මෙයාලගේ නම් ගම හෙළිකරන්න රටට දැනගන්න. එහෙම නැතුව අර පුතෙක් මේ පුතෙක් කිව්වට අපි දන්නෙ නැහැනේ. යහපත් දෙය දකින්න ලැබේවා! (නි)