IMG-LOGO

2024 නොවැම්බර් මස 02 වන සෙනසුරාදා


‘‘දේශබන්දු, තනතුරට නොගැලපෙන දෙයක් කරලා‘‘-එජාපෙන් නිවෙිදනයක්

(අංජුල මහීක වීරරත්න)

මාධ්‍යවේදී තරිඳු ඉරංග ජයවර්ධන මහතා ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ බෙදාගන්නා ලද ප්‍රවෘත්තියකට බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පසුගිය 01 දා දැක්වූ ප්‍රතිචාරය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකුට නොගැලපෙන්නක් හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

මේ සිද්ධිය සම්බන්ධයෙන් ගොනු කර ඇති පැමිණිල්ල වෙනුවෙන් සෘජුව මැදිහත්වී ඔහුගේ ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කරන මෙන් පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාගෙන් ඉල්ලා සිටින බවත් හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

නිදහස් අදහස් ප්‍රකාශ කරන මාධ්‍යවේදීන් මෙන්ම සමාජ මාධ්‍ය පරිශීලකයන් පසුගිය කාලය පුරාම රාජ්‍ය තන්ත්‍රය වෙතින් හා උසස් පොලිස් නිලධාරීන්ගේ දෝෂදර්ශනයට ලක්වූ ආකාරයත්, ඔවුන්ට වක්‍රාකාරයෙන් තර්ජනය කරන ආකාරයත් ගැන දිගින් දිගටම නිරීක්ෂණය කළ බව සඳහන් කරන විජයවර්ධන මහතා මාධ්‍යවේදීන්ට හා සමාජ මාධ්‍ය පරිශීලකයන්ට අදහස් ප්‍රකාශ කිරීමට ඇති නිදහසට එල්ලවන බාධාවන් පක්ෂයක් ලෙස තරයේ හෙළා දකින බවද සඳහන් කරයි.

"මෙය ජනාධිපතිවරයා හා ආණ්ඩුව වහාම මැදිහත්ව නිවැරදි කළ යුතු කාරණයකි. එසේ නොකර මාධ්‍යවේදියා ගේ පන්හිඳ නිදහසේ හැසිරවීමට බාධා කරන්නේ නම් අපි ඊට එරෙහි වන්නෙමු.එම නිසා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ,මහජන ආරක්ෂක ඇමති රියර් අද්මිරාල් සරත් වීරසේකර, ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහත්වරුන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම කාරණය පිළිබඳව විධිමත්, අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා භාෂණයේ නිදහස ආරක්ෂා කිරීමට කැපවන ලෙසයි යනුවෙන්ද විජයවර්ධන මහතා සඳහන් කරයි.

 



අදහස් (6)

‘‘දේශබන්දු, තනතුරට නොගැලපෙන දෙයක් කරලා‘‘-එජාපෙන් නිවෙිදනයක්

siripala Sunday, 04 July 2021 06:17 PM

බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා නිදහස් මාධ්‍ය සඳහා කරන්නා වූ හිරිහැර නිසා රජය අපහසුතාවයට පත්වේ. එපමණක් නොව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මෙසේ කරනුයේ ඉහළ දේශපාලන නායකයින්ගෙන් ලකුණු දමා ගැනීමට වන්නට ඇත. නමුත් සිදුවන්නේ රටේම ලකුණු කැපී ජාත්‍යන්තරය ලංකාවට බලපෑම් එල්ල කිරිම වේ. ජනමාධ්‍යට හිරිහැර කොට රටක් පාලනය කිරීමට නොහැක.

:       1123       1070

රමණීMonday, 05 July 2021 09:57 AM

දැන් ඉන්න කට්ටිය වැඩ ඉගෙන ගත්තේ 1980 ගණන්වල වැඩ පෙන්වපු රොනී ගුණසිංහ (රිචඩ් ද සොයිසා ඝාතනය) සහ ප්‍රේමදාස උඩුගම්පොල (සියලුම ජේවීපී සහ පෙරටුගාමීන් දැන් සාදරයෙන් පිළිගන්න ශානි අබේසේකර මහතාගේ මාමා) වැනි උතුමන්ගෙන්... ඉතින් ඔහොම තර්ජනයක් කරලාවත් නවතිනවා ඇති. මම මේ දේශබන්දු හොඳයි කියනවා නෙවෙයි. නමුත් මේ අයගේ හැසිරීම් රටාව ඔහොම වුණේ ඔවුන්ගේ ලොක්කන් හැසිරුණු නිසා බවත් අපි අමතක නොකරමු...

:       1       0

Sri Lanka Sunday, 04 July 2021 07:20 PM

කවුද ලංකාවේ හරි වැඩක් කළේ..? එහෙම කළා නම් මෙහෙම වෙන්නේ නැහැ.

:       695       551

Rata Perata Monday, 05 July 2021 12:38 AM

ත්‍රස්තවාදියකුට කරපු දේ මිනිස්සුන්ට කරනවා කියලා තර්ජනය කරපු මෝඩ පාලකයෙක් ඉන්න රටක, මේ වගේ ඒවා තමයි වෙන්නේ.

:       0       0

susil Monday, 05 July 2021 04:31 AM

කොටුව පොලිසියේ ට්‍රැෆික් රාලහාමි කෙනෙක් වෙලා හිටපු කාලේ ඔය දේශබන්දු මිනිස්සුන්ගෙන්, සිගරට්, ප්ලේන්ටි වගේ දේවලුත් අල්ලස් විදිහට අරගත්තා...

:       0       0

යාපා Monday, 05 July 2021 10:17 AM

ඕන බොරුවක් කියන්න පුලුවන් කියලාද කියන්නේ... එතකොට මිනිස්සු ඇත්ත දැනගන්නේ කොහොමද?

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොටියාගල ජල ටැංකියට ජලය ගෙනයන ඇළේ මළ සිරුරක්
2024 නොවැම්බර් මස 02 433 0

බගවන්තලාව පොලිස් වසමට අයත් කොටියාගල තේ වත්තේ වතු කම්කරුවන් පානිය ජලය ලබා ගන්නා ජල ටැංකියට ජලය රැගෙන යන ජල ප්‍රවාහන පද්ධතියේ ආරක්ෂිත දැලේ තිබි නාදුනන ප


ලොරියක් සහ වෑන් රියක් ගැටී අයෙක් මරුට
2024 නොවැම්බර් මස 02 196 0

හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ නානුඔය රදැල්ල කෙටි මාර්ගයේදි වෑන් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණලා ගැටිමෙන් සිදු වු අනතුරකින් වෑන් රථයේ ගමන් ගත් එක


කොටුව - කන්කසන්තුරේ නගරාන්තර දුම්රියක් අද සිට
2024 නොවැම්බර් මස 02 456 0

කොළඹ කොටුව - කන්කසන්තුරේ අතර නගරාන්තර දුම්රියක් අද (2) සිට ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.


පළාත් රැසක අද තද වැසි සහ සුළං
2024 නොවැම්බර් මස 02 316 0

දිවයිනේ බොහො ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්වය තවදුරටත් පවතින බැවින් අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අව


හෝටල්වල පාටි දැමූ අයගේ මන්ත්‍රී පට්ටම් අහෝසියි ?
2024 නොවැම්බර් මස 02 2749 2

ජනතාව දහස් ගණනින් තරු හෝටල් වලට කැඳවා සංග්‍රහ කළ අපේක්ෂකයන් මන්ත්‍රීවරුන් ලෙස පත් වුවහොත් ඔවුන්ගේ එම මන්ත්‍රී ධූර ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දීමෙන් අහ


සෝඩියම් එන්නත් හිඟයෙන් දොස්තරලා අමාරුවේ
2024 නොවැම්බර් මස 02 723 1

වකුගඩු රෝග, පාලනය කළ නොහැකි දියවැඩියාව, දැඩි විජලනය වැනි රෝගවලින් පෙලෙන රෝගීන්ගේ සංකූලතා පාලනය කිරීමට භාවිත කරන සෝඩියම් බයි කාබනේට් එන්නත් හිඟයක් බව ස


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 333 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1186 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 654 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site