මෙරට යුද්ධයේදී සිදුවූ බව කියන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් සිදු කෙරෙන දේශීය පරීක්ෂණය සඳහා විදේශීය විනිසුරුවන් යොදා ගැනීමට බල නොකරන බව මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු සඳහන් කර සිටී.
එසේම එම දේශීය පරීක්ෂණය විදේශීය විනිසුරුවන්ගේ සහභාගීත්වයෙන් හෝ ඉන් තොරව හෝ අපක්ෂපාතී ලෙස පැවැත්විය යුතු යැයි ද මානව හිමිකම් මහකොමසාරිස්වරයා පෙන්වා දී ඇත.
රොයිටර් පුවත්සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මානව හිමිකම් මහකොමසාරිස්වරයා මෙම අදහස් දැක්වීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මානව හිමකම් මහකොමසාරිස්වරයා කියා සිටියේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී සම්මත කර ගැණුන ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාව ක‍්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් සහ ශ්‍රී ලංකා සංචාරයේදී ඇගයීමක් සිදු කළ බවය. එසේම මෙරට යුද්ධයේදී යුද අපරාධ සිදුවීද යන්න ගැන ස්වාධීනව සහ අපක්ෂපාතීව සිදුකළ යුතු බවද හෙතෙම පෙන්වා දුන්නේය.
පරීක්ෂණ සිදුකරන යාන්ත‍්‍රණය අපක්ෂපාතී හා ස්වාධීන නම් ඊට සියලූ සහයෝගයන් ලබා දීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය කටයුතු කරන බවද සෙයිද් අල් හුසේන් මහතා මෙහිදී කියා සිටියේය.කෙසේ වෙතත් පෙර සඳහන් කළ පරිදි දෙමුහුන් වර්ගයේ යාන්ත‍්‍රණයක් පිළිබඳ තමන් දැඩි කැමැත්තකින් සිටින බවද හෙතෙම මෙහිදී පෙන්වා දී ඇත
නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකොට පුද්ගලික සමාගම් දෙකකින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දහසක් මිලදී ගැනීමට පසුගිය රජයේ අමාත්
සේරුනුවර අධ්‍යාපන කොට්ඨාසයට අයත් සේරුවිල කාවන්තිස්ස ප්‍රාථමික විද්‍යාලයට අද (27) දහවල් වන අලියෙක් පැමිණ තිබේ.
ජපානයේ පාලක පක්ෂය වන, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා තෝරා ගැනීමේ ඡන්ද විමසුමින්, ෂිගුරු ඉෂිබා ජයග්‍රහණය කළේය. ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිව
රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් කොස්තාපල්වරයෙකුට අධිකරණයෙන් හිමිවන ත්‍යාග වවුචර් පත් අත්සන් කර ලබාදීම සඳහා මත්පැන් බෝතලයක්(ගල් අරක්කු බෝතලයක්) අල්ලසක් ල
ශ්‍රී ලංකාවට පැමිණීම සදහා මෙතෙක් අත්හිහිටුවා ’’ මාර්ගගත ක්‍රමයට වීසා බලපත්‍ර ’’ ( Online Visa ) ලබා දීම , යළි අද දින අලුයම 12.00 සිට ආරම්භ විය.
පිහිඹියගොල්ලෑව , පිනී ගමෙි පදිංචි විශ්‍රාමික හමුදා සෙබලකු සහාසික ලෙස ඝාතනය කර වැසිකිලි වලකට දමා ඇතැයි පොලීසිය කියයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
"දේශීය පරීක්ෂණ වලට විදෙස් විනිසුරුවන් යෙදවීට බල කිරීමක් නෑ"