
(අසේල පෙරේරා)
දූෂණ චෝදනාවලට ලක්ව සිටින්නේ යැයි කියන ඇමතිවරුන්ගේ ලැයිස්තුවක් මන්ත්රී නීතිඥ අජිත්පී පෙරේරා මහතා පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කළේය.
බිමල් රත්නායක කේඩී ලාල්කාන්ත වසන්ත සමරසිංහ සහ කුමාර ජය කොඩි යන අයට මේ චෝදනා එල්ල වී තිබෙන බව ඔහු ප්රකාශ කළේය.
කථානායකවරයා මුලසුනේ සිටින හෙයින් තමා මේ අවස්ථාවේදී ඔහු ගැන කතා නොකරන බව මන්ත්රීවරයා පැවසීය
මේ අතර අලුත් විශ්ව විද්යාල පනහ සෑදීමට මෙවර අයවැයෙන් එක සත පහක් හෝ වෙන්කර නැතැයි අජිත් පී පෙරේරා මහතා කීය.
එසේම අලුත් වැව් හාරසිය පනහ ඉදි කිරීමටද මුදල් වෙන් කර නැතිබව ඔහු සඳහන් කළේය.
අජිත් පී පෙරේරා මහතා කන්ටේනර් සිද්ධිය ගැන කතා කිරීමේදී බිමල් රත්නායක මහතා ඔහුට චෝදනා කිරීමෙන් සභාවේ උණුසුම් තත්ත්වයක් ඇතිවිය.
ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්රකාශනය පැත්තකට දමා ජනාධිපතිවරයා කටයුතු කරමින් සිටින බව මන්ත්රීවරයා චෝදනා කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd