(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවට වැළඳී තිබෙන දූෂණය වංචාව නාස්තිය නැමැති පිළිකාව සුව කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන අරඹමින් ජනාධිපති කාර්යාලයේදී පැවසීය.
ජනාධිපතිවරයා මෙසේ ද කීය.
මේ නව වසරක ආරම්භයයි.නව වසර සමඟ අපේ රට අලුත් පරිවර්තනයකට ලක්වෙනවා.මුළු දේශපාලන අධිකාරියම ඒ වෙනුවෙන් පෙනී සිටිනවා.අප මේ රට ගොඩනැගීම සඳහා අවශ්‍ය වන පදනම ගොඩ නගමින් සිටිනවා.
පවුල් වාදයේ බලය අසීමිත ලෙස ජනතාවට එරෙහිව උපයෝගී කර ගැනීම ආදී සියල්ල අහෝසි වෙනවා.ජනතා උවමනා සමග පෙළ ගැසුණු නව දේශපාලන සංස්කෘතියක් අප අරඹා තිබෙනවා.
අපේ ආර්ථිකය බංකොලොත් තැනකට වැටී තිබුණා.ආර්ථිකයේ මතුපිට තලයේ යම් ස්ථාවරත්වයක් ඇතිකර තිබෙනවා.ආර්ථික දේහයේ ගැටලුවලට විසඳුම් සෙවීම සඳහා මේ වසරේදී අප කටයුතු කරනවා.
අප විවිධ පන්නයේ ආරක්ෂක තර්ජන වලට මුහුණ දුන් රටක්.මේ වන විට ආරක්‍ෂාව ඉතා හොඳින් තහවුරු කරන්නට හැකි වී තිබෙනවා. අරුගම්බේ කේන්ද්‍ර කරගෙන ප්‍රහාරයක් ගැන තොරතුරු වාර්තා වුණා. ආරක්ෂක අංශ සක්‍රීයව වැඩ කොටසක් කළා.
එමෙන්ම අප ක්‍රමානුකූලව නීතියේ ආධිපත්‍යය රටේ ස්ථාපිත කිරීමට කටයුතු කර තිබෙනවා.අපරාධකරුවන් නීතියට උඩින් සිටින යුගයක් තිබුණා.ජනාධිපතිවරුන්ද ව්‍යවස්ථාව කඩා ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු දුන් අවස්ථා තිබෙනවා.ඒ නිසා අප නීතිය ආධිපත්‍යය යළි තහවුරු කිරීමට විශාල වෙහෙසක් ගන්නවා.
අල්ලස දූෂණ වංචාව නාස්තියක් රාජ්‍ය පුරාම පැතිරී තිබෙනවා.දූෂණය වංචාව නතර කරන්න විශාල වෙහෙසක් ගන්නට සිදු වී තිබෙනවා.නීතිපති දෙපාර්තමේන්තුව එය මැඩීම සඳහා අවශ්‍ය සහාය දෙනු ඇතැයි අප සිතනවා.
අරගල සමයේ මැයි නවය ගැටුම් වලදී ගිනිගත් සෙවනගල අනුන්ගේ ගෙදරකට වන්දි ගත් රාජපක්ෂ වරයෙක් ගැන ලැයිස්තුවක් ඉතා ඉක්මනට පැමිණීමට නියමිත බව ජනාධිපති අනුර කු
ආණමඩුව විවිධ සේවා සමුපකාරය ප්‍රධාන කාර්යාලය භූමියේ පැරණි ගොඩනැගිලි සහිත භුමියේ තිබු කොහොඹ ගස් විශාල සංඛ්‍යාවක් කිසිදු නිත්‍යානුකුල නොවන අයුරීන් ක
ඔක්ටේන් 92 සහ පෙට්‍රල් ඔක්ටේන් 95 යන ඉන්ධන වර්ග දෙකේම ලීටරයක මිල රුපියල් 10 බැගින් අඩු කළ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අද (31) පස්වරුවේ නිවේදනය කළේය.
‘ලාෆ්’ ගෑස් සමාගම අප්‍රේල් මස සිට කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 420කින් ඉහළ දමන බව එම සමාගම අද (31) පස්වරුවේ පැවසීය.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ’යුනෙස්කෝ’හි ඉහළ පෙළේ සමුළුවකට සහභාගී වීම සඳහා ප්‍රංශය බලා අද (31) පිටත්ව ගියාය.
මිනුවන්ගොඩ පන්සිල්ගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය පුනරුත්ථාපන මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබමින් සිටි තරුණයෙකු පහරදී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොල
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
‘දූෂණ පිළිකාව සුව කරනවා‘
sene Wednesday, 01 January 2025 10:18 AM
කියව කියව ඉමු. ජනතා වාදීන් ජනතාවට තවත් ජීවන පීඩනය වැඩි කරමින්, ජනතාවට නැති දේ තමන්ට ප්‍රතික්ෂේප කළ ඈයෝ , කෝ මේ ජනතාවාදය? ක්‍රමවේදයක් නැතිව ජීවිත ගෙවන්න තිබූ පොලිය 5% හ 10% ඉහළට, අපට ඉතිරිවන දේ දිවි නසාගැනීම පමණි.
MDD Wednesday, 01 January 2025 10:49 PM
අපි ඔබේ චේතනාව සාදරයෙන් පිළිගනිමු. නමුත් ඔබට දූෂණය තුරන් කිරීමට හෝ අවම කිරීමට ක්‍රියා පටිපාටියක් තිබේද යන්න අපට තේරුම් ගත නොහැක
Bunny Preena Thursday, 02 January 2025 09:40 AM
ප්‍රමාද වෙලා හරි මෙවැනි නායකයකු අප රටට පාලනය කිරිම සඳහා පත්වීම ගැන ශ්‍රී ලාංකිකයන් හැටියට අපි සියලු දෙනාම සතුටු වියයුතුයි
[email protected] Sunday, 05 January 2025 10:58 AM
මෙයා පරණ තැටියම කරකවනවා. කියව කියවා ඉන්නේ නැතිව සුවකරලා පෙන්නන්නකෝ. මෙයාව පච කීමේ තරගයට යවන්න හොඳයි..