යල් පැන ගිය පුස් කෑ සමාජයේ කොටසක් මැදමුලන විලාපයට එකතුවීම විහිළුවක් යැයි එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් කබීර් හෂීම් මහතා අද (02) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක දී කීවේය.
දූෂිතයන්ගෙන් ජනතාව ආරක්ෂා කිරීමට එජාපය නායකත්වය දෙන බව ද ඔහු කීවේය.
මාධ්‍ය හමුව පහත වීඩියෝවෙන්...



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් කතා ඇති. වැඩට බහිමු! (නි)
අපි ඔයාලට ඡන්දෙ දීලා වෙච්ච දේ දැක්කනේ. ඔයාලා දුෂිතයෝ ගැන කිය කියා මොනවද කළේ? (නි)
යහපත් අරමුණින් කරන සියළු දෑ සඵල වේ (නි)
වැඩ් නම් හොඳයි ඒත් ඉතින් ඕවා තමන්ගේ මහගෙදර සිරිකොතෙන්ම පටන් අරන් පෙන්නුවනම් අපිට පිළිගන්න පුළුවන් (බ)
මහා බැංකු මහා මංකොල්ලය ගැන මොකද කියන්නේ ලේකම්තුමා? (ම)
ඒක පෙනෙනවා අපිට දින 100 ට කළදේවල් බැලුවහම. (නි)
හැම කෙනාම කියන්නේ ඔයදේමයි. නමුත් අවසානෙදි වෙන්නේ ඔය කියන එකේ විරුද්ධ දෙයනේ! (නි)
දුෂිතයින්ට උපරිම දඬුවම් දෙන්න (නි)
අපේ සම්පූර්ණ සහයෝගය දෙනවා (නි)
දුෂණයෙන් තොර දේශපාලන පක්ෂ කියන්නේ පරිප්පු නැති හෝටල් වගේ. ඒකනේ දියුණු බටහිර රටවල හෝටල් වල පරිප්පු නැත්තේ. (නි)
හොඳ දේවල් වලට අපිත් මුළු හදවතින්ම සහයෝගය දෙනවා (නි)
ඉතින් ඔය වැඩේ ගෙදරින්ම පටන් ගන්න පුළුවන්නේ? අර මහා බැංකුවේ කෝටි ගණන් ගහපුවා ගැන කෝප් වාර්තාවෙන්ම පෙනෙනවා කවුද දූෂිතය කියල. (අ)
එජාපයෙන්ම පටන් ගත්තොත් තමයි හොඳ. (අ)
අපි යථාර්ථය තේරුම්ගත යුතුයි (නි)
ඇයි මේ මහින්ද මහත්තයට ඔයතරම් බය? මට නම් ඇතිවෙලා මේ අයගේ කතා අහලම දැන් (නි)
ජනතාව නියම උත්තරේ දෙයි ලබන ඡන්දෙදි. (ර)
දැන් ටොයියො ඕවට රැවටෙන්ටනේ නෑ... (ර)
දැන් මහින්දට බයවෙලා... (ර)
ඔහොම කියන එක අපිට නම් පුදුමයක් නෙමෙයි (නි)
රට රකිනවා නම් හොදයි.ඒත් වැරැදි කරුවන්ට දඩුවම් ලබා දෙන්න.(හේ)
දූෂිතයින්ගෙන් රට රකින්න පුළුවන් නම් ඒ හොඳටම ඇති (නි)
මට නම් මේ අයගේ කතා අහලාම ඇතිවෙලා දැන් (නි)
මොනවාහරි කරලා කමක් නැහැ,යහපත් දේශයක් ගොඩනැඟෙනවා නම් (නි)
අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
ඔබ ජන හදවත් දිනූ නායකයෙක් (නි)
බොහොම හොඳ පරමාර්ථයක් (නි)
ඔය හැමදෙනාම අද පාරේ බැහැලා යන්නේ මහින්දට පින්සිද්ධ වෙන්න.ඒක රටේ ජනතාව දන්නවා (නි)