‘‘මම දෘෂ්‍යාබාධිතයෙක්. දෘෂ්‍යාබාධිතයෙකු කියන්නේ ඇස් දෙකක් නැති කෙනෙකුටයි. නමුත් මම කියන්න කැමතියි මට ඇස් දෙකක් තිබෙනවා. ඒ තමයි මගේ පෙම්වතිය. ඇගේ නම ඩිලානි බුද්ධිකා. ඇය මට හමුවන්නේ විශ්ව විද්‍යාලයට ගිය අලුත. අපේ වසරේමයි. අපි එකට ඉගෙන ගත්තේ. මා වගේ නොවෙයි ;ඇයට ඇස්පෙනීම තිබෙනවා. මගේ ඇස් පෙනෙන්නේ නෑ කියා ඇගෙන්වත් ඇගේ පවුලේ අයගෙන්වත් කිසිම බාධාවක් වුණේ නෑ. මට පොතක් කියවන්න උවමනා වූ විට ඇය තමයි මගේ පුස්තකාලය වුණේ. ඕන පොතක් මට පටිගත කර දෙන්නේ ඇයයි. කොහේ යන්න අවශ්‍ය වුවහොත් මට ආලෝකය වූයේ ඇයයි. ඇයට ප්‍රථම පන්තියේ සාමාර්ථයක් ගැනීමට තිබූ අවස්ථාව කැප කරමින් මට ප්‍රථම පන්තියේ සාමාර්ථයක් ගැනීමට උදව් කළා.‘‘ යැයි දෙබරවැව ජනාධිපති විද්‍යාලයයේ ගුරුවරයකු ලෙස කටයුතු කරන සංඛ හසින්ත (29) මහතා කීවේය.
දෘෂ්‍යාබාධිතයකු වන ඔහු කොළඹ විශ්ව විද්‍යාලයයේ අධ්‍යාපනවේදී උපාධි ධරයෙකි.
ඇස් නොපෙනුන ද උත්සාහයෙන් ඉගෙනීම් කටයුතු කළ ඔහු ඉංග්‍රී මාධ්‍යයෙන් අධ්‍යාපන කටයුතු සිදු කර ගෞරව උපාධිය හිමි කර ගන්නේ ප්‍රථම පන්තියේ සාමාර්ථයක් ද සමගිනි.
ලියනආරච්චිගේ දොන් සංඛ හසන්තගේ පියා බන්ධනාගාර නියාමකවරයෙකු ලෙස සේවය කළේය. මව රැකියාවක් නොකළ අතර දරුවන්ගේ වැඩ කටයුතු කළාය. සංඛට සහෝදරයෙකු ද සිටියි.
බදුල්ල උව මහා විද්‍යාලයයෙන් ද, තංගල්ල ප්‍රාථමික විද්‍යාලයයෙන්ද, තංගල්ල මහා විද්‍යාලයයෙන් සහ බදුල්ල ධර්මදූත මහා විද්‍යාලයයෙන් මූලික අධ්‍යාපනය සිදු කළේය.
හොඳන් ඇස් පෙනීම තිබුණත් හදිසියේ 2002 වසරේ සි ඇස් පෙනීම ක්‍රම ක්‍රමයෙන් අඩු වී ඇත්තේ රෙටිනයිටිස් පිග්මෙන්ටෝසා රෝගය නිසාය. ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ දෙවරක් කළත් පෙනීම නැතිවී ගිය නිසා අධ්‍යාපන කටයුතු හරි හැටි කර ගැනීමට නොහැකි වූ ඔහු තෙවැනි වර කලා අංශයෙන් උසස් පෙළ ලියා විශ්ව විද්‍යාල සුසුදුසක් ලැබීය.
ඉංග්‍රීසි පාඨමාලා, පරිගණක පාඨමාලා හැදෑරු සංඛ බ්‍රේල් ක්‍රමය ද ඉගෙන ගත්තේය.
තමා මුහුණ දුන් අත්දැකීම් ගැන සංඛ මෙසේ කීවේය.
‘‘ කුඩා කළ මට හොඳින් පෙනීම තිබුණා. 2002 වසරේ දි රාත්‍රියට පෙනීම අඩු වුණා. ඉන් පසු මා බදුල්ල රෝලට ගොස් වෛද්‍යවරුන් මුණ ගැහුනා. මට වැළඳී ඇති රෝගය රෙටිනයිටිස් පිග්මෙන්ටෝසා බව වෛද්‍යවරුන් හඳුනාගත්තා. දෘෂ්ඨි විතානයේ අබාධයක් නිසා ක්‍රම ක්‍රමයෙන් පෙනීමේ තත්ත්වය අඩු වීම තමයි රෝගයේ ලක්ෂණය. 2002 වසරේ දී අඳුරට පමණක් නොපෙනීමේ තත්ත්වය එන්න එන්න වැඩි වුණා.
පන්ති කාමරයේ ඈත තියෙන කළු ලෑල්ල පෙන්නේ නැති වුණා. මම උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් කළේ. නොපෙනීමේ ප්‍රශ්නය නිසා 2005 සහ 2006 දෙවසරේ උසස් පෙළ විභාගයෙන් විශ්ව විද්‍යා අධ්‍යාපනය ලැබීමට සුදුසුකම් ලැබුණේ නෑ. ඉන් පසු මොනවා කරන්නද කියා මට හිතා ගන්න බැරි වුණා.
2008 දී මම ඉංග්‍රීසි ඉගෙන ගන්න උත්සාහ කළා. 2008 පෙබරවාරි මාසයේ මම ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයයේ ඉංග්‍රීසි සහතික පත්‍ර පාඨමාලාව හදාරන්න ගියා. එතැනදි මුණ ගැහුනා අබේවීර කියා කථිකාචාර්ය කෙනෙක්. අධයාපනයේ ඇති වටිනාකම ගැන ඔහු මට ලොකු පෙළඹවීමක් කළා. එම වසරේම ජූලි මාසයේ බදුල්ල කාර්මික විද්‍යාලයයට ගිහින් තවත් ඉංග්‍රීසි පාඨාමාලාවක් හැදෑරුවා. සබරගමු විශ්ව විද්‍යාලයයේ ඉංග්‍රීසි ඩිප්ලෝමා පාඨමාලවත් හැදෑරුවා.
ඒ කාලයේ මං කල්පනා කළා කලා අංශයෙන් උසස් පෙළ කරන්න. ඩිලාන් නලීන් කියන මල්ලි මට ඇහෙන්න පොත්පත් කියවන්න ඉරිදිපත් වුණා. 2009 වසරේ මම විශ්ව විද්‍යාල සුසුදුකම් ලැබුවා.
2010 වන විට ඇස් පෙනීම බොහෝම දුර්වල වුණා.. විශ්ව විදයාල සුසුදුකස් ලැබීමත් සමග මා ලොකු ගැටළුවට මුහුණ දුන්නා සාමාන්‍ය ආකාරයෙන් පොත් පත් වැඩ කරන එක ගැන. බ්‍රේල් ඉගෙන ගන්න බණ්ඩාරවෙල සුදර්ශි පාසලට ගියා. බ්‍රේල් ලිවීම ඉක්මණින් ඉගෙන ගත්තත් කියැවීම අපහසු වුණා. ඉන් පසු පරිගණක ඉගෙන ගන්න යොමු වුණා. කථන මෘදුකාංගයක් (ස්ක්‍රීන් රීඩිං සොෆ්ට්වෙයාර්) ආදාරයෙන් මා පරිගණකය භාවිත කරනවා. කොළඹ විශ්ව විද්‍යාලයයේ පරිගණක උපදේෂකවරයකු වන අශෝක බන්දුල වීරවර්ධන මහතාට දුරකතනයෙන් කතා කර මගේ ගැටළුව කී විට ඔහු එම මෘදුකාංගය මට තැපෑලෙන් එව්වා.
ඇස් නොපෙනී යෑම මට ලොකු අබියෝගයක් වුණා. උත්සාහ වන්තයාට තමයි වාසනාවේ දොර ඇරෙන්නේ කියන දේ තමයි මා අදහන්නේ.
විශ්ව විද්‍යාලයට ඇතුළු වුණේ ශ්‍රාස්ත්‍රවේදී උපාදිය හැදෑරීමටයි. ළමයින් 600ක් අතරින් හොඳම 60 දෙනා අතරට මා තේරී පත් වුණා. ඒ අනුව අධ්‍යාපන පීඨයට තේරී අධ්‍යාපනවේදී උපාධිය හැදෑරුවා. ඉංග්‍රීසි මාධ්‍යයෙන් හැදෑරූ මා ප්‍රථම පන්තියේ ගෞරව උපාධියක් ලබා ගත්තා. 2015 අප විශ්ව විද්‍යාලයයෙන් පිරිනමන කනකරත්න සම්මානය මට හිමි වුණා.
සමාජ සංවර්ධන වැඩ වලට යොමු වූ මා අනිත් අය වෙනුවෙන් විවිධ වැඩසටහන් කරනවා කථන මෘදුකාංගය භාවිත කරමින් පරිගණකයේ වැඩ කරන ආකාරය ගැන පාසල් මට්ටමින් වැඩමුළු පැවැත්වුවා. රණවිරු සේවා අධිකාරිය සමග එක් වී දෘෂ්‍යාබාධිත රණවිරුවන්ට දින 10ක වැඩ සටහනක් කළා. දැනට දෙබරවැව ජනාධිපති විද්‍යාලයයේ ගුරුවරයකු ලෙස කටයුතු කරනවා. මා උගන්වන්නේ. ඉංග්‍රීසි විෂය.
උත්සාහ වන්තයාට වාසනාවේ දොරටු ඇරෙන බව මා නැවත කියනවා. අධ්‍යාපන නිසා පුද්ගලයාට සමාජයේ ගෞරවය හිමි වෙනවා. අධ්‍යාපනය කියන රන් දොරෙන් උපරිම ප්‍රයෝජන ගන්න කියා තරුණයන්ට මා කියනවා.
මගේ බලාපොරොත්තුව ආචාර්ය උපාධිය හදාරා විශ්ව විද්‍යාලයක කථිකාචාර්යවරයකු වීමයි.
මගේ අම්මා, තාත්තා, මල්ලි, පෙම්වතිය ඇතුළු ඥාතීවන් සියලු දෙනා ආදරයෙන් මතක් කරනවා. මට මෙතෙක් අත දුන් ගුරුවරුන් බොහෝ ඉන්නවා. ඒ සියලු දෙනා බොහොම ගෞරවයෙන් මතක් කරනවා. ඔවුන් නිසා තමයි අද මා මේ තත්ත්වයෙන් ඉන්නේ.
මගේ ආදර සම්බන්ධතාවයට දැන් වසර පහක් පමණ වෙනවා. ඉදිරියේ දී අපි විවාහ වෙන්න බලාපොරොත්තු වෙනවා.‘‘


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාමත්ම ආඩම්බර හිතෙනවා ඔබ දේපොළ දකින විට. එකිනෙකාට අත්වැලක් වී ජීවත් වීමෙන් ඕනෑම ජයක් ලබාගත හැකි බව ඔප්පු කර පෙන්නුවා. ඉතාම සතුටුයි. (ර)
රත්තරන් නෙත් දෙකින් - සලා සිහිල් පවන්, ජීවිතේ ලසෝ තැවුල් - නිවන්න රත්තරන් (නි)
ඔබේ අනාගතය දියුණූ කරගන්නට ඔබට සුබ පතනවා (ම)
ජයවේවා !! ඔබට සියලු දෙවි පිහිටයි.(ම)
මම ඔබ ගැන ආඩම්බර වෙනවා (ම)
ඔබ අප හැමටම ආදර්ශයක් .ඔබ දෙපලට ජයෙන් ජය.(ම)
මේ උතුම් මිනිසා ඉදිරියේ මට මන් ගැන අවංකවම ලැජ්ජාවක් ඇති වුණා. මෙන්න නියම ආදරය කියන්නේ මේවට තමයි (ම)
ඔබ දෙපලට වාසනාවන්ත අනාගතයක් වේවා! දීර්ඝායු ලැබේවා! ඔබ උතුම් කාන්තාවක් (ම)
ඔබගේ දක්ෂකම සහ පසුනොබසින උනන්දුවත්, ඇයගේ කැපකිරීමත් ඉහළින්ම අගය කරමි. සුබ පැතුම්! (ර)
මුළු මහත් සමාජයටම ආදර්ශයක් , හිතේ සවියෙන් අරමුණ ජයගත් ඔබට මගේ ප්‍රණාමය , වගේම ඔබේ දිවිගමනට අත් වැලක් වෙන මේ ආදරණිය නැගණිය සමස්ත ස්ත්‍රී වර්ගයාටම ආලෝකයක් ආඩම්බරයක් ගෞරවයක් , ඔබ දෙපොළටම වාසනාවන්ත අනාගතයක්. (ර)
සංකගේ ධෛර්යය සහ දිලානිගේ කැපකිරීම ලොවටම ආදර්ශයක්. ඔබ දෙපළට තෙරුවන් සරණයි (ම)
ජීවිතය ජයගන්න ඔබට තව තවත් ශක්තිය ලැබේවා එකට හොද අත්වැලක් ඔබ ළඟ ඉන්නවා හදවතිමන්ම ඔබ දෙපලට වාසනාව ලැබේවා (ම)
මේවා තමයි නියම ආදර්ශමත් ප්‍රවෘර්ති කියන්නේ ! දෙපළටම සුබ අනාගතයකට සුබ පතනවා ! (ම)
මේ වගේ රත්තරන් නංගියෙක් මට හිටිය නම් ... අනේ මම එහෙම පිනක් ලබලා නැහැ .. ඔබට සුබ ප්‍රාර්ථනා කරනවා (ම)
පුතා, මෙය බුදු දහමේ ඉගැන්වීමේ එක ගුණයක්. එනම් උත්සාහය. බුදු හාමුදුරුවොත් උත්සාහයෙන් සසර ජයගත් කෙනෙක්. උත්සාහයට සියල්ල කළ හැක. (නි)
ඔයා සැම අතින්ම පරිපුර්නයි පුතේ. ඔයාල දෙන්නගේ අනාගතයට සුබ පතනවා.! (ර)
ඔබ දෙපලට දෙවි පිහිටයි (ම)
ඔබ දෙපළට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරමි .(ම)
කාලෙකින් කියවපු අනුවේදනීය නමුත් සතුටුදායක කතාවක්. ඔබ දෙපලට යහපතක්ම වේවා කියා පතමි. (ම)
මේවට අපිට කියන්න වචන නැහැ. අප ඉතාම දුප්පත්. ඔබල දෙන ආදර්ශය වටිනාකම කියලා නිම කරන්න බැහැ. (ර)
ඔයාට මේ ලෝකේ තව දිනන්න බැරි දෙයක් නෑ මල්ලි. (ර)
නොපසුබට උත්සාහයේ වීර්යෙන් ..අද ඔබගේ බලාපොරාත්තු මල් පල ගැනුනත් ඇස්වල නොපෙනීම මෑත කාලයේ සිදුවීමක් නිසා...දෙවිවරු වන් ආර්යුවේද වෙදදුරන් කෙරේ විශ්වාසය අත නොහැර සොයා බලන්න එවිට නැවතත් රටට වඩාත් හොඳ සේවයක් කිරීමට ඔබට හැකිවේවි...හැමදේම නොහැකි බව අමාරු බව පවසන සමහර කම්මැලි කුසීත...පුද්ගලයනට ...කදිම උදාහරණයකි ඔබ...ඔබ දෙපලගේ ආදරණීය එකතුව සැබෑ ආදරයට අමිල පාඩමකි ..... ඔබ දේපල ට ...දළදා සමිඳු පිහිට.. (ම)
ඔබ ධෛර්යවන්තයි. ඇය අවංකයි. ඔබ දෙපලට මගේ සුභ පැතුම්..! (ම)
ඔබට සුබ පතනවා පහනයි දැල්ලයි (ම)
උත්සාවන්තයා ජයගන්නවා. මාත් ජයවර්ධන පුර සරසවියේ අධ්‍යාපනය ලැබුවෙත්. කැලණි සරසවියේ මාස්ටර් උපාධිය කලෙත් කිසිම දෙයක් ඇහෙන්නෙ නැතිවයි. (ර)
අද ලංකාවේ උත්සහයක් නැතුව ජීවත්වෙන තරුණ පරපුරට හොද ආදර්ශයක්. හරිම සතුටුයි ඔබ ගැන. ඔබට වාසනාවන්ත අනාගතයකට සුභ පැතුම්...! (ර)
ඔබ දෙපල රුවෙන් වගේම හදවතිනුත් ලස්සනයි. ඔබලාගේ අනාගතය සාර්ථක වේවයි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ...! (ර)
ඔබ දෙපළගේ ජීවිත අතිසාර්ථක වේවා! (නි)
ඔබ සමස්ත රටටම ආදර්ශයක් (නි)
දෙවියනේ! මේක සනීප කරන්න පුලුවන් සිංහල වෙදකමක්වත් නැද්ද? (නි)
මගේ උණුසුම් සුබ පැතුම් ඔබ දෙපලට! සුබ ගමන් !!!! (නි)
ඔබ ඇස් පෙනෙන සියලු දරුවන්ට ආදර්ශයක් වේවා! (නි)
ඔබට සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා! (නි)
ඔයා ලස්සන බුද්ධිමත් තරුණයෙක්.ඔයාගේ සහකාරියත් ඒ වගේමයි. ඔයාලා දෙන්නට මම ආශීර්වාද කරනවා වාසනාවන්ත අනාගතයකට. (නි)
සංඛ හසින්ත මහතාණෙනි, කවදාවත් ඩිලානි බුද්ධිකා මෙනවියට දුකක් දෙන්න එපා. එයා ඔබට කොතරම් ආදරේද? (නි)
ඔබ දෙපල මගේ රත්‍රන් රටට, මහත් වාසනාවක්! ඒ වගේම බුද්ධිකා වැනි උතුම් දියණියක්, ලොවට බිහි කළ දෙමවුපියන්ට තිස්තුන් කෝටියක් දෙවි රැකවරණයි! ඔබ දෙපලගේ අදිටනින් මගේ පුංචි රට මුළු ලෝකයට විවර වේවා! (නි)
ඔබ දෙපලට වාසනාවන්ත අනාගතයක් වේවා! දීර්ඝායු ලැබේවා! ඔබ උතුම් කාන්තාවක් (නි)
සුබ අනාගතක් ඔබට! දෙවි පිහිටයි!! (නි)
මගේ සුබ පැතුම් ඔබ දෙපලට! (නි)
ඔබ දෙපළට සුබම සුබ අනාගතයක්! (නි)
ඔබ බොහොම උත්සාහවන්ත පුද්ගලයෙකි. ඔබගේ උතුම් පෙම්වතිය සසර පුරා ඔබ හා එන කෙනෙකි. දෑස් දෙකම හොඳින් පෙනෙන, තාරුණ්‍යයට හෙටක් දෙන්න වලිකන, එක එක පාට බලකායන් මෙහෙයවූ සමහරුන්ට වඩා ඔබ කෙතරම් උතුම් පුරුෂයෙක්ද? (නි)
ඔබ ගැන ආඩම්බර වෙනවා. අපේ දරුවන්ට ඔයා ලොකු ආදර්ශයක්. ඉතාම හොද පෙම්වතියක් ඔයාට හමුවෙලා තියෙන්නේ. එයාට මම සුබ පතනවා. දෙදෙනාගේම අනාගතයට සුභ පතනවා. බුදු සරණයි! (නි)
ඔබ දෙපලට යහපතක්ම වේවා (කෞ)
මම මේක කියෙවුවේ ඇස් වල කදුළු පුරවාගෙන. ඔබට ජය !!! (නි)
ඔබගේ දක්ෂකම සහ පසුනොබසින උනන්දුවත්, ඇයගේ කැපකිරීමත් ඉහළින්ම අගය කරමි. සුබ පැතුම්!!! (නි)
සුබ අනාගතයකට ආසිරි! (නි)
ඔබගේ ජීවිත කතාව ඉතා ආදර්ශවත්. සුබ අනාගතයක් වේවා ඔබ දෙදෙනාට. (නි)
ඉතාම සංවේදී, වටිනා, ආදර්ශමත් පුවතක්. ඔබ දෙපලට බුදු සරණයි..! (නි)
අපිට එකිනෙකාට උදවු කළ හැකි නම් මේ ලොව මොනතරම් සුන්දර වේද? (නි)
මෙන්න ඇත්තම දක්ෂයෝ. ධෛර්යවන්ත කොල්ලෙක් සහ අවංක කෙල්ලෙක්. හැමෝටම හොඳ ආදර්ශයක්. ජයවේවා...! (නි)
ඔබගේ නොපසුබට උත්සාහය බොහෝ ඇස් ඇති, එහෙත් ලෝකය නියම ලෙස නොදකින, ලැබෙන අවස්ථාවෙන් ප්‍රයෝජන නොගන්නා අයට ඉතා හොඳ ආදර්ශයක්. ඔබට හදවතින්ම සුබ පතමි. (නි)
ඔබ දෙපලට සියලු දෙවියන්ගේ පිහිට පතමි. (නි)
හරිම සතුටුයි. කට ඇරියොත් බවලතුන්ට වැරදි කියන සමහර පිරිමින් අතරේ තමන්ට සවියක් වෙන කාන්තාව ගැන හොඳ කියන නියම මහත්මයෙක්. ඔබට යහපත් අනාගතයක් පතමි. (නි)
සුභාසිරි පතමි සොදුරු ළඳුනේ, දිවි මඟ එකලු වන්නට! (නි)
ඔබ දෙපලට යහපතක්ම වේවා! (නි)