කොල්ලුපිටියේ කැසිනෝ සමාජ ශාලාවකින් එළියට එමින් සිටි චීන කතක බිය වද්දා අහසට වෙඩි තබා රුපියල් හතලිස් ලක්ෂයක් කොල්ලකෑ බව කියන රංග විමලවංශ රන් පදක්කම් ලාභී මළල ක්‍රීඩකයාට කොළඹ මහාධිකරණය අද ඇප නියම කළේය.
දස මාසයක් රිමාන්ඩ් භාරයේ සිටි ඔහුට රුපියල් තුන් ලක්ෂයක මුදල් ඇපයක් ද, රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් ද තබන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු එල් වයි ජයසූරිය මහතා නියම කළේය.
දකුණු ආසියා ක්‍රීඩා තරඟයෙන් මීටර් සියයෙන් ඔහු රන් පදක්කම දිනා ගත්තේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රන්දී, ඔය කැමරා වල තිබුණයි කියපු ඕවා ඇත්තද බොරුද? (නි)
මා සමග සත්‍යය දකින්න එකතු වීම ගැන ඔබට ස්තුතියි නෙයිල් ! (නි)
සත්‍යා ඔයා හරි. (ස)
රන් පදක්කම් නොවේ අපේ රටට ඉසුරු ගෙනාවත් මොකටද මේ වගේ අස්මත්ජති වැඩ කරන අයගෙන් (අ)
වැල යන දිහාවට මැස්ස ගහන රටක, රන් පදක්කම්ලාභී මලල ක්‍රීඩකයෝ විතරක් නොවෙයි මිනිසුන්ව සංසාරයෙන් එගොඩ කරන්න කොන්ත්‍රාත් ගත්ත අයත්, මිනිසුන්ට හොඳ ජීවිතයක් ලබා දෙන්න පොරොන්දු වෙමින් දේශපාලනයට පැමිණිලා අනුගමනය කරන්නේ එකම පිළිවෙතයි. එකම චින්තනයයි. (නි)
චීන කත කොහෙද දැන් එතකොට? (නි)
නුවන්,එහෙනම් ඔහු වෙනුවට තමුන් හිරේ තපින්න කැමතිද? (නි)
අන්තර් ජාතික මට්ටමේ ක්‍රීඩකයෙක් නම් විනය හා හැදියාව ඉහළින් තිබෙන්න ඕනෑ නේද? මෙයා එයාවත් විනාශ කරගෙන රටත් විනාශ කරලා (නි)
කූඩැල්ලෙක්ව මෙට්ටේ උඩ තියන්න බැහැනේ (නි)
පුදුම ක්‍රීඩකයෙක්නේ? (නි)
ක්‍රිකට් වලට ගෙවන වැටුප මලල ක්‍රීඩකයන්ටත් ගෙවනවනම් මේගොල්ලොත් මේවගේ වැරදි කරන එකක් නැහැ මගේ හිතේ? (දී)
අච්චර කැමරා වල තිබුණයි කියපු කෙනාටත් ඇප දුන්නනේ. (නි)
මොහුට සමාව දිය යුතුය.අපේ එකා අපිට වටිනවා. (ස)
ශක්තිය වගේම මොළෙත් තිබුනා නම්.. (ස)
මම හිතන විදියට මීටර් 100 නෙමෙයි, 400 වගේ. (ස)
ඇප දීම හා වැරදි කරු යනු දෙකකි. ඔහු තවම වැරදි කරු නොවේ.(නදී)
මෙයා උත්සාහ කරන්නේ මංකොල්ල කමෙනුත් රන් පදක්කමක් ගන්න වෙන්න ඇති. (ස)
අපේ රටේ නීතිය හරියට සිද්ධ වෙනව නම් මේ වැරදි වෙන්න තියෙන ඉඩ අඩුයි. දැන් පරක්කු වැඩියි. මිනිහෙක් මැරුවත් තුන්මාසෙන් එළියට එනවා.මේක පුදුම රටක්. (ස)
මීට කලකට පෙර රන් පදක්කම් ලාභියෙක් ඔරලෝසු වගයක් හොරෙන් ගෙනත් අපරාදේ ගෞරවය නැතිකර ගත්තා. මෙයත් තමන්ගේ කීර්තිය නැති කරගත්තු හැටි. එක අතකට කොරියාවට අර ගිය ක්‍රීඩකයෝ හොරෙන් පැනලා ගිහින් රටේම නම කාපු හැටි බලනකොට මේවට ටිකක් හරි සමාවක් දුන්න හැකි. (ස)
මෙයා මංකොල්ල කන්ඩත් රන් පදකම් ලාභියෙක් වගේ. නීතිය අකුරටම ක්‍රියාත්මක කරන්ඩ. රන් පදක්කමත් ආපසු ගන්නවද? පුන්රුතාපනය කරන්ඩ.(නදී)