(මොහොමඩ් ආසික්)
දිවයිනේ බොහෝ ප්‍රදේශයවල තව දුරටත් පවතින අධික වැසි හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක නවයක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 38 නිකුත් කළ නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය අද (12 ) සවස දක්වා බල පැවැත්වෙන බව එම සංවිධානය කියයි
ඒ අනුව, බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල,පස්සර, සහ හල්දුම්මුල්ල යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවලට පළමු මට්ටමේ නිවේදනයද, හාලි ඇල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය සඳහා දෙවන මට්ටමේ නිවේදනයද නිකුත් කර තිබේ.
කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට සහ හොරණ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා පළමු මට්ටමේ නිවේදනයද ඉංගිරිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය සඳහා දෙවන මට්ටමේ නිවේදනයද නිකුත් කර තිබේ.
මහනුවර දිස්ත්‍රික්කයේ මැදදුම්බර, උඩදුම්බර, ගඟවට කෝරළය උඩපළාත පාතදුම්බර, යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා පළමු මට්ටමේ නිවේදනයද යටිනුවර තුම්පනේ සහ පස්බාගේ කෝරළය යන ප්‍රා දේශිය ලේකම් කොට්ඨාස සඳහා දෙවන මට්ටමේ නිවේදනයද නිකුත් කර තිබේ.
කෑගල්ල දිස්ත්‍රික්කයේ ගලිගමුව සහ දෙහිඕවිට ප්‍රා දේශිය ලේකම් කොට්ඨාස සඳහා සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ මාවතගම රිදීගම සහ පොල්ගහවෙල යන ප්‍රාදේශය ලේකම් කොට්ඨාස සඳහා පළමු මට්ටමේ නිවේදනය නිකුත් කර තිබේ. මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල අඹන්ගඟ කෝරළය ලග්ගල පල්ලේගම සහ නාවුල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ මාතර දිස්ත්‍රික්කයේ කොටපොළ සහ පස්ගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා පළමු මට්ටමේ නිවේදනය නිකුත් කර තිබේ.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව,වලපනේ සහ හඟුරන්කෙත යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සදහා සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැළියගොඩ, කිරිඇල්ල, කුරුවිට,ඕපනායක,වැලිගෙපොළ,කලවාන සහ ඇලපාන යන ප්‍රා දේශිය ලේකම් කොට්ඨාස සඳහා පළමු මට්ටමේ නිවේදනයද බලංගොඩ සහ ඉඹුල්පේ යන ප්‍රා දේශිය ලේකම් කොට්ඨාස සදහා දෙවන මට්ටමේ නිවේදනයද නිකුත් කර තිබේ.
මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.
අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි
පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් කනිෂ්ක විජේරත්න මහතා එම ධූරයෙන් ඉල්ලා අස්විමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අද (07) භාර
වසර දහයක් තිස්සේ රජයට නොගෙවා පෙහැර හැරියේය කියන රුපියල් තුන් කෝටි විසිපන් ලක්ෂයක(32512815.56) වැට් බදූ මුදල ගෙවීමට වසර පහක සහන කාලයක් ලබා දෙන්නැයි පාදුක්ක ප්
මැදිරිගිරිය වටදාගෙය පූජාභූමියට කඩාවැදුණු වල් අලිඅලි රංචුවක් පූජාභූමියේ රෝහලේ ගල් කණු 2 කඩා තවත් ගල් කණු 4 පෙරලා දමා ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
දිස්ත්‍රික්ක 9කට නාය අනතුරු ඇඟවීම්