(අංජුල මහික වීරරත්න)

බන්ධනාගාර ගතවන භික්‍ෂූන් වහන්සේලා නඩු කටයුතු ආදිය සඳහා බන්ධනාගාරයෙන් පිටතට වැඩම කරවීමේදී චීවරය සහිතව වැඩම කරවිය යුතු යැයි බන්ධනාගාර ආඥාපනතේ නීති රෙගුලාසි සහ නිත්‍ය නියෝග යාවත්කාලීන කළ යුතු බවට අදාළ කමිටුව නිර්දේශ කර තිබේ.

බන්ධනාගාර ගත ගතවන භික්‍ෂූන්වහන්සේලා එලෙස චීවරය සහිතව පිටතට වැඩම කළ යුතු වන්නේ අදාළ නිකායේ හෝ පාර්ශවයේ නිර්දේශ මත බවද අදාල කමිටු නිර්දේශයේ සඳහන්ය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසූයේ අදාල අතුරු කමිටු වාර්තාව වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල් වෙත යවා තිබෙන අතර ඒ අනුව දැනට බලාත්මක නිත්‍ය නියෝග සංශෝධනය කර නව නිර්දේශවල සඳහන් ආකාරයට බන්ධනාගාර නිත්‍ය නියෝග සංශෝධනය කරන ලෙස උපදෙස් දුන් බවයි.