IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


දොස්තරගෙ කමිසය අස්සේ සර්පයෙක්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ බදුල්ල ශාඛාවේ ලේකම් දොස්තර පාලිත රාජපක්ෂ බදුල්ල මහ රෝහලේ විවේකාගාරයේ සිටිය දී අද අලුයම 12.30ට පමණ සර්පයකු කමිසයට රිංගාගෙන ඇතැයි රෝහල් ආරංචි කියයි.

‘මම වහාම සර්පයා (ලේ මාපිලා) බිමට දැම්මා. සෙරප්පුවෙන් ගැහුවා. සතා මැරුණා.‘ යැයි වෛද්‍යවරයා කියයි.

රෝහලේ වර්ජනයක් පවත්නා අවස්ථාවන මෙවැනි දෙයක් සිදුවූ නිසා රෝහල් අධ්‍යක්ෂ දයා ධර්මප්‍රිය මහතාට ද පැමිණිලි කළ බව දොස්තර රාජපක්ෂ කියයි. පරිසරවේදීන් පවසන්නේ ලේ මාපිලා සුළු විෂ සර්පයකු බවයි. දෂ්ට කිරිමේ දී සුළු ඉදිමුමක් පමණක් ඇතිවන බවත් ප්‍රතිකාර ගැනීම අනවශ්‍ය බවත් ඔවුහු කියති.

 



අදහස් (0)

දොස්තරගෙ කමිසය අස්සේ සර්පයෙක්

මොහාන් Monday, 05 May 2014 08:48 PM

හෙදියකගේ වැඩක්ද මන්දා මේක? (නි)

:       0       0

ලොක්කා Monday, 05 May 2014 09:01 PM

හිටපු සිස්ටර් කෙනෙක්ද කොහෙද ........ (දී)

:       0       0

පාල Tuesday, 06 May 2014 08:53 AM

සමහර දොස්තරලත් ලේ මාපිල්ලු වගේ තමා.. (නි)

:       0       0

කරු දහම්පති Tuesday, 06 May 2014 09:50 AM

කමිසෙට රිංගන්නේ කොහොම්මද ඕකා. කමීසය යට කරලනෙ තියෙන්නෙ. කර වටේට ටයි පටිය ඔතා ගෙන. කොහෙන්ද ඕකා ගියේ. හැගීම් දැනීම් නැති කෙනෙක් වෙන්ට ඇති එහෙනම්. (ස)

:       0       0

බන්දුල පෙරේරා Monday, 05 May 2014 09:51 PM

දොස්තරලා නර්ස්ල සුළු සේවකයෝ කොටින්ම කිව්වොත් සෞඛය ක්ෂේත්‍රයේ ඔක්කොම ලේ මාපිල්ලු වගේ තමයි.නර්ස්ලගේ වර්ජනයේදී දොස්තරලා මේ නර්ස්ලගේ වැඩත් එක්ක ඔක්කොම කරන්නේ ලෙඩ්ඩුන්ට තියෙන ආදරේට කරුණාවට කියල කව්රු හරි හිතනවානම් ලොකු වැරදීමක්.මේ සේරම කරන්නේ නර්ස්ලට මේක දිනන්න ඉඩ නොදෙන්න.නර්ස්ලට මේ ඉල්ලීම් දුන්නොත් එදාට මේ කට්ට්යගේ ඔය කරුණාව ආදරයට වෙන දේ බලන්න තිබුන..එදාට අද ලේ මාපිල්ලු වෙලා දාගලන නර්ස්ල ඔය දොස්තරලගේ වගේ ආදරෙන් කරුණාවෙන් ලෙඩ්ඩුන්ට සලකාවි.දොස්තරලා ලේ මාපිල්ලු වේවි. මේ ඔක්කොම කරන්නේ මාරුවෙන් මාරුවට අහිංසක රෝගීන්ගේ ලේ උරා බොන එක තමයි.(දී)

:       0       0

නිමල් Wednesday, 07 May 2014 08:17 AM

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පමණක් නොවෙයි මුළු රාජ්‍ය සේවයේ හැමතැනම මේ කාලෙ නම් ඉන්නෙ ලේ මාපිලුන් තමයි.ඒකට රට කරවන දේශපාලන මාපිලුන් එකතු වුණාම මාපිලුන්ගේ ශක්තිය හරිම වැඩියි.මේ දෙගොල්ලෝ එකතුවෙලා මහජනයාගේ ලේ බොන එක තමයි දැන් කරන්නෙ.ජනතාව වෘෂභ වෘතයෙන් ඉන්න කල් මේ ලේ බීම දිගටම කෙරෙයි. (නි)

:       0       0

වින්ද්‍යා Monday, 05 May 2014 11:43 PM

අනේ ඉතින් සතාට සර්පයාට උනත් අසනීප උනාම දොස් තර මහත්තෙයෙක් සොයාගෙන යනවනේ (ස)

:       0       0

ජයම්පති Tuesday, 06 May 2014 10:34 AM

අනේ මන්දා මේවා! (නි)

:       0       0

සිතුම් Monday, 05 May 2014 11:56 PM

මෙයාලට වඩා ලේ මාපිල්ලු තව කොයින්ද අහිංසක ලෙඩ්ඩු සුරන් කනවා මදිවට රෝහල් වල හෙදියන්ගේ සහ මිඩ් වයිෆ්ලා අතර ප්‍රශ්න ඇති කරලා අහිංසක මිනිස්සුන්ගේ ජීවිත බිල්ගන්න උඩ ගෙඩි දෙන්නේ දොස්තරලා. එයාලා ලේ මාපිලාම තමයි. (ස)

:       0       0

ලාල් Tuesday, 06 May 2014 12:46 AM

රබර් නයෙක් , රබර් නයෙක්.... (ස)

:       0       0

සත්‍යා Tuesday, 06 May 2014 01:49 AM

ඇත්තමයි. බන්දු හරියට ආණ්ඩුව වගේ ,ජනතාවගේ ලේ බොනවා .... (ස)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Tuesday, 06 May 2014 01:56 AM

මාපිලා සත්ව විද්‍යාත්මකව මරණීය ලෙස විෂකුරු සතෙක් නොවේ..බොහෝ විට සිදු වන්නේ පොළඟුන් හා කුනකටුවන් (පොලොන් විශේෂයක්)දෂ්ට කලවිට මාපිලෙක් යයි වැරදි නිගමනයකට පිවිසීමය් කරවලා නමැති සර්පයා නාගයන්ගේ විෂට සමාන විෂක් තිබුනද සම්මතයේ ඇත්තේ එතරම් විසකුරු නැති ලෙසය.(ස)

:       0       0

දොන් රොසාන් ද සොයිසා Tuesday, 06 May 2014 01:26 AM

සත්ව ඝාතනය හොද නැත. (ස)

:       0       0

මහගෙදර ඇඹිලිපිටිය Tuesday, 06 May 2014 02:57 AM

දොස්තර මහත්තය සෙරෙප්පුවෙන් ගහල මාපිලෙක් මරල. මම මේ ලඟදි කැරපොත්තෙකුට සෙරෙප්පුවෙන් ගැහැව්වා. ඌනම් මැරුනෙ නැහැ. (දී)

:       0       0

ප්‍රදීප් Tuesday, 06 May 2014 04:15 AM

දොස්තර මහත්මය හොඳ කෙනක් නම් පවු. තව පොඩ්ඩෙන් දෂ්ට කරනවනේ. හැබැයි දොස්තර සංගමය වර්ජනයක් කරන වෙලාවේ මැරුන ලෙඩෙක් මේ විදිහේ ආත්මයක් ලබලා වෙන්න පුළුවන්. මේ දිනවල හෙදියන්ගේ සුදු ගවුම අස්සෙත් මාපිල්ලු ඉන්න පුළුවන්.(හදවතේ ඇති විෂ ලේ උරාබොන්න ඇවිත්. ) (නදී)

:       0       0

ශෙහාන් Tuesday, 06 May 2014 11:32 AM

අනිවාර්යෙන්ම ඔය මාපිල ගෑණු සතෙක් වෙන්න ඕන. (ස)

:       0       0

බමුණු Tuesday, 06 May 2014 04:36 AM

එකම ගොඩට තව කෙනෙක් එක් උනා වගෙයි.(නදී)

:       0       0

බමුණු Tuesday, 06 May 2014 04:39 AM

"මම මේ ලඟදි කැරපොත්තෙකුට සෙරෙප්පුවෙන් ගැහැව්වා. ඌනම් මැරුනෙ නැහැ. " ඒකවත් හරියට කොර ගන්න බැහැ ඉතින් තව මොනවද? (නදී)

:       0       0

සුනිමල් පෙරේරා Tuesday, 06 May 2014 05:08 AM

අනිවාර්යයෙන්ම මලගිය හිටපු සෞක්‍ය සේවක සමිති නායකයේ වෙන්න ඕනේ. (නදී)

:       0       0

ලසන්ත Tuesday, 06 May 2014 05:34 AM

බන්දුල පෙරේරා හරි. දොස්තරලා තමයි ලංකාවේ වැඩිම වරප්‍රසාද ගන්න රජයේ සේවකයෝ. ඒ අය ළඟටවත් ළං වෙන්න කාටවත් බැහැ (නි)

:       0       0

ලංකා Tuesday, 06 May 2014 12:56 PM

සත්තු මරණ එක නම් හොද නැහැ (දී)

:       0       0

ඉෂාන් Monday, 05 May 2014 04:14 PM

ලේ මාපිලාත් මේ වෙලාවෙම රිංගපු එකනේ වැඩේ කියන්නේ.... (නි)

:       0       0

චන්ද්‍රා Monday, 05 May 2014 05:15 PM

අලුත් වැඩක් ,පහුගිය කාලයේ පාර්ලිමේන්තුවටත් ගියා , කල්පනාවෙන් කටයුතු කළොත් හොදා ,(දිල්)

:       0       0

පිටිගල Monday, 05 May 2014 05:25 PM

එතුමාට සතුරෝ ඉන්නවාද? සතුරෙක් මේ මාපිලා ගෙනත් දැම්ම වත්ද? මම දන්නා කෙනෙක් ගෙදර නැති වෙලේ ගෙට ජනෙලෙකින් පොළගෙක් දාල තිබුණා. අහල පහල කෙනෙක් දැකපු නිසා ගේ ඇතුලෙදි පොළඟ සොයා ගන්න පුළුවන් වුණා. භයානක මිනිස්සු සර්පයින්ට වඩා.(දිල්)

:       0       0

බන්දුල පෙරේරා Monday, 05 May 2014 05:47 PM

දොස්තරලා , හෙදියන්, සුළු සේවකයන් කොටින්ම කිව්වොත් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බහුතරය දැන් නම් ලේ මාපිල්ලු වගේ තමයි. (නි)

:       0       0

ලක්ෂණ Monday, 05 May 2014 05:50 PM

ලේ මාපිලා කෑවා නම්? සමහරවිට හෙදියන්ව සැකකරන්නත් බැරි නැහැ (නි)

:       0       0

තිලිනි Tuesday, 06 May 2014 07:05 AM

මේකට මොනවා කියන්නද? ලංකාවේ සර්පයෝ ඉන්නවා. ගම් පළාත් වල වැඩිපුර ඉන්නවා. මේක අරුමයක්ද? (නදී)

:       0       0

ගයාන් Monday, 05 May 2014 05:55 PM

දොස්තර මහත්තයාට මාපිලාගෙන් කිසිම කරදරයක් වුණේ නැහැ නේද? (නි)

:       0       0

ගැමී Tuesday, 06 May 2014 08:01 AM

දොස්තර මහත්මයා කරපු වැඩේ වැරදියි. තමන් ළඟට ආපු සර්පයා වුණත් අාවේ ඇයි කියලා අහන්නේ නැතුව මරපු එක හරි නැහැ. අනික වර්ජනයක් තියෙන වෙලාවේ ඌට වෙන බෙහෙත් ගන්න විදියක් නැහැනේ. නියම කෙනා ළඟටම යන්න ඕනෑ කියලා හිතන්න ඇති. මටත් දැන් බය හිතෙනවා ලෙඩකට බේත් ගන්න දොස්තර මහත්මයෙක් ළඟට යන්න. හැම රෝගියම දොස්තර මහත්මයාට ලේ මාපිලා වගේ පෙනේවි. (නි)

:       0       0

කමල් Monday, 05 May 2014 05:13 PM

ලේ මාපිලුන් රිංගන්න තිබුනේ අර වර්ජනය කරලා මහජනතාව අමාරුවේ දැමූ නර්ස් නෝනලාගේ ගෙවල් වලට. (නි)

:       0       0

මහේෂ් Monday, 05 May 2014 05:22 PM

සමහර දොස්තරලාත් හොදම මාපිල්ලු තමයි. අසරණ ලෙඩ්ඩුන්ගෙ ලේ උරා බොන්නෙ කිසිම ගානක් නැතුව. ඒ වගේම දැන් අසරණ රොගින්ව බිල්ලට දීලා උද්ඝෝෂණ කරන හැටි දන්නවානේ. (නි)

:       0       0

සංජය Monday, 05 May 2014 05:24 PM

මට නම් කියන්න දෙයක් නැහැ (නි)

:       0       0

ලලිත් Tuesday, 06 May 2014 07:28 AM

ලේ මාපිලාගේ සහෝදර සහෝදරියන් වර්ජනයට සහය දෙන්න එන්න ඇති. පව් අනේ මරලා දැම්මේ. අපරාදේ! (නි)

:       0       0

දාස Tuesday, 06 May 2014 08:16 AM

ලංකාවේ සමහර දොස්තරලාට වැඩිය ලේ මාපිල්ලු හොඳයි (නි)

:       0       0

කෞටිල Tuesday, 06 May 2014 08:17 AM

ලේ මාපිල්ලු සමහර ලේ වර්ග වලට බයයි. (නි)

:       0       0

භක්ති Monday, 05 May 2014 06:40 PM

නියම තැනටනේ බලනකොට මාපිලා ඇවිල්ලා තියෙන්නේ... (නි)

:       0       0

බිමල් Tuesday, 06 May 2014 07:43 AM

යන්තම් ඇති, අපේ බන්දුල පෙරේරා මහතා මහජනයා ගැන සිතන්න පටන් අරන්. එකත් එකටම වර්ජනය අතරේ රෝහල පැත්තේවත් ගියාද දන්නේ නැහැ. කඩේ යන ගමන් ලැබෙන පොඩි විවේකය හරි සාමාන්‍ය ජනතාව ගැන මෙහෙම සිතන්න කැපකරන එකට ස්තුතියි. (නි)

:       0       0

නිලංක Monday, 12 May 2014 12:58 PM

පව් සර්පයා. අසනීප වෙලා බෙහෙත් ගන්න දොස්තර ගාවට ආවද දන්නැහැ. (ස)

:       0       0

දොස්තර නිර්මාල් Tuesday, 06 May 2014 07:57 AM

දොස්තර මහතයෝ ඔය රුපවාහිනියේ ගිය නිරිසත්තු නාට්ටිය බැලුවේ නැද්ද ? මම මේ හොදින්ම දන්නා නිසා කියන්නේ. මැරුණම යන තැන දන්නවා නේද ? පරිස්සම් වෙන්න . පව් අහිංසක සතා.(නදී)

:       0       0

කලන Tuesday, 06 May 2014 03:49 PM

ඇති ඔයින් ගියා (දී)

:       0       0

නයනී පුංචිහේවා Monday, 05 May 2014 06:26 PM

පව්, මූහුණ බැලුවම පෙනෙනවා හොඳටම බයවෙලා බව. (නි)

:       0       0

සෑම් Monday, 05 May 2014 07:05 PM

ඔය නයාට යන්න තිබුණේ තංගල්ල ඝාතකයන් පරික්ෂා කළ අය ළඟට. සමහරවිට එයාලාට බයවෙලා මෙහෙ ආවද දන්නේ නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ඇමැති මණ්ඩලය
2024 සැප්තැම්බර් මස 24 1287 0

නව රජයේ කැබිනට් අමාත්‍ය මණ්ඩලය අද(24) පස්වරුවේ දිවුරුම් දුන්නේය.


අමාත්‍යංශ ලේකම්වරු 17ක් පත් කෙරෙති
2024 සැප්තැම්බර් මස 24 1766 0

ජනාධිපතිවරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරු දාහත් දෙනෙක් පත් කර තිබේ.


පොලිස් සහතිකයක් දෙන්න අල්ලස් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 24 455 0

අධිකරණයේ විභාග වන නඩුව ගැන සඳහන් නොකර පොලිස් සහතිකයක් ලබාදීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් 5000 අල්ලස්සක් ලබාගත්තේ යැයි කියන පොතුහැර පොලිසියේ සැරයන්වරය


ජනපති හෙට ජාතිය අමතයි
2024 සැප්තැම්බර් මස 24 3002 0

ජනාධිපති අනුර දිසානායක මහතා හෙට පස්වරු 7ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.


එජාප සන්ධානයට පොහොට්ටුව නෑ
2024 සැප්තැම්බර් මස 24 2430 0

එක්සත් ජාතික පක්‍ෂය ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරමින් ගොඩනඟන සන්ධානයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකතු නොවන බව එම පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක


සජසයේ අගමැති අපේක්ෂක සජිත්
2024 සැප්තැම්බර් මස 24 1784 0

ඉදිරි මහ මැතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිල වශයෙන් නම් කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 34691 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24022 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 160 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 487 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 218 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site