රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ බදුල්ල ශාඛාවේ ලේකම් දොස්තර පාලිත රාජපක්ෂ බදුල්ල මහ රෝහලේ විවේකාගාරයේ සිටිය දී අද අලුයම 12.30ට පමණ සර්පයකු කමිසයට රිංගාගෙන ඇතැයි රෝහල් ආරංචි කියයි.
‘මම වහාම සර්පයා (ලේ මාපිලා) බිමට දැම්මා. සෙරප්පුවෙන් ගැහුවා. සතා මැරුණා.‘ යැයි වෛද්‍යවරයා කියයි.
රෝහලේ වර්ජනයක් පවත්නා අවස්ථාවන මෙවැනි දෙයක් සිදුවූ නිසා රෝහල් අධ්‍යක්ෂ දයා ධර්මප්‍රිය මහතාට ද පැමිණිලි කළ බව දොස්තර රාජපක්ෂ කියයි. පරිසරවේදීන් පවසන්නේ ලේ මාපිලා සුළු විෂ සර්පයකු බවයි. දෂ්ට කිරිමේ දී සුළු ඉදිමුමක් පමණක් ඇතිවන බවත් ප්‍රතිකාර ගැනීම අනවශ්‍ය බවත් ඔවුහු කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යන්තම් ඇති, අපේ බන්දුල පෙරේරා මහතා මහජනයා ගැන සිතන්න පටන් අරන්. එකත් එකටම වර්ජනය අතරේ රෝහල පැත්තේවත් ගියාද දන්නේ නැහැ. කඩේ යන ගමන් ලැබෙන පොඩි විවේකය හරි සාමාන්‍ය ජනතාව ගැන මෙහෙම සිතන්න කැපකරන එකට ස්තුතියි. (නි)
දොස්තර මහත්මය හොඳ කෙනක් නම් පවු. තව පොඩ්ඩෙන් දෂ්ට කරනවනේ. හැබැයි දොස්තර සංගමය වර්ජනයක් කරන වෙලාවේ මැරුන ලෙඩෙක් මේ විදිහේ ආත්මයක් ලබලා වෙන්න පුළුවන්. මේ දිනවල හෙදියන්ගේ සුදු ගවුම අස්සෙත් මාපිල්ලු ඉන්න පුළුවන්.(හදවතේ ඇති විෂ ලේ උරාබොන්න ඇවිත්. ) (නදී)
එකම ගොඩට තව කෙනෙක් එක් උනා වගෙයි.(නදී)
"මම මේ ලඟදි කැරපොත්තෙකුට සෙරෙප්පුවෙන් ගැහැව්වා. ඌනම් මැරුනෙ නැහැ. " ඒකවත් හරියට කොර ගන්න බැහැ ඉතින් තව මොනවද? (නදී)
අනිවාර්යයෙන්ම මලගිය හිටපු සෞක්‍ය සේවක සමිති නායකයේ වෙන්න ඕනේ. (නදී)
බන්දුල පෙරේරා හරි. දොස්තරලා තමයි ලංකාවේ වැඩිම වරප්‍රසාද ගන්න රජයේ සේවකයෝ. ඒ අය ළඟටවත් ළං වෙන්න කාටවත් බැහැ (නි)
මේකට මොනවා කියන්නද? ලංකාවේ සර්පයෝ ඉන්නවා. ගම් පළාත් වල වැඩිපුර ඉන්නවා. මේක අරුමයක්ද? (නදී)
දොස්තර මහත්මයා කරපු වැඩේ වැරදියි. තමන් ළඟට ආපු සර්පයා වුණත් අාවේ ඇයි කියලා අහන්නේ නැතුව මරපු එක හරි නැහැ. අනික වර්ජනයක් තියෙන වෙලාවේ ඌට වෙන බෙහෙත් ගන්න විදියක් නැහැනේ. නියම කෙනා ළඟටම යන්න ඕනෑ කියලා හිතන්න ඇති. මටත් දැන් බය හිතෙනවා ලෙඩකට බේත් ගන්න දොස්තර මහත්මයෙක් ළඟට යන්න. හැම රෝගියම දොස්තර මහත්මයාට ලේ මාපිලා වගේ පෙනේවි. (නි)
ලේ මාපිලාගේ සහෝදර සහෝදරියන් වර්ජනයට සහය දෙන්න එන්න ඇති. පව් අනේ මරලා දැම්මේ. අපරාදේ! (නි)
ලංකාවේ සමහර දොස්තරලාට වැඩිය ලේ මාපිල්ලු හොඳයි (නි)
ලේ මාපිල්ලු සමහර ලේ වර්ග වලට බයයි. (නි)
දොස්තර මහත්තය සෙරෙප්පුවෙන් ගහල මාපිලෙක් මරල. මම මේ ලඟදි කැරපොත්තෙකුට සෙරෙප්පුවෙන් ගැහැව්වා. ඌනම් මැරුනෙ නැහැ. (දී)
දොස්තර මහතයෝ ඔය රුපවාහිනියේ ගිය නිරිසත්තු නාට්ටිය බැලුවේ නැද්ද ? මම මේ හොදින්ම දන්නා නිසා කියන්නේ. මැරුණම යන තැන දන්නවා නේද ? පරිස්සම් වෙන්න . පව් අහිංසක සතා.(නදී)
සමහර දොස්තරලත් ලේ මාපිල්ලු වගේ තමා.. (නි)
කමිසෙට රිංගන්නේ කොහොම්මද ඕකා. කමීසය යට කරලනෙ තියෙන්නෙ. කර වටේට ටයි පටිය ඔතා ගෙන. කොහෙන්ද ඕකා ගියේ. හැගීම් දැනීම් නැති කෙනෙක් වෙන්ට ඇති එහෙනම්. (ස)
අනේ මන්දා මේවා! (නි)
අනිවාර්යෙන්ම ඔය මාපිල ගෑණු සතෙක් වෙන්න ඕන. (ස)
සත්තු මරණ එක නම් හොද නැහැ (දී)
ඇති ඔයින් ගියා (දී)
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පමණක් නොවෙයි මුළු රාජ්‍ය සේවයේ හැමතැනම මේ කාලෙ නම් ඉන්නෙ ලේ මාපිලුන් තමයි.ඒකට රට කරවන දේශපාලන මාපිලුන් එකතු වුණාම මාපිලුන්ගේ ශක්තිය හරිම වැඩියි.මේ දෙගොල්ලෝ එකතුවෙලා මහජනයාගේ ලේ බොන එක තමයි දැන් කරන්නෙ.ජනතාව වෘෂභ වෘතයෙන් ඉන්න කල් මේ ලේ බීම දිගටම කෙරෙයි. (නි)
පව් සර්පයා. අසනීප වෙලා බෙහෙත් ගන්න දොස්තර ගාවට ආවද දන්නැහැ. (ස)
ඔය නයාට යන්න තිබුණේ තංගල්ල ඝාතකයන් පරික්ෂා කළ අය ළඟට. සමහරවිට එයාලාට බයවෙලා මෙහෙ ආවද දන්නේ නැහැ. (නි)
අලුත් වැඩක් ,පහුගිය කාලයේ පාර්ලිමේන්තුවටත් ගියා , කල්පනාවෙන් කටයුතු කළොත් හොදා ,(දිල්)
එතුමාට සතුරෝ ඉන්නවාද? සතුරෙක් මේ මාපිලා ගෙනත් දැම්ම වත්ද? මම දන්නා කෙනෙක් ගෙදර නැති වෙලේ ගෙට ජනෙලෙකින් පොළගෙක් දාල තිබුණා. අහල පහල කෙනෙක් දැකපු නිසා ගේ ඇතුලෙදි පොළඟ සොයා ගන්න පුළුවන් වුණා. භයානක මිනිස්සු සර්පයින්ට වඩා.(දිල්)
දොස්තරලා , හෙදියන්, සුළු සේවකයන් කොටින්ම කිව්වොත් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බහුතරය දැන් නම් ලේ මාපිල්ලු වගේ තමයි. (නි)
ලේ මාපිලා කෑවා නම්? සමහරවිට හෙදියන්ව සැකකරන්නත් බැරි නැහැ (නි)
දොස්තර මහත්තයාට මාපිලාගෙන් කිසිම කරදරයක් වුණේ නැහැ නේද? (නි)
ලේ මාපිලුන් රිංගන්න තිබුනේ අර වර්ජනය කරලා මහජනතාව අමාරුවේ දැමූ නර්ස් නෝනලාගේ ගෙවල් වලට. (නි)
සමහර දොස්තරලාත් හොදම මාපිල්ලු තමයි. අසරණ ලෙඩ්ඩුන්ගෙ ලේ උරා බොන්නෙ කිසිම ගානක් නැතුව. ඒ වගේම දැන් අසරණ රොගින්ව බිල්ලට දීලා උද්ඝෝෂණ කරන හැටි දන්නවානේ. (නි)
මට නම් කියන්න දෙයක් නැහැ (නි)
නියම තැනටනේ බලනකොට මාපිලා ඇවිල්ලා තියෙන්නේ... (නි)
පව්, මූහුණ බැලුවම පෙනෙනවා හොඳටම බයවෙලා බව. (නි)
ලේ මාපිලාත් මේ වෙලාවෙම රිංගපු එකනේ වැඩේ කියන්නේ.... (නි)
හෙදියකගේ වැඩක්ද මන්දා මේක? (නි)
හිටපු සිස්ටර් කෙනෙක්ද කොහෙද ........ (දී)
දොස්තරලා නර්ස්ල සුළු සේවකයෝ කොටින්ම කිව්වොත් සෞඛය ක්ෂේත්‍රයේ ඔක්කොම ලේ මාපිල්ලු වගේ තමයි.නර්ස්ලගේ වර්ජනයේදී දොස්තරලා මේ නර්ස්ලගේ වැඩත් එක්ක ඔක්කොම කරන්නේ ලෙඩ්ඩුන්ට තියෙන ආදරේට කරුණාවට කියල කව්රු හරි හිතනවානම් ලොකු වැරදීමක්.මේ සේරම කරන්නේ නර්ස්ලට මේක දිනන්න ඉඩ නොදෙන්න.නර්ස්ලට මේ ඉල්ලීම් දුන්නොත් එදාට මේ කට්ට්යගේ ඔය කරුණාව ආදරයට වෙන දේ බලන්න තිබුන..එදාට අද ලේ මාපිල්ලු වෙලා දාගලන නර්ස්ල ඔය දොස්තරලගේ වගේ ආදරෙන් කරුණාවෙන් ලෙඩ්ඩුන්ට සලකාවි.දොස්තරලා ලේ මාපිල්ලු වේවි. මේ ඔක්කොම කරන්නේ මාරුවෙන් මාරුවට අහිංසක රෝගීන්ගේ ලේ උරා බොන එක තමයි.(දී)
අනේ ඉතින් සතාට සර්පයාට උනත් අසනීප උනාම දොස් තර මහත්තෙයෙක් සොයාගෙන යනවනේ (ස)
මෙයාලට වඩා ලේ මාපිල්ලු තව කොයින්ද අහිංසක ලෙඩ්ඩු සුරන් කනවා මදිවට රෝහල් වල හෙදියන්ගේ සහ මිඩ් වයිෆ්ලා අතර ප්‍රශ්න ඇති කරලා අහිංසක මිනිස්සුන්ගේ ජීවිත බිල්ගන්න උඩ ගෙඩි දෙන්නේ දොස්තරලා. එයාලා ලේ මාපිලාම තමයි. (ස)
රබර් නයෙක් , රබර් නයෙක්.... (ස)
ඇත්තමයි. බන්දු හරියට ආණ්ඩුව වගේ ,ජනතාවගේ ලේ බොනවා .... (ස)
මාපිලා සත්ව විද්‍යාත්මකව මරණීය ලෙස විෂකුරු සතෙක් නොවේ..බොහෝ විට සිදු වන්නේ පොළඟුන් හා කුනකටුවන් (පොලොන් විශේෂයක්)දෂ්ට කලවිට මාපිලෙක් යයි වැරදි නිගමනයකට පිවිසීමය් කරවලා නමැති සර්පයා නාගයන්ගේ විෂට සමාන විෂක් තිබුනද සම්මතයේ ඇත්තේ එතරම් විසකුරු නැති ලෙසය.(ස)
සත්ව ඝාතනය හොද නැත. (ස)