IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


දොස්තරවරියගේ මරණයට දොස්තර සැකපිට

නාවල පදිංචි දොස්තර ඊ ඒ ප්‍රියංගා (47) මහත්මියගේ මරණය සම්බන්ධයෙන් සැකපිට බම්බලපිටිය කොස්මැටික් සර්ජරී රූපලාවන්‍ය මධ්‍යස්ථානයේ දොස්තර නිමල් ගමගේ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.

ඔහුගේ ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් පසු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මුහුණේ රැලි වැටීම වලක්වා ගැනීම සදහා දොස්තර ගමගේගේ රූපලාවන්‍යාගාරයෙන් ප්‍රතිකාර ලබා ගැනිමට ගිය දොස්තර ප්‍රියංගාට දුන් මුල්ම එන්නතෙන් ඇය මිය ගිය බව පෙනේ යැයි පොලිසිය කියයි.

එම්බීබීඑස් වෛද්‍ය උපාධිය සමත් දොස්තර ගමගේ රූපලාවන්‍යාගාර සැත්කම් ආදිය පිළිබඳ ඇමෙරිකාවේ විශේෂ පුහුණුවක් ලැබු අයෙකියි දැනගන්නට ඇත.

දොස්තර ප්‍රිංගා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝ්හලේ වෛද්‍යවරියකි. 

 



අදහස් (0)

දොස්තරවරියගේ මරණයට දොස්තර සැකපිට

බන්දුල පෙරේරා Wednesday, 13 August 2014 01:04 PM

කාන්තාවන්ට පමණද මේක වලංගු,,.මේකේ ගාන කීයද? දන්නේ නැති නිසයි අහන්නේ..(අ)

:       0       0

මිලානො ජයන්ත Wednesday, 13 August 2014 06:29 AM

කාන්තාවන්ගේ අභිලාෂය මොනයම් දෙයකින් හෝ අනෙක් අය ආකර්ෂණයට හසුකර ගැනීමයි. (නි)

:       0       0

දයා අළහකෝන් Tuesday, 12 August 2014 07:37 PM

එන්නතක් ශරීරගත කිරීමට පෙර අනුගමනය කළයුතු ක්‍රියාපිළිවෙත් තිබෙනවා (නි)

:       0       0

ජයලත් Wednesday, 13 August 2014 06:43 AM

එන්නතක් හරි බෙහෙතක් හරි ඕනෑම මොහොතක ඕනෑම කෙනෙකුට අසාත්මික වෙන්න පුළුවන්. රෝහල වගේ තැනක නම් ඒවාට ක්ෂණික ප්‍රතිකාර තියනවා. නමුත් මේ වගේ තැන් වල ඒවා නැහැ. මේකේ හොයලා බලන්න ඕනෑ ඇත්තටම මෙයා සුදුසුකම්ලත් කෙනෙක්ද කියලා (නි)

:       0       0

චමින්ද Tuesday, 12 August 2014 08:24 PM

වයසට යනකොට මුහුණේ රැලි එනවා තමයි.රැල්ල ගණන් ගන්නේ නැතුව හිටියා නම් ඉවරයිනේ.එතුමියට නිවන් සැප ලැබේවා! ඔය සැත්කම් හරි ගියොත් හොඳයි.ඔවැනි සැත්කම් වැරදී මියගිය අය ගැන මම මීට පෙරත් අසා තිබෙනවා. (නි)

:       0       0

සෑම් Wednesday, 13 August 2014 07:04 AM

මම දන්නා තරමට ඔය එන්නත ශරීරයට අහිතකර වුණාට තාවකාලිකව හොඳ ප්‍රතිඵල ලැබෙනවා. ඒ කියන්නේ රැලි මැකිලා යනවා. (නි)

:       0       0

සු Wednesday, 13 August 2014 01:29 PM

ඔය අනිත්‍යය ගැන කතා කරන මහත්තුරු තමන්ගේ බිරින්දන් දූවරුන් ලස්සනට ඉන්නවට විරුද්ධද ?(අ)

:       0       0

දයාල් Tuesday, 12 August 2014 09:19 PM

බලන්න, දැන් මේකෙන් කීදෙනෙක් අපහසුතාවයට පත්වෙනවද? (නි)

:       0       0

ටිරෝන් Tuesday, 12 August 2014 10:51 PM

අද කාලේ බොහෝ මරණ සිදු‍වන්නේ නිරපරාදේ... (නි)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 12 August 2014 11:07 PM

ආගම දහමට ටිකක් නැඹුරු වුණා නම් මෙහෙම දෙයක් වෙනවද දොස්තර නෝනේ? වටිනා ජිවිතයක්. ඔබට නිවන් සුව! (නි)

:       0       0

සමන්ති Wednesday, 13 August 2014 12:37 AM

රුපය දිරයි, නාමය නොදිරයි .මේ දහම නොතේරෙන එකයි පුදුම (නි)

:       0       0

ලාලනී Wednesday, 13 August 2014 07:48 AM

මීට කලිනුත් මට මතකයි ඔය රූපලාවන්‍ය සත්කාර වලට ගිහින් කාන්තාවන් අමාරුවේ වැටුන අවස්ථා වාර්තා වුණා. තමන්ට හැකි පමණින් රූපය ආරක්ෂා කර ගැනීම වැරැද්දක් නෙමෙයි. එහෙත් ඉතින් වයසට යන එක නවත්වන්න වගේ අවදානම් ගන්න යනකොට මෙවැනි අවාසනාවන්ත දේවල් සිදුවෙන්න පුළුවන්. ඇයට නිවන් සුව ! (නි)

:       0       0

පියල් Wednesday, 13 August 2014 01:14 AM

ඉතාම කණගාටුදායකයි. ඉතා ළඟ හිතවත් කෙනෙක් (නි)

:       0       0

ප්‍රසාද් Wednesday, 13 August 2014 08:15 AM

කිසිම පහසුකමක් නැති කාමරයක මේ සැත්කම් කරන එක නීතිවිරෝධීයි. මෙවැනි අයට නිසි දඬුවම් දිය යුතුයි (නි)

:       0       0

ගමගේ Wednesday, 13 August 2014 01:55 AM

බලන්න දොස්තර වෙලත් අමාරුවේ වැටෙන හැටි? සාමාන්‍ය ජනතාවට කාගේ පිහිටක්ද? අනික මොකටද හමේ රැලි වැටෙනකොට එන්නත් කරන්නේ? (නි)

:       0       0

නන්ද Wednesday, 13 August 2014 02:21 AM

කුණු කය නිසරුයි. කළ හොඳ පමණයි. (නි)

:       0       0

මධුභාෂිනී Wednesday, 13 August 2014 02:42 AM

මමත් ගැහැණියක්. පිරිමි පක්ෂයට නොතේරුණාට සමාජ තත්වයක් ඇති කාන්තාවකට තම රූපය හැකිතාක් දුරට මනාව පවත්වා ගැනීම අවශ්‍ය වෙනවා. ස්වභාව ධර්මයට අනුව වයසට යාමත් වයසට වඩා මේරුණු වයස්ගත පෙනුමක් ඇතිවීමත් කරුණු දෙකක්. මෙම අවාසනාවන්ත ඉරණමට ගොදුරු වූ වෛද්‍යවරිය සියල්ල දැන වටහාගෙන සැත්කමට ඉදිරිපත් වුවායයි සිතන්නට පුළුවන්. එහෙත් අවාසනාවකට ඇගේ බලාපොරොත්තු කඩවුණා. කෙසේවෙතත් තම රූපයට වඩා සම පැහැපත්ව තබා ගැනීමට කාන්තාවක් යොමුවීම දෝෂ දර්ශනයට ලක් වියයුත්තක් නොවේ. (නි)

:       0       0

කර්තිනි Wednesday, 13 August 2014 02:49 AM

මකාදේව රජු වගේ දහමට නැඹුරු වුණා නම් මෙවන් විපතක් ඇති නොවේ! (නි)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Wednesday, 13 August 2014 03:13 AM

කවුරුත් ලස්සනට ඉන්න ආසයි. රූපලාවන්‍යාගාරයකට යාම හෝ නොයාම ගැන එතුමියට දොස් තැබීම පාඨක අපට අයත් කරුණක් නෙමෙයි. දොස්තර අත්අඩංගුවට ගත් පමණින් ඔහුට චෝදනා කිරීමත් එච්චර හොඳ දෙයක් නෙමෙයි. මරණයට නියම හේතුව වෛද්‍ය පරීක්ෂණයේදී අනාවරණය වේවි. ඔහු හිතාමතා නොකළත් ඔහුගේ වෘත්තියේ නොසැළකිළිමත්කම මරණයට හේතුවුණා නම් අනිවාර්යයෙන් ඔහුට දඬුවම් ලැබේවි. එතුමියට නිවන් සුව පතමි. (නි)

:       0       0

ඉන්දු මෙල්බෙර්න් Wednesday, 13 August 2014 03:19 AM

බොහෝ බෙහෙත් වර්ග විෂවෙන්න පුළුවන්. එයට අවශ්‍ය ප්‍රතිකාර එනම් ඖෂධ සහ ප්‍රථමාධාර (කෘතීම ස්වසනය සහ හෘද ස්ඵන්දනය) දීමෙන් මෙවැනි රෝගීන් බේරාගන්න පුළුවන්. ඉතාමත් කණගාටුදායක පුවතක්. වටිනා ජීවිතයක්... (නි)

:       0       0

අනිල් Wednesday, 13 August 2014 03:41 AM

ඔය රැලි නවත්තන්න අමාරුයි.ඕක කවුරු කවුරුත් තේරුම් ගතයුතු දෙයක්. මේ අය තේරුම් නොගන්න අකමැතිත් ඕකමයි. ජයා සමඟ මම එකඟයි. (නි)

:       0       0

සමාධි Wednesday, 13 August 2014 09:56 AM

රූපය ගැන උඩඟුකමින් හිටපු ඛේමා බිසවට බුදුන් වහන්සේ තමන් වහන්සේට පවන් සලන ලස්සන ගැහැණු රූපයක් මවලා හරි අපූරුවට පෙන්නුවලු රූපය ටිකෙන් ටික වැහැරිලා යන හැටි. රූපය කියන එක දවසින් දවස දිරාපත් වෙනවා කියන එක අවබෝධ කරන්න ඕනෑ හින්දයි බුදුන් වහන්සේ එහෙම මැවීමක් කරලා පෙන්නුවේ.වෛද්‍ය විද්‍යාව කොච්චර දියුණු වුණත් බුදුන් වහන්සේගේ දර්ශනය අහලකටවත් එන්න තාම පුළුවන් වෙලා නැහැ වගෙයි. (නි)

:       0       0

කුමාරි Wednesday, 13 August 2014 03:43 AM

ප්ලාස්ටික් සැත්කමක් කරගත්තා නම් ඉවරයිනේ. දැන් ඉතින් මතු ආත්මෙදීවත් ලස්සන කෙනෙක් වේවා කියලා අපි පතමු (නි)

:       0       0

ගයානි Wednesday, 13 August 2014 10:06 AM

නිරූපිකාවක් , නිලියක්, රුපවාහිනි නිවේදිකාවක් වගේ කාන්තාවන්ට නම් තමන්ගේ බාහිර පෙනුම තරුණකමට තියාගන්න එක රැකියාවේම කොටසක්. ඒ මොකද තරුණ පෙනුම අඩු වෙනකොට ඒ උදවියට රැකියාවේ අවස්ථා අඩුවෙන නිසා. ඒත් ඉතින් වෛද්‍යවරියක් පැය 24 ම මිනිස් සිරුරේ අනිත්‍ය බව දැක දැකම මෙහෙම අවදානමක් ගත් එක පුදුමයි. (නි)

:       0       0

ජනක Wednesday, 13 August 2014 03:49 AM

තමන් වයසට යන එක ලෝක ස්වභාවය කියන එක දැනගෙන ජීවත්වුණා නම් මේ මරණය සිදුවන්නේ නැහැ ! (නි)

:       0       0

චානිකා Wednesday, 13 August 2014 10:14 AM

සමහර කාන්තාවන්ගේ ජීවිතයේ පළමු තැන රූපලාවන්‍යයට තමයි. අපේ ඥාතිවරියක් ඉන්නවා උදේට නැඟිටින්නේ මුණ අල්ලාගෙන. උදේට ගෙදර වැඩක් කරන්නවත් උවමනාවක් නැහැ. ඇගේ රූපලාවන්‍ය සත්කාර ඉවර කරලා තමයි පැය ගානකට පසු අනිත් වැඩ පටන්ගන්නේ. ළඟදි විවාහවෙලා සැමියාගේ ගෙදරට ගිය ඇයට මේ පුරුද්ද නිසා සෑහෙන්න ප්‍රශ්න ආවා කියලා ආරංචියි. කොයිදේකත් සීමාවක් තිබෙන්න ඕනෑ (නි)

:       0       0

ලුම්බිණි Wednesday, 13 August 2014 03:59 AM

පුදුමයි, දෙන්නම දොස්තරලා. ඒත් එන්නත දුන් කෙනා තමා මේකට වගකිවයුතු. (නි)

:       0       0

නලීන් Wednesday, 13 August 2014 04:03 AM

කොච්චර ඉගෙනගත්තත් අනිත්‍යය ගැන අවබෝධයක් නැහැ. දහමට නැඹුරුව කල්ගත කළානම් මෙහෙම වෙන්නේ නැහැ. (නි)

:       0       0

සංජය Wednesday, 13 August 2014 04:05 AM

ප්‍රථමයෙන් අසාත්මිකතාවයක් අත්වේද කියා පරීක්ෂා කළයුතුයි (නි)

:       0       0

සිල්වා Wednesday, 13 August 2014 04:15 AM

වෙන්වීම දුකකි. (නි)

:       0       0

දයාන් Wednesday, 13 August 2014 11:05 AM

බල්ලාගේ වලිගයේ ඇදය අරින්නට ප්‍රතිකාර නැත. උපතින් කළු කෙනෙක් සුදු කිරීමට, උස කෙනෙක් මිටි කිරීමට, මිටි කෙනෙක් උස් කිරීමට ප්‍රතිකාර හෝ ගුරුකම් නැත. ඕවා සංසාරික ලක්ෂණ ය. අනිත් කාරණය මෙසේය. දේශීය වෙද මහත්වරුන්ගේ අඩු පාඩු සොයන්නට නොයෙක් අය සිටිති. මාධ්‍ය ආයතනද වෙද මහත්තුරු ගැන ඇස ගසාගෙන සිටිති. සිංහල බෙහෙතකින් කෙනෙක් මැරුණු බවක් මේ දක්වා වාර්ථා වෙලාද නැත. මෙවන් වෛද්‍ය වරු ගැන සොයන්නට කිසිවෙක් නැත. බටහිර ක්‍රම ඒ තරමට බලවත් ය.(දිල්)

:       0       0

සීතා Wednesday, 13 August 2014 11:16 AM

මෙම දොස්ටර මහතා හුගක් හොඳ කෙනෙක්. එයාගේ ලඟට ලංකාවේ ප්‍රසිද්ද ජනප්‍රිය හුඟ දෙනෙක් එනවා. හරිම අවාසනාවන්ත සිද්ධියක්. මෙවැනි දේවල් ලෝකයේ හැමතැනම වෙනෙවා. සිදු වු දේ ගැන හරිම කනගාටුයි (දිල්)

:       0       0

ජයන්ත Wednesday, 13 August 2014 04:31 AM

ඉතාම දුකයි. (නි)

:       0       0

ඉසුරන්දි Wednesday, 13 August 2014 04:51 AM

මේ කුණුකයට දෙන වදයක්..? (නි)

:       0       0

ප්‍රියන්ත Wednesday, 13 August 2014 04:57 AM

වයසට යනකොට හම රැලි වැටෙන එක නවත්වන්න මොන දෙවියන්ටවත් පුලුවන්ද? ඉගෙනගත්තාට මේ ලෝක සත්‍ය මොකක්ද කියලා දන්නේ නැතිවුණහම ගොඩක් ප්‍රශ්න වෙනවා (නි)

:       0       0

මාධවී Thursday, 14 August 2014 12:08 AM

අද ලෝකයේ මිනිස්සුන්ට මොනවා වෙලාද කියලා හිතාගන්නවත් බැහැ. ලංකාවේ රූප පෙට්ටිවල උදේ සිට රෑ වෙනකම් සුදුවෙන්න කරල්, ආලේපන විකුණනවා.බටහිර රටවල රූපවාහිනිය බැලුවම කලුවෙන්න ආලේපන විකුණනවා.මේවා බලලා කාන්තාවෝ වල්මත් වෙනවා. (නි)

:       0       0

නිලුපුලී Thursday, 14 August 2014 12:19 AM

පුදුම ශල්‍යාගාරයක්නේ? ඉර අව්වට වතුරට පවා අසාත්මික ලක්ෂණ පෙන්වන කට්ටිය ඉන්න ලෝකයක මෙහෙම හොයන්නේ බලන්නේ නැතුව බෙහෙත් එන්නත් දෙනවද? (නි)

:       0       0

ගගන Wednesday, 13 August 2014 05:20 AM

ලියවිල්ලක් අත්සන් කරලා නෙමෙයිද ඔය වගේ එන්නත් ගහන්නේ. (නි)

:       0       0

රාමන් Wednesday, 13 August 2014 05:21 AM

අපේ දේශීය ආයුර්වේද ඖෂධ නම් එහෙම ලේසියෙන් අගුණ වෙන්නේ නැහැ. ලස්සන වෙන්න වෙළඳ භාණ්ඩ වලට සමහරු අහුවෙනවා. කොහොම වුණත් කවුරුත් බුද්ධිමත්ව කටයුතු කළයුතුයි. මෙවැනි එන්නත් කොහොමත් අවදානම්.දැන් කළයුත්තේ මේ පිළිබඳව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමයි. එහෙත් නැතිවුණ ජීවිතය...? (නි)

:       0       0

පුණ්‍යසෝම Wednesday, 13 August 2014 05:23 AM

එතුමියට නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

ශාන්ත Wednesday, 13 August 2014 12:23 PM

අපේ රටේ මෙවැනි අවස්තා විරල වුණත් බටහිර රටවල රූපලාවන්‍යය නිසා මියයන ප්‍රමාණය අද වේගයෙන් ඉහළ යමින් පවතිනවා. (නි)

:       0       0

මාලනී Wednesday, 13 August 2014 05:29 AM

කාන්තාවන්ට රූපය සම්බන්ධ විවිධාකාර ප්‍රශ්න තිබෙනවා (නි)

:       0       0

ගමගේ Tuesday, 12 August 2014 06:16 PM

අනේ පව්, අහිංසක ජීවිතයක්! (නි)

:       0       0

සත්‍යයා Tuesday, 12 August 2014 06:57 PM

අනේ මෙහෙම දොස්තරලා! ඔක්කොම ජීවත් වෙන්නේ මනෝ ලෝක වල. සාමාන්‍ය ජනතාවට දෙවියන්ගේ පිහිටවත් නැහැ. (නි)

:       0       0

දයාන් Wednesday, 13 August 2014 06:22 AM

මම රූපලාවන්‍යයට දොස් කියන්නේ නැහැ.අද වනවිට පිරිමින්ද මෙයට යොමු වී තිබෙනවා.ඒක හොඳයි.මේක ඇත්තටම වයසට එරෙහිව කරන සටනක්. හොඳ දෙයක්.නොදන්නා බරපතල ක්‍රම වලට නොගොස් සරල ක්‍රම හොඳ බවයි මගේ හැඟීම. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 62 0

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


පැන්ෂන් ජනපතිලා නඩත්තුවට වසර 3ට කෝටි 27ක් පුදලා
2024 සැප්තැම්බර් මස 28 1912 1

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම


ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 2245 2

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 2939 1

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 1296 1

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 278 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37880 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24964 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 754 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 270 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site