නාවල පදිංචි දොස්තර ඊ ඒ ප්‍රියංගා (47) මහත්මියගේ මරණය සම්බන්ධයෙන් සැකපිට බම්බලපිටිය කොස්මැටික් සර්ජරී රූපලාවන්‍ය මධ්‍යස්ථානයේ දොස්තර නිමල් ගමගේ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
ඔහුගේ ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් පසු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මුහුණේ රැලි වැටීම වලක්වා ගැනීම සදහා දොස්තර ගමගේගේ රූපලාවන්‍යාගාරයෙන් ප්‍රතිකාර ලබා ගැනිමට ගිය දොස්තර ප්‍රියංගාට දුන් මුල්ම එන්නතෙන් ඇය මිය ගිය බව පෙනේ යැයි පොලිසිය කියයි.
එම්බීබීඑස් වෛද්‍ය උපාධිය සමත් දොස්තර ගමගේ රූපලාවන්‍යාගාර සැත්කම් ආදිය පිළිබඳ ඇමෙරිකාවේ විශේෂ පුහුණුවක් ලැබු අයෙකියි දැනගන්නට ඇත.
දොස්තර ප්‍රිංගා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝ්හලේ වෛද්‍යවරියකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසිම පහසුකමක් නැති කාමරයක මේ සැත්කම් කරන එක නීතිවිරෝධීයි. මෙවැනි අයට නිසි දඬුවම් දිය යුතුයි (නි)
මේ කුණුකයට දෙන වදයක්..? (නි)
වයසට යනකොට හම රැලි වැටෙන එක නවත්වන්න මොන දෙවියන්ටවත් පුලුවන්ද? ඉගෙනගත්තාට මේ ලෝක සත්‍ය මොකක්ද කියලා දන්නේ නැතිවුණහම ගොඩක් ප්‍රශ්න වෙනවා (නි)
ලියවිල්ලක් අත්සන් කරලා නෙමෙයිද ඔය වගේ එන්නත් ගහන්නේ. (නි)
අපේ දේශීය ආයුර්වේද ඖෂධ නම් එහෙම ලේසියෙන් අගුණ වෙන්නේ නැහැ. ලස්සන වෙන්න වෙළඳ භාණ්ඩ වලට සමහරු අහුවෙනවා. කොහොම වුණත් කවුරුත් බුද්ධිමත්ව කටයුතු කළයුතුයි. මෙවැනි එන්නත් කොහොමත් අවදානම්.දැන් කළයුත්තේ මේ පිළිබඳව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමයි. එහෙත් නැතිවුණ ජීවිතය...? (නි)
එතුමියට නිවන් සුව ලැබේවා! (නි)
කාන්තාවන්ට රූපය සම්බන්ධ විවිධාකාර ප්‍රශ්න තිබෙනවා (නි)
මම රූපලාවන්‍යයට දොස් කියන්නේ නැහැ.අද වනවිට පිරිමින්ද මෙයට යොමු වී තිබෙනවා.ඒක හොඳයි.මේක ඇත්තටම වයසට එරෙහිව කරන සටනක්. හොඳ දෙයක්.නොදන්නා බරපතල ක්‍රම වලට නොගොස් සරල ක්‍රම හොඳ බවයි මගේ හැඟීම. (නි)
කාන්තාවන්ගේ අභිලාෂය මොනයම් දෙයකින් හෝ අනෙක් අය ආකර්ෂණයට හසුකර ගැනීමයි. (නි)
එන්නතක් හරි බෙහෙතක් හරි ඕනෑම මොහොතක ඕනෑම කෙනෙකුට අසාත්මික වෙන්න පුළුවන්. රෝහල වගේ තැනක නම් ඒවාට ක්ෂණික ප්‍රතිකාර තියනවා. නමුත් මේ වගේ තැන් වල ඒවා නැහැ. මේකේ හොයලා බලන්න ඕනෑ ඇත්තටම මෙයා සුදුසුකම්ලත් කෙනෙක්ද කියලා (නි)
මම දන්නා තරමට ඔය එන්නත ශරීරයට අහිතකර වුණාට තාවකාලිකව හොඳ ප්‍රතිඵල ලැබෙනවා. ඒ කියන්නේ රැලි මැකිලා යනවා. (නි)
මීට කලිනුත් මට මතකයි ඔය රූපලාවන්‍ය සත්කාර වලට ගිහින් කාන්තාවන් අමාරුවේ වැටුන අවස්ථා වාර්තා වුණා. තමන්ට හැකි පමණින් රූපය ආරක්ෂා කර ගැනීම වැරැද්දක් නෙමෙයි. එහෙත් ඉතින් වයසට යන එක නවත්වන්න වගේ අවදානම් ගන්න යනකොට මෙවැනි අවාසනාවන්ත දේවල් සිදුවෙන්න පුළුවන්. ඇයට නිවන් සුව ! (නි)
ඉතාම දුකයි. (නි)
රූපය ගැන උඩඟුකමින් හිටපු ඛේමා බිසවට බුදුන් වහන්සේ තමන් වහන්සේට පවන් සලන ලස්සන ගැහැණු රූපයක් මවලා හරි අපූරුවට පෙන්නුවලු රූපය ටිකෙන් ටික වැහැරිලා යන හැටි. රූපය කියන එක දවසින් දවස දිරාපත් වෙනවා කියන එක අවබෝධ කරන්න ඕනෑ හින්දයි බුදුන් වහන්සේ එහෙම මැවීමක් කරලා පෙන්නුවේ.වෛද්‍ය විද්‍යාව කොච්චර දියුණු වුණත් බුදුන් වහන්සේගේ දර්ශනය අහලකටවත් එන්න තාම පුළුවන් වෙලා නැහැ වගෙයි. (නි)
නිරූපිකාවක් , නිලියක්, රුපවාහිනි නිවේදිකාවක් වගේ කාන්තාවන්ට නම් තමන්ගේ බාහිර පෙනුම තරුණකමට තියාගන්න එක රැකියාවේම කොටසක්. ඒ මොකද තරුණ පෙනුම අඩු වෙනකොට ඒ උදවියට රැකියාවේ අවස්ථා අඩුවෙන නිසා. ඒත් ඉතින් වෛද්‍යවරියක් පැය 24 ම මිනිස් සිරුරේ අනිත්‍ය බව දැක දැකම මෙහෙම අවදානමක් ගත් එක පුදුමයි. (නි)
සමහර කාන්තාවන්ගේ ජීවිතයේ පළමු තැන රූපලාවන්‍යයට තමයි. අපේ ඥාතිවරියක් ඉන්නවා උදේට නැඟිටින්නේ මුණ අල්ලාගෙන. උදේට ගෙදර වැඩක් කරන්නවත් උවමනාවක් නැහැ. ඇගේ රූපලාවන්‍ය සත්කාර ඉවර කරලා තමයි පැය ගානකට පසු අනිත් වැඩ පටන්ගන්නේ. ළඟදි විවාහවෙලා සැමියාගේ ගෙදරට ගිය ඇයට මේ පුරුද්ද නිසා සෑහෙන්න ප්‍රශ්න ආවා කියලා ආරංචියි. කොයිදේකත් සීමාවක් තිබෙන්න ඕනෑ (නි)
බල්ලාගේ වලිගයේ ඇදය අරින්නට ප්‍රතිකාර නැත. උපතින් කළු කෙනෙක් සුදු කිරීමට, උස කෙනෙක් මිටි කිරීමට, මිටි කෙනෙක් උස් කිරීමට ප්‍රතිකාර හෝ ගුරුකම් නැත. ඕවා සංසාරික ලක්ෂණ ය. අනිත් කාරණය මෙසේය. දේශීය වෙද මහත්වරුන්ගේ අඩු පාඩු සොයන්නට නොයෙක් අය සිටිති. මාධ්‍ය ආයතනද වෙද මහත්තුරු ගැන ඇස ගසාගෙන සිටිති. සිංහල බෙහෙතකින් කෙනෙක් මැරුණු බවක් මේ දක්වා වාර්ථා වෙලාද නැත. මෙවන් වෛද්‍ය වරු ගැන සොයන්නට කිසිවෙක් නැත. බටහිර ක්‍රම ඒ තරමට බලවත් ය.(දිල්)
මෙම දොස්ටර මහතා හුගක් හොඳ කෙනෙක්. එයාගේ ලඟට ලංකාවේ ප්‍රසිද්ද ජනප්‍රිය හුඟ දෙනෙක් එනවා. හරිම අවාසනාවන්ත සිද්ධියක්. මෙවැනි දේවල් ලෝකයේ හැමතැනම වෙනෙවා. සිදු වු දේ ගැන හරිම කනගාටුයි (දිල්)
අපේ රටේ මෙවැනි අවස්තා විරල වුණත් බටහිර රටවල රූපලාවන්‍යය නිසා මියයන ප්‍රමාණය අද වේගයෙන් ඉහළ යමින් පවතිනවා. (නි)
කාන්තාවන්ට පමණද මේක වලංගු,,.මේකේ ගාන කීයද? දන්නේ නැති නිසයි අහන්නේ..(අ)
ඔය අනිත්‍යය ගැන කතා කරන මහත්තුරු තමන්ගේ බිරින්දන් දූවරුන් ලස්සනට ඉන්නවට විරුද්ධද ?(අ)
අද ලෝකයේ මිනිස්සුන්ට මොනවා වෙලාද කියලා හිතාගන්නවත් බැහැ. ලංකාවේ රූප පෙට්ටිවල උදේ සිට රෑ වෙනකම් සුදුවෙන්න කරල්, ආලේපන විකුණනවා.බටහිර රටවල රූපවාහිනිය බැලුවම කලුවෙන්න ආලේපන විකුණනවා.මේවා බලලා කාන්තාවෝ වල්මත් වෙනවා. (නි)
පුදුම ශල්‍යාගාරයක්නේ? ඉර අව්වට වතුරට පවා අසාත්මික ලක්ෂණ පෙන්වන කට්ටිය ඉන්න ලෝකයක මෙහෙම හොයන්නේ බලන්නේ නැතුව බෙහෙත් එන්නත් දෙනවද? (නි)
මමත් ගැහැණියක්. පිරිමි පක්ෂයට නොතේරුණාට සමාජ තත්වයක් ඇති කාන්තාවකට තම රූපය හැකිතාක් දුරට මනාව පවත්වා ගැනීම අවශ්‍ය වෙනවා. ස්වභාව ධර්මයට අනුව වයසට යාමත් වයසට වඩා මේරුණු වයස්ගත පෙනුමක් ඇතිවීමත් කරුණු දෙකක්. මෙම අවාසනාවන්ත ඉරණමට ගොදුරු වූ වෛද්‍යවරිය සියල්ල දැන වටහාගෙන සැත්කමට ඉදිරිපත් වුවායයි සිතන්නට පුළුවන්. එහෙත් අවාසනාවකට ඇගේ බලාපොරොත්තු කඩවුණා. කෙසේවෙතත් තම රූපයට වඩා සම පැහැපත්ව තබා ගැනීමට කාන්තාවක් යොමුවීම දෝෂ දර්ශනයට ලක් වියයුත්තක් නොවේ. (නි)
අනේ මෙහෙම දොස්තරලා! ඔක්කොම ජීවත් වෙන්නේ මනෝ ලෝක වල. සාමාන්‍ය ජනතාවට දෙවියන්ගේ පිහිටවත් නැහැ. (නි)
එන්නතක් ශරීරගත කිරීමට පෙර අනුගමනය කළයුතු ක්‍රියාපිළිවෙත් තිබෙනවා (නි)
වයසට යනකොට මුහුණේ රැලි එනවා තමයි.රැල්ල ගණන් ගන්නේ නැතුව හිටියා නම් ඉවරයිනේ.එතුමියට නිවන් සැප ලැබේවා! ඔය සැත්කම් හරි ගියොත් හොඳයි.ඔවැනි සැත්කම් වැරදී මියගිය අය ගැන මම මීට පෙරත් අසා තිබෙනවා. (නි)
බලන්න, දැන් මේකෙන් කීදෙනෙක් අපහසුතාවයට පත්වෙනවද? (නි)
අද කාලේ බොහෝ මරණ සිදුවන්නේ නිරපරාදේ... (නි)
ආගම දහමට ටිකක් නැඹුරු වුණා නම් මෙහෙම දෙයක් වෙනවද දොස්තර නෝනේ? වටිනා ජිවිතයක්. ඔබට නිවන් සුව! (නි)
රුපය දිරයි, නාමය නොදිරයි .මේ දහම නොතේරෙන එකයි පුදුම (නි)
ඉතාම කණගාටුදායකයි. ඉතා ළඟ හිතවත් කෙනෙක් (නි)
බලන්න දොස්තර වෙලත් අමාරුවේ වැටෙන හැටි? සාමාන්‍ය ජනතාවට කාගේ පිහිටක්ද? අනික මොකටද හමේ රැලි වැටෙනකොට එන්නත් කරන්නේ? (නි)
කුණු කය නිසරුයි. කළ හොඳ පමණයි. (නි)
අනේ පව්, අහිංසක ජීවිතයක්! (නි)
මකාදේව රජු වගේ දහමට නැඹුරු වුණා නම් මෙවන් විපතක් ඇති නොවේ! (නි)
කවුරුත් ලස්සනට ඉන්න ආසයි. රූපලාවන්‍යාගාරයකට යාම හෝ නොයාම ගැන එතුමියට දොස් තැබීම පාඨක අපට අයත් කරුණක් නෙමෙයි. දොස්තර අත්අඩංගුවට ගත් පමණින් ඔහුට චෝදනා කිරීමත් එච්චර හොඳ දෙයක් නෙමෙයි. මරණයට නියම හේතුව වෛද්‍ය පරීක්ෂණයේදී අනාවරණය වේවි. ඔහු හිතාමතා නොකළත් ඔහුගේ වෘත්තියේ නොසැළකිළිමත්කම මරණයට හේතුවුණා නම් අනිවාර්යයෙන් ඔහුට දඬුවම් ලැබේවි. එතුමියට නිවන් සුව පතමි. (නි)
බොහෝ බෙහෙත් වර්ග විෂවෙන්න පුළුවන්. එයට අවශ්‍ය ප්‍රතිකාර එනම් ඖෂධ සහ ප්‍රථමාධාර (කෘතීම ස්වසනය සහ හෘද ස්ඵන්දනය) දීමෙන් මෙවැනි රෝගීන් බේරාගන්න පුළුවන්. ඉතාමත් කණගාටුදායක පුවතක්. වටිනා ජීවිතයක්... (නි)
ඔය රැලි නවත්තන්න අමාරුයි.ඕක කවුරු කවුරුත් තේරුම් ගතයුතු දෙයක්. මේ අය තේරුම් නොගන්න අකමැතිත් ඕකමයි. ජයා සමඟ මම එකඟයි. (නි)
ප්ලාස්ටික් සැත්කමක් කරගත්තා නම් ඉවරයිනේ. දැන් ඉතින් මතු ආත්මෙදීවත් ලස්සන කෙනෙක් වේවා කියලා අපි පතමු (නි)
තමන් වයසට යන එක ලෝක ස්වභාවය කියන එක දැනගෙන ජීවත්වුණා නම් මේ මරණය සිදුවන්නේ නැහැ ! (නි)
පුදුමයි, දෙන්නම දොස්තරලා. ඒත් එන්නත දුන් කෙනා තමා මේකට වගකිවයුතු. (නි)
කොච්චර ඉගෙනගත්තත් අනිත්‍යය ගැන අවබෝධයක් නැහැ. දහමට නැඹුරුව කල්ගත කළානම් මෙහෙම වෙන්නේ නැහැ. (නි)
ප්‍රථමයෙන් අසාත්මිකතාවයක් අත්වේද කියා පරීක්ෂා කළයුතුයි (නි)
වෙන්වීම දුකකි. (නි)