IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


දිසාපති දියගල ඇල්ලේ මරණය කල් දමයි

මහවැලි ගඟේ ප්‍රධාන අතු ගංගාවක් වන හැටන් ඔයේ වටවල ගඟ රක්ෂිතයේ පෞද්ගලික බලාගාරයක් ඉදි කිරීම වහා අත්හිටුවන ලෙස නුවරඑළි මහ දිසාපති ඩී පී ජී කුමාරසිරි මහතා නියෝග කළේය.

දියගල ඇල්ලට පහලින්  ඉදිකිරීම සඳහා ලබා ගත් බලපත්‍ර නීති උල්ලංඝනය කරමින් ගඟ රක්ෂිතය ආක්‍රමණය කර ඇතැයි දිසාපති පවසයි.

මධ්‍යම පරිසර අධිකාරියේ උපදෙස් පරිදි එහි කටයුතු අත්හිටවූ බව නුවර එළිය දිස්ත්‍රික් පරිසර නිලධාරී ආර් එම් එස් ඒ බණ්ඩාර මහතා පවසයි.

 

 



අදහස් (0)

දිසාපති දියගල ඇල්ලේ මරණය කල් දමයි

සෑම් Wednesday, 17 July 2013 07:44 PM

හෙටම දිසාපතිතුමාට විරුද්ධව කවුරු හරි නඩුවක් දාන්නත් පුළුවන්. ඔබතුමා පරිස්සමින්. (නි)

:       0       0

නිලංග Thursday, 18 July 2013 08:39 AM

පරක්කු වෙලා හරි ගත්තු තීරණය, පරිසරයේ අනාගතය ආරක්ෂා කරගැනීමට හොද රුකුලක් (නි)

:       0       0

සෙන්සේ Thursday, 18 July 2013 08:53 AM

පුල්ගලික කුඩා විදුලි බලාගාර කියන්නේ කූට ව්‍යාපාරයක්. මේවායේ අයිතිකරුවන් බොහොමයක් දේශපාලකයින් හා හෙංචයියන්.මණ්ඩලයට වැඩි මිලට විදුලිය විකුණලා මහජනයා සූරා කනවා. මේකත් මාෆියාවක් අපේ රටේ (නි)

:       0       0

සිල්වා Wednesday, 17 July 2013 02:43 PM

රටට වින කරන අයට නම් හොඳක් වෙන්නේ නෑ. (ස)

:       0       0

EDIRISINGHA Wednesday, 17 July 2013 08:38 PM

කරුණාකර මෙවැනි ඉදිකිරීම් සදහා බලපත්‍ර දෙන අය සහ එය ලබාගන්නාඇත්තන්ගේ නම් ගම හෙළිකරන්න (අ)

:       0       0

ඩී.උපුල් Wednesday, 17 July 2013 02:57 PM

තව සති කිහිපයකින් ආයෙමත් වැඩේ පටන් ගනීවි ලොකු අතක ආසිරි මැද්දේ.(නදී)

:       0       0

චානක. Wednesday, 17 July 2013 08:48 PM

දේසපාලන බලයෙන් රටේ සිදුවන්නේ හිතකර දේට වඩා අහිතකර දේවල්ය.ඕනෙම ක්‍රමවේදයන් සුනු විසුනු කර දමා තමාගේ බලය රජ කරවීමට තරම් මේ දේසපාලනය මුළු රටම වෙලාගෙන. (අ)

:       0       0

නසාර් Wednesday, 17 July 2013 03:12 PM

මෙපමණ කල් කොපමණ වැඩ නිමකර තියනවද දිසාපති පිට රටද හිටියේ. (ස)

:       0       0

ගාමිණී Wednesday, 17 July 2013 03:24 PM

දිසාපති තුමාට මාරුවීමක් ලගද කොහෙද?(නදී)

:       0       0

චමිල නුවන් පෙරේරා Wednesday, 17 July 2013 03:31 PM

දිය ඇල්ලේ පින්තූර ටික නම් ලස්සනයි. (නදී)

:       0       0

ජනක Thursday, 18 July 2013 10:24 AM

මම කලාපයට පරිබාහිර කෙනෙක්. පාටක ප්‍රතිචාර දැක්කම මටත් ලියන්න හිතුනා. මිනිසුන්ගේ ලෙඩදුක් සුවකරගන්න, මානසික සැනසීම ලබාගන්න ස්වබාවික පරිසරයට අනුගතව කටයුතු කිරීම අනිවාර්ය කරුණක්. දසදහස් ගණනකගේ ලක්ස ගණනකගේ සුවතාවට අබියෝග කොට තාවකාලික සැපත සොයන්නන්ට වෙනදේ ඔවුන්ම දන්නවා. ලංකාදීපයේ වගකීම අනෙකුත් ජනමාධ්‍යයටද අවශ්‍යයි. යහපත් දේ දිගුකාලීන ජයක් ලබනු ඇත. (නි)

:       0       0

බුද්ධි Wednesday, 17 July 2013 04:02 PM

ඔබට බොහොම පින් මහත්මයානෙනි.(නදී)

:       0       0

ධම්ම Wednesday, 17 July 2013 11:43 PM

මේකෙ නවත්තලා තියෙන්නේ විදුලි ජනනය පමණයි! ඉදිකිරිම් වැඩ අහවරයි. පේන්නෙ නැද්ද විදුලි කම්බීත් ඇදලා. (නි)

:       0       0

දර්ශන Wednesday, 17 July 2013 04:36 PM

පරිසරය වනසන්න පිබුරුපත් සාදන උදවියට හොඳක් සිද්ද නොවේවා!(නදී)

:       0       0

චානක. Thursday, 18 July 2013 12:30 AM

පරිසරයට ආදරයක් නොදක්වන කොට්ඨාශයක් ඇත්නම් ඔවුන් දේශපාලකයන්ම පමණකි (නි)

:       0       0

සරත් Wednesday, 17 July 2013 12:36 PM

අන්න හොද දිසාපති කෙනෙක් (නි)

:       0       0

අප්පුහාමි Wednesday, 17 July 2013 05:02 PM

දියගල කොමලිය ගේ මරණය කල්දාන තීරණය, පණ ඇද ඇද තිබිලා අන්තිමටලු එලියට ආවේ. කියන්න නම් දන්නේ නැත... (නි)

:       0       0

රජින්ද Wednesday, 17 July 2013 05:16 PM

ඔබතුමාට සියලු දෙවි දේවතාවුන්ගේ පිහිටයි.(නදී)

:       0       0

රූපවතී Wednesday, 17 July 2013 05:25 PM

දිසාපතිතුමාට ස්තුති කරන්න පෙර අපේ ලංකාදීපයටයි ස්තුති කරන්න ඕනෑ. මොකද ඔය යෝජනාව ගහෙන් පැන්නද? නැහැනේ. ඕවා කලින් කතාවෙලා යෝජනා කරලානේ ගනුදෙනු ඇතිව පටන් ගන්න ඇත්තේ. ඉතින් තොයිලේ පස්සට කල්දමන්න ඇති අපේ ලංකාදීපේ මහජනයාට සොභාව ධර්මය පාඩම කියවනකොට ඊයේ. එහෙනම් ස්තුති කරන්න ඕනෑ අපේ ලංකාදීපේට. ගස්ගල් වල බඩගාලා, මඩගොඩ වල එරිලා,වැස්සට තෙමිලා, අලිපන්නද්දී දුවලා ගහක එල්ලිලා, අමාරුවෙන් ජීවිතේ පරදුවට තියලා කරපු සේවේ වචනයෙන් මිල කරන්න බැහැ. අපිට අපේ අනාගත දරුපැටවුන්ට බලන්නවත් ස්වභාව ධර්මයෙන් දායාද වුණු දෙයක් ඉතිරි වුනා. ලංකාදීපේ කෑනොගහන්න කාගේද කන් ඇහෙන්නේ අද? අපි කෑගහපු තරමක් කෑගැහුවේ බීරි අලියන්ට (නි)

:       0       0

දිලිනි හංසිකා Wednesday, 17 July 2013 01:00 PM

දිසාපති තුමනි, ඉතාමත් කාලෝචිත හොද වැඩක්. මෙම ප්‍රද්ශය පුරාම හැමතැනම කුඩා බලාගාර ඉදිකරනවා, මුදල් විතරයි බලන්නේ මුළු පරිසර පද්ධතියේම සමබරතාව බිදිලා තියෙන්නේ. මේවා නිසා කිසිකලකත් නොවූ ගංවතුර ආපදා එහෙමත් දැන් මෙම ප්‍රදේශ වල තියෙනවා. පරිසරයට කරන හානිය, වනසතුන්ට වන හානිය, පොදුවේ රටටම වන හානිය කාටවත් පෙනෙන්නේ නැහැ. දැන් කුඩා බලාගාර ඉදිකළා ඇති, දැන්වත් මේවා සම්පුර්ණයෙන්ම නවත්තන්න. ඔබතුමා ගත්තු පියවර ආපස්සට ගන්නේ නැතුව ස්ථිර කරන්න. මිනිසාගේ පැවැත්මට විදුලි බලයට වඩා පරිසරය රැකගැනීම වැදගත්. (නි)

:       0       0

නීල් රණා Wednesday, 17 July 2013 01:01 PM

අපරාදේ ලස්සන දිය ඇල්ල. (නි)

:       0       0

රූපවතී Wednesday, 17 July 2013 05:32 PM

අනික තමයි ඔය වැඩ නවත්තලා තියන බැම්ම උඩ...? ගොඩක්ම ලේසියෙන් දේශපාලුවෙකුට පුළුවන් අර අතන වගේ කියවීමේ විවේක ශාලාවක් කියලා, ටික ටික ලොකුවෙන බංගලාවක් ගහන්න. අපේ ලංකාදීපේ කැමරාව නිතරම ඔය පැත්තේ දුවලා බලන්න ඕනෑ. ලංකාදීපෙට ගොඩක් පින් කල සේවයට!!!! (නි)

:       0       0

සත්කුමාර - ගිනිගත්හේන Wednesday, 17 July 2013 01:05 PM

මේවා මේ ප්‍රදේශයට වසංගතයක් වෙලා තියෙන්නේ, ඔබතුමාගේ පියවරට ස්තුතියි (නි)

:       0       0

අමිල - අලගල Wednesday, 17 July 2013 01:06 PM

ඇබර්ඩීන් ඇල්ලත් විනාශ කරන්න යන්නේ කුඩා විදුලි බලාගාරයක් වෙනුවෙන්. ඒකටත් පියවරක් ගන්න. (නි)

:       0       0

අලහකෝන් - ගිනිගත්හේන Wednesday, 17 July 2013 01:12 PM

මේවා හැදුවා කියල රටට වන සෙතක් නැහැ, මෙයාලා ගිනිගණන් වලට විදුලිය විදුලි බල මණ්ඩලයට දෙන්නේ. ඒකෙන් විදුලි බිල වැඩි වෙනවා විතරයි. පරිසරයත් වනසලා මිනිස්සුන්ට ගිනි දෙන කීප දෙනෙක්ගේ මඩි තර වෙන වැඩක් විතරයි මේක..... (නි)

:       0       0

කුමාර Wednesday, 17 July 2013 06:15 PM

අයියෝ සිරිපාලට දුන්න ගතම් එක වතුරේ (නි)

:       0       0

තිසා Wednesday, 17 July 2013 06:56 PM

දිසාපතිතුමා කරල තියන වැඩේ නම් අගය කල යුතුයි, නමුත් නොබෝ දිනකින්ම අලුත් දිසාපති කෙනෙක් නුවර එළියට පත් කරාවිද කියලයි මට සැක.(නි)

:       0       0

වල්පිට Thursday, 18 July 2013 07:42 AM

ඔය ඉංජිනේරුවන්ට පරිසරය ඕනෑ නැහැ.ඒ අයගේ රැකියා රැකෙන්නයි ඕනෑ (නි)

:       0       0

හරින් Wednesday, 17 July 2013 02:01 PM

මහ දිසාපතිතුමාට ජයවේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති ඇමැති බංගලා වහා බාර දෙනු
2024 සැප්තැම්බර් මස 27 59 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්


හිටපු මන්ත්‍රී සහන් කලබලවී ලක්ෂ 50 ගෙවා දමලා
2024 සැප්තැම්බර් මස 26 2396 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ


ඛනිජ තෙල් ලොක්කා ඉල්ලා අස්වේ
2024 සැප්තැම්බර් මස 26 1298 0

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිව සිටි සාලිය වික්‍රමසූරිය මහතා ඉල්ලා අස්වී ඇත.


චීන 75 වැනි ජාතික දින උළෙලින්
2024 සැප්තැම්බර් මස 26 528 0

ශ්‍රී ලංකාවේ සංවර්ධන සහ ආර්ථිකය ගොඩනැගීම වෙනුවෙන් චීන රජයේ සහයෝගය ලබාදෙන බව මෙරට චීන තානාපති Qi Zhenhong මහතා පැවසීය.


යුද්දෙට කුලී හේවායන් යැවූ හිටපු හමුදා ප්‍රධානියකු ගැන සෙයයි
2024 සැප්තැම්බර් මස 26 864 1

රුසියානු යුක්‍රේන යුද්ධයට කුලී හේවායන් ෙලස විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් යැවීමේ මිනිස් ජාවාරම පිටුපස සිටි බව කියන රජයේ ඉහළ පෙළේ තනතුරක් හෙබව


මැදියම් රැයේ සිට වීසා දීම පැරණි ක්‍රමවේදයට
2024 සැප්තැම්බර් මස 26 1495 0

පැරණි ක්‍රමවේදය අනුව වීසා ලබා ගැනීමේ හැකියාව අද මැදියම් රැයේ සිට සියලුම විදේශිකයන්ට හිමිවන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37516 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24715 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 213 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 689 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 253 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site