යාපනයේ වෙසක් කලාපයේ වෙසක් බැලීමට වෙසක් දා ලක්ෂයකට වැඩි පිරිසක් එන්නට ඇතැයි ආරක්ෂක හමුදාව කියයි.
ප්‍රධාන ආරාධිතයා වුයේ ඩග්ලස් දේවානන්ද ඇමැතිවරයාය.
වෙසක් තොරණ,බුදු තෙමඟුල නිරූපණය කරන අවස්තා,නව තාක්ෂණයෙන් නරඹන්නන්ගේ සිත් ඇඳ බැඳ ගත්තේය.
යාපන ආරක්ෂක සේනාධිපති මේජර් ජනරාල් උදය පෙරේරා ද සෙසු හමුදාවෝ ද නාග විහාරයේ බෝධි පුජාවකට ද එක් වුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම සන්තෝෂයි. මේ වගේ දේවල් තමයි කළයුත්තේ.බුදු සරණයි! සියලු ජාතින් සමගිව හා එකමුතුව රටේ සියලුම ප්‍රදෙසවල ජීවත් වීම දැකීම මගේ එඅකම ප්‍රාර්ථනයයි (ස)
හරිම සතුටුයි. අනේ අපේ රටේ අයෙත් නම් ආගම් ජාති බේද ඇවිලෙන්න එපා. භක්ති ගීත කියන ද්‍රවිඩ සහෝදරියන්ට තෙරුවන් සරණයි. ! (ස)
උතුරේ ආඥාපතිට ජයවේවා. මෙවැනි හමුදා නායකයින් හමුදාවේ හමුදාපතින් වේවා. (නදී)
උතුරේ ආඥාපතිට ජයවේවා. මෙවැනි හමුදා නායකයින් හමුදාවේ හමුදාපතින් වේවා. (නදී)
සැමට බුදු සරණයි!!!හරිම සන්තෝෂයි. (ස)
සතුටුදායකයි. ඒ වගේම බලලෝභී කුහක දේශපාලන ක්‍රමය නිසා තමයි අපේ සාමය සහ එකමුතුව නැතිවෙන්නේ කියන එක සාමාන්‍ය ජනතාව තේරුම්ගත් දවසට ලෝකයේම සාමයේ සහ එකමුතුවේ මල් පිපේවි! (නි)
සාධු ! සාධු !! සාධු !!! මගේ සුන්දර මාතෘ භූමිය තුළ සාමය රජ වේවා! වෙසක් සිරියෙන් නැහැවී, බුදුන් වහන්සේ වදාළ මෛත්‍රී සිතිවිලි සැම සිත් තුළ රජ වේවා! සියලු ජාතීන්, සියලු ආගම් වලට අයිති සැම දෙනාම එකිනෙකාට ගරු කරමින් මේ අතිසුන්දර දිවයින තුළ හොඳින් ජීවත් වේවා! (නි)
හරිම සන්තෝශයි. සාමය පැතිරේවා ! විශ්වයේ පිහිටීම ගැන බුදුන්ගේ දේශනා දැන් සනාථ වෙනවා. (ස)
හරිම සතුටු දායක පුවතක්.මෙන්න මේවගේ වැඩ බලන්නත් ලස්සනයි.ජාතික සමගිය තවත් වැඩි වේවා ! (ස)
සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා ..සාමය පැතිරේවා ..!!! හරි අපුරුයි විරුවනි ...!! (ස)
හරිම සන්තෝෂයි. මේ වගේ දේවල් තමයි කළයුත්තේ.බුදු සරණයි! (නි)
වර්ථමානයේ ජාතික සමඟියට කළ යුතුම දේ මෙයයි. හදවතින්ම අගය කරමි. එයෙත් බහුතරයකට නොපෙනෙන්නෙත් මෙයමයි. (ස)
හරිම සන්තෝෂයි. .බුදු සරණයි..!!! (අ)
මේ වගේ දේවල් වලට, බලන්නකෝ ප්‍රතිචාර වල තිබෙන අඩුව... (නි)
මේ වගේ වැදගත් වටිනා කටයුත්තක් ගැන දැම්මොත් මිනිස්සුන්ට ප්‍රතිචාර දක්වන්න එතරම් උනන්දුවක් නැහැ. ඒත් වෙන මොකක්හරි ඕපාදූපයක් දැක්කොත් නම් පැන පැන අදහස් දාන්නේ. (නි)
හරිම සතුටියි අපි හැමෝද හමුදා කොල්ලන්ට ණය ගැතියි (අ)
නෙත් මල් පිබිදේවා (අ)
උතුරට තමයි හොඳින්ම බුද්ධ ධර්මය සහ බුදු ගුණ ගායනා දියයුත්තේ. අපි අපි අතරේ තිබෙන සුළු සැකය හෝ නැතිකර දමන්න මෙය හොඳම අහිංසක උපක්‍රමයක්. (නි)
කොළඹ වෙසක් වලට වැඩිය ලස්සනයි (නි)