පසුගියදා ඔස්ට්‍රියාවේ වැවක නාන්න ගොස් දියේ ගිලි මියගිය ශ්‍රි ලාංකික තරුණයාගේ දේහය රෝමයේ සිට ලංකාවට රෑගෙන යෑමට සුදානම් වු මොහොතේ දී ෆියුමින්චිනෝ ගුවන් තොටුපොළ බලධාරින් දේහය බාර ගැනිමට නොහැකි බව පවසා තිබේ.
එයට හේතු වශයෙන් ඔවුන් සදහන් කොට ඈත්තේ රෝමයේ තානාපති කාර්යාලයේ අවසරය මේ සදහා නොමැති බවයි. වියානා නුවර ශ්‍රි ලංකා තානාපති කාර්යාලයේ අවසර ලත් ලියවිලි නිකුත් කර ඈත්තේ ඔස්ට්‍රියාවේ සිට ඉතාලියට සිරුර රැගෙන ඒමට බවත් ඉතාලියේ සිට ලංකාවට රැගෙන යෑමට රෝම තානාපති කාර්යාලය මැදිහත් විය යුතු බවත් ගුවන් තොටුපොළ බලධාරින් ඥාතින්ට පවසා තිබේ.
මෙ පිළිබදව එසෑණ සමග අදහස් දෑක්වු රෝමයේ උප තානාපතිනි රාණි බුලත්වෙල මෙසේ පෑවසීය.
‘මේ තරුණයාගේ අභාවය පිලිබදව අපිට කවුරුවත් දන්වලා තිබුනේ නැහැ. සිකුරාදා සවස 5.30ට මම වෑඩ ඇරි ගෙදර යන්න සුදානම් වුණා. එවෙලාවේ දුරකථන ඇමතුමක් දීලා තමයි කිවුවේ සිරුර ගුවන්තොටුපළේ හිරවෙලා කියලා. ඒ ගමන ගෙදර යන එක නවත්වලා මමත් ලවුරෙත්තා කියන ඉතාලි ජාතික නිලධාරිනියත් නිලන්ත කියන නිලධාරියාත් රෑ 11 වෙනතුරු අවශය ලියකියවිලි හෑදුවා. අපි ගාව කිසිම තොරතුරක් තිබුනේ නැහැ.
වියානා නුවර තානාපති කාර්යාලයත් සම්බන්ධ කරගෙන තමයි තොරතුරු හොයා ගත්තේ.
ඔස්ට්‍රියාවේ තානාපති ශ්‍රිමාල් වික්‍රමසිංහ මහතාත් මාලති කියන නිළධාරිනියත් රෑ10 වෙනකම් දුරකථනයෙන් අපිත් එක්ක සම්බන්ධ වුණා. ලංකාවේ දුරකථන අංකයක් හොයාගෙන එකට කතාකරලා රෝමෙ ඉන්න මියගිය තරුණයාගේ අම්මා තාත්තා තානාපති කාර්යාලයට ගෙන්නගන්න විට රෑ10යි.
පහුවදා සෙනසුරාදා දවසෙත් අපි ඇවිත් උදේ 11වන තුරු වැඩ කරලා තමයි සිරුර ලංකාවට ගෙනියන්න සුදානම් කර දුන්නේ. රෝම තානාපති කාර්යාලයේ නිළධාරි හිගයක් තියාගෙනත් ඉන්න සුළු පිරිසෙන් තමයි මේ හැම දෙයක්ම කරන්නේ. අපිට මිනිකාක්කෝ කියන්න කලින් තමගේ යුතුකම් ටික හරියට ඉෂ්ට කළා නම් මේ වගේ කරදර වෙන්නේ නැහැ. ඉතාලියේ ඉන්න ලංකාවේ කෙනෙකු හදිසියේ මියගියොත් ප්‍රථමයෙන් කරන්න ඕන දේ තමයි තානාපති කාර්යාලාට දන්වන එක.
ඉක්මනින්ම සිරුර ලංකාවට ගෙනියන්න සුදානම් කර දුන්නාට සතුටට ඥාතින් අපිට මුදල් දෙන්න සුදානම් වුණා. නමුත් අපි එය ප්‍රතික්ෂේප කළා.
නිලන්ත ඔවුන්ට කිව්වේ අපිට රජයෙන් වෑටුපක් ලෑබෙනවා මාස තුනකට පස්සේ මරණ සහතිකේ ගෙනියන්න එනකොට රජයේ ගාස්තුව විතරක් ගෙවන්න කියලයි.’

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕකට තමා ඔයාලව පත්කරලා තියන්නේ. ඒක ඔයාලගේ වගකීම (නි)
රූපා, මමත් එම්බසියට ගියා උප්පැන්නෙටයි සිටිසන් එකටයි දෙකටම යුරො 105 ගත්තේ රුපියල් නම් 20000ට අඩුයි. (දී)
මට ද පිස්සු ...රුපියල් 25500ක් ගෙව්වේ ...? උප්පැන්නය ලියා පදිංචි කරන්න.? (අ)
මේ රූපවතීට පිස්සුද මන්දා (නි)
ගාමිණී, ඔයාගේ නයාගේ දිග. මම හිතුවා ඔයා මැද පෙරදිග ඉන්න නිසා හොදට නයි ඇරලා පුරුදු කාරයෙක් කියලා. ඔයත් ඉගෙන ගත්තේ ඔයාගේ නෝනගෙන් නේද? හොර ගෙඩිය., නෝනා ගම් 7 ක් දිගට නයි අරිනවා ඇති ලංකාවේ ඉදන්, ගාමිණී ඔයාගේ ඔය කිලෝමී ටරයක් දිග නයාට අපේ පැත්තේ ආවට ඉදගන්න පුටුවක් වත් නැහැ අපේ ගෙදර. එනිසා ඔයාගේ නයා හෙම කාටවත් දෙන්න එපා. අනික ඔය මැද පෙරදිග පැත්තේ ඉන්න වන්නි පළාතේ අයගේ ගොඩක් නයි ඉන්නවා. ඔයාටයි ඔයාගේ නයාටයි බුදුසරණයි.(නදී)
ඔයගොල්ලන්ට ලොකු වැටුප් දීලා තානාපති සේවයට යවලා තියෙන්නේ ඔය රාජකාරි වලටනේ.ඒක ඔයාලගේ රාජකාරිය. නේද? (නි)
මට පේන්නේ ඉතාලියේදී එහෙම මැරෙනවනම් උදේ 9ත් සවස 5ත් අතර වෙලාවක මියයනවා නම හැමෝටම කිසිම කරදරයක් නැහැ (නි)
රූපවතී නෝනා කියන්න හැදුවෙ අර තඩි නයා ජනේලෙන් ඇවිත් අගල් 54 ටීවී එක උඩට නැගලා ඩොල්බි සිස්ටම් සෙටප් එක ලගින් පහලට බැහැලා අයිස් පෙට්ටියයි වොෂින් මැශින් එකටයි මැදින් ගිහින් අවන් එක උඩ තිබුන ටෙන්ඉන් වන් බෙලෙන්ඩර් එකත් පෙරලගෙන ගියා කියලනේ.(නදී)
රුපවති අක්කේ, ලංකාව කියන්නේ බ්‍රිටිෂ් රටේ කෑල්ලක් නෙමෙයි. ලංකාවේදී උප්පැන්නයක් ගන්නත් මුද්දර ගහන්න ඕනෑ. එම්බසියෙන් කරනකොට ගැන වැඩි තමයි. (නි)
මමත් විදේශයක ඉන්නේ. බ්‍රිටිෂ් පෝසස් එකක සයිප්‍රසයේ. මගේ දියණිය ඉපදුනේ මෙහේ. බ්‍රිටිෂ් රජයේ ලියවිලිත් උප්පැන්නයත් රැගෙන, අපිට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ලියාපදිංචි කරන්න ඕනෑ.ඒ සදහා මට විශාල මුදලක් ගෙවන්න වුනා. අපි අපේ රටේ සේවාව ගැනත් , නිලදාරී රාජකාරි සේවාව ගැනත් කලකිරුනා. බ්‍රිටිෂ් උප්පැන්නය ගත්තේ එක රුපියලක්වත් වියදම් නොකර. සති තුනෙන් නිවසටම තැපෑලෙන් ලැබුනා. දරුවට බ්‍රිටිෂ් උප්පැන්නය තිබුනත් යම් දිනක මගේ දරුවට ලංකාවට යන්න ඕනෑ. එවිට කරදරයකින්,අපහසුතාවකින් තොරව අපේ රටට යන්න අපි ඉඩ තියන්න ඕනෑ. (නි)
ලෙස්ලි ඔයා මොනවද කියන්නේ කියල මට තේරෙන්නේ නැහැ ලංකාදීපේ තිබුනේ ලාංකිකයෙක් මලා කියල ඒ කලදේ අගය කරමු (අ)
යුරෝපයේ තිබෙන නීති රීති ගැන නොදැන කතා කාරණා මිනිසුනි, ඔබට කියන්ට තියෙනේ මෙම සිද්ධියට රටවල් 3 සම්බන්දයි. ඒ වගේම මෙහෙ කන්තෝරු වෙලාවල් ඇතුලත ලිපි ලේඛන සකස් කල යුතුයි. ලංකාවේදී නම් කවුරු හරි බලවතෙක් හරි මුදල් යොදවා ගෙන හරි එක්මණින් වැඩ කර ගන්ට පුළුවන්. මෙම සේවකයන් තම රාජකාරිය ඔබ/අප වෙනුවෙන් ඉටු කිරීම ගැන ස්තුතිවන්ත වෙනවා. (අ)
අහන්නත් සතුටුයි. මේ වගේ හැම ආයතනයක්ම තම රටේ ජනතාව ගැන හිතා වැඩ කලොත් (නි)
අනේ ලෙස්ලි මහත්තයෝ, මොනවද මේ කතාකරන්නේ?තානාපති කාර්යාලයක් නොවෙයි ලෝකේ ඕනෑම රටක රාජ්‍ය ආයතනයක් වැඩ කරන පිළිවෙලක් හා ප්‍රමිතියක් තියනවා. කනට ඇහුන නිසා හෝ පුවතක් දුටු නිසා හෝ කවුරුත් කිවූ නිසා හෝ රාජ්‍ය සේවකයෙකුට වැඩ කරන්න බැහැ.ඒක විශාල වගකීමක්. එනිසා අනිවාර්යයෙන්ම ලිකිතව ලැබිය යුතුයි. ඒ ලැබුනත් මදි. එයට නීත්‍යනුකූල සහතිකයක් තිබිය යුතුයි. එනිසා කිසිවක් හරියාකාරව නොදැන කිසිවෙකුට අනිවාර්තයේ චෝදනා කරන්න එපා. ඇගයිය යුතු තැන ඇගයිය යුතු කෙනා අගයන්න. (නි)
මොවුන්ගේ සේවය අගය කරමි (නි)
රානි මහත්මිය කියන්නේ සහතික ඇත්ත. තානාපති කාර්යාලයේ ඉන්න අය ඉතාලියේ ඉන්න ශ්‍රී ලාංකිකයෝ කරන්නේ මොනවද කියල දන්නේ නැහැ. (නි)
අවංකව තම රාජකාරිය කරන්නා ප්‍රසිද්ධිය හෝ මුදල් බලාපොරොත්තු නොවේ (නි)
ගොඩක් සතුටුයි මහත්මයෝ ඔබතුමන්ලාගේ වැඩ ගැන.ඔබතුමාලා තමා නියම රාජ්‍ය සේවකයෝ. ඔබතුමන්ලව අපි හැමදාත් අගය කරනවා (නි)
මහත්වරුනේ, මෙහෙම කරපු එකට ස්තුති කරන්න. වැඩේ කරන එක්කෙනා තමා දන්නේ වැඩේ අමාරුව. පිළිගන්න කරුනාකරලා (නි)
මීට හරියට අවුරුදු දෙකකට පෙර රෝමෙයේ කොන්සියුලර් එක බාරව හිටිය නිලදාරීන් හරිම දක්ෂයි. ඔය වගේ ප්‍රශ්න ඇතිවෙන්න ඉඩ දුන්නේ නැහැ. ලියකියවිලි පැයෙන් දෙකෙන් හදලා දුන්නා. (නි)
රානි බුලත්සිංහල මොනාද මේ එළිවනතුරු හදපු ලියවිලි අනෙක ඔස්ට්‍රීයාව කියන්නේ ඉතාලියට අල්ලපු රට ඉතින් මේ රටවල් දෙක අතර ඉන්න නිලධාරින් දන්නේ නැහැ හරියට මොනාද කරන ඔනෙ කියා මුළු ලංකාවම දනනවා ඔය තරුණයා මරුන එක ගැන ලංකාදීපයේත් දැම්ම ඒ වුණාට තානාපති කාර්යාලය දන්නෙ නැහැ දන්වන්න ඕනේ වේ නම් අරධනා පත් හදලද දන්නේ නැහැ ඔය රටවල් දෙක අතර නිලධාරියන්ගේ නොසැලකිල්ල (අ)
ලංකාවට දැන් බිස්නස් වීසා ගන්න පුළුවන් නම් කොච්චර හොදද? අන්න කරනවා නම් දේවල්. (නි)
ගොඩක් සේවකයෝ අවංකයි, ඒත්ලොකු අය වංක නම්, බලය යොදනවා නම් සේවකයෝ මොනවා කරන්නද? (අ)
හැම රටකම මේ වගේ අවංක සේවකයෝ ඉන්නවා නම් මොන තරම් භාග්‍යයක්ද? (නි)