IMG-LOGO

2024 සැප්තැම්බර් මස 26 වන බ්‍රහස්පතින්දා


දළදා පෙරහර නිමවේ

අනුරාධපුර ඓතිහාසික දළදා පෙරහරේ අවසන් දිනය වූ ඉරිදා (21) අභයගිරි සෑයේ සිට ශ්‍රී මහා බෝධිය දක්වා ගමන් කළේය.

හේමමාලා කුමරිය හා දන්ත කුමරු බමුණු වෙස් ගෙන කාලිංග දේශයේ සිට දළදා වහන්සේ මහසෙන් රජුගේ පුත් සිරි මේඝවර්ණ රජුගේ රාජ්‍ය පාලනයෙන් නව වැනි වසරේ නැගෙනහිර වෙරළේ ලංකාපටුනෙන් ගොඩ බැස අනුරාධපුරයට පැමිණි පුවත සිහි ගන්වමින් අනුරාධපුර දෙදින දළදා පෙරහර ඓතිහාසික ශ්‍රී මහා බෝධියෙන් අරඹා රුවන්වැලි සෑය ද පැදකුණු කර සංඝමිත්තා මාවත ඔස්සේ ඇතුළු නුවර ඉපැරණි දළදා මාලිගාවට ගොස් මුල්දිනයේ ඓතිහාසික අබයගිරි සෑයට ද ගෙවැදුණේය.

රුවන්වැලි විහාරාධිපති පල්ලේගම හේමරතන නාහිමියෝ ද, කුඩා හල්මිල්ලෑවේ රතනපාල ජේතවනාරාමාධිපති හිමියෝ ද, පිංකමේ ප්‍රධාන ආරාධිතයා වූ උතුරුමැද මහඇමැති එස් එම් රංජිත් මහතා ද ඊට සහභාගී වූ අය අතර වූහ.

 

 

 



අදහස් (0)

දළදා පෙරහර නිමවේ

ප්‍රියා Sunday, 21 July 2013 11:11 PM

මම නම් මේ රඟ දැක්වීම අනුමත කරන්නේ නැහැ , කාටවත් හෙම මාලා ධන්ත කුමරු වෙන්න බැහැ (දී)

:       0       0

මාටින් Monday, 22 July 2013 12:04 PM

මංජු ගේ අදහසට අපි ඔක්කොම එකගයි.පෙරහැර තියන එකේ මුලික අරමුණ දන්නේ නැති අයට අපි අනුකම්පා කරනවා (නි)

:       0       0

චමිල් Monday, 22 July 2013 12:31 AM

ඒ සිදුවීම විතරක් සිහි කලා නම් හෙඳයැයි මම සිතමි (අ)

:       0       0

ක්‍රිෂාන්ත Monday, 22 July 2013 12:50 PM

ඍන ආකල්ප දරන්නන්ට අපි අනුකම්පා කරමු.මොකද නොදන්නා දේ ගැන දන්නවා වගේ සමහරක්, අදහස් ප්‍රකාශ කරනවා.අතීත සැමරුම්,උතුම් චරිත නාට්‍යානුසාරයෙන් හෝ සමාජයට ගෙනයෑමයි වැදගත් (නි)

:       0       0

ලාල් Sunday, 21 July 2013 05:15 PM

මේක අල්ලාගෙන මෙච්චර දගලන්න එපා මිනිසුනේ. ඔහේලා පෙරහරක්වත් දැකලා නැති අය වගේනේ කතා කරන්නේ (දී)

:       0       0

රන්ජනී ලන්ඩන් Sunday, 21 July 2013 05:21 PM

වත්මන් දරු පරපුරට හරි අපුරු ආදර්ශයක්. (දී)

:       0       0

අසාද් Monday, 22 July 2013 01:22 PM

මේ සත්ව හිංසනය නැවැත්විය යුතුයි.(නදී)

:       0       0

ප්‍රදීප් Tuesday, 23 July 2013 06:50 AM

බටහිර විකාරකාරී දේවල් මගින් අපගේ සංස්කෘතිය මේ වනවිට බොහෝදුරට වැනසී හමාරය (නි)

:       0       0

දමයන්ති Sunday, 21 July 2013 11:14 AM

හේම මාලා දාන්නත කුමරුට අපේ මෙ ලෝකේ තවත් සම කරලා අරගන්න බැහැ මේවා කරන්න කරන අයට යන්න අපයක් නැහැ

:       0       0

විමල් Sunday, 21 July 2013 11:33 AM

විකාර (දී)

:       0       0

ලලිත Sunday, 21 July 2013 05:56 PM

මෙය කලාවකි. පෙරහැරකි. අපි සාහිත්‍යය විචාරාත්මකව හදාරමු. රසවින්දනය තව එකකි. (දී)

:       0       0

ප්‍රභූ Monday, 22 July 2013 04:36 AM

විය නොහැක්කේ බුදු රජුන් වීම පමණි. සාලිය අසෝක සාමාන්‍ය මිනිසුන් ඒ නිසා රඟපෑම වරදක් නොවෙයි.(නදී)

:       0       0

අනුර Sunday, 21 July 2013 06:08 PM

හේමමාලාට සහ දන්ත කුමරුට ඉන්නේ කවුද කියලා අපිට දැනගන්න බැරිද? (නි)

:       0       0

අසේල ඕමානය Sunday, 21 July 2013 06:12 PM

අද දවසේ මෙවන් දෙයක් කරලා ඉතිහාසගත වෙන්න බැරි අපේ අයට මෙවන් දෙයක් රඟ දක්වලා පෙන්නන එකවත් බලන් ඉන්න බැරි තරමට කුහක වෙලා තියෙන හැටි(අ)

:       0       0

පියුමාල් Saturday, 27 July 2013 11:42 AM

නියමයි මල්ලී.. (දී)

:       0       0

ඊෂා Saturday, 27 July 2013 11:43 AM

මල්ලී,ඉදිරියටත් මෙවන් පින්වත් චරිත නිරූපනයට වාසනා ශක්තිය ලැබේවා.. (දී)

:       0       0

පිටිගල Sunday, 21 July 2013 06:25 PM

ඒ කාලයේ අපේ දළඳා වහන්සේ ගෙන ආවේ හොරෙන්. කෙස් කළඹේ සඟවාගෙන. (නි)

:       0       0

යෝෂිත Sunday, 21 July 2013 12:19 PM

ලස්සනයි හේමමාලා. මම දකින්නේ නැහැ මෙහි කිසිම අඩුපාඩුවක්. (දී)

:       0       0

භාග්‍යා Tuesday, 23 July 2013 01:33 PM

මේ දෙදෙනා අනුරාධපුර සමාධි කලායතනයේ නැටුම් හඳාරන දෙදෙනෙක් නේද? (නි)

:       0       0

මංජුල අබු ධබි සිට Sunday, 21 July 2013 12:35 PM

ශාක්ෂි සාධක ඇතුව අතීතයේ ඒ නමැති දෙදෙනෙකු විසින් ශ්‍රී දන්ත ධාතුන් වහන්සේලා වැඩම කල බව අසා තිබුනත් එදවස සිටි පිරිස හැරුන විට ඔවුන් දෙපල දැක ඇති පුද්ගලයින් සිටින්නට නොහැක. ඔවුන් ගේ රුව ගුණ වරුණ ලියු අතීත පොත පතට අනුරූපව කෙනෙකුන් එම චරිතයට පන පෙවීම එතරම් වරදක් විය නොහැක. මන්ද මෙය හුදෙක් නිරුපනයක්ම වන බැවිනි. (දී)

:       0       0

සමන් Sunday, 21 July 2013 12:41 PM

ඊලග වෙසක් පෝයට අපිට තවත් අසිරිමත් දෙයක් දකින්න ‍පුළුවන් වෙයි සමහරවිට (දී)

:       0       0

ආනන්ද Sunday, 21 July 2013 07:03 PM

සැදැහැවතුන්ගේ සිත් පහන් කිරිම සඳහා මෙවන් දේවල් වැදගත් (නි)

:       0       0

පෙරේරා Sunday, 21 July 2013 01:14 PM

විමල්, විකාර කියන්නේ මොනවද? මොලේ ටිකක් හොඳ මදි ඔයාගේ. (දී)

:       0       0

කැනඩා දිසා Monday, 22 July 2013 07:42 AM

දමයන්ති ,ඔයා මම හිතන විදියට ගොඩක් හරි. මොකද නියම දළදා සමිදුන් වැඩ සිටින ඒ උතුම් කුටියට යන්න මටත් පිනක් පෑදුන වෙලාවේ මම ඒ දේ මගේ දෙනෙතින් දැක්කේ. හේමමාලාවන්ගේ හිසකෙස් එදා ඒ පිදු විදියටම දන්ත දාතුන් වටා තැන්පත් කර ඇති ආකාරය දැක්කා. අප මේ උරුමය රැකිය යුතුයි. ඒ හිසකෙස් හරිම පිවිතුරුයි.මගේ පරම්පරාවට වඩා ,උතුම් මිනිස්කම අපට වටිනවා (නි)

:       0       0

පෙරේරා Sunday, 21 July 2013 01:46 PM

වර්තමානයට අවශ්‍ය කුමනාකාරයේ දේවල්ද යන්න සංවාදයට යොමුවිය යුතු ගැටළුවකි (දී)

:       0       0

භාග්‍ය Sunday, 21 July 2013 08:05 PM

අපගේ ඉතිහාසෙට ,සංස්කෘතියට ගරහන්නේ කළු සුද්දන්ය. මෙවැනි දේවල් අතීතය අමතකවී යන අපේ සමාජයට මහගු මෙහෙවරකි (නි)

:       0       0

වීර Sunday, 21 July 2013 01:56 PM

සමහරු අදහස් වලින් මේ පිටුවත් කැත කරලනේ. (දී)

:       0       0

වේලු Monday, 22 July 2013 08:29 AM

දන්ත කුමරුන් ගැන මට දන්නා කෙනෙක් කරුණු කියාදෙන්න පුළුවන්ද? (නි)

:       0       0

සූරි Monday, 22 July 2013 08:34 AM

නිරුපනය කිරීමේ කිසිම වරදක් නැහැ.(නදී)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 21 July 2013 02:16 PM

උත්තම ශ්‍රී දළදා, හිසින් ගෙන මොක් පුර රන් නෞකා බලන් සකි , සත් සමුදුරු ගැඹරේ.. අතීත ශ්‍රී විභූතිය විදහා දක්වන පින්වන්ත සිතිවිලි හදවතට ගලා එන මෙවන් උතුම් පින්කම් තව තවත් කිරීමට සැමටම පින් සිතුවිලි පහල වේවා! (දී)

:       0       0

වීර Sunday, 21 July 2013 02:27 PM

පෙරේරා, ඔබ හරියටම හරි. (දී)

:       0       0

නිමල් ලලිතා Monday, 22 July 2013 08:50 AM

මේ චරිත නිරූපනය කළ දෙදෙනා මේ සිංහල බෞද්ධ රටට සදා හිතැත්තන් වේවා!(නදී)

:       0       0

පිටිගල Monday, 22 July 2013 03:57 PM

අසාද් මොකක්ද මෙතන කෙරෙන සත්ව හිංසනය?(අ)

:       0       0

මංජු Monday, 22 July 2013 10:22 AM

බුද්ධ චරිතය, ජේසුස් චරිතය වගේ අසමසම චරිත රංග දක්වපු ශ්‍රේෂ්ට නළුවන් සාමාන්‍ය මිනිස්සු. දහම් පාසලේ වේදිකාවේ බුද්ධ චරිතය රගපාන්නේ සාමාන්‍ය දරුවන්. මහන හා මෙහෙණි චරිත රඟපාන නළු නිලියන් සාමාන්‍ය මිනිස්සු. ඉතින් අතීතයේ ශ්‍රේෂ්ට චරිතයක් සාමාන්‍ය පුද්ගලයෙක් නිරූපණය කිරීමේ වරද මොකද්ද? වැදගත් වෙන්නේ අපට එයින් ඉගෙනගන්න හා ආවර්ජනය කරගන්න තියෙන දේ පමණි. (නි)

:       0       0

නිමල් Sunday, 21 July 2013 03:19 PM

ඒ කාලේ බෞද්ධ කොඩියත් තිබුනද?(නදී)

:       0       0

සදුනි Sunday, 21 July 2013 09:38 PM

ඉතිහාසය රගදැක්වීමේ වරද කීම....?මේ ගොල්ලන්ට පිස්සු....(අ)

:       0       0

ලුම්බිණි Monday, 22 July 2013 11:07 AM

සියලුම දේ ලස්සනයි අලංකාරයි. (නදී)

:       0       0

පහන් Sunday, 21 July 2013 03:52 PM

ලස්සනයි ,අලංකාරයි ,පංකාදු පහයි (.නිමල් ඒකාලේ බෞද්ධ කොඩියනම් තිබුනේ නැහැ . හැබැයි ඔයාලවගේ අය හිටියෙත් නැහැ ) (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 2322 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 1527 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 2310 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 555 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 3211 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37179 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24489 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 189 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 627 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 238 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site