සබරගමුවේ වතු ජනාවාසයක 12 හැවිරිදි දැරියකට සමාජ රෝගයක් වැළඳී ඇතැයි පොලිසිය කියයි.
විෂබීජයක් ශරීර ගතවී ඇතැයි රෝහලට ඇතුළත් කළ දැරියට සමාජ රෝගයක් වැළැඳී ඇතැයි තහවුරු වී ඇතැයි වෛද්‍යවරු කියති.
වයස්ගත සීයා කෙනකුගෙන් ඇයට මේ රෝගය වැළඳෙන්නට ඇතැයි පොලිසියට තොරතරු ලැබී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමාජය මේ තරමට පිරිහෙන්නේ පවතින රජය මේවට විරුද්ධව කිසිවක් නොකරන නිසාය . මා මෙසේ කියන්නේ ලිංගික අල්ලස අද රජයේ බොහෝ නිලදාරීන් මෙන්ම . ලිංගික අපාචර සමහර මැති ඇමති ප්‍රාදේශීය සබා මන්ත්‍රී වරුන් ගෙන් සිදුවන නිසාය . මෙනිසා සුළු වෙන් හෝ මහජනතාවද මෙයට බියක් නොමැති වී ඇත . දිනපත් මෙම පුවත් පතෙන් මා දෙක තිබෙනවා ලිංගික අපාචර කම් ගෙන . සජචාරාත්මක සමාජයක් සේදීමට සදාචාරාත්මක රජයක් සහ මැති ඇමති වරුද නීතියද සදාචාරාත්මක විය යුතුය (අ)
මේවා නවත්වන්නට යාම අතීසාරයට අමුඩ ගැසීම වගේ දෙයකි.නාලිකා හැම එකකම අද නිරුවත උලුප්පා පෙන්වමින් ලිංගිකත්වය උද්දීපනය කරන නැටුම් ගැයුම් නිතරම රග දක්වයි.අවුල් වූ පවුල්,හොර අඹුසැමි ටෙලි නාටක උදේ සිට පවුල් පිටින් එකට නරඹන තැනට පත්කළ රටක මේවා පාලනය නොකර යන්නට ඉඩදී වලිගයෙන් අල්ලා නතර කිරීමට නොහැකිය. "ආදා යවා තබා වල්පත ගත්තාසේ" කියලා පැරැන්නන් කිවුවේ මේවාටය. (නි)
මේ සීයව මට ගෙනත් බාර දෙන්න. අපේ ගෙදර පරණ ලාච්චු මේසයක් තියෙනවා ප්රෝයෝජනයක් නැතුව... (දී)
ඔවා ගණන් ගන්න එපා (දී)
මෙවැනි සිද්ධි අහන්න දකින්න ලැබීම අවාසනාවක්. අද අපට උරුමව ඇත්තේ අම්මා තාත්තා වත් විශ්වාස කරන්න බැරි ලෝකයක් ඒ නිසා සීයලා ගැන කවර කතාද? (දී)
මෙයට එකම පිළියම ශරීය නීතිය ලංකාවට ගෙන ඒමයි. මිනිසුන් තුල නීතියට ඇති බිය නැතිකම නිසාය මෙසේ සිදුවන්නේ. (නි)
මෙවැනි සිදුවීම් වලට අම්මලාත් වගකිව යුතුයි.දරුවන් තනියම වෙනත් අයට බලාගැනීමට දමා යාමෙන් දරුවන් වනචරයන්ට බිලි වෙනවා.මෙවැනි තිරිසනුන් පිටින් බලා හඳුනා ගැනීමට නොහැකිය.හොඳම විසඳුම තමන්ගේ දරුවන් තමාම බලා ගැනීමත් ඔවුන්ට නරක සමාජය ගැන දැනුවත් කර තිබීමත්ය. (නි)
ඔව් උත්තරා, ඔයා හරි.ඉන්දියාවේ වෛද්‍ය සිසුවිය දුෂණය කළ අයට මරණ දඩුවම දුන්නා.අපේ රටේ නම් මාස ගාණකින් ඒ අය හිරෙන් නිදහස් වෙනවා.හිරෙන් නිදහස් වුණාට පස්සේ එවැනි වැරදි ආයෙමත් කරන්න ඔවුන් භය නැහැ.හේතුව රටේ පවතින නීති ශක්තිමත් නැතිවීම.මේවා දකිනකොට දරුවන් හදන්න බයයි.ඉතිරි වෙලා තියෙන්නේ පිළිකුල් සහගත අනාගතයක්. (නි)
වතු සමාජයේ ඇති නුගත්කම්,දුප්පත්කම්,අනුවනකම් නිසා මෙවැනි දේවල් ඇතිවන්නේ.අපට හැකි සියලු දෙයක්ම මෙම වරප්‍රසාද නොලත් ජනයා වෙනුවෙන් ඉටු කරමු. (නි)
මට කියන්න ඕනෑ දේ උත්තරා බණ්ඩාර ලස්සනට කියා තිබෙන නිසා, මගේ වචන පෙළ මම ඇය වෙනුවෙන් පිළිගැන්වෙන මල් මිටක් කරනවා. (නි)
කුඩා දරුවන් අපගේ මානව සම්පතයි. මුලු ජීවිතයම විනාශ කළා මදිවට,මේ අයාලයේ යන මහල්ලා සමාජ රෝගයක් දී මෙම දරුවාගේ මුලු ජීවිතයම විනශ කරලා. මේ මිනිසා විෂ බීජයක්. (නි)
සීයා එහෙනම් නාකිකමට නිකන් ඉඳලා නෑ.තව කී කී දෙනෙකුට ඕක බෝ කරලද කියලා බලන්න. (ස)
මේ සීයගේ වයස කීයද (අ)
වරදට දඬුවම් ලැබෙන්නේ නැහැ නොවැ. ඒකනේ මේ සේරම නස්පැත්ති. සීයට හෙට ඇපදෙයි.නඩුව අවුරුදු 21 ක් ඇහෙයි. තීන්දුව දෙනකොට කෙල්ලට වයස 33 යි. සීය මැරිලා තියෙයි (නි)
අපේ ජනසමාජය පිරිහිමේ තරම මෙයින් කියනවා (නි)
“දායාදය”ක්? (නි)
ගාමිණී, මේ සීයා මනමාලයා නෙමෙයි, කාලකන්නියෙක් (නි)
මේවා බලනකොට හරිම කලකිරීමකට පත්වනවා. මිනිසුන් ඇයි තිරිසන්නු වගේ. (නි)
සීයා මනමාලයා නාකි ඉලන්දාරියා. (නි)
පවු (නි)
තවමත් කොල්ලා වගෙයි ඉන්නේ.... 60 පැන්නත් නාකි වෙන්නෙ නෑ... (නි)