
(ජනුර් කිචිලාන්)
කොළඹ සිට මඩකලපුව දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියට වැල්ලව හදිරවලාන දුම්රිය හරස් මාර්ගයේදී යතුරු පැදියක් ගැටීමෙන් තරුණයන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්වී ඇති බව වැල්ලව පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ වැල්ලව තුරුලියගම පදිංචි වයස අවුරුදු 20 සහ 21 ක් වන තරුණයන් දෙදෙනකු වන අතර මොවුන් කුරුණැගල සිට සිය නිවෙස්බලා යමින් සිටියදී අනතුරට පත් වී ඇති බව පොලිසිය සඳහන ්කරයි.
දුම්රිය හරස් මාර්ගයේ ගේට්ටුවක් නැති බව සහ ප්රවේශමෙන් ගමන් කළ යුතු බවට දැන්වීමක් සවිකර ඇති බවත් එම අවස්ථාවේ විදුලි සංඥා දැල්වෙමින් තිබු බව අනාවරණය වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd