IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


ධීවර හබ විසඳන්න ඉන්දු-ලංකා එකතුවක්

(අංජුල මහික වීරරත්න)

ඉන්දු - ලංකා ධීවරයන් අතර ඇතිව තිබෙන ගැටළුවට ස්ථිර විසදුමක් ලබා ගැනීම වෙනුවෙන් සාකච්ඡා කිරීමට දෙරට තීන්දු කර ඇත.

ඉන්දීය ධීවරයන් ශ්‍රී ලංකා මුහුදු කලාපයට පැමිණීම නිසා මෙම අර්බුදය පැන නැගී තිබේ.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක හා ඉන්දීය මහකොමසාරිස් සංතෝස් ජා මහත්වරුන් අතර පැවැති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණයට එළඹ ඇත.

ඉන්දීය ධීවරයින් මෙරට උතුරු මුහුදට අනවසරයෙන් ඇතුළු වී බොටම් ට්‍රෝලින් ඇතුළු නීති විරොධී පන්න ක්‍රම භාවිතා කිරීම කාලයක පටන් සිදුවන අතර මෙය ලංකාවේ ධීවරයන්ගේ විරෝධයට හේතුවී තිබේ.

එලෙස නීති විරෝධීව පැමිණෙන ධීවරයන් ශ්‍රී ලංකා නාවුක හමුදාව විසින් අත්අඩංගුවට ගන්නා අතර එලෙස අත්අඩංගුවට ගත් ධීවරයන් 170 ට ආසන්න පිරිසක් මේ වන විට බන්ධනාගාරව ගතව සිටිති. එයින් කිහිප දෙනෙකුට පසුගිය දිනක මෙරට අධිකරණය විසින් දඩුවම් පැමිණ වූ අතර එයට විරෝධය පළ කරමින් ඉන්දියා ධීවරයින් පිරිසක් එරට දී මේ වන විටත් උපවාසයක් ආරම්භ කර තිබේ.

මෙම ගැටලුව දෙපාර්ශවය සාකච්ඡා කරමින් තාවකාලිකව විසදා ගත්තද නැවත නැවතත් එම ප්‍රශ්නය ඇතිවන හෙයින් දීර්ඝ කාලීන ස්ථිර විසදුමක් ලබාදිය යුතු බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අදහස වී තිබේ.

ඉන්දීය රජයද එම අදහසට එකඟතාවය පළ කළ බැවින් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක හා ඉන්දීය මහකොමසාරිස් ඇතුළු කණ්ඩායම ඊට අදාලව සාකච්ඡා ආරම්භ කර තිබේ.

 



අදහස් (1)

ධීවර හබ විසඳන්න ඉන්දු-ලංකා එකතුවක්

S.H.liyanage Sunday, 03 March 2024 09:12 AM

මේක පුදුම රටක්. අපි ලැජ්ජා වෙන්න ඕනේ පිටරැටියන්ට අපේ මාලු අල්ලන් කන්න එදා තැන් ඒක ගන්න. ලෝකයේ කිසිම රටක මෙසේ කරන්න තේරෙන්නේ නෑ... ඉන්දියාවේ, පාකිස්තානයේ හරි මාලදිවයිනේ හරි මෙහෙම කළොත් කෙළින්ම හිරේ. අපේ කොන්ද පණ නැද්ද දවසකට බෝට්ටු 20ක් විතර වත් අල්ලගෙන නඩු දාන තෙක් ඇල්ලුවට වැඩක් නෑ...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තාඹුගලගේ විදෙස් ගිණුම් ගැන වාර්තාවක් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 03 1 0

අවුරා ලංකා සමාගමේ සභාපති ව්‍යාපාරික විරංජිත් තාබුගලගේ විදෙස් බැංකු ගිණුම් සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත


පෝර සහනාධාර දෙනවාට මැතිවරණ කොමිසම විරුද්ධ නෑ
2024 ඔක්තෝබර් මස 03 1099 1

පොහොර සහනාධාරය ගොවීන් වෙත ලබා දෙනවාට විරෝධයක් නැතැයි මැතිවරණ කොමිසම දැනුම් දුන් බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් එම්. පී. එන්. එම්. වික්‍රමසිංහ ලංකාදීපය


බඹරු ඇන 15කට තුවාල
2024 ඔක්තෝබර් මස 03 148 0

තලවකැලේ, ආගරපතන, ඇල්බියන් නිව්ප්‍රෙස්ටන් වත්තේ වතු කම්කරු කාන්තාවන් පිරිසකට බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් ඉන් තුවාල ලැබු 15ක් ප්‍රතිකාර සඳහා ආගරපතන ප්


කාසල්රී රක්ෂිතයේ ගින්නක්
2024 ඔක්තෝබර් මස 03 142 0

කාසල්රි ජලාශ රක්ෂිතයට කිසියම් පිරිසක් ගිනි තැබිම හේතුවෙන් ඉලුක් සහිත එම රක්ෂිතයේ විශාල භුමි ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වි ඇත.


වළ දමා තිබු අවිය සමඟ යුවළ දැලේ
2024 ඔක්තෝබර් මස 03 434 0

වරකාපොළ අල්ගම ප්‍රදේශයේ නිවසක ඇතුළත වළ දමා තිබුණු මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සමග යුවළක් අද( 03) දහවල් අත් අඩංගුවට ගත් බව වරකාපොළ පොලිසිය


පුහුණුවීම් කළ බසයටම යටවී සිසුවා මරුට
2024 ඔක්තෝබර් මස 03 1118 0

ආණමඩුව කාර්මික විද්‍යාලයෙ මෝටර් රථ තාක්ෂණ ශිල්පිය පාඨමාලාව හදාරමින් සිටි සිසුවකු අදාල පුහුණු විම් වලට යොදා ගත් බස් රථයටම යටවි බරපතල ලෙස අසාධ්‍යව ආණම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38767 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25467 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 295 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 996 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 348 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site