(මනෝප්‍රිය ගුණසේකර)
ධීවරයින් තිදෙනෙකු ඝාතනය කර ධීවර යාත්‍රාවක් පැහැරගැනීමේ චෝදනනාවන්ට වරදකරුවන් වු ධීවරයින් හත්දෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා මරණ දඬුවම නියම කළේය.
තවත් අධිචෝදනා 6කට වරදකරුවන් කළ විත්තිකරවන්ට බරපතළ වැඩ සහිත වසර 29ක සිරදඬුවම්ද රුපියල් මිලියන 2ක බැගින් වූ දඩද ගෙවීමට ද නියම කළ විනිසුරුවරයා එම සිරදඬුවම් එකවර ගෙවී යන අන්දමට ක්‍රියාත්මක කිරීමටද නියම කළේය.
2012 ඔක්තෙතා්ම්බර් 15 වැනිදා හෝ ඊට ආසන්න දිනයක නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකා මුහුදු තීරයේ ධීවර රැකියාවක නිරත වූ පුද්ගලයින් රැගත් ‘තේජාන්‘ නැමති ධීවර යාත්‍රාව පැහැරගෙන එහි සිටි ධීවරයින් තිදෙනෙකු ඝාතනය කර තවත් ධීවරයින් දෙදෙනකුට බරපතළ තුවාල කර මුහුදට දමා බෝට්ටුව පැහැරගෙන ඕස්ටේ්‍රලියාවට යෑම ඇතුළු චෝදනා යටතේ විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා නඩු පවරා තිබිණී.
විත්තිකරුවන් 11 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබු අතර නඩු විභාගය අතරතුර විත්තිකරුවන් තිදෙනෙකු මියයෑම නිසා ඔවුන් නොමැතිව විත්තිකරුවන් 08 දෙනෙකුට එරෙහිව නඩුව විභාග කළ අතර නඩු විභායෙදී ඉන් විත්තිකරුවන් 07 දෙනෙකුට එරෙහි චෝදනා පැමිණීල්ල විසින් සාධරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කරමින් ඔවුන් වරදකරුවන් කළ අතර නඩුවේ 10 වැනි විත්තිකාරියට එරෙහි චෝදනා පැමිණීල්ල විසින් සාධරණ සැකයකින් තොරව ඔප්පු කර නැතැයි තීරණය කරමින් ඇය නිදොස් කර නිදහස් කළාය.
අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.
අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර
රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස
ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන
ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ධීවරයෝ 7ක් පෝරකයට