නකල්ස් කඳුවැටියට දකුනින් පිහිටි මහනුවර-මහියංගන දහඅට වංගුපාර රුපියල් කෝටි 500 කින් අලූත් වැඩියා කිරීමෙන් පසුව මහින්ද රාජපක්‍ෂ ජනපති අතින් අද විවෘත විය.
දේශගුණය, කඳුපල්ලම්, වගාව හා වනසතුන්ගේ විවිධත්වය අතින් සුන්දර පෙදෙස්වලින් කිලෝමීටර් 41 ක් දුරැති මේ මාර්ගය නැමී එක්වූ නාගයකු සේ නිර්මාණය වී ඇත. මීටර් දෙකතුනකට වඩා පළල් නොවූ පාර දැන් මීටර් 15 ක් පළල්කර ඇත. පාලම් අටක්ද බෝක්කු 350 කට අධික ගණනක්ද මේ පාරේ ඇත. අලූතින් තානායම් කිහිපයක්ද ඉදිකර ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජයකින් කල යුතු වැඩක් ප්‍රමාදවී හෝ ඉටු කලාම එයට ස්තුති කරමින් පින් දෙන ඔය මහත්වරු, ජනපති තව උස්සන ඔය මහත්වරු, ලියුමක් ගෙදරට ගෙනත් දෙන තැපැල් කරුට හෝ, විදුලි බිල ගෙනත් දෙන මනු කියවන්නාට හෝ, බස් රියදුරාට හෝ, බඩු ගන්නා කඩේ මුදලාලිට ඔවුන්ගේ රාජකාරිය ඉටු කිරීම ගැන දවසක් වත් පින්දීලා "ඔබයි සදාකල් අපේ මුදලාලි, ඔබයි සැමදා අපේ පියුම් මහත්තයා,," ආදී වශයෙන් කියන්නේ නැහැ නේද? ඔයාලට නොතේරෙන දේ තමයි, රටක වැසියන්ට මේවගේ සේවාවන් ඉටුකිරීම පාලකයින්ගේ රාජකාරිය බවත්, අප ඔවුන්ට මෙතරම් සැප දීලා බඩගින්නේ බලා ඉන්නේ ඒවා ඉටුකරවාගන්න බවත්.
ඉන්ද්‍රජිත් මහත්තයෝ ඔයාගේ ඔය බහුබූත තර්කෙම චන්ද්‍රිකා නෝනගේ වසර 11 කාලේ කරපු දේටත් දාල බලන්න.
මේ වැඩේ අඩුපාඩු කියන කට්ටියව යවන්න ඕනේ 70 දශකයේ වගේ පෝළිම් වල තියන්න
රජයට හෝ රටට විරැද්ධවාදී දේශපාලන මත දරණ කුහකයින්ට මොන හොඳ කලත් පෙනෙන්නේ නුහුරට අපේ සමහර අයගෙ හැටි ඔහොම තමයි.සුළුතරයක් ඵහෙම උනාට බහුතර අප ඔබ සමගයි ජනාධිපතිතුමනි.
මේ විදිහට බදු බර ජනතාව මත පටවා මෙවැනි සංවර්ධනයක් කාටද? ජනතාවටද? පාලකයන්ටද? සංචාරක කර්මාන්තය මුවාවෙන් සිදුවන ආගමික පිරිහීම? අපි වගේ දුප්පත් ජනතාව හූල්ල හූල්ල ඉන්න තමයි වෙන්නේ.......
දාන්න වටිනව කටේ මසුරං ඉන්ද්‍රජිත්ගේ කතාවට
මේක දහඅට වංගුව හරි...
මොළේ ඕන හිතන්න මෙවැනි පාරවල් රජයක් වුනාහම සංවර්ධනය කලයුතුමයි.
ගමයෝ, කරපු සංවර්ධනය දිහායි බලන්න ඕනේ
මේ පාරෙත් ඉගිල්ලිලා යයි අයියලා.අනේ,මට බයයි වගේ
තවත් හොඳ ව්‍යපෘතියක්.. අපි සැවොම මේවා අගය කරන්න ඕන මේ හැදෙන රට අපට නොවේ අපේ දරුවන්ටයි.. මග හොඳට තිබේ නම්.. යන්ට දෑසත් පෙනේනම්.. කිම බැඳි වල යන්නේ මංමුලාවුන් සේ......
ඔහොම යන්
වැස්සට නායයයිද දන්නේ නෑ.
ණය වෙලා පාරවල් හදන්න එපා.අපිට ණය දරාගන්න අමාරුයි.අපිට සංවර්ධිත ආර්ථිකයක් තාමනෑ. අනෙක පරිසර විනාශය අවම කරන්න.චීනුන්ට පරිසරය ගැන කැක්කුමක් නෑ. මම හෙළයාට එකගයි.
රටක පරිසරය සංවර්ධනය කළ යුතුයි. ඒත් වඩාත් වැදගත්වන්නේ මානව සම්පත සංවර්ධනය කිරීමයි. කිරිපිටි ඇතුළු ආහාර දව්‍යවල මිල වැඩිවීම නිසා අප රටේ මානව සම්පත අද කායිකවත්, ලාභය එකම අරමුණ බවට පත්වූ ආර්ථික පිළිවෙත නිසා අධ්‍යාත්මිකවත්, වඩ වඩාත් පිරිහෙමින් පවතිනවා.
පාරවල් කන්න බෑනේ.... කිරිපිටි නැග්ගා.
බලන්න කමෙන්ට්ස් දිහා. මොනවා වුනත් එන පාරත් ජිල්මාට් තමයි.
ස්තූතියි ජනාධිපති තුමනි. ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර අපි නැවත ගෙවනවා.
ආණ්ඩුව ජනතාවට වංගු දාන එකයි පෙන්නන්න බැරි.
ලංකාවේ අය කවදත් පටි තදකරගෙන හිටියේ. ලොක්කෝ හැමදාම ගැහුවා. බෝම්බෙත් ගැහුවා අමතකද ?
මෝඩ මිනිස්සු....
'ලංකාවේ මිනිස්සුන්ට සේවය කරන්නනම් හොදට බැනුම් අහන්න පුරුදුවෙන්න ඕන, සේවය කරන්න පටන්ගත්ත දා ඉදල හිටගත්තත් ඉදගත්තත් අහන්න වෙන බැනුම් කෙළවරක් නෑ' කියල අනගාරික ධර්මපාල තුමත් කිව්වා නොවැ. ලස්සනම වැඩේ ආතල් රටක් මේක !!! සමහරුන් ලජ්ජා නැතුව කට ඇරලා කියනවා, අනේ ඔය සල්ලි වලින් අපිට බඩ පුරා කන්න දුන්නනම් හොදයිනේ කියල, බඩගෝස්තරවාදී අලස මිනිසුන්ගේ ලක්ෂණයක්!
දැනට ගොඩයන එකකට තියෙන්නේ පාරවල් හදන එක තමයි.....
පාරවල් විතරක් හද හදා හිටියට රටක ජනතාවගේ බඩගින්න නිවෙන්නේ නැති බවත් රටේ පාලකයෝ තේරුම්ගත යුතුයි. අද කොයි කවුරුත් කටක් ඇරලා හරි වැරැද්ද කියන්න බයයි. විරුද්ධ වන අයව රහසින් මර්ධනය කරනවා. ප්‍රශස්ති කියන අයට යම් යම් දේවල් ලබා දීලා ඒ අයව සතුටු කරවා තව තවත් ප්‍රශස්ති කියවා ගන්නවා
අපේ ජනපතිට හැමදාම ජයවේවා
මේක හරියට ලංකාවේ මිනිස්සුන්ගේ කුඩා බඩවැල වගෙයි
පොඩ්ඩක් ඉවසන් ඉන්න අයියා . (ස)
හොදයි හැබැයි ලංකාව හැමදාම මහත කට්ටිය ඉන්නවානම් සංවර්ධනය කරන රටක ඉන්නවා වගේම මහතත් අඩු කර ගන්න නියම වැඩක් මේක
පාර දැක්කම බඩ පිරෙනවා ඇති.ඒකනේ බඩු මිළ වැඩි කළේ
රටේ පාලකෙයා ඉන්නේ රට සංවර්ධනය කරන්න.ඒක ඔවුන්ගේ වග කීමක්. ඒත් මේ රජයෙන් හදන්නේ පාරවල් විතරයිනේ.මොනවද රටට ඒකෙන් ලැබෙන ආදායම්? දරුවෙක්ට තුන් වේල කිරි ටිකක් බොන්න දෙන්න පුළුවන්ද? කිරි ගොවියා ආරක්ෂා කරනවලු. ඒත් කිරි ගොවියගේ කිරි විකුණ ගන්න විදිහක් නැතුව කානු වලට හලනවා කිරි. ලංකාව සහලින් ස්වංපෝෂිතයි කියලා කියනවා. ඒත් පිට රටින් හාල් ගෙන්වනවා. මේවා කතා කරන එකෙන් වෙන්නේ ඇගේ ලේ කෝප වෙන ඒක විතරයි.
හොඳ වැඩක්. පාරවල් හැදෙන්න ඕන රටක් තියුණු වෙන්න. ඕනම රටක දියුණුවට එක හේතුවක් තමයි යටිතල පහසුකම්. ඒ වගේම මේ පාර ගොඩක් ලස්සන එකක්. අපි ඒක හොඳින් කළමනාකරණය කරලා විදේශ සංචාරකයන් ගෙන්න ගන්න ඕන.
මමත් ගියා.. මාර ලස්සනයි. ඔක්කොම පාරවල් ටික හැදුවොත් හොඳයි...
ලංකාවේ පාරවල් ටික නම් නියමයි. මේ නකල්ස් පාරවලුත් හරිම ලස්සනයි. මට හිතෙනවා අපි පිටරටක ඉන්නවා කියලා පාරවල් දිහා බැලුවම. ඒත් ආධ්‍යාත්මක සංවර්ධනය, ජනතාව අත්‍යවශ්‍ය ආහාර පාන මිළ ඉහළයාම වගේ දේවල් වලටත් පාලක පිරිස්වල අවධානය යොමු වුනා නම් හොඳටම හොඳයි.ඒ පැත්තෙන් බලන මිනිස්සු කළකිරෙන්න පුළුවන් නිසයි මම මෙහෙම කිව්වේ. මම හැම දෙයක් දිහාම වැරදි ඇහෙන් පමණක් බලන කෙනෙක් නෙවෙයි
වැඩේ නම් හොදයි.ඒත් බඩට නම් හොදටම වැදිලයි තියෙන්නේ
පාර හැදුවට පස්සේ බඩු මිළ වැඩි වෙන කොට තේරෙයි ඔය සුභ පතන කට්ටියට ඒකේ රගේ
මෙම මාර්ගය ඇත්තටම හොදයි.එහෙත් මෙම මාර්ගයේ ඉදිරිය නොපෙනෙන වංගු වලට උත්තල දර්පණ ආකාරයේ තහඩු වලින් නිමවූ දර්පන සවි කරන්නේ නම් ඒත් හොදයි
මොනව කළත් වැඩක් නෑ මේ පරිසර දූෂණය නවත්වන්නේ නැතිව.
ඉන්ද්‍රජිත් අපේ ගොඩක් අයට නොතේරෙන එකක් තමයි ඒක. අපි දේශපාලකයො පාර්ලිමේන්තු යවන්නේ රට දහන්න.
ඉන්ද්‍රජිත්ට වැටහුනාට හැමටම වැටෙහන් නැහැ
ඊර්සියා කාරයොත් ඉන්නවා. ඒ අයට මොනවා කලත් හොද නැ
නියමයි. ලංකාවට ආපු දවසක බලන්න යන්න ඕන.
ඇත්තටම මේ වගේ වැඩ රටේ පුරවැසියන් හැටියට අපි අගය කල යුතු වෙනවා. ජනපති තුමාට ජය වේවා !!
හැමදාම අපේ ජනාධිපති වේවා......!!!!!!!!!
පාර කාලා ජීවත් වෙයව්.
සංවර්ධනයට වැදගත් දෙයක් මහාමාර්ග ? ඒ නිසා සුප පතනවා. නමුත් භාණ්ඩමිල ඉහළයාම කෙසේ දරාගන්නද ?
හොද වැඩක්. අපි ප්‍රදේශයේ ශාක වැවිය යුතුයි.
ජනපති, මහාමාර්ග ඇමතිතුමා ඇතුළු සැමට ගොඩක් ස්තූතියි
මට මතක විදියටනම් මේ පාරේ වැඩ පටන් ගත්තේ අවුරුදු 10 ට කළින්.
මෙය රජයේ වැඩක්. අපි ප්‍රශංසා කළ යුතුයි හදවතින්ම.
ජනපති තුමණි ඔබට ජය ..........
ලස්සන තමයි
හැබැයි පාරවල් සංවර්ධනය කොරන එක හොදයි. මෙවැනි පාරවල් රජයක් වුනාහම සංවර්ධනය කලයුතුමයි. එය රජයේ වගකීමකි.
අගේ කළ යුතු දේවල් අනිවාර්යයෙන්ම අගය කරන්න ඕනි
ගොඩක් අය රැවටිලා. පාර හදලා අපිව විකුණලා. මොළේ ඕන හිතන්න.
ජනපතිතුමනි, බලන්න අද ලංකාව කොච්චර ලස්සනද කියලා.ඔබතුමාට ජය වෙවා!
තව තව මේ වගේ වැඩ අපිට ඉස්සරහටත් බලන්න පුළුවන්
පොඩ්ඩක් එවසලා පටි තදකරගෙන හිටියොත් තව තව ලොකු වැඩ බලන්න පුළුවන් ඉදිරියට
ඉතා උසස් වැඩක්. ජනපතිතුමාට ස්තූතියි!
ලංකාවට ආවම බොහොම විනෝදයෙන් 18 වංගුවේ යන්න පුළුවන්.
ඇත්තටම මේ වගේ වැඩ රටේ පුරවැසියන් හැටියට අපි අගය කල යුතු වෙනවා.
ජනපති තුමාට ජය වේවා !!
හොඳයි වැඩේ නමුත් 1000න් හදන්න පුලුවන් පාර 5000න් හදලා මාටියා ගහන වියදම ජනතාව පිට දාල බදු වැඩි කරන එක නම් දර ගන්න බෑ. අනික කෙළවරක් නැතුව පිට රට වලට ණය වෙලා මේ කරන සංවර්ධනය සැබෑ සංවර්ධනයක්ද කියන එක බුද්ධියෙන් විමසා බලන්න ඕනි. මට පේන විදිහට මෙවායේ නියම ප්‍රතිලාභ ගන්නේ පිටරටවලින්. හරියට සුද්දෝ අපේ රට යටත් කරගෙන රට සංවර්ධනය කලා අපිට ආදරේට නෙමෙයි උන්ට ඕනි නිසා මට නම් දැන් පේන්නේ ආයෙත් වෙන්නේ වැඩේමයි. එංගලන්තේ, ඇමරිකාව, ඉන්දියාව, චීනේ මේ ඔක්කොම පිට රටවල් තමා. ලංකාවේ මෑත කාලින ව්‍යාපෘති කීයක ප්‍රතිලාභ මේ රටවල් ගන්නවාද?
මේ පාර හදමින් තියෙද්දී යන්න ලැබුණා.. එතකොටත් වැඩ බොහොමයක් සම්පුර්ණයි... අති විශිෂ්ටයි... ලංකාව ගැන දැනෙන දේශ වාත්සල්‍ය කියා නිම කරන්න බෑ මේ පාරේ යනකොට දකින සුන්දර දර්ශනයෙන්... ඒ තරන්ම අයස්කාන්ත මනරම් දර්ශන.. ඉතා පරිස්සමින් සහ සැලසුම් සහගතව මේ පාර සංචාරක ව්‍යාපාරයේ මහඟු ඵල නෙලා ගැන්මට භාවිත කල යුතුයි... හසලක නගරයට එනවිට දකින රණවිරු හසලක ගාමිණීගේ ස්මාරකය තවත් රටට අති ඇල්ම වැඩි කරවනවා...
පාරවල් හදනකොට හොදයි. මිනිස්සු පාරට ඇද දාන්න ලේසියි. සුබ අනාගතයක්.
මේ පාර දෙපැත්තේ පාංශු ඛාධනය වලක්වන්න ගස් හිටවන්න...
හොද දෙයක් කළාම නිසි ගරුත්වය දිය යුතුයි. එහෙත් රට යන මග ගැනනම් සතුටු විය නොහැකියි.
අපි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ස්තූති කරනවා. සුබ අනාගතයක්.
හැදුවත් වැරදියි , නොහැදුවත් වැරදියි...එතකොට මොකක්ද හරි..
අලි බබා මොකෝ කියන්නේ....ඇයි සද්දේ නැත්තේ...
කරුණාකර මේ පාරේ ගිහින් හොද වැඩේ බළලා මෙහි කමෙන්ට්ස් දාන්න.
ඔබ අපට, රටට ආඩම්බරයක්, අපි ඔබ සමගයි.
සුන්දර අපේ රට තවත් ලස්සන වේවා !!!!!!!!!!
ඕකට උදම් අනන්න එපා. ඕක ඉස්සර හදපු පාරක් ඔච්චර හිතට ගන්නත් එපා අළුත් වැඩියාවක් විතරයි.
ඔයවගේ වැඩ හොද බුද්ධිමත් උගත් ඡන්ද දායකයන්ට නේද මෙයාලා.
මෙවැනි දේ අනිවාර්්‍යයෙන්ම කළ යුතුයි නමුත් මේ විදිහට බදු බර ජනතාව මත පටවලා මොකක්ද මේ කරන්නේ මොකක්ද මේ කියන්නේ කියල හිතනව.......ජනතාව ජීවත් වී සිටිය යුතුයි මෙවැනි පාරවල් වල යන්න මොකද මේ වගේ බඩු මිළ ඉහල යන කොට ජීවත් වෙන්න අමාරැ එකේ මෙවැනි පාරවල් වල යන්නේ.........මේ ආණඩුව හුදෙක්ම සංචාරක ව්‍යාපාරයට මුල් තැන දී ඇත.ලංකාවේ ජනතාව කෙරෙහි නොවේ....මේ පාර මෙච්චර වියදම් කොට හැදීමෙන් මුළු ජනතාවගෙන් සියයට කී දෙනෙකුට ප්‍රයෝජනද? මේ සියළු ලාභ ව්‍යාපෘතිය කරපු අයට තමයි.................දෙයියෝ සාක්කි..................
ඔය පාරෙන් සල්ලි කොච්චර යටි මඩි ගහ ගන්න ඇද්ද ? මීයක් කඩන්නේ අත ලෙවකන්නද ? අපේ මෝඩ මිනිස්සුන්ව හැමදාම රවට්ටන්න පුලුවන් අපේ දේශපාලකයන්ට.
ලංකාවේ සිදුවන සංවර්ධනය දැකලා මම ලංකාව ගැන ආඩම්බර වෙනවා.
පුෂ්කර හරියටම නොදැන දෙයක් සටහන් කරන්න එපා. මෙහි ඉදිකිරීම් ආරම්භ කළේ වසර තුනකට පෙර. මම මේ මාර්ගයේ ගමන් කරන නිසා ඒ බව හොදට දන්නවා.
හොද වැඩක් හැබැයි වියදම් කරන සල්ලි නිසි විදියට යොදවනවද කියලා හොයල බලන්නත් ඕන.
ඔය සල්ලි ටික ගල් වලටත් වැලි වලටත් යට කරන එකේ රටට ආදායමක් එන ව්‍යාපෘතියක් කරානම් හොද නැද්ද ?
ඒ.ජා.ප.යට වසර 17 කට කරන්නට බැරැව ගිය සංවර්ධනය ජනපති වසර 6 කින් අවසන් කර තිබෙ .ඔබමය ජනපති සැමදා අප ලක් දෙරනෙ....