නකල්ස් රක්ෂිතය ආශ්‍රිතව දුලබ සතුන් දඩයම් කළැයි වරද පිළිගත් සැකකරුවන් 6 දෙනාට පන්විල සංචාරක මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් එම්.එච්.රෆික්ඩීන් මහතා අද (25) රුපියල් 175 000 ක දඩ නියම කළේය.
දැඩි ආරක්ෂිත සතුන් දඩයම් කිරිම හා ඒ සඳහා ගිනි අවි භාවිතා කිරිමේ චෝදනා සඳහා වරද පිළිගත් ප්‍රධාන සැකකරු වන එස්.එම්.සිරාජ්ට (සාද් මොහොමඩ් සිරාජ්) එක් වරදක් සඳහා රුපියල් 25,000 බැගින් රුපියල් 50 000 ක දඩයක්ද, අනෙක් සැකකරුවන් සතුන් ඝාතනය කිරීමට අනුබල දීම හා ආධාර කිරිම යටතේ කොඩිතුවක්කු ආරච්චිගේ නලින්ද වීරතුංග,චන්ද්‍රසේකර විජයකාන්ත්, ගලබඩ ලියනගේ රුවන් සංජීව සමරනායක හා නන්දකුමාර් යන අයට රුපියල් 25,000 බැගින් දඩ නියම කැරිණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහිංසක සත්තු කොපමණ ගණනක් ජීවිතයෙන් වන්දි ගෙවන්න ඇද්ද? (නි)
මේ දුන් දඬුවම මදි (නි)
කපිල, මමත් ඒ බව දන්නවා. මම දැනගත්තෙත් එයින් තමයි.
ශාක වලටත් පණ තියෙනවා. හැබැයි කව්රුත් එව්වා කතා කරන්නේ නැහැ. (බ)
තිලාන් සහ අබේරත්නගේ අදහස් දෙක තමයි දවසේ හොදම අදහස්. (බ)
සත්තු මරණ එකටනම් මාත් විරුද්ධයි . එත් මෙතන කොමෙන්ට් දාන උවුන් ඔක්කොම වෙජිටේරියන් වගේ තමයි කතා කරන්නේ (ම)
කැලේ සතා මැරුවහම නීතියෙන් දෙන දඬුවම මිනිස්සු ස්ථිර කරනවා. ඒ මිනිස්සුම නීත්‍යානුකුලව මරණ හරකා කුකුලා බයිට් එකට ගන්නවා. අපේ මිනිසුන්ගේ සත්ව කරුණාව ගැන හරි පුදුමයි. (ම)
තියෙන නීති පනගන්නවල බලගන්න ගන්න කාලේ හරි දැන් ! (ම)
දඩ විතරක් මදි හොඳටම. සිර දඬුවමකුත් දුන්නා නම් තීරණය අගය කරන්න තිබුනා (නි)
හොඳ ලාබයක් හොයාගන්න පුළුවන් දඩ ගෙවලා ඉවර වෙලත්. ඒ නිසා මේ දඬුවම නම් මදි (නි)
සිර දඬුවම් ස්වභාව ධර්මයෙන් ලැබෙයි (නි)
දුර්ලභ සත්තු මැරුවාට මේ දඬුවම මදි (නි)
මොවුන්ට මීටත් වැඩිය ලොකු දඬුවමක් දුන්නා නම් හොඳයි (නි)
ජයනාත් දන්නවද, මේක හෙළිවුණේ සමාජජාලා වෙබ් අඩවි නිසා කියලා. (නි)
වරද පිළිගෙන නැවත මෙවන් වැරදි නොකර ඉන්නවා නම් තමයි හොඳ (නි)
සිර දඬුවම් සමඟ දඩ ගැසුවා නම් තමයි සතුටු (නි)
මස් විකුණලා මීටවැඩිය හොයන්න ඇති. දඬුවම කොහෙත්ම ප්‍රමාණවත් නැහැ මට නම් (නි)
මේවා සෑම මස් වැද්දෙකුටම හොඳ පූර්ව අවවාදදීමක් (නි)
මේ දඬුවම ගැන මම නම් සෑහීමකට පත්වෙනවා (නි)
ඒ අසරණ සතුනට යළි ජීවිතය නොලැබුනත්, අවු.5 කට පමණ පෙර සිදුකළ මේ පව්කාර ක්‍රියාවට මොවුනට ලැබුණු දඬුවම අගයමි. යහපත් මාධ්‍ය නිදහස ඔන්න..! මෙය එළිකිරීමට උදව් වූ සියල්ලන්ට ස්තුති වේවා! (නි)
මේ දඩ මෙසේ ගෙවුවත් මොවුන් කළ පවු කෙසේ ගෙවන්නද? (නි)
දඩ විතරද? හිර දඬුවම් නැද්ද? (නි)
මදි මදි මදි මේ දඬුවම හොඳටම මදි. නැවත වතාවක් තවත් යමෙක් මෙවැනි දේ නොකරන්න මේ අයට දඬුවම් කළයුතුයි (නි)