තමන් ඇතුළු ජ්‍යෙෂ්ඨ ඇමැතිවරු කිසිදාක ඇමැතිකම් ලබාගැනීමට පස්සෙන් නොගිය බවත් රට ශක්තිමත් කිරීමට ඇමැතිකම් ලබාගන්නට ආරාධනා ලැබූ හෙයින් තනතුරු බාරගත් බවත් සමහර ජ්‍යෙෂ්ඨයින් නගුට සඟවාගෙන සිටින බවත් කම්කරු අමාත්‍ය ජීවන් කුමාරතුංග මහතා නාරාහේන්පිට කම්කරු අමාත්‍යංශයේදී අද වැඩබාරගනිමින් පැවසීය.
කම්කරු රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය ජයරත්න, කම්කරු අමාත්‍යංශ ලේකම් ඩබ්ලිව්.ජේ.එල්.යූ.විජයවීර, ජීවන් කුමාරතුංග අමාත්‍යවරයාගේ දියණිය බස්නාහිර පළාත් මන්ත්‍රීනී මල්ෂා කුමාරතුංග ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්වූහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලට කරන්න ඕනෑ දේ ජනතාව ඡන්දෙදි තීරණය කරාවි. (නි)
පිවිතුරු යහපාල,ඔයා මැරිලා ඉපදිලාද කතාකරන්නේ? (නි)
අනේ අපි නම් දන්නෙ නැහැ ඔය කතා! (නි)
මම අදයි දැනගත්තේ අපේ රටේ සමහර ඇමතිවරුන්ට එහෙම දේවලුත් තියෙනවා කියලා. (නි)
නගුටු දේශපාලනයට කරන්න ඕනෑ දේ ජනතාව දැනටමත් තීරණය කරලා ඉවරයි. ජනතාව තවදුරටත් රවටන්න නරිවාදන් වලට බැහැ. (නි)
පිව්ෆිතුරු යහපාලගේ කටේ මසුරන් දාන්න වටිනවා. වීරයෝ වගේ හිටපු ජනපතිතුමාව පතුරු ගැහුවෙත් එකල තිබුණු නිදහස පාවිච්චි කරලා තමයි. කට්ටිය උතුරට බයනැතුව ගියෙත් උතුරේ ඡන්ද තමන්ගේ සාක්කුවේ දමාගත්තෙත් උතුර නිදහස් කරලා දුන් නිසා තමයි. දෙවියනේ කියලා මරබියෙන් තොරව පාරේ බැහැලා යන්න ඉඩ හදාදුන්නෙත් එතුමා තමයි. මහින්ද මහත්තයා කළ සේවය අකාමකා දාන්න කාටවත් බැහැ. (නි)
යහපාල, ඔයාට තුති! අර පිටබැද්දරගේ දේශපාලන දැනීම බින්දුවයි (නි)
බන්දුල පෙරේරා පරණ හැව ගලවලා පිවිතුරු යහපාල වෙලා ජනතාව ප්‍රතික්ෂේප කල නායකයා වෙනුවෙන් තාම කඩේ යනවා වගෙයි.මතු පරපුරට හෙටක් හදල නොවෙයි ඔවුන්ව හෙටට ණයකරුවන් බවට පත් කරලා කියල හෙජින් සුදුවෙන් පමණක් ඇති කියා හිතාගන්න ඔබට නුවනක් නොමෙති වීම කනගාටුයි මිත්‍රයා. (ස)
මෙයාගේ නගුට කපලා තියෙන්නේ. (ස)
අවස්ථාවාදියෝ! (ස)
තවමත් මිනිස්සුන්ව ගොනාට අන්දන ව්‍යාපාර නැවතී නැත. (ම)
පිටබැද්දර ජයෝ, පළමුව පොළොවේ පයතියලා ඉන්න.එතකොට තේරේවි වැරැද්ද.මේ රටේ ලියන්න කියන්න කතා කරන්න නිදහසක් නැති කාල තිබුනා. මහින්ද මහත්තයාගේ පාලන කාලයේ ඔබතුමා හිටියේ අපි හිටපු රටේ නෙමෙයි වෙන්න ඇති.මතු උපදින පරපුරට හෙටක් හැදුවේ මහින්ද මහත්තයා (නි)
ලේනෙක් මුහුදට වැටුන තම පැටියාව බේරගන්න හිතලා තමන්ගේ වලිගයෙන් මුහුද හිස්කරන්න බැලුවාලු. ඒ වගේ පිටබැද්දර ජයා තනිවම දඟලනවා පීලිපැනලා වේගයෙන් කන්දෙන් පහළට දුවන "යහපාලන" අඟුරු කෝච්චිය නවත්වලා හරි පීල්ලෙන් තියලා කන්ද උඩට ගෙනියන්න.දුවන කෝච්චියට පැනලා මැරෙන්නේ නැතුව පණ බේරගන්න බලන්න. අපිත් රතු එළි පෙන්නලා කෑගහලා බැලුවා.මොන අවාසනාවකටද දන්නේ නැහැ වැරදි පීල්ලේම පල්ලමට බ්රේක් නැතුවම ගියා. (නි)
දැන් සමහරු කුණු රෙදි ප්‍රසිද්ධියේ හෝදලා ඉවරයි. පුහුල් හොරා කරෙන් දැනේ කිවුවලු!!! (නි)
දැන් කියන්නේ ඒ විදියටම අනෙක් අයටත් නගුට වනන්නද? (නි)
කිසිම දවසක ත්‍රස්තවාදයට එරෙහිව හඬක් නොනැගූ ඇමතිතුමෙක්ට තානාන්තරය රැකගන්න ඕන වුණාම හඬ නගන්න මතක්වෙලා.(දිල්)
ඒ ගමන නගුටු දේශපාලනයක් ආරම්භ කරන්නද යන්නේ? (නි)
දැන් මොකක්ද මෙතන තිබෙන වරද? ජාත්‍යන්තරය ශක්තිමත් කරලා, හැමෝටම කතාකරන්න ලියන්න තමන් කැමති විදියකට හිතේ බයක් නැතුව ජීවත්වෙන වටපිටාවකට මඟ සළසලා, රටටම විනාශයක් වෙලා තිබෙන විධායකයේ බලරහිත කරලා, ව්‍යවස්ථාදායකය පණගන්වලා, මතු උපදින පරපුරට හරි මේ රටේ නිදහස්ව නිවහල්ව ජීවත්වීමට මෛත්‍රී , රනිල් ප්‍රමුඛ මේ රජය ගෙනයන මේ යහපත් කාර්යය සාර්ථක කරගන්න ශක්තියක් වෙන්න ඉදිරිපත්වීමේ මොකක්ද තිබෙන වරද? කුහකකමින් හැම දෙයක්ම බලා හිත අපිරිසිදු කරගන්න එපා මිනිසුනේ! (නි)
මට හිතෙන්නේ මේ වගේ අය පත්කරන අය ගැනත් අපි දෙවරක් හිතන්න ඕනෑ (නි)
කතෝලික අයත් පිරිත් නූල් බඳිනවද? නැත්නම් එය දේශපාලනික අවශ්‍යතාවයක්ද? (ස)
එක වරදක් තියෙනවා. තාත්තයි දුවයි දෙන්නම නිකම් පුටු රත් කරනවා විතරයි. (ස)
මේ කට්ටිය ඔහොම නගුටු එලියට දාන්න ගියොත් කකුල් හතරේ අයගේ නගුටුවලට මොකද වෙන්නේ. උන්ට ස්ට්‍රයික් කරන්නද කියන්නේ. (ස)
මේ මනුස්සය ඇමති කෙනෙක් වෙලා හිටිය මෙච්චර කල්, රටට කරපු එක සේවාවක් කියන්න බලන්න? අඩුම තරමේ තැපැල් කන්තෝරුවක් රැවෙනකල් ඇරලා තිබ්බද? කිසිම දෙයක් කරේ නැහැ නේ? (ස)
මම නම් කියන්නේ ඔය එක දෙක ඡන්ද තියෙන පක්ෂවල අනාත නායකයින්ගේ උගුල්වල අහුවෙන්නේ නැතුව පක්ෂය රැකගෙන ඉන්න කියලයි. මොකද මෙහෙම ගියොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට තුනට කැඩිලා ජෙෂ්ඨයින්ට නගුටවත් හංගා ගෙන ඉන්න බැරි තත්වයටම වැටෙනවා ස්ථිරයි. (ස)
ආයෙත් මනාප ඡන්ද වලින් යන්න හිතන්නවත් එපා...(ම)
නගුටු තියෙන අයත් ඉන්නවා කියන්න හොඳ සාක්ෂියක් ..(ම)
මහත්තයෝ ලගදීම ඔබතුමාලාගේ නගුටට වෙනදේ ඔබලාවත් දන්නේ නැහැ, පක්ෂය පාවා දෙන අයට කවදාවත් හරියන්නේ නැහැ.. (ම)
මොරටුව සමූපාකාර ඉඩම ගැන අප්පයි දුවයි මොකද කියන්නේ (බ)
අන්කල්, ඔන්න දැන්නම් ඔහේගේ නගුට එළියේ, ලංකාවටම දැන් පේනවා ඔහේගේ නගුට! හිතන්න එපා මල් ගස් වටේ දුවනවා වගේ දේශපාලනේ කරන්න ලේසි කියල! (බ)
දැන් නගුට එළියේ දාගෙන (බ)