IMG-LOGO

2024 සැප්තැම්බර් මස 26 වන බ්‍රහස්පතින්දා


‘නූගතුන් හා මැරයන් දේශපාලනයේ පිරිලා‘

නවගත්තේගම පාසල් ගුරුවරිය දනගෑස්සුවේයැයි චෝදනා ලබා සිටින හිටපු වයඹ පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර  නැවත වතාවක් පළාත් සභාවට ඉදිරිපත්වීම සදහා නමයෝජනා ලබා දුනහොත් ඒය විශාල දෙශපාලන  වරදක්  බව ජේෂ්ඨ අමාත්‍ය පි දයාරත්න මහතා එසැණට පැවසීය.

තමා වසර 35 ක් දෙශපාලනයේ යෙදුනත් තමාගේ  නමට හානිවෙන කිසිදු ක්‍රියාවක් එම වසර 35හේදී සිදු නොවූ බවත් අද ප්‍රාදේශිය දේශපාලකයින් සමාජ ඈසුරක් නෑති නුගතුන්ගෙන් හා මෑරයින්ගෙන් පිරි තිබිම නිසා බලයට පැමිණ ඔවුන්ට දින 35ක් වත් තම නම රැකගෙන සිටිය නොහැකි බවත් ඇමැතිවරයා කීවේය.



අදහස් (0)

‘නූගතුන් හා මැරයන් දේශපාලනයේ පිරිලා‘

මොහමඩ් Friday, 19 July 2013 11:58 AM

ධර්මද්වීපයේත් වෙන දේවල්? නාමයෝජනා දුන්නොත් ඡන්දය නොදාම විරෝධය පාන්න ඕනෑ ‍අපේ (දී)

:       0       0

විදානගේ Friday, 19 July 2013 12:02 PM

සුදුසු කමක් නැතිව හොදට සල්ලි හොයන්න පුළුවන් එකම රස්සාව මේක තමයි. මේකට වග කියන්න ඕනේ අපේ ඡන්දය දෙන අය.(නදී)

:       0       0

දේශපිය Saturday, 20 July 2013 10:11 AM

මට නම් හිතෙන්නේ නුගතුන්ට හා මැරයන්ට ඡන්දෙ දෙන අයත් ඒවට අනුබලදීමක් තමයි කරන්නේ. (නි)

:       0       0

වරුණ Friday, 19 July 2013 12:09 PM

කවුද මේගොල්ලන්ගේ නාමයෝජනා අනුමත කරලා නොමිනේෂන් දුන්නේ?කවුද මේගොල්ලන්ට ඡන්දෙ දුන්නේ?නැවත වරක් නොමිනේෂන් දෙනවා කියන්නේ ඔහු කරපු දේ අනුමත කිරීමක් වෙනවා නේද? ජනතාව මේවගේ අයට නිසි පිළිතුරු ලබාදිය යුතුයි ඡන්දෙ දවසට. සමහරු සේනාව අල්ලාගෙන දගලනවා බොරුවට (දී)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Friday, 19 July 2013 12:12 PM

ඔලුව හොද නැති අය සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ හිටියොත් මේ වගේ අය තවත් ඉදිරියට පාර්ලිමේන්තුවට එන එක වලක්වන්ට බැහැ.(නදී)

:       0       0

සමීර Saturday, 20 July 2013 10:28 AM

ඔය අදහස් දාන අයම නේද මනාපය දෙන්නත් යන්නේ? කියන්න බලන්න බොරු නම් (නි)

:       0       0

ටිකිරි Saturday, 20 July 2013 10:42 AM

ඉස්සර කොරියාව කියන්නේ පැල්පත් වලින් පිරුන කන්න බොන්න නැති අසරණ මිනිසුන් සිටින, ස්ත්‍රී දුෂකයන්, කඹ හොරුන්, මංකොල්ල කරුවන්ගෙන් පිරුන රටක්. සුපිරි පැලැන්තියක් රටේ සුර සැප විදිමින් සමස්ත සමාජයම වහලුන් මෙන් සලකපු රටක්. ඒකනේ අපේ රටේ වුනත් පැල්පත් තියෙන කටුක ජීවිත ගත කරන ප්‍රදේශ වලට අපි කියන්නේ හරියට කොරියාව වගේ කියලා. අපේ රට අදුරු යුගයකින් නිදහස් කර ගැනීමට නායකත්වය දුන්නේ හිටපු හමුදා නායකයෙක්. එවැනි නායකයෙක් තමයි අද අපි දකින කොරියාව දියුණු කලේ. ලංකාවෙත් ඒක කරන්න තිබුනා. අද අපි අත් විදින්නේ එදා කරපු වැරදියි.(නදී)

:       0       0

ටිකිරි Saturday, 20 July 2013 10:47 AM

අද මිනිසුන්ට හොදම දේශපාලකයා කියලා පෙනෙන්නේ අතේ පිරිත් නුල් සීයක් විතර බැද ගත්තු,නිතර දෙවේලේ පන්සල් වලට යන ජාතියේ අයටනේ (නි)

:       0       0

මාටින් Friday, 19 July 2013 12:26 PM

යූ.එන්.පී එකේ ඉදලා අනිත් පැත්තට පැනපු එකෙන් එතකොට හානි වුනේ ජනතාවගේ නමට වෙන්න ඇති. කසිකබල් දේශපාලකයෝ ඡන්ද දායකයෝ රවට්ටලා පැනලා ඇමතිකම් අරගෙන තව ලොකු කතා කියන්නත් එනවා.(නදී)

:       0       0

ද සිල්වා Friday, 19 July 2013 05:00 PM

අපේ ජනාධිපතිතුමා බොහොම මහන්සිවෙලා ජිවිත පරිත්‍යාගයෙන් තමයි මේ පක්ෂය මේතැනට ගෙනාවේ. අපි දිවි හිමියෙන් ආරක්ෂා කරගත් පක්ෂය සමහරු මේ වගේ වනසන විට ඇති වන්නේ පුදුම කේන්තියක්. ජනාධිපතිතුමනි, මෙවන් අයට සමාවක් දෙන්න එපා. සංවර බුද්ධිමත් පාක්ෂිකයෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්නවා. ඔබතුමාට ජනතාව කවදත් කැමතියි. ඡන්ද දිනන්න ඔබතුමාට මැරයෝ අවශ්‍ය නැහැ (දී)

:       0       0

ශාන්ත Friday, 19 July 2013 12:41 PM

පාලනයට එන බොහෝ දෙනෙකුට ජනතා පාලනය කෙසේ වෙතත් තමන්වත් පාලනය කරගන්න බැරි බවක් පේනවා.පලමුව මේ අය තෝරන අයත් එයට සුදුසු ද කියලා බලන්න ඕනෑ.උගතුන් විතරක් ගන්නත් බැහැ.දාමරිකයන් අපේ ගෙදරකටවත් වැද්ද ගන්නෙ නැහැ.අවාසනාවකට මේ වගේ අය නිදහසින් පසු පාර්ලිමේන්තුව පත් කරගෙන ඇති වාර අනන්තයි.පාලකයන් මීට වඩා බුද්ධිමත් වුවහොත් මේ ගැන මම හිතෙනවා වර්තමානයේ උද්ගත වෙච්ච දේවල් අවම කරගත හැකියි කියලා.දේශය පාලු කරන අය තමයි වැඩිපුර පාලත් සබාවලට පත්කර තියෙන්නෙ.මෙය හැම දේශපාලන පක්ශයකටම පොදුවේ අදාල කරුනක්. (දී)

:       0       0

රූපවති Friday, 19 July 2013 12:54 PM

යුද්දේ ඉවර කරපු ජනාධිපතිතුමාව දිනවන්න පිට රට ඉදන් ලංකාවේ අයව දැනුවත් කලා. , ඊ ලඟට ඡන්දෙ දෙන්නේ දෙනව නම් ,එල්ලුම් ගහ කරලියට ගෙනෙන්න පුළුවන් කෙනෙක්ට පමනයි (අ)

:       0       0

බන්දුල පෙරේරා Friday, 19 July 2013 12:55 PM

අපි බබාල නෙමෙයි මහත්තයෝ. ප්‍රාදේශීය දේශපාලන බලවතාගේ තේරීම් තමයි පහල දේශපාලනයට එන්නේ. තමන්ගේ දේශපාලන පැවැත්ම හා නඩත්තුව වෙනුවෙන් සල්ලි වියදම් කරන්න පුලුවන්නම් යමක් කමක් කරන්න පුලුවන්නම් කව්රු උනත් කමක් නැහැ. කව්ද කියලා බලන්නේ නැහැ ලිස්ට් එකට දානවා. ඉහළිනුත් හොයන්නේ බලන්නේ නැහැ අනුමත කරලා හත් පොලේ ගාගෙන දැන් බයිල කියනවා. මිනිස්සු ඡන්දෙ දෙන කොට සුදු කළු බලන්නේ නැහැ. බලන්නේ බල්ලෝ මරල හරි නම ප්‍රසිද්ද වෙලාද කියල විතරයි. මේක නවත්තන්න ඕන නොමිනේසන් දෙන තැනින්. කව්රු ලිස්ට් එක දුන්නත් අනුමත කරන්න කලින් හොයල බැලුවේ නැත්නම් කාගේ කාගේත් මැරුණු දෙමවිපියන්ට තමයි නිවනක් නැති වෙන්නේ.(නදී)

:       0       0

බමුණු Friday, 19 July 2013 05:28 PM

ලූලා නැති වලට කනයා මඩකනයා කියන්නේ ඕකටනේ. (දී)

:       0       0

මංජු Friday, 19 July 2013 01:08 PM

මැරයන්ට දේශපාලනය තහනම් කලාට නුගත් මුත් හොඳ වැදගත් මහත්තුරුන්ටත් මේ ලෝකේ දේශපාලනය කරන්න ඉඩ දෙන්න ඕනේ. සමහර ඒවගේ රටවල් පාලනය කරපු රාජ්‍ය නායකයෝ ඉන්නවා ඔය උගත් කට්ටියට වඩා හොඳින් ඒදේ කල. අපේ රටෙත් හිටියනේ . මම උගත් කමට අභියෝග කරනවා නොවේ. මිනිස්කම හඳුනන දහදිය සුවඳ හඳුනන නුගත් හොඳ වැදගත් මිනිසුන් වෙනුවෙන් ප්‍රකාශයක් කළා පමණි. (අ)

:       0       0

කමල් දේශප්‍රිය Friday, 19 July 2013 10:38 PM

වර්තමාන දේශපාලනය කියන්නේ දැන් ඕකට තමයි (දී)

:       0       0

බන්දුල Saturday, 20 July 2013 08:21 PM

ටිකිරි මහත්තයාගේ කතාව තේරුනේ නැහැ. කොරියාවන් වුනත් දෙකක් තියෙනවා. උතුරු කොරියාව සහ දකුණු කොරියාව කියලා. (නි)

:       0       0

නෙතුමි Friday, 19 July 2013 05:32 PM

අයියෝ ඕක කියන්න දෙයක්ද අපිට? වැඩිය ඕනෑ නැහැ , පේන්නේ නැද්ද පාර්ලිමේන්තුව? සමහර වෙලාවට ඒකත් නිකන් මොන්ටිසෝරියක් වගේ. අනේ ඉතින් මේ අයව පත්කර ගන්නේත් ජනතාවලුනේ. ඔක්කොටම කලින් ඒ පිරිසගේ මොළවල් හෝදලා ගන්න ඕනෑ (දී)

:       0       0

අමිල Friday, 19 July 2013 01:16 PM

නැවත ඔහු හට නාම යෝජනා ලැබුනහොත් අපේ රටේ සැබෑ නිරුවත පැහැදිලි වේවි.මොකද මේ පිළිබඳව දතයුත්තෝ හොඳටම දන්නවා.ඔන්න මිනිස්සුන්ට පැහැදිලි අවස්ථාවක් නියම තත්වය තේරුම් ගන්න.ජනතාව බලාගෙන ඉන්නේ හොඳේ ? (දී)

:       0       0

සජී Friday, 19 July 2013 01:18 PM

බන්දුල පෙරේරා මහතාගේ අදහසට 100% එකග වෙමි.මෙහෙම අයට නාම යෝජනා දෙන්නෙ මහජනතාවද? ඔය රූපවාහිනියේ බෙරිහන් දෙන දේශපාලකයෝ අපිට කියන්නේ එයාලට ඡන්දෙ දෙන්න එපා කියලා. අනේ මන්දා එහෙම කියන්නේ රෙදි ඇඳගෙනද? ඔය වගේ අයට නාමයෝජනා නොදී ඉන්න බයද මන්දා? හොරු ඉන්නවලු, තක්කඩි ඉන්නවලු, දූෂකයෝ ඉන්නවලු, එයාලට ඡන්දෙ දෙන්න එපාලු. මෙහෙමත් රටක්. (දී)

:       0       0

නිරංජ Saturday, 20 July 2013 11:53 AM

යම රජුන්ටවත් බැරිද නූගතුන්වයි, මැරයන්වයි විනාශ කරලා දාන්න (නි)

:       0       0

ධනුෂ්ක Friday, 19 July 2013 11:13 PM

මේ වගේ නුගතුන්ට, මැරයන්ට චන්දෙ දීල පාර්ලිමේන්තුවට, පළාත් සභාවට, ප්‍රාදේශීය සභාවට යවන්න තරම් මොලේ කළදක් මිනිසුන්ගෙන් ලංකාව පිරිලා.... එක නම් ඇත්ත කතාව තිත්ත උනත්. (දී)

:       0       0

වසන්ති Friday, 19 July 2013 01:38 PM

ඒ මහත්තයා තවම වැරදි කාරයෙක් වෙලා නැතිලුනේ, වැරදි කාරයෙක් නෙමේ නම් නාම යෝජනා දීල බලමු. මට නම් සුවර් වැඩිම මනාප පුත්තලමේ ආනන්ද සරත් කුමාර මහත්තයට කියලා. ලංකාවේ අපි නොදන්නා මිනිස්සුද ඉන්නේ. ඡන්දෙට දාලම බලමු හිටපු පක්ෂෙන්ම. ලොකු ලොක්කෝ සේරම එයාගේ ගුණ කියන හැටි බැලිය හැකියි. ගුණ ගරුක, ශ්‍රීමත් ජනරංජන , දේශ මාමක අපේ හිටපු පළාත් සභා මන්ත්‍රී නැවත වැඩිම මනාපයෙන් පත්කර ගනිමු.(නදී)

:       0       0

සනත් Friday, 19 July 2013 01:41 PM

ඔප්පු කරන්න බැහැ සාක්ෂි නැහැ කියන දේශපාලනේ අයින් කරන්න සදහටම. (නදී)

:       0       0

සුනී Friday, 19 July 2013 01:50 PM

සාමාන්‍ය මිනිහෙකුගෙන් පොඩි වැරැද්දක් උනත් ඇති ඒත් මේ අය රන බලුවැඩ.(නදී)

:       0       0

ආනන්ද ආර් Friday, 19 July 2013 06:25 PM

අධ්‍යාපන සුදුසුකම් සහ චරිත සහතිකයක් නැතුව වෙනත් රැකියාවක් හොයාගන්න බැරි වුනාම සමහර අසරණයෝ වෙන මොනවා කරන්නද? (නි)

:       0       0

සත්‍යා Saturday, 20 July 2013 12:50 AM

ගුරා හිටගන කරන කොට, ගෝලයෝ දුව දුව කරන වලු. පසුගාමී දනවාදය අනිවාර්‍ය ලක්ෂනයක්.(නදී)

:       0       0

මිනිපෙ Saturday, 20 July 2013 09:41 PM

දැන් ඔය අය ගේ වැරදි කියවනවා, චන්දයක් ආවම, ගිහිල්ලා,ඒ අයටම පෝස්ටර් අලවනවා. (දී)

:       0       0

ලාල් Friday, 19 July 2013 01:59 PM

අපිට විරුද්ධව පොලිස් පොතේ පැමිණිල්ලක් ලියවුනොත් ආණ්ඩුවේ ජොබ් එකක් ගත්තා බොරු තමා.නීතිය මොනවා කිවත් ඉස්කෝලේ ළමයි දන්නවා ඇතිනේ ඇත්ත. (දී)

:       0       0

ද සිල්වා Friday, 19 July 2013 02:02 PM

සමහර විට පුත්තලම් බුරුවො ඡන්දය දීල මෙයා පත්කර ගනීවි. නමුත් රටේ අනිත් පළාත්වල වාසය කරන බුද්ධිමත් ජනතාවගේ ඡන්ද ලක්ෂ ගානක් පක්ෂෙට නැති වේවි. අමතක කරන්න එපා ඒ දවස් වල යූ.එන්.පී එකට 5/6 බලයක් තිබුනා. නමුත් අද මොකද වෙලා තියෙන්නේ.(නදී)

:       0       0

අචිනි Friday, 19 July 2013 06:52 PM

රටේ තවත් තැන්වල ඉන්නෙත් ඒවගේ අයලු නේද ....? (අ)

:       0       0

චාන් Friday, 19 July 2013 02:24 PM

තීරණය ගැනීම පළාතේ ජන්දදායකයා සතුය. කව්රුත් බලාගෙනයි ඉන්නේ (දී)

:       0       0

බමුණු Saturday, 20 July 2013 03:23 AM

."පලමුව මේ අය තෝරන අයත් එයට සුදුසු ද කියලා බලන්න ඕනෑ". තරහ වෙන්න් එපා ආයුබෝවන් තෝරණ අයත් අරගොල්ල වගේම තමයි.(නදී)

:       0       0

සංජීව Friday, 19 July 2013 02:45 PM

මෙයාලව පත් කරන අයටයි ගහන්න ඕනෑ ඉස්සර වෙලාම (දී)

:       0       0

බණ්ඩාර Saturday, 20 July 2013 02:27 PM

පලාත්සබාඑක්කෙනා කිවලු මට මතක නෑ කියලා ඊටපස්සේ නාමයෝජනා මණ්ඩලේ කිවලු මටත් මතක නෑ ඒ නිසා මේකා මහඇමති කමටත් සුදුසු කෙනෙක් කියලා හු ..හු ..හු (දී)

:       0       0

කුමාර් ද සිල්වා -ලන්ඩන් Friday, 19 July 2013 03:13 PM

දේශපාලනයට ඒම අද හොඳ බිස්නස් එකක් වෙලා.ඒකයි දුලා පුතාලා රට යවලා හරි අපේ රටේ හොර උපාධි සහතිකයක් අරගෙන දීලා අම්මලා තාත්තලා ඉහළින් තියන්න බලන්නේ.මොකද මෙතරම් උපයන ආදායම් මාර්ගයක් ලොව කොතනකවත් නැති නිසා.මේක කාටවත් එල්ල කරලා කියන කතාවක් නම් නොවෙයි. ඒකයි යතාර්ථය.නැත්නම් හැමෝම දේශපාලනයට එන්න පොර කන්නේ දේශාබිමානයට නම් අපි කොතරම් භාග්‍යවන්ත රටක්ද? කොතරම් සතුටු විය යුතුද මේ අය ගැන? (දී)

:       0       0

එදිරිසිංහ Friday, 19 July 2013 08:21 PM

මේ මන්ත්‍රීට හොදටම විස්වාසයක් ඇති ආධාර කරුවන් සහ මෙයාගේ චාන්ද දායකින් වන පුත්තලම් කට්ටියගෙන් චාන්ද අරගෙන බලයට පත් වෙන එක ගැන (දී)

:       0       0

චන්දන Friday, 19 July 2013 10:58 AM

අබුද්දස්ස කාලේ. ලබුත් තිත්තයි රාලේ.(නදී)

:       0       0

ගමගේ Friday, 19 July 2013 11:01 AM

ඔබ තුමත් අතීතයේ දවසක පොඩි බට්ටෙක්. අද හොඳින් ඉන්න්නවා. එත් ඔබ තුමාගේ කතාව මසුරන්. ඒ උනාට කට්ටිය හැම තිස්සෙම කියන්නේ සැකයක් පමණයි ඔප්පු වුනේ නැත්නම් අපිට කරන්න දෙයක් නෑ කියලනේ. ඒ කියන්නේ මැරයොත් ඒ ගොල්ලන්ට ඕන වගේ. අනේ මන්දා ඉවසපන් හිත කිව්වලු.(නදී)

:       0       0

ලුම්බිණි Friday, 19 July 2013 11:04 AM

නූගතුන් සහ මැරයන් අයින් කලොත් කවුද ආණ්ඩුව ගෙනියන්නේ? ඒ නිසා ඒක විතරක් කරන්න එපා.(නදි)

:       0       0

යසින්ත Friday, 19 July 2013 11:10 AM

ඔබ තුමාට දැන් තේරෙනවද වෙනස? ඔබ තුමා නැවත මහගෙදරට පැමිණියොත් හොදයි. ඒත් දැන් එහාට මෙහාට යන්ඩ වයස තමා ප්‍රස්නේ.(නදී)

:       0       0

අමිල කටුනායක Friday, 19 July 2013 03:40 PM

මම දැක්කා ඒ පැත්තේ විශාල ප්‍රමාණයේ දැන්වීම් පුවරු වල එයාගේ රූපේ ගහලා තියෙනවා (දී)

:       0       0

රෝහණ Friday, 19 July 2013 08:50 PM

ලුම්බිණි සහ වාස් ඔබ ලාගේ කියමන් හරියටම හරි. (දී)

:       0       0

අසිත Friday, 19 July 2013 11:17 AM

මෙයාට දුන්න කියන්නේ විපක්‍ෂය දිනෙව්වා කියන එක. ජනාධිපතිතුමනි රට රැකගන්න.(නදී)

:       0       0

කමල් Friday, 19 July 2013 11:24 AM

අනේ මේ මැරයන්ට නුගතුනට ඡන්දෙ දෙන අයට කියන්නේ මොකක්ද ඇමති තුමෝ?(නදී)

:       0       0

දීපාල් Saturday, 20 July 2013 09:01 AM

ආපහු මේ රටේ ජනතාවට ඡන්ද හිසරදය හදන්න පළාත් සභා මැතිවරණ උණ පැතිරීගෙන යනවා වගෙයි. දේශපාලන ව්‍යාපාරිකයෝ තාප්ප වල හිනාවෙනවා.දුක හිතෙන්නේ මේගොල්ලෝ පරිසරය වනසා එක ගැන. ලංකාවේ සංවේදී පරිසර කලාප පිළිබද ජනතාව දැනුවත් කරන නාම පුවරු වලත් පෝස්ටර් අලවනවා. (නි)

:       0       0

වාස් Friday, 19 July 2013 11:36 AM

මැරයින්ට සහ හොරුන්ට නාම යෝජනා නොදුන්නොත් කොහොමද පළාත් සභා දිනන්නේ. තක්කඩියන්ට මැරකම් කරන්න පුලුවන්. හොරු ළඟ සල්ලි තියෙනවා. අපේ මෝඩ ජනයා රව්ට්ටන්ද ඔවුන්ට පුළුවන්. ඒ ඇරෙන්ඩ නඩු කාරයෝ දාලා ඡන්ද දිනන්ඩ පුලුවන්ද? ඒක නිසා අපි නඩු කාරයෝ හෝ වෙනත් උගතුන්ට ඡන්දෙ දෙන්නේ නැහැ. (නදී)

:       0       0

සමන් Friday, 19 July 2013 09:14 PM

ගුරුතුමිය දන ගස්සපු කෙනාටත් නාමයෝජනා දීපු රටනේ මේ (දී)

:       0       0

අතලේ සුමන හිමි Friday, 19 July 2013 04:04 PM

ලියූ දේ කියවිමි. බොහෝ දෙනා ලියා ඇතියෙන්. ලිවුවත් වැඩක් නැති හෙයිනි. වෙනත් යමක් නොලියමි. (දී)

:       0       0

සිංහ Saturday, 20 July 2013 09:36 AM

මෙතුමා දැන් බබා වගේ මෙහෙම කිව්වට මෙයා කලින් ඒ. ජා.ප. හොඳ බල කණුවක්. එදා ජේ.අර. තමයි ඉස්සෙල්ලම චන්ඩියෙක් දේශපාලනයට ගෙනාවේ. මතකද පොල්ගහවෙල සුනිල් ජයකොඩිට අපේක්ෂකත්වය දීපු විදිහ.එදා පොල්ගහවෙලදී චන්දිකම නිසා බුලත් හුරුල්ලක් දීල ජේ.ආර්. ව පිළිගත්තා නිසා මර බලයෙන් හරි පක්ෂේ දිනවන්න පුළුවන් බව තේරුම්ගත්තා ජේ. ආර්. සුනිල්ට අපේක්ෂකත්වය දීල ගෙනාවා. ඒ පිටිපස්සෙන් ආපු කට්ටිය තමයි දෙපැත්තේම අද වැඩිපුරම ඉන්නේ. මෙතුමාට මේ ටික මතක් කරලා දෙන්න උන එක ගැන මම පුදුම වෙන්නේ නැහැ. (දී)

:       0       0

අවිශ්ක Friday, 19 July 2013 11:51 AM

වරුණ, කෝ නෑදෑයෝ ගැන අදහස්? (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 2338 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 1531 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 2320 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 556 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 3216 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37179 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24489 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 189 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 627 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 238 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site