IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


‘නාගදීපෙ නම වෙනස් කරන්න එහෙම බෑ‘

යාපනයේ ඓතිහාසික නාගදීපය නයිනතිව් වශයෙන් වෙනස් කිරීමට උතුරු පළාත් සභාව යෝජනාවක් සම්මත කළ ද එවැනි බලයක් එම පළාත් සභාවට නැතැයි පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යංශය කියයි.

පසුගිය පස් වැනි දා උතුරු පළාත් සභාව නාගදීපය උතුරු නයිනතිව් හා දකුණු නයිනතිව් වශයෙන් නම් වෙනස් කිරීමේ යෝජනාවක් සම්මත කොට  ඇති බව උතුරු පළාත් සභා දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී එම් කේ ශිවාජලිංගම් කියයි.

දෙමළ ජනයා නයිනතිව් ලෙස ද, සිංහල බෞද්ධයා එය නාගදීපය වශයෙන් ද හඳුන්වතියි ඔහු පවසයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හොරණ නගරයේ හිතවතකුගේ වෙළඳසළක් විවෘත කිරීමේ අවස්ථාවකට එක්වෙමින් පැවසුවේ සොලොස්මස්ථානය වඳින ගාථාව ද වෙනස් කිරීමට සිදු වන බවයි.

වීඩියෝ - ඩී.එන්.සෙන්දනායක



අදහස් (0)

‘නාගදීපෙ නම වෙනස් කරන්න එහෙම බෑ‘

පෙරුමාල් Wednesday, 11 November 2015 12:26 PM

මහින්ද මහත්තයාටත් පොටක් පෑදී ගෙන එන හැඩයි (අ)

:       0       0

රෝහණ Wednesday, 11 November 2015 12:30 PM

නාගදීපය නම වෙනස් කරන එක නම් වැරදි තමයි. හැබැයි දැනට අවුරුදු 30 - 35 කට පමණ පෙරත් නාවික සිතියම් වල ඇත්තේ නයනතිවු කියල තමයි. වැඩිදුර දැනගැනීමට කෙනෙකුට අවශ්‍ය නම් නාවික හමුදාවේ හිටපු සහ ඉන්න ඕන කෙනෙකු ගෙන් අහල දැනගන්න. (අ)

:       0       0

ඉෂි Wednesday, 11 November 2015 12:41 PM

ඔවු ඉතින් පෙරුමාල්ල පොට පටලවාගෙන ඉන්නකොට මහින්ද මහත්තයවත් පොට පාදල ගන්ට එපාය. (බ)

:       0       0

චන්ද්‍රිකා Wednesday, 11 November 2015 12:43 PM

මහියංගනං නාගදීපං කළ්‍යාණං පද ලාංඡනං - කැලණියෙත් නම වෙනස් කරමු. (බ)

:       0       0

ජයා Wednesday, 11 November 2015 12:50 PM

රෝහණ, අවුරුදු 30-35 ක ඉතිහාසය ගැන විතරක් හිතුවොත් හරිද. ඉතිහාසය ගැන දන්නෙම නැද්ද (බ)

:       0       0

කිංග්ස්ලි පෙරේරා Wednesday, 11 November 2015 12:58 PM

මට නම් හිතෙන විදියට අපි මේ ගෙවන්නේ ලංකා ඉතිහාසයේ දුර්වලම පාලන යුගයක.මින් පෙර මා කවදාවත් අසා නැති ඉල්ලීම් දැන් ජාතික ආණ්ඩුවට මේ අය කරන්නේ. මේ විදියට අපේ උරුමයන් වෙනස් කරන්න දෙන්න පුලුවන්ද.දේශපාලකයන්ගේ අතේ පිරිත් නුල් බදින්න විතරක් බලාන ඉන්න අපේ සගරුවන මේවට කතා කරන්නේ නැත්තේ ඇයි. (බ)

:       0       0

රොකී Wednesday, 11 November 2015 01:06 PM

නාගදීපය කියන්නේ මුළු මහත් යාපන අර්ධද්වීපයට මිස නයිනාතිවූ කියන දූපතට නොවෙයි. නයිනතිව් දූපතට ඔය නම ලැබුනේ නයිනා නම් මුස්ලිම් ජාතිකයෙක් මුල් කර ගෙනය. එහි ඵෙතිහාසක වශයෙන් එතරම් වටිනා කමක් නැත. බෞද්ධාගමික වසයෙන් වඩාත් වැදගත් පෞරාණික ස්ථාන පිහිටා ඇත්තේ යාපනය අර්ධද්වීපයේය. ඔය කියන නයිනාත්වූ දූපතේ තියන පන්සල වුනත් එතරම් පෞරාණික එකක් නොවෙයි. ඕන නම් එකට මහින්ද දූපත කියලා කීවත් ගාථාව වෙනස් කරන්ඩ සිද්ධ වෙන්නේ නැත! (බ)

:       0       0

කිංග්ස්ලි පෙරේරා Wednesday, 11 November 2015 01:08 PM

මේ යනවිදියට තව ටික දවසකින් තව කට්ටියක් ඇවිල්ල කිව්වොත් අපි කැමති නැ මේ රටට ලංකාව කියනවට එකෙන් අපේ අය අපහසුතාවයට පත් වෙනවා අපිට ලංකානාඩුව කියල දාගන්න ඕන කියලා.එකටත් ඉඩ දෙන්න වෙයි පොලොන්නරුවත් වෙන නමක් කියලා වෙනස් කරගමු ඒ අය ඉල්ලන්න ඉස්සල්ලා (බ)

:       0       0

කුලේන්ද්‍ර Wednesday, 11 November 2015 01:17 PM

ඔබතුමා ගැන ආඩම්බරයි (නි)

:       0       0

ඩෙස්මන් Wednesday, 11 November 2015 01:26 PM

ඔබතුමාට ජයවේවා! (නි)

:       0       0

අතුල Wednesday, 11 November 2015 01:46 PM

තාම කරන්නේ ජාතිවාදය වපුරන එකම තමයි.පළාත් සබාවට එහෙම කරන්න බලයක් නැහැ කියලවත් මේ හිටපු ජනාධිපති තුමා දන්නෙම නැද්ද.ඔය කතා වලට රැවටෙන්නේ වහල්ලුම තමයි. (අ)

:       0       0

මාණීකා Thursday, 12 November 2015 04:06 AM

නම් ගම් වල ඉතිහාසය ගැන මගේ දැනීම අඩුයි. එ්ත් මේක කියන්නම ඕන. සිංහලෙන් කොළඹ. ඉංග්‍රීසියෙන් කලම්බු. සිංහලෙන් මහනුවර. ඉංග්‍රීසියෙන් කැන්ඩි. ඇයි එ්වා ගැන කතාකරන්නේ නැත්තේ? (ම)

:       0       0

ගමගේ Thursday, 12 November 2015 04:12 AM

නිවටයන් දුටුවහම එළුවොත් රෑවුල පානවලු. එන පොට හොද නෑ වගේ. (ම)

:       0       0

ගමගේ Thursday, 12 November 2015 04:30 AM

මෙහෙම ගියොත් උතුරු පළාත් සභාව ලංකාවම පාලනය කරන දවස වැඩි ඈතක නොවේ.(ම)

:       0       0

කිංග්ස්ලි පෙරේරා Thursday, 12 November 2015 04:47 AM

අපේ සමහර අයට ලංකාවේ බිහිසුණු යුද්දයක් තිබුණා.කුරිරු විදියට මිනීමරපු කොටි කියල ත්‍රස්ත කණ්ඩායමක් හිටියා කියල වත් මතකයක් නැති එකේ ඔන්න කොටින්ටත් එහම දෙයක් ලංකාවේ වුනේ නෑ කියල හිතෙන්නත් එක්ක ඔය ඉල්ලන නම වෙනස් කරලා දෙමු (බ)

:       0       0

ඉන්දික Wednesday, 11 November 2015 02:23 PM

තව කාලයක් යනකොට මොනවා වෙයිද කියලා දැන්නම් බයයි (නි)

:       0       0

චාරුනී Wednesday, 11 November 2015 02:27 PM

මහින්ද මැතිතුමා මේ වෙලාවේ අපිට ශක්තියක් (නි)

:       0       0

ලංකාසිරි Wednesday, 11 November 2015 02:42 PM

එක එක් පුද්ගලයින්ට අවශ්‍ය විදිහට නම් වෙනස් කරන්න ඉඩදීම මම නම් අනුමත කරන්නේ නැහැ. නමුත් සුළු ජාතීන්ට නිදහසේ ජීවත්වීමේ අයිතිය රජය විසින් තහවුරු කළයුතුයි. (නි)

:       0       0

අනිල් උදය Thursday, 12 November 2015 05:02 AM

මුන්ට මෙච්චර කරලත් කරේ නගින්නමනේ එන්නේ (බ)

:       0       0

ක්‍රිස් Wednesday, 11 November 2015 02:40 PM

ඔබතුමා රටට ශක්තියක් (නි)

:       0       0

මුරලි Wednesday, 11 November 2015 02:51 PM

ඉහල අදහස් කියවීමෙන් මිනිසුන් කෙතරම් පටු ....කුහක පිරිසක්ද යන්න පැහැදිලිය .මහින්දට බැනීම නොව රට ආරක්ෂා කිරීමයි විය යුත්තේ (අ)

:       0       0

විරාජ් Wednesday, 11 November 2015 02:54 PM

නාගදීපය කියන්නේ සාමකාමීව සියලු ජනයා ජීවත්වන තැනක්, ගිහින් ඇවිදලා බලන්න මුළු දුපතේම, මේකේ නාගදීප පන්සලට අමතරව හින්දු කෝවිලක් හා මුස්ලිම් පල්ලියකුත් තියෙනවා, එහෙ ඉන්න මිනිස්සු සහජීවනේයෙන් සාමකාමීව ඉන්න කොට අනවශ්‍ය ප්‍රශ්නයක් තමයි මේ ඇති කරන්න හදන්නේ, යුද්ධය හා ජාතිවාදය දෙකෙන්ම පෝෂණය වෙන රැකෙන පිරිස් උතුරේත් ඉන්නවා දකුණේත් ඉන්නවා මේ කතාවලින් අපිට තේරුම් යන්නේ , දෙමල සන්ධානයටත් දෙමල මිනිස්සුන්ගේ ප්‍රශ්න විසදනවා වෙනුවට මේ වගේ ලනුවක් ගිල්ලවනවා ඒ මිනිස්සුන්ට ,ඔවුන් මහන්සි ගන්නේ නැහැ කදවුරුවල ඉන්න දෙමල මිනිස්සුන්ට උළු වහලක ගෙදරකට යවන්න මේ වගේ දෙමල දේශප්‍රේමීතත්වයක් මවා පනවා දේශපාලන පැවැත්ම වෙනුවෙන්, දකුණේත් ඕකම සිංහල දේශප්‍රේමය නමින් රග දැක්වෙනවා, පුදුම අවාසනාවක් අපි ලබල තියෙන්නේ (අ)

:       0       0

දුමින්ද Thursday, 12 November 2015 05:40 AM

තමාගේ ජාතියට ආගමට ආදරය කිරීම ජාතිවාදයද (බ)

:       0       0

පුෂ්පකුමාර Wednesday, 11 November 2015 03:32 PM

ජාතිය, ආගම කියන දේ මෝඩයින්ට විකුනන්න සටකපට පාලකයන් නිතරම උත්සහ කරනවා. මෝඩයන් හරි ආසයි ඔය ජාතිවාදී මස් කට්ට තලු මරමින් සුප්පන්න. (අ)

:       0       0

සුසන්ත Wednesday, 11 November 2015 03:33 PM

විරාජ්, එ් වුණාට උතුරේත් දකුණේත් ඒවාට ප්‍රතිචාර දෙවිදියක්. උතුරේදී එවැනි ජාතිවාදී ඉල්ලීම් කළාම ජනතාව ඉතා කැමැත්තෙන් ඡන්දෙ දෙනවා, ඔවුන් පත් කර ගන්න අය ඒ ඉල්ලීම් ආණ්ඩුවෙන් කොහොමහරි බයකරලා ලබාගන්නවා (බලන්න ටී.එන්.ඒ ඡන්ද දිනන හැටි). කවුරුවත් එකට ජාතිවාදය කියන්නේ නෑ. දකුණේදී සිංහල මිනිස්සුන්ට සිදුවෙන අසාධාරණයක් ගැන කතා කළත් ජාතිවාදිය කියල පට්ටම් ගහල බැනල කෙළගහනවා, අසදරණේ සත පහකට ගණන් නොගෙන කුණු කුඩේට දානවා. (අ)

:       0       0

නිමල්ලලිත් Wednesday, 11 November 2015 04:06 PM

මේ සිංහල රටේ සිංහල නම් දෙමළ බසට හැරවූ හැටි කරුණාකර සොයා බලන්න.. මේ ජාතිය ආගම ගැන කතාකරන අයට විරුද්දව කතා කරන උතුමන් සමහරවිට තමන්ගේ දරුවන්ගේ වාසගම වවශයෙන් වෙනත් අයගේ වාසගම් තබා ඇති, එසේත් නැතිනම් වාසගම නොතබාම ඇති. (අ)

:       0       0

දීපිකා Friday, 13 November 2015 08:03 AM

මෙච්චරකල් තිබුන නම ගැන මොකද මේ හදිසියේම කලබල? (නි)

:       0       0

විජයබාහු Wednesday, 11 November 2015 04:36 PM

සුළු ජතියන්ට නිදහසේ ජිවත් වීමට නම වැදගත්ද. එතකොට නුවර කොළඹ ඉන්න කට්ටියත් නමවල් වෙනස් කරලද. ඔක්කොම නම් මාරුකරගෙන කලි කඩාගන්න හදන බව අපේ කට්ටියට පෙනෙන්නේ නැ. හැබැයි පෙනෙනකොට ප්‍රමාද වැඩි. සමහරුනම් එක වුණත් එත් කමක් නැ කියල කියයි. (අ)

:       0       0

අජිත් කරුණාරත්න Thursday, 12 November 2015 05:55 AM

මහින්ද මහත්තයට මේක ඇති කාලෙකට කියව කියව ඇවිදින්න. නයනතිවු, කච්චතිවු, පුන්කුඩුතිවු,මුලතිවු මේවා අද ඊයේ භාවිත කරපු නම් නොවෙයි. එදා ඉඳන්ම මේ නම් පාවිච්චි කළා. මොකද දැන් කලබල වෙන්නේ. යාපනේට අපි එහෙම කිව්වට ද්‍රවිඩ මිනිස්සු කියන්නේ යාල්පානම් කියල.නේද (බ)

:       0       0

ගයාන් Wednesday, 11 November 2015 04:55 PM

මෙතුමා කියන්නේ ඇත්ත (නි)

:       0       0

කෝලිත Wednesday, 11 November 2015 04:55 PM

අපි බලමු රජය මොකක්ද ගන්න පියවර කියලා (නි)

:       0       0

තුෂාර Wednesday, 11 November 2015 05:00 PM

ඔබතුමා අවශ්‍ය පියවර ගන්න. අපි ඉන්නවා ඔබතුමා සමඟ (නි)

:       0       0

වසන්ත Wednesday, 11 November 2015 05:00 PM

මෙතුමා මෙහෙම නිර්භයව කතාකරන එක ගැන සතුටුයි (නි)

:       0       0

රවිඳු Wednesday, 11 November 2015 05:24 PM

දේශප්‍රේමින් වෙන්න කලින් වහල් කමින් හා මෝඩ කමින් මිදියල්ල මිනිසුනේ...(රේ)

:       0       0

කසී Thursday, 12 November 2015 07:14 AM

ඒ ඇයි කියලා නම් තේරෙන්නේ නැහැ. (ර)

:       0       0

අමල් Thursday, 12 November 2015 07:20 AM

ඔබ තුමා අපට ශක්තියක්. (ර)

:       0       0

විතාන Wednesday, 11 November 2015 06:44 PM

හිටපු ජනපතිතුමාට ජයවේවා! (නි)

:       0       0

හේමන්ත Wednesday, 11 November 2015 07:54 PM

අපේ සමහරුන්ට නම් රටට මොනවාවුණත් කමක් නැහැ. සියලුම දේ පෙනෙන්නේ කුහක දේශපාලන කණ්ණාඩි හරහා. රටට ජාතියට ආගමට ආදරේ කරන මිනිසුන්ව ඔවුන්ට පෙනෙන්නේ ජාතිවාදීන් ආගම්වාදීන් හැටියට. මෙවැනි අය නිසා මේ වනවිට ජාතියක් වශයෙන් අපි ගොඩක් අසරණවෙලා (නි)

:       0       0

භද්‍රානි Wednesday, 11 November 2015 08:06 PM

හිටපු ජනාධිපතිතුමා ත්‍රස්තවාදීන්ගෙන් අපේ රට බේරාගත් එක ඇත්ත. නමුත් ඒ පෙර පැවති පාලන යුගය තවදුරටත් තිබුනා නම්, මොන මොනවා සිද්ධවෙයිද දන්නෙ නැහැ. (නි)

:       0       0

සමන්ති Friday, 13 November 2015 12:34 AM

මහවැලි නදියට මාවිල් ආරු කියලා කියන්නේ ඇයි? රාජපක්ෂ මහතාගේ කාලෙදිත් 'ශ්‍රී ලංකාව' ද්‍රවිඩ බසින් (මුදල් නෝට්ටුවල පවා) ඉලන්කෙයි කියලා ලිවුවේ ඇයි? (නි)

:       0       0

නිරුල් Wednesday, 11 November 2015 09:18 PM

තවමත් අපේ නිමිස්සුන්ට තේරිලා නැහැ. අපේ රට දැනටමත් අප්‍රානිකයි.(රේ)

:       0       0

වින්සන්ට් Wednesday, 11 November 2015 10:15 PM

උතුර සිතන විධියට දකුණ සාධාරණය. දකුණ සිතන විධියට උතුරත් සාධාරණය. අද දෙපාර්ශවයේම අවස්ථාවාදී යැපෙන්නන්ගේ සටනක් මිස රටක් හෝ ජනතාවක් ගැන සිතන සටනක් දකින්නට නැත.(රේ)

:       0       0

රෙෂ්මි Thursday, 12 November 2015 09:32 AM

මොනව වුණත් අපේම සිංහල මිනිස්සුන්ගේ අදහස් සමහරක් ගැන හිතද්දී තළකිරීමක් විතරයි. නාගදීපයේ නෙමෙයි රටේ නම වෙනස් කලත් පක්ෂ වලට බෙදිලා ඉඳියි,(ම)

:       0       0

කැප්පෙටිපොළ Wednesday, 11 November 2015 11:34 PM

ඉතිහාසයේ හෙළ බිම හැම පළාතකම තිබුනේ සිංහල නම්. සුළු ජාතික බෙදුම්වාදීන්ට මේවා වෙනස් කරන්න ඉඩ දීල අපේ රට පාවාදෙන දේශපාලකයින් උඩ බලාගෙන හිටිය. අනෙක් රටවල් තමන්ගේ අනන්‍යතාව රැකගැනීමට එම ප්‍රදේශ / නගර වල පරණ නම් නැවත ස්ථාපිත කරනවා වාගේ අපේ මව්බිමේ සියලු ප්‍රදේශ වල පරණ සිංහල නම් නැවත ස්ථාපිත කලයුතුයි.(රේ)

:       0       0

ලුම්බිණි Thursday, 12 November 2015 12:00 AM

සිංහලෙන් නාගදීප කියලත් දෙමලෙන් නයිනතිවු කියලත් නම් කලාම මොකද්ද තියෙන ප්‍රශ්නය? (රේ)

:       0       0

කරුණාරත්න Thursday, 12 November 2015 12:46 AM

නියමයි මහත්තයෝ. අපි ඔබ සමඟයි (නි)

:       0       0

ශෙරනිකා Thursday, 12 November 2015 12:49 AM

මොනවා කළත් කමක් නැහැ. නැවත අනවශ්‍ය ප්‍රශ්න නම් ඇතිවෙන ලෙස කටයුතු කරන්න එපා (නි)

:       0       0

ඔලිවර් Thursday, 12 November 2015 01:26 AM

අපිත් ඔබතුමා සමඟයි (නි)

:       0       0

තුසිත Thursday, 12 November 2015 01:31 AM

ඔබතුමාට ජයවේවා! (නි)

:       0       0

පාලිත Thursday, 12 November 2015 02:06 AM

ලංකාදිපයට ස්තුතියි අදහස් වලට ඉඩක් වෙන්කිරිම ගැන. නමුත් මේ ලිපි වලට අදහස් දාන සමහරුන්ට රට යන ආගාධය නොපෙනෙන හැටි ගැන දුකයි. (නි)

:       0       0

නිහාල් පද්මසිරි Thursday, 12 November 2015 02:28 AM

කැප්පෙටිපොල මහත්මයාණෙනි, ඔබේ අදහස හරියටම හරි. එයට ස්තුතියි. (නි)

:       0       0

රෝහණ Thursday, 12 November 2015 02:30 AM

ජයා, මෝඩකමට කියවන්න එපා. නාවුක සිතියම් වෙනස් කරන්න බැහැ. එම සිතියම් තමයි මුළු ලෝකෙම නාවිකයන් පාවිච්චි කරන්නේ. (නි)

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 11 November 2015 12:02 PM

කලක් ජනාධිපති බලතල අප්‍රමාණව විඳපු මෙතුමා දැන් යැපෙන්නේ මෙවැනි කට කැඩිච්ච මිනිසුන්ගෙන් ගිලිහෙන වචන දකුණට ගෙන ගොස් විකිණීමෙන්ද? අහිංසක ජනතාව ඇවිස්සීමෙන් නම් ඔබට නැවත බලයට එන්න නොහැකි බව දැන් වත් තේරුම් ගන්න. (බ)

:       0       0

හිරාන් Thursday, 12 November 2015 02:41 AM

වඩා වැදගත් වන්නේ ජාතීන් අතර සහජීවනයයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 4859 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


රුවන් නව ජනපතිට සුභපතයි
2024 සැප්තැම්බර් මස 22 95 0

අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් නව පාලනයට සුභාශිංසන පළ කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ජනපතිවරණ ප්‍රතිඵලය පි


නවවන විධායක ජනාධිපති ලෙස අනුර හෙට දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 22 922 0

ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ නවවෙනි විධායක ජනාධිපතිවරයා ලෙස හෙට(23) පෙරවරු 9.00ට කොළඹ ගාලු මුව දොර ප


පුත්තලම අනුරට
2024 සැප්තැම්බර් මස 22 129 0


බියගම අනුරට
2024 සැප්තැම්බර් මස 22 132 0


මඩකලපුවම සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 85 0


වැඩි දෙනා කියවූ පුවත්




ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 15534 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 75 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 252 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 130 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site