ශ්‍රී ලාංකිකයන් තිදෙනකුට හා ඉතාලි ජාතිකයන් හය දෙනකුට දකුණු කොරියාවේ බුසාන් නගරයේදී මරු කැඳවූ ගින්න හටගෙන ඇත්තේ එම පිරිස කැරොකේ සමාජ ශාලාවක මත්පැන් බොමින් නටමින් හා ගයමින් සිටියදී බව දකුණු කොරියා පොලිසිය කියයි. විෂ වායු ආඝ‍්‍රහණය කිරීමෙන් ඔවුන් මරුමුවට පත්වූහ. තෙවැනි මහලේ හටගත් ගින්නත් සමග එහි සිටි අයට හදිසි දොරටු සොයා ගැනීමේ අපහසුව නිසා ඔවුහු මේ ඉරණමට පත්වූහ. විසිපස් දෙනෙක් පමණ තුවාල ලැබූහ. ගිනි භටයෝ සිය දෙනෙක් ට‍්‍රක් 20කින් පැමිණ ගින්නට කොටුවී සිටි 35 දෙනෙක් බේරා ගනු ලැබූහ. ඒ වනවිට ඔවුන්ගෙන් ඇතැමෙක් වහළයට නැඟ සිටියහ. ගින්නට හේතුව නොදන්නා නමුත් විදුලි කාන්දුවක් ඊට මුල් වන්නට ඇතැයි කියති.
එප්පාවල ලංකා පොස්පේට් සමාගමට අයත් රොක් පොස්පේට් මෙට්‍රික් ටොන් 30,000 ක් අපනයනය කිරීමෙන් රජයට රුපියල් මිලියන 2700 ක් පමණ පාඩු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්
ශ්‍රී ලංකාවේ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සහ වියට්නාමයේ කර්මාන්ත හා වෙළෙඳ අමාත්‍යාංශය අතර යන්ත්‍රෝපකරණ නිෂ්පාදන සහයෝගීතාව පිළිබඳ
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආයතනයන්හි විෂය පථයන් යටතට ගැනෙන පනත් සංශෝධනය කිරීම සංශෝධනය කිරීමට කැබිනට් අනුමැති
රාජ්‍ය වාණිජ ව්‍යාපාර කළමනාකරණ පනත් කෙටුම්පත වැඩිදියුණු කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
රුපියල් කෝටි ගණනක වාහන වංචා සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහාය පතන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි
රුපියල් කෝටි හතකට අධික රාජ්‍ය මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්‍ධයෙන් සබරගමු පළාත් සභාවේ හිටපු ලේකම්වරයකු සහ සබරගමු පළාත් මාර්ග අමාත්‍යාංශයේ හිට
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
නටනටා මරුවා සමග යයි
ශ්‍රීලාල් Tuesday, 08 May 2012 02:57 AM
හදිසි අනතුරු නිසා අද කී දාහක් දෙනා අනතුරට පත් වෙනවද?
මෝරා Tuesday, 08 May 2012 07:20 AM
මොවුන් සිටියේ සිංදු කාමරයක.ඒවාට විදේශිකයින් සහ කොරියන් ජාතිකයින් පවුල් පිටින් යනවා
චානක Sunday, 13 May 2012 12:59 AM
මානසික ආතතිය නැති කරගන්න බොනවා කියන අදහසනම් හොඳ දෙයක් නෙවෙයි. එහෙමනම් හැම ඉස්කෝලයක් ඇතුලෙම බාර් එකක් දාන්න ඕනෙ දැන් තියන අච්චාරු විෂය නිර්දේශ එක්ක අපිට තියන පීඩනය නැතිකරගන්න.
ටී.එස්. Tuesday, 08 May 2012 08:44 AM
කැරොකේ සමාජ ශාලවක මත්පැන් බොමින් නටමින් ප්‍රීති වුනා කිව්ව ගමන් කට්ටිය කුලප්පු වෙනවා. අද නිදහස තියන ඕනෙම රටක මිනිස්සු වැඩකිරීමෙන් ඇතිවන ආතතිය නැතිකරගන්න, සතුටුදායක අවස්ථා සමරන්න, යාලුවොත් එක්ක විනෝද වෙන්න මත්පැන් බොනවා, නටනවා, ගයනවා. මේක ලංකාවෙත් වෙන්නේ නැද්ද? කැරෝකේ ශාලවක හිටියා කියල මේ අය නරක වැඩ වලට එතනට ගියේ කියල උපකල්පනය කරන එක වැරදියි. මමම් දන්න තරමින් එයාල ගිහින් තියෙන්නේ වැඩ කරන තැන සාදයකට..
පැට්රික් Tuesday, 08 May 2012 09:43 AM
සමාජ ශාලාව මොන වගේද කියලා අපිට හිතා ගන්න පුළුවන්
නිශාන්ත Monday, 07 May 2012 11:24 AM
කොරියාව වාගෙ රටවල නිදහස වැඩියි.ගණිකා ඇසුර,මත්පැන්,සමාජ ශාලා,කැරොකේ ඔය හැමදේම තමන්ට ඕනෙ විදියට විඳින්න පුලුවන්.කොරියා ජාතිකයින් සීමිත පිරිසක් මෙව්වට ඇබ්බැහි වෙලා හිටියත් ලංකාව,වියට්නාම්,පිලිපීන්,බංගලාදේශ් වාගෙ රටවලින් යන අයට මේව එච්චර හුරු නැති නිසා ගිය ගමන් එව්වට පුරුදු වෙනවා.පස්සෙ තමන් ආපු කාරණාවත් අමතක කරල දාල විනෝද වෙන එක තමා ගොඩක් දෙනා කරන්නේ.අනිත් අයවත් මේව ආදර්ශෙට අරගෙන තමන් එහේ දුක් විඳගෙන ගෙවන ජීවිතයෙන් ප්‍රයෝජනයක් ගන්නවනම් ලොකු දෙයක්. මිය ගිය සොයුරන් තිදෙනාටම නිවන් සුව.!!!!!!
සමන් - මෙල්බන් Wednesday, 09 May 2012 02:02 PM
කොල්ලො ඔහොම තමයි. ටිකක් විනෝද වුණාම මොකද? තරුණ කාලෙ ඔහොම තමයි. ඒත් වෙච්ච දේ ගැන දුකයි. මේ කොල්ලො මහන්සිවෙලා එවන සල්ලි වලින් තමයි ලංකාව දුවන්නේ. මිය ගිය දහෝදරයන්ට නිවන් සුව.
දේවා Monday, 07 May 2012 12:26 PM
සංසාරේ හැටි ඔහොම තමයි
අලිබබා Monday, 07 May 2012 01:41 PM
අද බොදෙනෙකු විදේශ රටවලට යන්නේ විනෝදයට නොව ලංකාවේ පවතින දරිද්‍රතාවය මෙන්ම රැකියා විරහිත බාවය ඉවසීමට නොහැකි නිසා බව අප හොදින් තේරැමිගත යුතුය. නමුත් අපේ ලාංකිකයන් සමහරක් ගුවන්තොටුපලින් විදේශරටකට පාතැබු මොහොතේ පටන් තමන් පැමිණි කාර්යය අමතක කොට වෙනත් ක්‍රියාවන් සදහා යොමුවිම මෙවැනි දේවලට හේතුවයි යන්න මගේ අදහසයි.
ඩී.සිල්වා Monday, 07 May 2012 02:39 PM
අවාසනාවන්ත සිදුවීමකි
වසන්ත ගාල්ල Monday, 14 May 2012 11:08 AM
හදීසි අනතුරු වෙන්නේ තැන නොතැන බලල නොවී නේ , කාටවත් බැනල වැඩක් නැහැ. පන්සලේ,පල්ලියේ,කෝවිලේ හිටියත්. හදීසි අනතුරු වලක් වන්නට බැ. මේක හරියට අපේ අය සමාජ ශාලාවට ගියනිසා සිද්දවුනා වගේනේ කතාව
ප්‍රභාත් Tuesday, 08 May 2012 03:21 PM
ගොඩක් කොරියන් පැක්ටරි වල මාසේ අන්තිමට මේ වගේ පාටි තියෙනවා. මේ අහිංසකයින් විනෝද වෙන්න ගියා කියලා හිතන්න එපා
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Thursday, 10 May 2012 07:22 PM
අපේ රට පෙරදිග බෞද්ධ රටක්. දැඩි සංස්කෘතික ආධිපත්‍ය හා සමාජමය තහංචි නිසා අපහසුවෙන් හැඟිම් හිරකරගෙන හිටියට මීට වඩා වෙනස් සංස්කෘතික වටාපිටාවකට පය තැබූ මොහොතේ පටන් හිතට දැනෙන්නේ වචනයෙන් විස්තර කළ නොහැකි නිදහසක්.මේ නිදහසට ගැහැණු පිරිමි භේද නැහැ.විශේෂයෙන් විනෝදවීමට නිදහස ස්වභාවයෙන්ම තිබෙන එවැනි රටවල උපන් අයට වඩා සංස්කෘතික ආධිපත්‍යයට හිරවී සිටින ලංකාව වගේ රටක ඉඳල එහෙ ගිය කෙනෙකුට එහි පවතින නිදහස දැනෙනවත් වැඩියි. මෙහි ප්‍රශ්නය තිබෙන්නේ තිබෙන නිදහස භුක්ති විඳින ක්‍රමය මතයි. පංචශීල ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වන රටක් හැටියට බෞද්ධ සමාජ ධර්ම පවතින රටක් වන ලංකාවේ තරුණ පරපුරට නොමැති නිදහසක් එබඳු රටවල තරුණ බාල මහළු කාටත් උරුමයි. නිදහස භූක්ති වින්දට එය තමන්ගේ බුද්ධිය හා හැඟීම් අතර මනා සමබරතාවක් ඔස්සේ සිදු වන්නේ නම් මෙබඳු අතිශය දුක්මුසු අභාග්‍ය සම්පන්න සිදුවීම් නිසා අකාලයේ මෙරටට අහිමිවන තරුණ ජීවිත ආරක්ෂා කරගත හැකිබව මගේ හැඟිමයි
සේනානායක Monday, 07 May 2012 08:14 PM
නැව ගිලුනත් බෑන් චූන්
ධම්මක Tuesday, 08 May 2012 07:55 PM
මුළු දවසෙම මැෂින් වගේ වැඩ කරන අපි ලැබෙන පුංචි විවේකයකදී පොඩ්ඩක් විනෝද වෙනවා තමයි.ඒක දිහා වැරදියට බලන එක වැරදියි
ලලිත් Monday, 07 May 2012 09:07 PM
මේක අනතුරක්.අනතුරු නවත්වන්න කාටද පුළුවන්
ශාන්ත Monday, 07 May 2012 10:16 PM
අලිබබාගේ අදහසට මාත් එකගයි.මාත් විදේශයක සිටින නිසා අත්දැකීම් තියෙනවා
ගිරිගෝරිස් Friday, 11 May 2012 12:57 AM
මේ අයට බැන්නට මොකද කොළඹ සමහර සුපිරි පෙළේ පාසල් වල ළමයිනුත් මේවට යනවනේ