ආවා කල්ලියේ යැයි කියමින් යාපනය පොලිසිය ඉරිදා (31) අත්අඩංගුවට ගත් දෙදෙනා එම කල්ලියේ සාමාජිකයන් දෙදෙනකු නොවන බව විශ්වාස කටයුතු පොලිස් ආරංචි කියයි.
අත්අඩංගුවට ගත් දෙදෙනාගෙන් එක් අයකු අගෝස්තුවේ පැවැති උසස් පෙළ විභාගයට මුහුණ දුන් අයකු බවත්, ඔහු පසුගිය දිනෙක උසස් පෙළ නාට්‍ය හා රංග කලාව ප්‍රායෝගික පරීක්ෂණයට මුහුණ දී ඇති බවත්, එම සිසුවා නාට්‍ය සඳහා කඩුවක් යොදා ගෙන ඇති බවත් එම ආරංචි මාර්ග සඳහන් කරයි.
ප්‍රායෝගික පරීක්ෂණයට යොදා ගත් කඩුව එහි හිමිකරුට බාර දීම සඳහා සිය නැටුම් ගුරුවරයාද සමග යද්දී ආවා කල්ලියේයැයි සැකපිට ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිස් ආරංචි පවසයි.
ඔවුන් ආවා යැයි මුලින් කී නිසා යළි නිදහස් කිරීමේ ගැටළුවක් මතු වී ඇතැයි ද, එම දෙදෙනා ආයුධයක් ළඟ තබා ගැනීමේ චෝදනාවකට අධිකරණයට ඉදිරිපත් කරනු ඇතැයි ද පොලිස් ආරංචි කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර කිව්වත් වගේ යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද? (හේ)
ලස්සන සුරංගනා කතාවක් වගෙයි. ඇත්ත යකඩ කඩු වලින් උසස් පෙළට ප්‍රායෝගික වැඩ පෙන්වන්න අවසර දුන්නේ කවුද දන්නේ නැහැ මෙයාලට? (නි)
නාට්‍ය වලටත් ඇත්ත කඩුද යාපනේ ගන්නේ? බලාගෙන හොඳේ. (නි)
ආවා සොයා ආදරේ (හේ)
"යාපනයේ කොල්ලෙක් අත්අඩංගුවට ගන්නවා කියන එක කරන්න අමාරු වැඩක් නොවේ, කරන්න බැරි වැඩක්". මොකද එහෙම වුණොත් සංහිඳියාවට ලොකු අවුලක් වෙනවනේ (නි)
අපිට කොටදෙනියාව මතක්වුණා (නි)
හදිසියට ඉල්ලාගත්ත කඩුව දෙන්න ගියාම කවුරුත් සෝදිසි කරන්න ඕනෑ නැහැ. මේ කතා අහන අපිට දැන් මොළේ අවුල්වෙලා කියලා ලොකු මහත්තුරු හිතනවා ඇති. මොනවා කරන්නද, එක තැනක වැරදුනාම දිගටම වරදිනවා. සංහිඳියාව. (නි)
පොලිසියේ වැරැද්ද (නි)
මේක හරියන පාටක් නැහැ. කාටත් කියන්න තියෙන්න එන පොට හොඳ නැහැ වගේ. "කඩුවක් අවැසි තැන කඩුවක් ගෙන කොටනු" කියලයි (නි)
මේක වෙන්න බැරි දෙයක්. පොලිසියේ ඉන්නේ තොත්ත බබාලද? (නි)
පොලිසිය රැවටුනාට කමක් නැහැ. අපිව රවටන්න එපා (නි)
ඕවා කියන්නේ පොලිසිය රවටන්නද? ජනතාව රවටන්නද? (නි)
කැත්තක් අරගෙන වත්තට යනකොට කොස්සෙක් දුව එනවා... පුංචි කොල්ලෝ කඩු ගත්තම හිරේ දමනවා... කියලා රබන් පදයක් නැටුම් ගුරුවරයාට කිවහැකිනේ. මේ වගේ වැඩ හින්දා තමයි එදත් ප්‍රභාකරන්ලා ඇති වුණේ. හෙටත් ප්‍රභාකරන් කෙනෙක් ඇතිවෙන්න පාර හදන්න එපා (නි)
මේ වගේ නාට්‍ය ඉස්සරහට තව ඒවි. හොඳ රඟපෑමක් නිසා සම්මාන උළෙල පවත්වනතෙක් අපි විනෝද වෙමු. ඊටපස්සේ කට අැරගෙන ඉඳිමු. කඩු ගත්තත් අයිතිකාරයා නොවෙයි නිසා ප්‍රශ්නයක් නැහැ. සොයන්න ඒක යුද්ධයට නැති කඩුවක්ද කියලත් (නි)
කඩුවක් මොකටද ඒ දේට වුනත්.(හේ)
අපේ ගොඩක් අයට තියන මානසිකත්වයක් තමයි කියපු දෙයක් වෙනස්කරන්න තියන අකමැත්ත. වරදක් වුනානම් එය නිවැරදි කරගෙන ඔවුන් නිදහස් කිරීම නේද කළ යුත්තේ. අහිංසකයකු නිකරුනේ වරද කරුවකු කර නැවත ත්‍රස්තවාදය අවුලවන්න එපා. (බ)
අනේ මෙහෙමත් වැඩ.(හේ)
මේ නිව්ස් එක මෙච්චර දුර දිග යනකන් ගියපු හින්ද මේක වැරදීමක් කියල හිතන්න බෑ. සංහිදියාව කැඩෙයි කියල ‘ආවා‘ කල්ලියේ අය ගියා වගේ (බ)
නාට්‍ය වලට ඇත්ත කඩු ගේනවද කව්ද පොලිසිය වැරදිය කියන්නේ ඕව යහ පාලනයේ නඩු (බ)
සංහිඳියාව පලුදුවෙයි කියලා ඇත්ත කතාව වහං කරනවා වෙන්නත් පුළුවන්. පොලීසිය එතරම්ම මෝඩ විදියට කෙනෙක් අත්අඩංගුවට ගන්නේ නැහැ (බ)
අනේ මන්දා බලාගෙන යද්දී මේකත් එක්තරා විදි නාටකයක් වගෙයි. (බ)
ජාතිවාදය ඇති කරන්නේ පොලිසිය. (බ)
මේවගේ කියක්නම් සුරංගනා කතා කියලා පොලිසියේ මහත්තුරු වැරදි කාරයන්ව එලියට දානවද.... නිවරදි කරුවන්ව එල්ලනවද.... (හේ)
සාජන්ට් නල්ලතම්බි නාට්‍යයට එකතු කරන්න හොඳ ජවනිකාවක්.(හේ)
ප්‍රායෝගික පුහුණුවට කවුද බොලේ ඇත්ත කඩු පාවිච්චි කොරන්නේ , (හේ)
මොකක්ද මේ සිද්ධ වෙන්නේ.(හේ)
නියපොත්තෙන් කැඩිය හැකි දේ පොරවෙන් කැපීමට ඉතිරි නොකිරීමට රජයේ වගබලාගත යුතුවේ.(හේ)
අපේ පොලිසිය කළොත් කරන්නේ ඔයවගේ වැඩ තමයි. කලින් ආයුධ පෙන්වන්න ගෙනියපු මිනිස්සු අතරෙත් කොයි තරම් ඔයවගේ අහිංසක මිනිස්සු ඇතිද ? (බ)
කොටදෙනියාවේද මේක වුනේ ? (බ)
ඇත්තට ඇයි අනේ අපේ පොලිසියට මේ වගේ චාටර් දේවල් වෙන්නේ? විලි ලැජ්ජාවේ බැරුවා.. (බ)