IMG-LOGO

2024 සැප්තැම්බර් මස 26 වන බ්‍රහස්පතින්දා


නඩු කඩිනම් කරන තවත් උසාවියක්

කොළඹ මහේස්ත්‍රාත් උසාවියේ  ගොඩ ගැසී ඇති නඩු ඉක්මනින්  විභාග කැර අවසන් කිරිමේ අරමුණින්  ඉදිකරන ලද ‘අංක 09’ නව අධිකරණ  ශාලාව සහ එම උසාවියේ  නිතිඥ සංගමයේ  ප්‍රයෝජනය වෙනුවෙන් ඉදි කළ නව භෝජනාගාරය අගවිනිසුරු මොහාන් පිරීස්  මහතා අද (18)විවෘත කළේය.

පරිගණක පහසුකම්  ඇතුළු නවීන පහසුකම්  වලින් සමන්විත  මෙම අධිකරණ ශාලාවෙහි  මහේස්ත්‍රාත්වරයා වුයේ  කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතාය.ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සත්‍යා හෙට්ටිගේ ,අධිකරණසේවා කොමිෂන් සභවේ  ලේකම් සිසිර රත්නායක,කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ගිහාන් පිලපිටිය,මහෙස්ත්‍රාත් අධිකරණ නීතීඥ සංගමයේ සභාපති ධර්මතිලක ගමගේ මහත්වරුද එහි වුහ.  



අදහස් (0)

නඩු කඩිනම් කරන තවත් උසාවියක්

බමුණු Friday, 19 July 2013 02:58 AM

" ඒත් නීතිඥවරුන් බොරු කියනවා යැයි කීමේ ඇත්තක් නැහැ. ඒ අය උසාවියේ කියන්නෙත් අපි ඒ අයට කියන දෙයයි.(නදී)" අන්න එතන ඔබ වැරදියි අපි නීතිඤයට බොරු කීවොත් අපි අමරුවේ. අපි ඇත්ත කීවම තමයි ඒ ගොල්ලෝ කියන්නේ ඔහොම කියන්න එපා මෙහෙම කියනවා. මම උසාවියේදී මෙහෙම අහනවා එතකොට මෙහෙම උත්තර දෙන්න එගොල්ලයි කියන්නේ.. අපට ඕන විදිහට උත්තර දුන්නොත් ගස් තමයි .

:       0       0

උපාලි Friday, 19 July 2013 03:05 AM

මාත් එකඟයි බමුණු එක්ක. තව පොඩ්ඩක් එකතු කරන්නත් තියෙනවා. විනිසුරුවරුන් වෙන්නෙත් බොහෝවිට නීතිඥයෝමනේ. එයින් සමහරු පැරණි මිතුරන්ට සලකන්න ඉල්ලන ඉල්ලන විදිහට නඩු කල්දාළ දෙනවා. අනික දෙපැත්තේ නීතිඥයෝ කතාවෙලා නඩු කල්දාගන්න අවස්ථා තියෙනවා. හැම නඩු වාරේකටම සල්ලි ගන්නවනේ, ඉතින් ඇදගෙන යන තරමට වාසියි. ඒ නිසා අලුතින් උසාවි විවෘත්ත කරන අතරේ, අග විනිසුරුතුමාට හැකිනම් රජයට කියල හරි, යුක්තිය පසිඳලීමේ ක්‍රියා පද්ධති වෙනස් කරන්න. කොටින්ම අපරාධ නඩුවිධාන සංග්‍රහයත් සිවිල් නඩුවිධාන සංග්‍රහයත් වෙනස් කරන්න නඩු කල්යාමේ ඉඩකඩ ඇහිරෙන විදිහට. (නදී)

:       0       0

බමුණු Friday, 19 July 2013 05:52 PM

"නඩුවක් නොඅසා කල් ගියොත් නීතිඥ ගාස්තු ගෙවීමක් අවශ්‍ය නැත යනුවෙන් නීතියක් ගෙනාවොත් යන්තම්වත් නඩු ඇහෙන එක ඉක්මන් වෙයි නේද?" ඉතින් දැන් කව්ද ඔය නීති ගෙනෙන්නේ? (දී)

:       0       0

මංජු Thursday, 18 July 2013 07:13 PM

ලොකු දෙයක් නඩු ගොඩවල් ඉක්මනින් ඉවර කරන්නට හැකිනම්.(නදී)

:       0       0

ප්‍රදීපා Thursday, 18 July 2013 07:21 PM

ලංකාවේ වැඩිවීගෙන යන අපරාධ රැල්ලේ හැටියට සියලුම දිස්ත්‍රික්ක වලට තව අතිරේක උසාවිය බැගින් ඉදි කරන්න වෙයි. නැත්නම් ගැබිණි කාලේ දාපු නඩුවකට තීන්දුව ලැබෙනකොට ළමයා සාමාන්‍ය පෙළත් ලියලා ඉවර වෙයි. (නි)

:       0       0

පැහැසර - ජාඇල Friday, 19 July 2013 08:23 AM

දැන් තමයි නිතිය හරියට ක්‍රියාත්මක වන්නේ. සුදුසු තැනට සුදුසු කෙනා පත්කරන්න අපේ ජනාධිපතිතුමා පසුබට වන්නේ නැහැ. අග්‍රවිනිසුරුතුමනි, ඔබ අපේ ජාතියේ පිනට පහල වුන කෙනෙක්. ජය වේවා! (නි)

:       0       0

බමුණු Thursday, 18 July 2013 07:35 PM

නඩු ඉක්මන් කරන්න සක්කරයටවත් බැහැ. නඩු ඉක්මන් වුනොත් කොහොමද නීතිඥයෝ ජීවත් වෙන්නේ? නඩු කල් යන තරමට ඒගොල්ලෝ කැමතියි. අපට තමයි උසාවියේ බොරු කියන්න බැරි. ඒගොල්ලෝ බොරුවේ උපත. බොරුකියන කටවල් වලට ඇත්තටම හෙනගහනවා නම් එයාලා කටවල් නැතිව ඉදී නේද? ඒත් ඉන්පස්සේ අතින් පයින් බොරු කියාවී (නි)

:       0       0

මිලාන් Friday, 19 July 2013 08:22 AM

ලංකාවේ නඩු අහන්න නෙමෙයි තියෙන්නේ කල්දාන්න. ඒවායිනුත් සාධාරණට ඉටුවෙන ඒවා තියෙන්නේ ටිකයි (නි)

:       0       0

ගැමුණු Friday, 19 July 2013 08:46 AM

"දැන් තමයි නිතිය හරියට ක්‍රියාත්මක වන්නේ. සුදුසු තැනට සුදුසු කෙනා පත්කරන්න අපේ ජනාධිපතිතුමා පසුබට වන්නේ නැහැ. අග්‍රවිනිසුරුතුමනි, ඔබ අපේ ජාතියේ පිනට පහල වුන කෙනෙක්. ජය වේවා"(අ)

:       0       0

ඇසළ Thursday, 18 July 2013 08:17 PM

මේ වැඩේට නීතිඥ සංගමේ කිසිම කැමැත්තක් නැහැ. කවුද කැමති වෙන්නේ තමන්ගේ බඩට ගහ ගන්න. නඩුව රබර් වගේ ඇදෙන තරමට තමයි ඒ කට්ටිය කැමති.(නදී)

:       0       0

බන්දුල Thursday, 18 July 2013 08:29 PM

බමුණු කියන්නේ සහතික ඇත්ත.මේ නීති පද්ධතිය දැන් සකස් වෙලා තියෙන්නේ නිතිඥයින්ට ජීවනෝපාය සලසලා දෙන්න මිසක් අහිංසක මිනිස්සුන්ගේ ප්‍රශ්න ඉක්මනින් විසදන්න නෙමෙයි.දඩ කොලයකට උසාවි ගියොත් ලෝයර් මගින් ගියොත් දඩය එකක්, ලෝයර් නැතුව ගියොත් දඩය තව එකක්.වරද පිලිගන්නත් නීතිඥයින් ඕනෑ. ඔය සුද්දගේ ක්‍රමේ විසි කරලා අපිට ගැලපෙන අධිකරණ පද්ධතියක් ගොඩ නගා ගන්නාතුරු උසාවි තව 1000 ක් හැදුවත් සාමාන්‍ය මිනිහට සෙතක් වෙන්නේ නැහැ.මගේ මතය නම් එයයි (නි)

:       0       0

ඉලේපෙරුම Thursday, 18 July 2013 08:29 PM

නඩු කල් යන ඒකට නීතිඥවරුන් කැමති බව ඇත්ත. ඒත් නීතිඥවරුන් බොරු කියනවා යැයි කීමේ ඇත්තක් නැහැ. ඒ අය උසාවියේ කියන්නෙත් අපි ඒ අයට කියන දෙයයි.(නදී)

:       0       0

රංජිත් Thursday, 18 July 2013 08:52 PM

නඩු ප්‍රමාද වෙලා නීතිය වල් වැදිලා. ගුණගරුක සමාජය අපෙන් ඈත් වෙන එක ගැන අපිට දුකේ බැහැ. (නි)

:       0       0

ලංකාසිරි Friday, 19 July 2013 02:43 PM

නඩුවක් නොඅසා කල් ගියොත් නීතිඥ ගාස්තු ගෙවීමක් අවශ්‍ය නැත යනුවෙන් නීතියක් ගෙනාවොත් යන්තම්වත් නඩු ඇහෙන එක ඉක්මන් වෙයි නේද? (දී)

:       0       0

චාන් Thursday, 18 July 2013 10:39 PM

අවන්කවම නඩු ඉක්ක්මනින් ඉවර කරන්න මේ අය කැමතිද? (නදී)

:       0       0

බමුණු Friday, 19 July 2013 11:18 AM

"දැන් තමයි නිතිය හරියට ක්‍රියාත්මක වන්නේ. සුදුසු තැනට සුදුසු කෙනා පත්කරන්න අපේ ජනාධිපතිතුමා පසුබට වන්නේ නැහැ. අග්‍රවිනිසුරුතුමනි, ඔබ අපේ ජාතියේ පිනට පහල වුන කෙනෙක්. ජය වේවා" අනේ අම්මපා අපේ ජාතිය කොපමණ පින් කොරලා තියනවද කියල පෙනෙනවා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 2340 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 1533 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 2322 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 556 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 3219 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37180 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24489 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 189 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 627 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 238 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site