(යොහාන් භාසුර)
දුම්රිය අමතර කොටස් නොමැති වීම නිසා මේ වන විට දිනකට දුම්රිය ගමන් වාර 14 ක් පමණ අවලංගු කිරීමට දුම්රිය පාලනාධිකාරිය කටයුතු කරන බවත් මෙම තත්වය හේතුවෙන් ජනප්‍රියම සහ පහසුතම පොදු ප්‍රවාහනය වන දුම්රිය භාවිතා කරන මගී ජනතාව අපහාසුතාවට පත්ව ඇති බවත් දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා පවසයි.
ශ්‍රී ලංකාවේ ධාවනයට සුදුසු නොවන මැදිරි හා එන්ජින් ගෙන්වා එම දුම්රිය මැදිරි හා එන්ජින් කිහිපයක් මේ වන විට ධාවනයට එක්කර ඇති බව කී කසුන් චාමර මහතා එම ප්‍රමිතියෙන් තොරව මැදිරිවලට වඩා 1980 වර්ෂයේදී ආනයනය කළ මැදිරි ධාවනයට සුදුසු වුවද එම මැදිරි මේ වන විට ධාවනයෙන් ඉවත් කර නඩත්තු නොකරන තත්වයකට පත්කර ඇති බව ද සඳහන් කළේය.
දුම්රියවලට අවශ්‍ය ලිහිසි තෙල් නොමැති වීම සහ එන්ජින්වලට මෙන්ම මැදිරිවලට අවශ්‍ය විවිධ අමතර කොටස්වල දැඩි හිඟයක් පවතින අතර ඒ සඳහා කඩිනම් මැදිහත්වීමක් කිරීමට අදාළ දුම්රිය පාලනාධිකාරි නිලධාරින් මැදිහත් නොවීම ගැටලුවක් බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවක සංඛ්‍යාව 19,382 ක් වියයුතු වුවද මේ වන විට 10,500 කට ආසන්න සේවක සංඛ්‍යාවක් පමණක් සේවය කරන බවත් කසුන් චාමර මහතා කියයි.
මෙම අර්බුධකාරී තත්ත්වය දිගින් දිගටම පැවතිය හොත් දුම්රිය මාර්ගවල නිසි නඩත්තු කටයුතුවලට අවශ්‍ය කොටස් කඩිනමින් නොලැබෙන්නේ නම් ඉදිරියේදී දුම්රිය මාර්ග දෝෂ හේතුවෙන් වැඩි දුම්රිය ප්‍රමාණයක් පිලීපැනීම්වලට ලක්වීම ද සිදුවනු ඇති බවත් අමතර කොටස් නොමැති වීම හේතුවෙන් ඉදිරියේ ධාවනයට සුදුසු දුම්රිය කට්ටල නොමැති වීම නිසා යැයි පවසා වැඩි දුම්රිය ගමන් වාර ප්‍රමාණයක් අවලංගු වීමේ අවදානමක් නුදුරේදීම මගී ජනයාට අත්විදීමට සිදුවනු ඇති බවත් කසුන් චාමර මහතා වැඩි දුරටත් සඳහන් කරයි.
දිනෙන් දින වන දුම්රිය පිලීපැනීම්, ධාවනය වන දුම්රියවල නිරන්තරයෙන් කාර්මික දෝෂයන් ඇතිවීම සහ දුම්රිය නොමැති බව පවසා කාර්යාලයීය දුම්රිය අවලංගු කිරීම පිළිබඳව අවධානය යොමු කර දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එසේ පැවසීය.
හම්බන්තොට පවුල් සෞඛ්‍ය සේවිකාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය රියදුරෙක් හම්බන්තොට මූලස්ථාන පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.
‘ජී20’ සමුළුවට සහභාගී වීමට බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ බලා යන අතරතුරේ, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ඇමසන් වැසි වනාන්තරය නැරැඹීමට ගියේය.
ඉරානයට සහ සෞදි අරාබියට පළා යාමේ අදහසින් , සිය වීසා කාළය ඉක්මවා , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු , කටුනායක පොලිසියේ දූෂණ මර්දන අං
දිවයිනේ බොහෝ ප්‍රදේශවල තව දුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශීය ලේකම්කොට්ඨාස නවයකට නාය යෑමේ අනතුරු ඇඟවීම ජාතික ගොඩනැගිල
ඇල්පිටිය නවදගල වෙළද සලක් තුළ වෙළද සල් හිමියා සහ ප්‍රදේශවාසී පුද්ගලයකු අතර ඇතිවූ ගැටුමකින් වෙළද සැල් හිමියා මරුමුවට පත්වී ප්‍රදේශවාසියා බරපතල තුවාල ල
පාසල් සිසුවෙකු ධාවනය කළ ත්‍රිරෝද රථයක් ප්‍රධාන මාර්ගය හරහා පෙරලිමෙන් එම සිසුවා සහ එහි ගමන් ගත් තවත් සිසුන් තිදෙනෙකු බරපතල ලෙස තුවාල ලබා නාවලපිටිය දිස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නඩත්තු අඩු පාඩුව හේතුවෙන් දිනකට දුම්රිය 14 ක් නවතී