අනතුරකින් දකුණු පාදය අහිමිවීම නිසා පාසල් ගමන නතර වූ දැරියක අද කෘත්‍රිම පාදයක් ලැබ පාසල් ගමන යළි ඇරැඹුවාය. ‘අම්මේ ඔන්න අද නම් අඩන්න එපා‘ යනුවෙන් දැරිය සිය මවට කීවාය.
‘එසැණ‘ පාඨකයන් ඇයට ද, ඇගේ මවට ද කෘත්‍රිම පාද පරිත්‍යාග කළේ පසුගිය ජූලි හය වැනිදා පළවූ වාර්තාව කියැවීමෙන් පසුවය.
අට හැවිරිදි ලෝචනා බාසුරි දියණිය ඉංගිරිය ශ‍්‍රී සුමනජෝති විදුහලේ 3 වසරේ ඉගෙන ගනිමින් සිටියාය.
තවත් අසරණ පවුලකට පිහිටට ගොස් ආපසු එන අතරමඟදී ඉකුත් අප‍්‍රියෙල් 21දා ත‍්‍රී රෝද රථ අනතුරකට ලක්වීමෙන් ඇගේ අත් පා බිඳිගියේය.
දකුණු කකුල දණහිස ළඟින් කපා ඉවත්කළ අතර වම් අත සහ වම් කකුලද බීදී ගිය නමුත් වෙදකම්වලින් අතත් වම් පාදයත් සුව වී ඇත.
බාසුරි දියණියගේ මව 34 හැවිරිදි දුලීකා දමයන්තිගේ ද දකුණු කකුල කපා ඉවත්කර ඇත.
විදුලි කාර්මිකයෙකු ලෙස රැකියාව කළ බාසුරිගේ පියා වන එන්.ඩබ්ලිව්.එම්. චන්ද්‍රිසිරිගේද වම් අත ඇඹරී කැඩී ගොස් වෙදකම් වලින් සුවය ලබා සිටියද ඔහුට යළි කවදාවත් රැකියාවක් කළ හැකිවේදැයි කිව නොහැකිය.
තමනට උදව් උපකාර කළ සියලු දෙනාටම දැරිය, දැරියගේ මව සහ පියා ද පිං දෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න මේවට තමයි , පරිත්‍යාග කියන්නේ. උදවු කල සියලු දෙනාටම "ජාති ජරා මරණයෙන් තොර උතුම් වූ නිවන් සුව ලැබේවා" ! (ස)
මෙම ඡායාරූප දකින විට වචන වලට පරිවර්තනය කරගත නොහැකි කුමක්දෝ දෙයක් හදවතට දැනෙනවා! මෙම පුවත ලොවට හෙලිකල ලංකාදීප පුවත්පත් කාර්ය මණ්ඩලයටත් ආධාර උපකාර කළ සියලුම දෙනාටත්, පුවත කියවීමෙන් හෝ දුක් වූ සියලුම දෙනාටත් පින්සිදු වේවා! (ස)
පුංචි දුවගේ හිනාව දැක්කම මුළු ලෝකයම අමතක වෙනවා .... (ස)
" එසැණ පුවත් " /නිමාලි ඉටුකළා වූ පුජනීය මෙහෙවරට ලංකාදීපය ට "චිරං ජයතු" සහ නිමාලි දියණියට ආයු, වර්ණ, සැප, බල, සහ ප්‍රඥාව වැඩි දියුණු වීමට හේතු වාසනා වේවා. (ස)
මෙම දිරිය දියණිය අනෙකුත් ළමයින් මෙන් පාසැල යෑමට දැකපු සිහිනය සැබෑවීම පිළිබඳව අපටද ඇති වන්නේ ඉමහත් සතුටක්.... එම කාර්යයට සුළුවෙන් හෝ දායක වීමට ලංකාදීප පාඨකයන් වන අපටද හැකිවීම ගැන ඇතිවෙන්නේ හදපිරි තෘප්තියක්. (ස)
විශාල පිනක් මේක. (ස)
ගොඩක් ගොඩක් ලොකු පින්කමක් ජාති ජාති හැමෝටම පින්. (ස)
උදව් උපකාර කල සැමටම ස්තූති වන්ත වේවා !! (ස)
අනේ අපි හැමෝම කැමති සතුටින් ඉන්නනේ, හොඳ දරුවට කකුලක් ලැබුණ එක, පින් කරන්න ඒවා තමයි අපිට ලැබෙන්නේ. හිනාව දැක්කහම දුකේ බෑ. (ස)
හරිම සන්තෝසයි දුවේ ඔයා ආයෙමත් හිටගෙන ඉන්නවා දැක්කම.ලෝකය දිනන්න ඔයාට පුළුවන්.ඒ ශක්තිය ඔයාට තියනවා සුබ අනාගතයක් උදාවේවා.චුට්ටක්වත් දුක් වෙන්න එපා.ඔයාගේ අහිංසක බලාපොරොත්තු හැම දෙයක්ම අනිවාර්යයෙන්ම ඉටුවේවි. උදව් කල සැමට මගේ හදපිරි ස්තුතිය. (ස)
දැන් මේ කකුල ආයේ වෙනස් කරන්න ඕනද දුව ලොකු වෙනකොට? එහෙම වුනොත් ආයේ ලොකු වියදමක් යනවා නේද? පව් හරිම සතුටුයි. දැන් නම් සියලු දෙනාටම පින් කල උදව් වලට. (ස)
දෑසට කඳුළු වුනන කතාවක්. සතුටු කඳුළු වගේ. ලංකාදීපයට සහ සහභාගි වුන සැමට බොහෝ පින් ලැබේවා. (ස)
ආදරණීය චූටි දුවේ, ඔබගේ ඉදිරි සියලු කටයුතු දියුණුවෙන් දියුණුවටම පත් වේවා.ඔබට බුදු සරණයි!! (ස)
ආඩම්බරයි පුතේ ..... (ස)
ලංකාදීප පුවත්පතටත් එසැන පාඨක සැමටත් ආයු, සැප,බල,ප්‍රඥා, නොඅඩුව ලැබේවා! (නි)
අනුන්ගේ දුක තමන්ට දැනී හදවත කම්පාවීම කරුනාවයි. අප කවුරුත් කරුනාවන්ත වීම ලොව ලස්සන වීමට හේතු වෙයි. (නි)
පසුගිය දින ලංකාදීප පුවත්පත ලොවට හෙලි කල පුවතට උපකාර කිරීමට හැකිවීම ගැන මම ආඩම්බර වෙනවා .ලංකාදීපයට අපගේ ප්‍රණාමය පුදකරනවා. ඔබගේ උස්සාහය මල් පළගැන්වීම ගැන. (ස)
දැන් බලන්න වෙනවා මෙයාලා කොහොමද ඉදිරි ගමන යන්නේ කියලා. තිදෙනාම ආබාධිතයෝ,මොනවා වුනත් අපේ ශ්‍රී ලාංකිකයෝ පිනට දීමට කම්මැලි නැති ජාතියක්,අපේ සියලු ශ්‍රී ලාංකිකයින්ට තව තවත් පින් මහිම වැඩි කර ගැනීමට ධෛර්ය ලැබේවා !! (ස)
හරිම සතුටුයි පුතේ ඔබ හොඳින් ඉගෙන හොඳ දරුවෙක් වෙන්න. (ස)
උදවු කළ කාටත් පින් සිද්ධ වේවා! චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා! (නි)
හරිම සන්තෝෂයි දුවේ ඔයා ආයෙමත් හිටගෙන ඉන්නවා දැක්කම. (නි)
රේමා, ඔයා ගොඩක් දුර හිතලා.ඇත්තටම ඔව්.ළමයා ලොකු වෙන්න වෙන්න කකුලත් ලොකු වෙන්න ඕන නේද.. (ස)
ලාංකිකයෝ තරම් අනුන්ගේ දුකට ,කරදරයට පිහිටවන ,ජාතියක් මෙලොව කිසිම රටකදී මට මුණගැසිලා නැහැ.ජාති, කුල, ආගම්භේද වලින් තොරව සෑම ලාංකිකයෙකුම සංවේදී හදවත් ඇත්තන්. සුනාමියේදී,බෝම්බ පුපුරද්දී මුළුලොවම අපේ කැපවීම් දැකලා පුදුමවුනා.මේ සංවේදී බව නිසා අපේම සමහර කපටි කාලකන්ණි අහිංසක මිනිසුන්ව රවටලා මුදල් ඉපැයුවා.දැන් කෙනෙකුට උපකාර කරන්න අපේ මිනිස්සු දෙවරක් හිතනවා.අද අපේ සෑම මාධ්‍යයකින්ම සත්‍ය සොයා පලකරනවා.එය අපට ලොකු පිටුවහලක් .මාධ්‍ය සියල්ලටම අපි ස්තුති වන්ත වෙමු. (ස)
අනේ දුවේ නුඹ අපිට ලොකු වාසනාවක්. මම ඉන්නේ පිටරටක. ඕනෙම වෙලාවක කියන්න අපිට හැකි විදයට උදව් කරන්නම්. (ස)
දුවේ නුඹට තෙරුවන් සරණයි !! (ස)
මෙම ප්‍රවෘත්තිය එසැනේ පලකළ සේවක මණ්ඩලයට සහ දායක වූ පින්වතුන්ට තෙරුවන් සරණ පතමි. (නි)
හිත් පිත් නැති මිනිසුන් අතරේ වෙඞරු පිඩක් මෙන් වූ හදවත් ඇති ඔබලා කළ උපකාරයට ගොඩක් පින්. දුවේ ඔබට ජයෙන් ජය. (ස)
මෙහි පල වී ඇති අවිහිංසක ලස්සන අදහස්වලට මටත් එකතු වෙන්න හිතුනා. අසරණ පවුලකට පිහිට වී එන විට අනතුරට මුණ පෑ සිද්ධියක්. ඔබට අහිමි සියලු දේ ලැබේවි. උදව් කල හැමට පින්. (ස)
කදුළු කථාවක් සිනහ කථාවක් බවට පරිවර්තනය කරමින් මෙම වාසනාවන්ත පුණ්‍ය කර්මයට අත හිත දීමෙන් සහභාගී වූ සංවේදී සාධු ඇත්තන් සියලු දෙනාටම මෙත් සිතින් ආයු රක්ඛන්තු ආවඩා !!!! (ස)
එදා පළවූ පින්තුරයේ මුහුණුවල දුක්බර බවත්, අද මූණුවල තිබෙන හිනාවත් දැක්කහම මගේ ඇස් වලට කඳුළු ඉනුවා. රත්තරන් දුවේ ඔබටත්, මෑණියන්ටත්, පියාටත් තෙරුවන් සරණින් අවශ්‍ය හැම දෙයක්ම ලැබේවි. හොඳින් ඉගෙනගෙන අනාගතයේ යහපත් දියණියක් වන්න. පුවත පලකල ලංකාදීපයටත් පින්. (ස)
මොවුන්ට පිහිට වුන සියලු දෙනාහට පින් සිදුවේවා!!!. සියලු දෙවියෝ රැක දේවා!!! (ස)
අනෙකෙකුගෙ විපත සළකා තම දුක මෙන්ම.... වැටෙමින් තිබූණ පවුලක් ඔසවාදීම... පෙන්වයි අපේ පාඨක හඬ දස අතම... ලක්වැසි උතුම් ගති මිහිපිට ඇත තවම... (නි)
මාධ්‍ය මෙහෙරව....උදව් කල සැමට පින්. (ස)
මට හරිම සතුටුයි,මමත් පරිත්‍යාගයක් කළ නිසා. (නි)
හිත පිත් හැගීම් සහ ස්කන්ධයක් නැති පදාර්ථයක්ද නොවන තිරයක් මත පමණක් මායාවක් සේ දිස්වන ලංකාදීප එසැණ වෙබ් පිටුව මොන තරම් වැදගත් කාර්යයක් කළේද? (නි)
ඇයට උපකාර කල සැමට දළදා සමිඳු පිහිටි පතමි. (ස)
මට සතුට දරාගන්න බැරුව කඳුළුත් ආවා.දනට පිනට කැමති පින්බර ශ්‍රී ලාංකිකයින් ඕනෙ තරම් මේ පින්බිමේ ඉන්න බවට මෙය කදිම නිදසුනක්. (ස)
දෙවියනේ !! තාමත් ලංකාවේ මනුස්සයෝ ඉන්නවනේ,,,වාසනාවක් (ස)
ඇත්තටම මේ කරපු දේ ලොකු පිනක් උදව් උපකාර කල සැමට ගොඩක් පින් (ස)
මෙම පාදය නිර්මාණය කළ ආයතනයට පින් (නි)
දුවේ, ඔයා හොදට ඉගෙනගන්න. මේ ලෝකේ හොද මිනිස්සු ඉන්නවා (නි)
මමත් මේ බබාට ආධාර කළ කෙනක්. හරිම සතුටු දවසක් මේක දැක්කම. හොදින් ඉගෙනගෙන රටට සේවයක් කරන්න. බබාටත් අම්මටත් බුදුසරණයි! (නි)
මාධ්‍ය මෙහෙවරට ගොඩක් ස්තුතියි (නි)
මම මේ පුවත කලින් දැක්ක වෙලාවෙඩනම් හරිම කණගාටුවක් ඇති වුනා. දැන්නම් මේ පින්තුර ටික දැක්කම පුදුම සතුටක්.උදව් කරපු සියලුම දෙනාට ගොඩක් පින්....තෙරුවන් සරණයි.....! (නි)
දුක දින හිනාහෙන හැටි දුවේ නුඹ දැන උගත් පාඩම තමයි මිල මුදල නිල බල යා නොදෙයි කල හොඳම විතරක් ඉතිරි වෙයි (ස)
දුව ඔයාට අපි තවත් උදව් කරනවා. (ස)
චුටි දුවේ එදා අසරණව අම්මගේ තුරුල්ලට වෙලා සිටි ඔයත් අද සතුටින් පාසල් යන ඔයත් දැක්කම හරිම සතුටු හිතුණා. ඔයාගේ ඔය සතුටට පොඩියට හරි දායක වෙන්න ලැබුන එක ගැන ඊටත් වඩා සතුටක් දැනුණා. ඔයා හොඳින් ඉගෙනගෙන ජීවිතය ජයගන්න අපි හැමෝගෙම ප්‍රාර්ථනාව එයයි. (ස)
දුවේ, නුඹ මතු රජ වෙයන්. (නි)
කදුළු ආවා ඇස් දෙකට සන්තෝෂය වැඩිකමට (නි)
මෙන්න අපේ පුංචි රටේ ලොකු හදවතක් තියෙන මිනිස්සු. (නි)
මට මේක දකිනවිට කියාගන්න බැරි තරම් වේදනාවක් දැනෙන්නේ. මොකද දන්නවද? සුනාමිය වෙලාවේ ලංකාවේ ළමයි 3දෙනෙක් හදාගන්න යුවලක් අපිට කිව්වා ලංකාවේ අංග විකල අයට අපිට උදව් කරන්න පුළුවන් කියලා. අපි ලංකාවේ විස්තර කිව්වම මෙහෙ තියෙන ලොකුම අංගවිකල ඉස්පිරිතාල දෙකත් උදව් කරන්නම් කියලා ලංකාවට ආවා. මැති ඇමතිවරු එක්ක කතාබහකළා. මෙහෙ ඇවිත් ඒ කට්ටිය ලංකාවට යන්න අවසර අරගෙන කබුරුගමුවේ බාගෙට වහලා තියෙන රෝහල අලුත්වැඩියා කරන්න සැලසුම් හදලා මෙහෙ රජයේ අවසරත් ගත්තා. එහෙත් ලංකාවෙන් නෙමෙයි අපිට පිළිතුරක් ලැබුනේ. එහෙම වුණා නම් අද මේ දේවල් ලංකාවේම හදන්න මෙලෙහටත් ඒ අය පුරුදු කරලා. විරැකියාවට පිළියමකුත් ලැබිලා. (නි)
දුවේ, ඔයා ලංකාව වගේ රටක ඉපදීම වාසනාවක් (නි)
පසුගිය දින ලංකාදීප පුවත්පත ලොවට හෙලි කළ පුවතට උපකාර කිරීමට හැකිවීම ගැන අපි ආඩම්බර වෙනවා.ලංකාදීපයට අපගේ ප්‍රණාමය පුදකරනවා (නි)
දුව හොදට ඉගෙන ගන්න (නි)
මමත් මෙම පින්කමට දායක වුණා.දුවේ, ඔයාගේ හිනාව පිරුණු මූහුන බලලා අපි වින්ද සතුට කියන්න වචන මදි. ඔයාට වාසනාවන්ත අනාගතයක්! (නි)
පුවත පලකල ලංකාදීපයටත්, උදව් කල සියලු දෙනාටත් මේ පුන්චි දුවගේ හිනාව දැකපුවහම හිත පිරෙන්න ඇති , ඔබ සියලු දෙනාටම පින් අත්වේවා (දී)
ආණ්ඩුවක් තිබුනා කියලා මෙලෝ දෙයක් ලැබුනේ නැහැ.(නදී)
ගොඩක් සතුටුයි ලංකාදීප. දුවට ජය පතමි (නි)
නිමාලි කහවල ඇතුළු අපේ පාටක සැම එකතුවී කළ මේ මෙහෙය ඇත්තටම අපිට ලොකූ සතුටක් වගේම පිනක්. එදා ඉහළ පින්තුරෙන් මම ඔවුන් දැකපු මුල්ම දිනේ මම අඩපු තරම්! අද මට ගොඩක් සතුටුයි, අපේ දුප්පත් දෑතෙන් අපි අසරණ කෙනෙක්ව නැගිට්ටෙවුවා. මම නිතර කතා කළා මේ සියල්ලටම.දරුවට පාසලට අවශ්‍ය දේ පවා මෙහෙ සිට යැව්වා. අද මට ගොඩක් සතුටු දවසක්.අපේ පාටක හැම දෙනාටත් , ලංකාදීපෙටත් සියලු දෙවියන්ගේ පිහිටයි. මේ පව්ලේ සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි (නි)
ලංකාදීප , ඔබගේ ගරු සේවය සැමදා සමරමු (නි)
ලංකාදීපයටත් උදව් කළ සියලු දෙනාටත් ස්තූතියි (නි)
අද හරි සතුටු දවසක් .ඔවුන්ගේ ඉදිරිගමනට උදව් කරමු. උදව්කළ සැමට පින්සිදු වේවා. (නි)
සතුටුයි (නි)
ලස්සන කෙලි පොඩිත්ත .ඔයාට බුදු සරණයි! (නි)
මෙන්න මේවට තමයි , පරිත්‍යාග කියන්නේ. උදවු කළ සියලු දෙනාටම "ජාති ජරා මරණයෙන් තොර උතුම් වූ නිවන් සුව ලැබේවා".පසුගිය දින ලංකාදීප පුවත්පත ලොවට හෙලි කළ පුවතට උපකාර කිරීමට හැකිවීම ගැන අපි ආඩම්බර වෙනවා.ලංකාදීපයට අපගේ ප්‍රණාමය පුදකරනවා.දුව හොදට ඉගෙන ගන්න (නි)
අපි හැමෝම වගේ මේ පවලට උදව් කළා.අපි පුළුවන් විදියට තව ටිකක් මේ පවුලට උදව් කරමු. එවිට පුංචි ව්‍යාපාරයක් හෝ කරගනීවි. මේ දරුවා ගොඩක් වාසනාවන්ත දරුවෙක්. අපි හැමෝම පුළුවන් විදියට තව කීය කීය හරි යවමු. මමත් දුරකතනයෙන් කීප වතාවක් දුක සැප විමසුවා.පව් මේ සිද්ධියෙන් ඔවුන් ගොඩක් අසරණ වෙලා ඉන්නේ. මේ දක්වා උදව් කළ අපේ පාටක සියලුම දෙනාට ගොඩක් පින්.අපිව නිරතුරුව අතුරු අන්ත්‍රාවලින් දෙවියන් ආරක්ෂා කරාවි ...!!!! (නි)
කාටත් බොහොම පින් (නි)
අපේ ලංකාදීප පත්තරේට ප්‍රණාමය පලකරමු (නි)
පෙර පින් හිමි ඇත්තෝ මේ බවයෙත් පිනට ලැදි බව පසක් කරමින් දායක වූ සැම සමග එකම බීමක ඉපදීමද වාසනාවකි. (නි)
මේ පියාට ස්වයං රැකියාවක් කරන්න අපි උදුව් කළ යුතු වෙනවා. දැනට මේ පවුලට තියන එකම ප්‍රශ්නය ස්ථිර අදායම් මාර්ගයක් නොමැති බව.අසරණ මේ මිනිසුන්ට කළ උපකාරයට ඔබට සදා පින්. ළමයා දිනපතා පාසල් යන්නේ කුලී ත්‍රීවීල් රථයකයි. (නි)
දුව හොදින් ඉගෙනගන්න (නි)
දුවේ, හොදින් ඉගෙනගන්න. මට හරි සන්තෝෂයි (නි)
දුවේ, ඔයාව පරාජය කරන්න මොනම ජගතෙකුටවත් බැහැ. ඔයා හොදට ඉගෙනගන්න. ලංකාදීපය වැජඹේවා දිගුකල්. (නි)
කෝ මේ හැමදේටම හොට දාන බන්දුල පෙරේරා? (නි)
මේ දෑස මගේ පින්වන්තයි, තේරුනේ දැන් තමයි.... මගේ රත්තරන් දුවේ, මේ දසුන දැකගන්න ඉවසිල්ලක් නැතුව හිටියේ.! අනේ ඔයාගෙත්,අම්මගෙත්,තාත්තගෙත් හිනාව දැක්කම අපිත් ලෝකෙම දිනුවා වගෙයි දැනුනේ. මගේ දුවට දළදා සමිදු පිහිටයි! හොදින් ඉගෙන ගන්න.වුවමනාවක් වුනොත් මගේ හෑන්ඩ් ෆෝන් එකට ගන්න. මං කැමතියි ඉදිරියටත් උදව් කරන්න.මෙවැනි උතුම් පිනක් අපිටත් කර ගැනීමට සලස්වා දුන් ලංකාදීප පුවත්පතටත්, එහි කතෘතුමාටත් මගේ හෘදයාංගම ස්තුතිය පුදමි (නි)
හුගක් පින්! (නි)
මුලින්ම මෙම පුවත දුටු පසු මගේ දෙනතට කදුළු ආවා. පුතේ, ඔය එදා මල් වැටුණු රතු ගව්මක් ඇදලා දුකින් බලාගෙන ඉන්න ෆොටෝ එක තවම මගේ කොම්පියුටරයේ තියනවා. මමත් ඔයාට සල්ලි එව්වා. නිවාඩුවට ලංකාවට ආපසු ඔයාට තවත් උදව් කරනවා. හොදින් ඉගෙන ගන්න. පුවත පලකළ ලංකාදීපෙට මගේ ප්‍රණාමය! (නි)
රන් ටිකිරි සිනා....., මුව මුව පාලා ... ලංවී අත් අල්ලාගෙන ඇස් දැල්වූවා .......... (නි)
උදවු කළ සැමට ජාති ජාතිත් මෙපින් පලදේවා. මගෙ චුටි දුවට බුදු සරණයි (නි)
මට පුදුම සතුටක් දැනන්නේ. (නි)
රුපවති අක්කේ,සරත්, හේරත්,දිසානායක, අනේ මට වගේම ඔයාලටත් සතුටු ඇති නේද? මට නම් දැනෙන්නේ කියාගන්න බැරි සතුටක්. අපි හැමෝම එකතු වෙලා ලොකු හපන්කමක් කළා නේද කියලා පුංචි ආඩම්බරයකුත් වගේ දැනෙනවා. අපි සැම එකතුවෙලා මේ දරුවටයි,අම්මටයි ඇවිදින්න සැලැස්සුවා කියන්නේ අති ''උදාර'' මෙහෙවරක්. අපි මේ දුක් විදලා උපයන මුදල් වලින් මොනවා කළත් ''දරුවන්ට අනාගතේ හැදුවත්'' අපි නොයෙන ගමන් යන දවසට අපිට ගෙන යන්නට ඇත්තේ මෙපමණයි නේද? (නි)
ලංකාවේ නොහිටියාට මමත් දුවට උදව්වක් කළා. දුවට සුබ අනාගතයක්! හොදට ඉගෙන ගන්න. ලංකාදීප කළේ ලොකු දෙයක් (නි)
අපේ දේශපාලකයෝ මෙය දකින්නේ නැද්ද? දියණියනි, ඔබට වාසනාවන්ත අනාගතයක් (නි)
උදව් කරපු සැමෝටම වාසනාවන්! මේ දැරවියට අනාගතයේදීත් උදව් ඕනෑ කරනවා. මොකද මෙයා ශරීරයෙන් වැඩෙනකොට ඕක මාරුකරන්න හෝ වෙනස් කරන්න වෙනවා (නි)
මගේ දුව හිනාවෙනවා දකිද්දී මට දැනෙන සතුට අද මම මේ දුවගේ මුහුණේ තියෙන සිනහවෙන් දැක්කා,කාලෙකින් සතුටු කඳුළු උනන පුවතක්. උදව්කළ හැමෝටම දෙවි පිහිටයි. (නි)
මම නම් සතයක්වත් පරිත්‍යාග කළේ නැහැ.උදවු කරපු රත්තරන් දෙවි දේවතාවුන් වැනි මිනිසුන්ට සහ එසැණ ලංකාදීපයටත් එහි නිමාලි කහවලටත් හිස නමා ආචාර කරමි. මේ අහිංසක පවුලේ සතුටු සිනාව දැකීමෙන් ලැබුන සතුට කියන්නට වචන සොයාගත නොහැක. (නි)
මහත් පින් ලැබෙන සත් ක්‍රියාවක්. ලංකාදීප පුවත් පතටත්, මෙම සත් ක්‍රියාවට සම්බන්ධ වූ සියලු දෙනාටමත් ප්‍රණාමය. (නි)
සැමට පින්. මෙය මේ තරම් උසස් අන්දමට කෙරුනේ ලංකාදීපය මැදිහත් වුන නිසා. දිරිය දියණියට සහ එම දිරිය පවුලට ශුභ පතමි. ඇගේ සිනහව ලොවම වටී. (නි)
ලංකාදීප පුවත්පත නිසා අපිටත් පුළුවන් වුනා දුවට උදව් කරන්න (නි)
මමත් ඔය පිංකමට සහභාගි වුණා. මටත් හරි සතුටු දවසක් (නි)
මේ ලෝකේ වෙසෙන අපේ ජනතාවට ,ජනතාව වෙනුවෙන් කළ හැකි දේ බොහොමයි.අවංකව උදව් කළ අයට හිස නමා ආචාර කරමි.මේ වගේ ජනතා එකමුතුකමක් ගැන ආඩම්බරයි. ඈත රටක මා සිටියත් මගේ අසරණ ජනතාව ගැන මේ වගේ හරි එකතු වීම ගැන මට මගේ රටටත් ,මගේ රටේ අසරණ ජනතාවටත් මගේ හද පතුලෙන්ම නැගෙන සුබාසිරි ! (නි)
මට මේ ළඟදිත් මතක් වුණා. ලංකාදීප පුවත්පතටත්, එසැණ පාඨකයින්ටත් බෙහෙවින් ස්තුතිවන්ත වෙමි. බාසුරි දියණියට සුබ අනාගතයක් පතමි. (නි)
මෙම පුවත පල කරන ලද කතු මඩුල්ලට පින් සිදු වේවා. පින්වත් අක්කා කෙනෙක් මගින් අපි මෙම කුසල කර්මයට සහභාගි වුණා. ඒ අක්කා මට මෙම දරුවා සහිත පවුලේ ඡායාරුප ඊ-මේල් කළා. මෙම ගමේ මිනිසුන් මේ ගොල්ලන්ට උදව් උපකාර කරනවා කියලා තිබුනා. සියලු දෙනාටම පින් සිදු වේවා. (නි)
දුව හොදට ඉගෙන ගන්න. මෙන්න අපේ පුංචි රටේ ලොකු හදවතක් තියෙන මිනිස්සු. (නි)
මට හරි සතුටු දවසක්. මේ පිනට දායක වුනාට. ඉදිරියටත් මේ වගේ පින්කම් කරන්න කැමතියි. (නි)
මට නම් මේ උපකාරයට ගොඩක් ආඩම්බරයි. නමුත් සමහර ඇමතිවරුත් මේ වගේ උදව් කළොත් හොදයි නේද? (නි)
ලංකාදීප එසැණ ගැන මට නම් හරිම ආඩම්බරයි.අපිව මෙවැනි පින්කම් සඳහා උනන්දු කරවූවා වගේම.එහි ප්‍රතිපලත් පෙන්වීම තුලින් පින් කළ ඇත්තෝ මෙලොවත් සතුටු වෙති පරලොවත් සතුටු වෙති යන බුදු වදන මොනවට පැහැදිලි කර ඇත්ද? (නි)
ලංකාදීප කළ මෙහෙවර අගය කරන්න වචන නැහැ. ඔබ තවත් එක පුවත්පතක් නෙමෙයි. දරුවට සහ ඒ පවුලට ආධාර කළ හැමටම ගොඩක් පින් ! (නි)
පින් අයත් වේවා! (නි)
මිනිස්සු මොනවා කිවුවත් දුකේදී උණුවන හොද හදවත් ඇති මිනිස්සු (නි)
උපකාර කල ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි (දී)
උදව් කල සියලු දෙනාටම පින්. ඔබ පවුලට දෙවි පිහිටයි. (ස)
අසේල මල්ලි.., ඔයා ලංකාවට ගියාද ..? ඕන් ලයින් නැති නිසයි ඇහුවේ ..?මේ දරු පැටියා හිනාවෙලා ඉන්නවා දැක්කම හරි සතුටුයි නේද මල්ලි..,? (ස)
මට පුදුම සතුටක් දැනේනේ , ලංකාදීප කාර්ය මණ්ඩලයට ස්තුති වන්ත වෙමි. (ස) .
මෙය මහා පිනකි. උදව් කල හැමටම පිං . හැම දෙනාටම නිදුක් නීරෝගී සැප ලැබේවා. මේ පින නිවන් සැප පිණිස හේතුවේවා ! (ස)
හොඳ දෙයක්, හැමෝම මේ වගේ පරිත්‍යාග සඳහා පෙළගැහෙන්න. (ස)
ඔව් චන්දි..මම ඊයේ පරක්කු වෙලා නිව්ස් එක දැක්කේ ...ලියන විට ප්‍රතිචාර ගොඩක් දැක්කා. ඒවා කියවන්නත් පෙර, ඒ ගෙදර අයට කතාකලා. මට සතුට ඉහ වහ ගිහින් ... ඔයා ,සරත් මල්ලි ,දිසානායක මල්ලි , උදව් කල හැමටම කෑගහලා කියන්න ඇතිනම් සතුට කියලා මට අඩුනා... සතුටට ...?මම පොඩි එකීට පර්සලයකුත් යැව්වා ලංකාවට යන කෙනෙක් මාර්ගයෙන් ...ඉතින් ඒ සතුටු මැද.. අපේ ....ලංකාදීප කතෘ මණ්ඩලයට දේවාශිර්වාදය පතන්නේ අපේ පාඨක සියලුම පින් වතුන්ට මේ සදහා දායක වුන සැමට නිදුක් නිරෝගී සුවය ප්‍රර්ථනා කරමින් ....!!!!අපි මේ පවුලට තව ටිකක් උදව් කරමු කියලා පාඨක සැමගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ ..එවිට අපිට තවත් ටිකක් සතුටු වෙන්න පුළුවන් ,ඔවුන්ගේ කුසගින්න නිවේවි ..!!අපේ දෑතෙන්, අපේ දහදිය බිදුවකින් ...!!! අපි කරන ඒ උතුම් ක්‍රියාවෙන් අපේ ජීවිතත් ආලෝක වේවී...!!!! (ස)
පුන් සඳක් වැනි ලස්සන දියණිය දැකීමෙන් මෙත් සිතක් පහල නොවන්නේ කාටද ඇයට උදවු කල හැමදෙනාට බොහො පින් අයත් වේවි. තුරුණු බෙලෙන් අනාගතේ ජයගන්න ශක්තිය ලැබේවා !!! (ස)
මගේ ඇස් වලට කඳුළු උනනවා. මෙම සත්කාරයට දායක වෙච්ච සියලු දෙනාටම දෙවියන්ගේ පිහිටයි. (ස)
සුදු දුවේ, එදා වගේම ඉදිරියටත් අපි ඔයාට උදව් කරනවා. ඔයාගේ ගෙදර දුරකතනයට නැවතත් කතා කරන්නම්.ඔයාට සුබ අනාගතයක්! (ස)
බලන්න දුවේ මෙතැන අදහස් දාල තියන නැන්දලා මාමලාගේ තියන ප්‍රාර්ථනාව .මේ අදහස් කියවත්දී ඈහට කදුළු එනවා.ඔයා හොදට ඉගෙනගන්ට .ඔයාට මේ නැන්දලා මාමල උදව් කරයි .උණුවෙන හිත් තියන අය ඉන්නේ අපේ ලංකාවේ විතරයි .අපේ මිනිස්සු ගැන ආඩම්බරයි .(අ)
උදව් කල සැමට ගොඩක් පින්. දුවේ ඔයා හොඳින් ඉගෙන ගෙන හොඳ කෙනෙක් වෙන්න උත්සහ කරන්න. අසරණ අයට උදව් කරන්න. අන්න එදාට ඔයාලට උදව් කල සැම දෙනාම ගොඩක් සන්තෝස වෙයි. (ස)